මධ්‍යම චීනයේ වුහාන් නගරයෙන් ආරම්භ වූ කොරෝනා වෛරස් ආසාදනය මේ වන විට ගෝලීය වසංගතයක් ලෙස ව්‍යාප්ත වී ඇත. මේ වන විට සමස්ත ලෝකයේම පහළොස් ලක්ෂයකට අධික ජනගහනයකට මෙම රෝගය වැළඳී ඇති අතර අති විශාල සංඛ්‍යාවක් ජීවිතයෙන් සමුගෙන ඇත. පර්යේෂණ මධ්‍යස්ථාන රැසක් ඇති වූහාන් නගර ආශ්‍රිතව ආරම්භ වූ නිසාත්, චීනය ඔවුන්ගේ ප්‍රධාන නගරවලට පැතිරයාමට අවකාශ නොදි රෝගය මර්දනය කරගත් නිසාත්, රෝගය තදින් පැතිරුණු රටවල් හා සැසඳීමේදී මරණ සංඛ්‍යාව වඩා අඩු අගයක පැවතීම නිසාත්, මෙම වෛරසය නිර්මාණය සඳහා චීනයේ සෘජු දායකතාවක් ඇති බව ලෝක නායකයින් ඇතුළු විවිධ පාර්ශව මඟින් ප්‍රකාශ කර තිබුණි.

මෙවන් පසුබිමක “ඇමරිකාව විසින් කොරොනා වෛරසය නිපදවා චීනයට විකුණු පුද්ගලයා සොයා ගන්නා ලදී..ඇමරිකා එක්සත් ජනපදයේ හැවාර්ඩ් විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා හා ජීව විද්‍යා අංශයේ ප්‍රධානී අචාර්ය චාල්ස් ලි.වන අතර අද ඇමරිකාව විසින් අත් අඩංගුවට ගන්නා ලදී..” යනුවෙන් පලවී තිබු සහනක ඉංග්‍රීසි භාෂාවෙන්ද මෙසේ කරුණු දක්වා තිබිණි. “USA just discovered the man who manufactured and sold the corona virus to China. Dr,Charles Lieber, head of the chemistry and biology department at Havard University ,USA .He was just arrested today according to American department sources.” තේමාවෙන් “AB FM ,ආදරෙයි හැමදාමත්” සිය ෆේස්බුක් පිටුවෙහි වීඩියෝ පටයක් සහිත සටහනක් ඉදිරපත් කර තිබෙණු දක්නට ලදි. ෆේස්බුක් පරිශීලනය කරන්නන් අතර හුවමාරු වීම ආරම්භ වී තිබුණු බැවින් මෙම සටහන පිළිබඳව සත්‍ය කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමු විය.

LinkArchived Video

ලංකාවේ ෆේස්බුක් පිටු , සමුහ සහ පරිශීලකයින් විසින් මෙම වීඩියෝව වැරදි අරතකථනයක් සහිතව හුවමාරු කරගෙන තිබුනේ මෙලෙසිනි.

ලොවපුරා ට්විටර් සමාජ මාධ්‍ය ජලය ඔස්සේද මෙය හුවමාරු වී තිබුණි.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

2020 අප්‍රේල් මස 05 දින ඉදිරිපත් කර තිබූ මෙම සටහනෙහි වූ වීඩියෝ පටය නැරඹුවෙමු. එම ප්‍රකාශකයා ආචාර්ය චාල්ස් ලිබර් පිළිබඳව පහත කරුණු ඉදිරිපත් කරයි

අසත්‍ය, ව්‍යාජ හා වංචනික ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් හාවඩ් විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යාව හා රසායනික ජීව විද්‍යා අධ්‍යයනාංශයේ සභාපති ආචාර්ය චාල්ස් ලිබර් අද පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇත. ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන් සහ ජාතික සෞඛ්‍යය ආයතනයෙන් පර්යෙෂණ සඳහා ප්‍රදානයන් ලබාගෙන ඇති අතර එවැනි ප්‍රදානයන් ලැබීමේදි විදේශ රාජ්‍යයන්ගෙන් හෝ ආයතනයන්ගෙන් ලබාගෙන ඇති, මතභේදයකට තුඩුදෙන අකාරයේ මුල්‍ය ගනුදෙනු හෙලිකල යුතුය. වුහාන් විශ්ව විද්‍යාලයක් විසින් විසින් ආචාරය ලීබර්ට මසකට ඩොලර් 50,000ක දීමනාවක් සහ ඩොලර් 158,000ක යැපීම් දීමනාවක් ගෙවා ඇති අතර, වුහාන් නගරයේ රසායන ජීවවිද්‍යාත්මක පර්යේෂණායනතනයක් පිහිටුවීමට ඩොලර් මිලියන 1.5ක්ද ගෙවා ඇත.

එමෙන්ම අද තවත් චීන ජාතිකයන් දෙදෙනකුට නඩු පවරා ඇත. බොස්ටන් විශ්ව විද්‍යාලයේ පාඨ මාලාවක් හැදෑරීමට වීසා අයදුම් පත ඉදිරිපත් කිරීමේදි තමා චීන කොමියුනිස්ට් පක්ෂයේ සාමාජකයකු සහ චීන මහජන ආරක්ෂක හමුදාවේ නිලධාරියකු බව සැඟවීම පිළබඳව 29 හැවිරිදි Yanqing Ye චෝදනා ලබා ඇත. Beth Israel Deaconess Medical Center ආයතනයෙන් සොරකම් කල ජීව විද්‍යාත්මක දියර අඩංගු නල 21 ඇමරිකා එක්සත් ජනපදයෙන් පිටමං කිරීමට තැත් කිරීම පිළිබඳව 30 හැවිරිදි Zaosong Zheng ද අත්අඩංගුවට පත්විය.

මෙම ප්‍රකාශකයා කුමන ස්ථානයකදීවත් කොරොනා වෛරස්ය නිර්මාණය කිරිම පිළිබඳව අත්අඩංගුවට පත් අචාර්යවරයාට සහ චීන ජාතිකයන් දෙදෙනා සම්බන්ධ බවට චොදනා නොකළේය.

ආචාර්ය චාල්ස් ලීබර් අත්අඩංගුවට ගැනීම පිළිබඳව අප ගූගල් සෙවීවක් කළෙමු. එම සිදුවීම පිළිබඳව අන්තර්ජාලයේ පුවත් රැසක් දක්නට ලැබුණි.

සුප්‍රසිද්ධ New York Times පුවත්පත U.S. Accuses Harvard Scientist of Concealing Chinese Funding සිරස්තලයෙන් 2020 ජනවාරි මස 28 දින ඉදිරිපත් කරතිබු වාර්තාවට අපගේ අවධානය යොමුවිය.

ඇමරිකානු එක්සත් ජනපද නීති දෙපාර්තමේන්තුව විසින්, විද්‍යාඥයින් ඇමරිකානු රසායන සහ ජීව විද්‍යාත්මක පර්යේෂණ ආයතනයන්ගෙන් රහස් සොරකම් කිරීම මුලිනුපුටා දැමීමට ගෙන ඇති දැඩි ක්‍රියාමාර්ගයෙහි ප්‍රතිඵලයක් ලෙස හාවඩ් විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යාව හා රසායනික ජීව විද්‍යා අධ්‍යයනාංශයේ සභාපති ආචාර්ය චාල්ස් ලිබර් අත්අඩංගුවට පත්ව ඇත.

නැනෝස්කේල් ඉලෙක්ට්‍රොනික් ක්‍ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන වෛද්‍ය ලිබර් චීන නිලධාරීන් සමඟ සංවේදී තොරතුරු හුවමාරු කර ගත් බවට චෝදනා කර නොමැති අතර චීනය විසින් ඔහුට ලබාදුන්  මුල්‍ය ප්‍රතිපාදන, හාවඩ් විශ්ව විද්‍යාලයෙන්, ජාතික සෞඛ්‍යය ආයතනයෙන් සහ ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන් සැඟවීම පිළිබඳව චෝදනා ලබා ඇත.

හාවඩ් අනුබද්ධිත පිළිකා පර්යේෂයකුවන Zaosong Zheng චෝදනා ලබා ඇත්තේ බෙස්ටන්හි පිහිටා ඇති Beth Israel Deaconess රෝහල් පරීක්ෂණාගාරයෙන් පිළිකා සෛල සහිත දියර නල 21 සොරාගෙන රටින් පිටවීමට තැත් කිරීම පිළිබඳවය. 

තෙවැන්නා වන  Yanqing Ye, බොස්ටන් විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යාව, රසායන විද්‍යාව සහ ජෛව වෛද්‍ය ඉංජිනේරු අංශයේ පර්යේෂණ කරමින් සිට ඇත. ඇය මහජන විමුක්ති හමුදාවේ ලුතිනන්වරියක බව අනාවරනය නොකළ ඇති බවත්, බොස්ටන් විශ්ව විද්‍යාලයේ  අධ්‍යාපනය ලබමින් සිටියදි, චීන හමුදා නිලධාරීන්ගෙන් දිගටම පැවරුම් ඉටු කළ බවත් පැමිණිල්ලේ සඳහන් විය. වීසා වංචා කිරීම, අසත්‍ය ප්‍රකාශ කිරීම, විදේශීය රජයක නියෝජිතයෙකු ලෙස කටයුතු කිරීම සහ කුමන්ත්‍රණය කිරීම යන චෝදනා යටතේ ඇයට නඩු පවරා ඇත. ඇය චීනයේ සිටි අතර ඇය අත්අඩංගුවට ගෙන නොමැත.

NY TimesReuters

තවදුරටත් කරුණු තහවුරු කර ගැනීම පිණිස අප ආචාර්ය චාල්ස් ලීබර් නඩු පැවරීම පිළිබඳව YouTube චැනලය පරීක්ෂා කළෙමු. බොස්ටන්හි WCVB Channel5 රූපවාහිණි නාලිකාව විසින් “Harvard department chair arrested; charged with concealing ties to China” තේමාවෙන් පලකරන ලද එම මුල් වීඩියෝව දක්නට ලැබුණි.  මෙම කරුණු විමර්ශන වලින් අනාවරනය වුයේ ආචාර්ය ලීබර්ට නගා තිබු චෝදනාව වුයේ චිනයෙන් ලැබුණු මුදල් ප්‍රතිපාදන හාවඩ් විශ්ව විද්‍යාලයෙන්, ජාතික සෞඛ්‍යය ආයතනයෙන් සහ ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන් සැඟවීම පිළිබඳවය.

https://youtu.be/pgAUwb0zpLg

Link

ආචාර්ය චාල්ස් ලීබර් අත්අඩංගුවට පත්වීම පිළිබඳව අප කළ ගූගල් සෙවීමේදි AFP පුවත් සේවය සහ Snopes විසින් සිදුකළ කරුණු විමර්ශනයන් නිරීක්ෂණය විය. ඔවුන්ගේ නිගමනය වී තිබුණේද අචාර්ය චාල්ස් ලීබර් චොදනා ලබා සිටින්නේ චිනයෙන් ලැබුණු මුදල් ප්‍රතිපාදන හාවඩ් විශ්ව විද්‍යාලයෙන්, ජාතික සෞඛ්‍යය ආයතනයෙන් සහ ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන් සැඟවීම පිළිබඳව විනා Covid-19 වෛරසය නිපදවීම හො චීනයට ලබාදීම පිළිබඳව නොවන බවය.

එමෙන්ම වැඩිදුරටත් අවධාරනය කරන්නේ Covid-19 වයිරසය මිනිසා විසින් සාදන ලද බවට කිසිදු සාක්ෂියක් නොමැති අතර ප්‍රමුඛ පෙළේ පර්යේෂකයන් කිහිප දෙනෙකු මෙම මතය නිෂ්ප්‍රභ කර ඇති බවය.

ඇමරිකානු Department of Justice මෙම කරුණු පිලිබඳ වාර්තා කර තිබුනේ මෙලෙසිනි.

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ හාවඩ් විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යාව හා රසායනික ජීව විද්‍යා අධ්‍යයනාංශයේ සභාපති ආචාර්ය චාල්ස් ලිබර් චිනයෙන් ලැබුණු මුදල් ප්‍රතිපාදන හාවඩ් විශ්ව විද්‍යාලයෙන්, ජාතික සෞඛ්‍යය ආයතනයෙන් සහ ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන් සැඟවීම පිළිබඳව 2020 ජනවාරි මස 28 දින අත්අඩංගුවට ගෙන නඩු පවරා ඇති බවය. Covid-19 වෛරසය නිපදවීම හො චීනයට ලබාදීම පිළිබඳව ඔහුට චෝදනා නගා නොමැත.

එබැවින් “ඇමරිකාව විසින් කොරොනා වෛරසය නිපදවා චීනයට විකුණු පුද්ගලයා සොයා ගන්නා ලදී.ඇමරිකා එක්සත් ජනපදයේ හාවඩ් විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා හා ජීව විද්‍යා අංශයේ ප්‍රධානී අචාර්ය චාල්ස් ලිබර් වන අතර අද ඇමරිකාව විසින් අත් අඩංගුවට ගන්නා ලදී”  යන තේමාව යටතේ ෆේස්බුක් ජාලයෙහි ඉදිරිපත් වන සටහන් නොමග යවන සුළු සාවද්‍ය සටහන් බවට නිගමනය කරමු.

Avatar

Title:Fact Check : අචාර්ය චාල්ස් ලීබර් අත්අඩංගුවට ගන්න ලද්දේ COVID19 නිර්මාණය කිරීම සඳහා නොවේ

Fact Check By: Sahan Perera

Result: False