අප්‍රේල් මස අවසන් සතියේදී ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත රෝගීන්ගේ සැලකිය යුතු වර්ධනයක් දැක ගැනීමට ලැබුණි. ඒ හා සමඟම මෙසේ වීමට හේතුව බොහෝ පිරිස් විසින් ප්‍රශ්න නැඟූ අතර ඇතැම් අය වෙසෙන් කොරෝනා ආසාදිත සහ සැකකටයුතු පුද්ගලයන් සිටින ප්‍රදේශවල දී සෞඛ්‍ය කාර්ය මණ්ඩලය මෙන්ම ත්‍රිවිධ හමුදාව ඒ සඳහා නිර්දේශිත ඇඳුම් කට්ටල භාවිතා කළේද යන්න පිළිබඳව ප්‍රශ්න නඟා තිබෙනු දැකගන්නට ලැබුණි.

මෙවන් පසුබිමකදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂක යන්ගෙන් සංගමය විසින් සිදුකල ප්‍රකාශයක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ හුවමාරු වී තිබෙනු දක්නට ලැබුණේ මෙලෙසිනි

“පවිත්‍රට ඇහෙන් නෑ

කොරෝනා සටනට මුහුණ දී සිටින වෛද්‍යවරුන්ගෙන්, හමුදා නිලධාරීන්ගෙන් හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් ගෙන් 90% කට පමණ ආරක්ෂිත ඇඳුම් කට්ටල බස් ලැබී නෑ සෞඛ්‍ය ඇමතිණියට කිහිප අවස්ථාවක්ම කිව්වා. කිසිම පියවරක් ගත්තේ නෑ.

GMOA හා PHI වරුන්ගේ නිවේදනයක්”

LinkArchived Link

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය මෙබඳු ප්‍රකාශයක් සිදු කර තිබෙනු දක්නට නොලැබුණු බැවින් මේ පිළිබඳව විමර්ශනයක් සිදුකිරීමට අදහස් කළෙමු

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

GMOA හෝ PHI සංගමයෙන් ගැන මේ පිළිබඳව විමර්ශනය කිරීමට පෙර ප්‍රථම දැනට ශ්‍රී ලංකාවේ ආරක්ෂිත ඇඳුම් කට්ටල වල කිසිදු හිඟයක් තිබේ දැයි යන්න දැනගැනීම පිණිස අප සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝවන රෝග අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සමග දුරකථනයෙන් සම්බන්ධ වීමු. මේ කරුණ පැහැදිලි කරමින් වෛද්‍යතුමා අප සමඟ පවසා සිටියේ ආරක්ෂිත ඇඳුම් කට්ටල සඳහා දැඩි ඉල්ලුමක් පවතින අතර එවැනිම සැපයුමක් ද තිබෙන බවයි. තවදුරටත් එතුමා පවසා සිටියේ කොරෝනා මර්දන ක්‍රියාවලියේ කිසිදු වැඩපිළිවෙලක් සඳහා ආරක්ෂිත ඇඳුම් කට්ටල හිඟවීම කරුණක් නොවූ අතර සෑම ක්‍රියාවලියක් සඳහාම සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සහ ආරක්ෂක නිලධාරීන් යොදා ගැනුනේ ආරක්ෂිත ඇඳුම් කට්ටල සහිතව බවයි

සෞඛ්‍ය අමාත්‍යංශයේ මතය මේ පිළිබඳව දැනගැනීම සඳහා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සමඟ දුරකථනයෙන් සම්බන්ධ වූ අතර එහිදී ද ඉහත ප්‍රකාශය කිසිදු සත්‍යතාවයක් නොමැති බව අප සමඟ තහවුරු කර සිටියා

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතාගෙන් ද මේ පිළිබඳව විමසීමක් කර අපට දැන ගැනීමට ලැබුණේ කිසිවිටෙකත් එම සංගමය විසින් මෙබඳු ප්‍රකාශයක් සිදුකර නොමැති බවයි.

අවසාන වශයෙන් මේ දිනවල බොහෝ කතාබහට ලක්වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙබඳු ප්‍රකාශයක් සිදුකෙරේ දැයි අප සමාජ මාධ්‍ය ජාලා සහ අන්තර්ජාලයේ පරීක්ෂාකළ ද එබඳු කිසිදු වාර්තාවක් දැක ගැනීමට නොලැබුණ බැවින් මේ පිළිබඳව සංගමයෙන් විමර්ශනයක් කළා. එහිදී ඔවුන් පවසා සිටියේ මේ සම්පූර්ණයෙන්ම අසත්‍ය ප්‍රකාශයක් බවයි.

එය අසත්‍ය ප්‍රකාශයක් ලෙස සඳහන් කරමින් පළ කරන ලද ෆේස්බුක් සටහනක්ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිළ ෆේස්බුක් පිටුවෙන් මෙලෙසින් දැකගැනීමට හැකිවිය

FB LinkArchived

තවද පසුගිය අප්‍රේල් මස 29 වනදා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් COVID19 පාලනය කිරීම සඳහා දැඩි පරිශ්‍රමයකින් කටයුතු කරන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීන් සහ ආරක්ෂක හමුදාවේ නිලධාරීන්ගේ ගේ සෞඛ්‍ය තත්ත්ව සහතික කරගැනීම සඳහා නිර්දේශිත යෝජනාවලියක් පළ කර තිබූ බව අපට දැනගන්නට ලැබුණු අතර පහත දැක්වෙන්නේ එම නිල මාධ්‍ය නිවේදනයයි

Sinhala PR

https://www.facebook.com/gmoasl/posts/2630223750579756

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ බලයට පැමිණෙන සෞඛ්‍ය අමාත්‍යවරයා සමග නිරන්තරයෙන් ප්‍රශ්නයක් ඇති වන්නේ දැයි මාධ්‍ය වේදියෙක් විසින් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ප්‍රකාශ කර සිටියේ එබඳු කිසිදු මත ගැටුමක් වර්තමාන සෞඛ්‍යය අමාත්‍යවරිය සමඟ නොමැති අතර ඉතා සහයෝගයෙන් කටයුතු කෙරෙන බවත් පසුගිය සෞඛ්‍ය අමාත්‍යවරයා සම්බන්ධයෙන් පමණක් මත ගැටුමක් ඇතිවූ බවයි. වීඩියෝවේ 6 වන විනාඩියේ සිට.

https://www.facebook.com/gmoasl/videos/374614373454907/?t=382

සෑම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද නවතම නිවේදන පරීක්ෂා කිරීමේදී පහත ප්‍රවෘත්ති නිවේදනය අපට දැකගැනීමට හැකිවූ අතර එහි මෙසේද සඳහන් වී තිබුණි.

“මෙහිදී ඉදිරි කාලය තුල දී COVID-19 වෛරසය ව්‍යාප්තියේ යම් වර්ධනයක් සිදු වුවහොත් දිනකට PCR පරීක්ෂණ 6000 ක් සිදු කිරීම සුදුසු යැයි වසංගත රෝග විද්‍යා අංශය මගින් සෞඛ්‍ය අමාත්‍යතුමිය දැනුවත් කරන ලදි. මේ වනවිට PCR පරීක්ෂණ රජයේ හා පෞද්ලික අංශයේ රසායනාගාර 15 ක් තුල සිදු කරන බවත්, එම රසායනාගාරවල සේවය කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට අවශ්‍ය ආරක්ෂිත ඇදුම් හිගයකින් තොරව ලබාදිමට අවශ්‍ය කටයුතු සළසන මෙන් ද , මීට අමතරව ක්ෂේත්‍රයේ මෙම මර්ධන කටයුත්ත සිදුකරන සෞඛ්‍ය ඇතුලු ආරක්ෂක අංශයේ කාර්ය මන්ඩලයටද අවශ්‍ය වන පුද්ගල ආරක්ෂිත ඇදුම් හිගයකින් තොරව ලබාදීමේ ක්‍රමවේදය විධිමත් කරන ලෙසටත් සෞඛ්‍ය අමාත්‍යතුමිය නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදි.”

සම්පූර්ණ නිවේදනය පහතින්

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය විසින් ආරක්ෂක ඇඳුම් කට්ටල හිඟයක් පවතින බව හෝ ඒ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යවරිය කිසිදු පියවරක් ගන්නේ නැතැයි යන තේමාව යටතේ පළ වී තිබෙන සටහන් සියල්ලක්ම සම්පූර්ණයෙන්ම සාවද්‍ය බවයි

Avatar

Title:GMOA හා PHI සංගමය විසින් ආරක්‍ෂිත ඇඳුම් කට්ටලවල හිඟතාවයක් පිලිබඳ කිසිඳු ප්‍රකාශයක් සිදුකර නැත!

Fact Check By: Sahan Perera

Result: False