කොරෝනා වෛරස් ආසාදනය නිසා කල් දැමුණූ පාර්ලිමේන්තු මැතිවරණය එළඹෙන අගෝස්තු මස පස් වෙනිදා පැවත්වීමට සුදානම් කර ඇතිබව ශ්‍රී ලංකා මැතිවරණ කොමිසම නිවේදනය කළේය. මැතිවරණ උණුසුම ඇතිවීමත් සමගම සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ විවිධ පක්ෂයන්ගෙන් ඉදිරිපත් වන අපේක්ෂකයන් පිළිබඳව සටහන් සහ ප්‍රවෘත්ති ඉදිරිපත් වීමට පටන් ගෙන ඇත.

ජාතික ජන බලවේගයේ කළුතර දිස්ත්‍රක් අපේක්ෂක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉදිරිපත් කළ ප්‍රකාශයක සේයාරුවක් සහිතව ප්‍රභාකරන්ව අත්අඩංගුවට ගෙන මරා දැමු සලකුණු තියෙන්නේ - ජ.වි.පෙ පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර නලින්ද ජයතිස්ස තේමාවෙන් ඉන්දික ලියනගේ නමැත්තකු ඉදිරිපත් කළ සටහනක් ෆේස්බුක් පරිශීලනය කරන්නන් 500කට අධික සංඛ්‍යාවක් අතර සංසරණය වී තිබුණි.

හමුදාවේ යුධ අපරාධකරුවන් ඉන්නව නම් දඬුවම් කරක්න ඕන. වෛද්‍යවරයෙක් විදියට කියන්නේ. ප්‍රභාකරන්ව වුනත් අත්අඩංගුවට ගෙන මරා දැමූ සලකුණු තියෙන්නෙ. ඔබ ප්‍රභාකරන්ගේ මළසිරුරේ පිංතූර බලන්න. බාහිර තුවාල සලකුණු කිසිත් නෑ. හිසෙහි ඉදිරිපසට වෙඩි පහරක් එල්ල වෙලා තියෙන්නේ. මගේ අධිකරණ වෛද්‍ය විද්‍යා දැනුම අනුව කියන්න පුළුවන් ඒ තුවාලයේ ස්වභාවය අනුව එය ඉතා ළඟ සිට රයිෆල් එකක් වැනි ආයුධයකින් කරන ලද වෙඩි තැබීමක්. දුර සිට වැදුනු උණ්ඩයක් එවැනි තුවාලයක් ඇති නොකොට සිරුරට කිඳා බසිනවා. උණ්ඩය ඇතුල්වෙන තැන ඔය ආකාරයේ තුවාලයක් ඇති වෙන්නේ ඉතා ළඟ සිට කරන වෙඩි තැබීමකින්. ශරීරයේ තුවාල නොතිබීම සහ වෙඩිතැබීමේ ස්වභාවය අනුව ප්‍රභාකරන් පවා යටත් වු පසු මරා දමා ඇති බව නිගමනය කරන්න පුළුවන්. මේවා ගැන ජාත්‍යන්තර ප්‍රජාවට අවධානය තිබෙනවා. ඒ නිසා අපි යුද අපරාධ සිදු කළේ නෑ කියලා පැනලා යන්න අමාරුයි. අපි කරන්න ඕනි අපරාධ කරපු නිලධාරින් හට ද දඬුවම් ලබාදී, රටේ නැති වූ කීර්ති නාමය නැවත ලබාගෙන ලෝක නීතියට සහ මානව හිමිකම් වලට ගරු කරන රාජ්‍යයක් ලෙස ඉදිරියට යාමයි ලෙස නලින්ද ජයතිස්ස පැවසු පුවත් පතක පළකිරීමක් ආකාරයට ප්‍රකාශය පෙන්වා තිබුණි.

LinkArchived LinkLinkArchived Link

මෙම සටහනම තවත් ෆේස්බුක් පිටු කිහිපයක ද ඉදිරිපත්වී තිබෙනු නිරීක්ෂණය විය.

FB LinkArchived LinkArticle LinkArchived Link

එසේම බිමල් රත්නායක මහතා ඉලක්ක කරගනිමින්ද ඔහුගේ ට්විටර් ගිණුමේ පළවූ බව පෙන්වන සටහනක් විශාල වශයෙන් හුවමාරු වී තිබුනේ මෙසේය. එහි සඳහන් වී තිබුනේ “ නාවික හමුදා නිලධාරීන් දිනපතා කොරෝනා සෑදී හමුවුණත් ඔවුන් අස්වාභාවික ලෙස ඉක්මනින් සුව වෙනව කියල මාධ්‍ය වාර්තා කරනවා. එම පොකුරෙන් රෝගීන් 1000ක් පමණ හමුවී ඇතත් එයින් එක් මරණයක්වත් වාර්තා නොවීම විශාල ගැටළුවක්.”

LinkArchived

ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරින් පිළිබඳව පසුගිය වකවානුවේ පලවු බොහෝ සටහන් අප සිදු කළ කරුණු විමර්ශන වලදි අසත්‍ය බවට තහවුරු වීම නිසා මෙම සටහන් පිළිබඳව සත්‍යය කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමුවිය.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

අප වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පුවත්පතකට ප්‍රභාකරන්ගේ මරණය පිළිබඳව, එවැනි ප්‍රකාශයක් කර ඇත්දැයි ගූගල් සෙවීමක් කළෙමු. එහෙත් එවැනි ප්‍රකාශයක් ප්‍රධාන විද්යුත්,මුද්‍රිත හෝ සමාජ මාධ්‍යයන්හි නොවීය.

ජාතික ජන බලවේගයේ අපේක්ෂක යනුවෙන් සඳහන් බැවින් මෑතකදී පළවී තිබු පුවතක් ලෙස පෙන්වා දී තිබුනද පසුගිය මාස කිහිපයේම කිසිඳු පුවත්පත් වාර්තාවකද වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අලලා එබඳු ප්‍රකාශයක් පලවී තිබුනේ නැත.

වැඩිදුරටත් කරුණු සනාථ කර ගැනීමට වෛද්‍ය නලිනද ජයතිස්ස මහතා සමඟ දුරකථනයෙන් සම්බන්ධ වුයෙමු. තමන් කිසිදු ප්‍රභාකරන්ගේ මරණය සිදුවු අන්දම පිළිබඳ කිසිදු ප්‍රකාශයක් කර නොමැති බව පැවසු ඔහු, ප්‍රතිපාක්ෂිකයන් එල්ල කරන තවත් ද්වේෂ ප්‍රහාරයක් බව සඳහන් කළේය. තමාගේ නිල ෆේස්බුක් පිටුවෙහි මෙම පුවත ව්‍යාජ බවට සටහනක් යොදා ඇති බවද පැවසීය.

වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ නිල ෆේස්බුක් පිටුවෙහි පහත සටහන නිරීක්ෂණය විය.

LinkArchived LinkTwitter

එසේම ඉහත ප්‍රකාශය අඩංගු පුවත් පත ලෙස ඉදිරි පත් කර තිබු කොටසේ අක්ෂරයන්හි විවිධ ප්‍රදේශවල තීව්‍රතාවයන් පරීක්ෂා කිරීමේදීද එහි වෙනසක් දැකගන්නට හැකි විය. එය මුල් පුවත් පතකින් ලබාගත්තේ නම් එහි දෝෂ මට්ටම් පරීක්ෂාවේදී එකම මට්ටමක තිබිය යුතුය.

එලෙසම සහ බිමල් රත්නායක මහතා අලලා පලවී ඇති සටහන පිළිබඳව විමසා සිටීමේදී ඔහුද අප සමඟ පවසා සිටියේ තම ට්විටර් ගිණුමේ එබඳු කිසිඳු ප්‍රකාශයක් පළකර තිබුනේ නැති බවත්, මෙයද තමා ඇතුළු පාක්ෂිකයින් සියල්ලන්ම අල්ලා පසු ගිය කාලය පුරාම සිදුවන අසත්‍ය මඩ ප්‍රචාර රැල්ලේ කොටසක් බවත්ය.

ඉහත සටහන් දෙකම Error Level Analysis පරීක්ෂාවකට යොමු කළෙමු. එහිදී ඉහත සටහන් දෙකම සංස්කරණය කරන ලද සටහන් බව පෙනී ගියා

එසේම ට්විටර් සත්‍ය පණිවුඩයකින් ඡායාරුපයක් (screenshot) ලබාගත්තේ නම් එහි තිබිය යුතු අංගද මෙම සටහනේ දැකගන්නට නොහැකි බවද පෙනී ගියා.

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ ජාතික ජන බලවේගයේ කළුතර දිස්ත්‍රක් අපේක්ෂක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රභාකරන්ගේ මරණය සැක සහිත බවට ප්‍රකාශයක් නොකළ බවයි. එමෙන්ම බිමල් රත්නායක මහතාගේ ට්විටර් ගිණුමේද නාවික හමුදා කොරෝනා රෝගීන් පිළිබඳව සිදුකලා යයි පලවී ඇති සටහනද සංස්කරණය කරන ලද සටහනක් බවයි.

Avatar

Title:නලින්ද ජයතිස්ස සහ බිමල් රත්නායක අලලා පළවූ අසත්‍ය ප්‍රකාශ පෙළක්!

Fact Check By: Sahan Perera

Result: False