
රට පුරා පැතිර යන කොරෝනා වෛරස් ආසාදනය මර්දනය කිරීමේ සටහන මුලික වී කටයුතු කරන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නියැලී සිටින නිලධාරීන්, ත්‍රිවිධ හමුදා, පොලිස් සහ සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන්ය. නිරෝධායන මඟහැර සිටින රෝගීන් ඇසුරු කළ පුද්ගලයින් සොයාගැනීම සහ නිරෝධායන කඳවුරු පවත්වාගෙන යාමට ඔවුන් මහත් දායකත්වයක් දෙනු ලැබේ. ජා ඇල සුදුවැල්ල ප්‍රදේශයේ නිරෝධායනය මගහැර සිටි රෝගීන් ඇසුරු කළ පුද්ගලයින් සොයා ගැනීමට නාවික හමුදාව විසින් මෙහෙයුමක් දියත් කරනු ලැබීය.
එහෙත් අවාසනාවකට මෙන් මෙම මෙහෙයුමට සහභාගි වූ වැලිසර නාවික හමුදා කඳවුරේ නිලධාරීන් හට ද රෝගය වැලඳීම නිසා, එම කඳවුර වසා දමා, නිරෝධායනය කර, එම කඳවුරේ සිටි සියළුම නාවිකයින් සහ නිලධාරීන් නිරෝධායනට යොමු කිරීමට නාවික හමුදාව පියවර ගත්තේය. ඒ හා සමඟම ඔවුන් ඇසුරු කල අනෙකුත් ත්‍රිවිධ හමුදා ඇතුළු ඔවුන්ගේ සමීපතයන් පිළිබඳවද සටහන් රැසක් හුවමාරු වී තිබෙනු දැකගන්නට ලැබුණි.
“අද හවස වාර්තා වූ රෝගීන් අතර ගුවන් හමුදා නිලධාරීන් 05 දෙනෙක් ඇතුලත්” තේමාව යටතේ සටහනක් සෙබල හදවත නැමැති ෆේස්බුක් පිටුවකින් ඉදිරිපත් කර තිබෙනු දක්නට ලැබුණේය.
Link | Archived Link |

මෙම සටහනට සමාන අර්ථයක් ඇති තවත් ෆේස්බුක් සටහන් කිහිපයක් ද නිරීක්ෂණය විය.
Link | Archived Link |

එම සටහන් වලට හිමි වූ ප්‍රතිචාරයන් එම ප්‍රවෘත්තියේ නිරවද්‍යතාවය පිළිබඳව සැක පහල කර තිබූ බැවින් ඒ පිළිබඳව සත්‍ය කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමු විය.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)
මෙම ප්‍රවෘත්තිය පිළිබඳව කරුණු තහවුරු කරගැනීම පිණිස අප ශ්‍රී ලංකා ගුවන් හමුදා වෙබ් අඩවිය, නිල ෆේස්බුක් පිටුව සහ නිල ට්විටර් ගිණුම පරීක්ෂා කළද මෙම සටහන පිළිබඳව කිසිදු ප්‍රවෘත්තියක් හමු නොවීය. ශ්‍රී ලංකා ගුවන් හමුදා සෙබළුන්ට කොරෝනා වෛරසය ආසාදනය වීම පිළිබඳව ප්‍රධාන විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යවල පළවී ඇති වාර්තා අන්තර්ජාලය තුල ඇත්දැයි ගූගල් සෙවීමක් කළ නමුත්, අප්‍රේල් 25 වැනි දිනට අදාළ කිසිදු වාර්තාවක් සොයා ගැනීමට අපොහොසත් විය.
කොරෝනා වෛරස් මර්ධන සටන පෙරමුණේ සිට මෙහෙයවන යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අප්‍රේල් මස 26 වැනි දින දෙරණ අරුණ රූපවාහිනී වැඩ සටහනට සජීවිව ම්බන්ධ වෙමින් ඊයේ දිනයේ සමු රෝගීන් පිළිබඳව කළ ප්‍රකාශයෙන්ද, ගුවන් හමුදාවේ නිලධාරීන්ට සහ ගුවන් භටයන්ට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව බව සනාථ වේ. (3 වැනි විනාඩියේ සිට)
එසේම මෙම සටහන් පිළිබඳව තවදුරටත් කරුණු සනාථ තහවුරු කරගැනීම පිණිස අප ගුවන් හමුදාව සමඟ දුරකථනයෙන් සම්බන්ධ වූයෙමු. ගුවන් හමුදාවේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ තුමා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කිසිදු නිලධාරියකුට හෝ ගුවන් සෙබළකුට කොරෝනා වෛරස් රෝගය ආසාදනය වී නොමැති බව සනාථ කල බව අප සමඟ අප්‍රේල් මස 25 වැනිදා දුරකතනයෙන් සම්බන්ධ වූ බව ගුවන් හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක තුමා අප සමඟ කරුණු පවසා සිටියා.
කෙසේවෙතත් අප්‍රේල් 27 වන දින ප්‍රථම වරට ගුවන් හමුදා සෙබලෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වී තිබු අතර යුධ හමුදපතිතුමද මෙම කරුණ තහවුරු කර සිටිනු අපට ඊයේ දිනයේදී දැකගනන්ට ලැබුණි.

Conclusion (අවසාන නිගමනය)
අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ ශ්‍රීලංකා ගුවන් හමුදාවේ කිසිදු නිලධාරියෙකුට හෝ ගුවන් සෙබළකුට කොරෝනා වෛරස් රෝගය ආසාදනය අප්‍රේල් මස 25 වැනිදා අසාදනය වී නොතිබූ බවයි.
“අද හවස වාර්තා වූ රෝගීන් අතර ගුවන් හමුදා නිලධාරීන් 05 දෙනෙක් ඇතුලත්” තේමාව යටතේ ඉදිරිපත්ව ඇති සියලුම ෆේස්බුක් සටහන් සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ සාවද්‍ය සටහන් බවට නිගමනය කරමු.

Title:අප්‍රේල් 25 කිසිඳු ගුවන් හමුදා නිලධාරියෙකුට කොරෝනා වෛරසය වැළඳී තිබුනේ නැත!
Fact Check By: Sahan PereraResult: False
