
එම්.සී.සී ගිවිසුම අත්සන් කිරීම පිළිබඳව කතිකාවත පසුගිය ජනාධිපතිවරණ සමයේ ද විශාල වශයෙන් කතාබහට ලක් වූ කාරණයක් විය. ජනාධිපතිවරණයෙන් පසුව ද විවිධ අවස්ථාවලදී මෙම ගිවිසුම පිළිබඳව රජයේ ස්ථාවරය ප්‍රශ්න කෙරුණු අතර ජනාධිපතිතුමා විසින් මෙම ගිවිසුම පිළිබඳව කරුණු සොයා බලා වාර්තාවක් ලබා දෙන ලෙස කමිටුවක් ද පත් කරන ලදී. පසුගිය දෙසැම්බර් මාසයේදී MCC ගිවිසුම අත්සන් කෙරෙන බවට පළවූ සාවද්‍ය සටහන් පෙළක් පිලිබඳ අප සිදුකල විමර්ශනයක් මෙසේය.
මේ අතර නැවත මැතිවරණ සමය උදාවත් ම MCC ගිවිසුම පිළිබඳව කතාබහ යළිත් ඇති වී තිබෙනු නිරීක්ෂණය විය.ඩේලිමිරර් පුවත්පතේ පළවූ වාර්තාවක් පාදක කරගනිමින් ඇමරිකානු තානාපතිනිය විසින් සිදු කළ ප්‍රකාශයක් පිළිබඳව සමාජ මාධ්‍ය ජාල තුල සටහන් රැසක් පළවී තිබෙනු දැකගන්නට ලැබුණි. එම වාර්තා බොහොමයක සඳහන් වී තිබුනේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව MCC ගිවිසුම සලකා බැලීමට රජය ගත් තීරණය පිළිබඳව තම ගෞරවය පළ කරන බවයි.
එසේම, තවත් සටහන් පෙලකින් අදහස් කෙරුනේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව MCC ගිවිසුම අත්සන් කිරීමට තීරණය කර ඇති බව යන්නයි. එම තේමාව යටතේ පළවූ සටහනක දක්වා තිබුනේ “රට බෙදනවා යැයි කියූ MCC ගිවිසුම මැතිවරණයට පසු අත්සන් කෙරේ. ඇමරිකානු තානාපතිනිය කියයි. හැට නම ලක්ෂයක් පතු වෙනස සැබෑ වෙමින් පවතී.. රෙස්පෙක්ට් සර්” යනුවෙනි

එම තේමාව යටතේම තවත් සටහන් පෙළක්ද හුවමාරු වී තිබෙනු දැකගන්නට ලැබුණු අතර මේ පිලිබඳ විමර්ෂණයක් සිදුකිරීමට අදහස් කළෙමු.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)
මේ පිළිබඳව කරුණු විමසා සිටීම සඳහා මුලින්ම මෙයට පාදක වී තිබෙන ඩේලිමිරර් පුවත්පතේ පුවත අධ්‍යනය කළෙමු. ජුනි මස 16 වන දින ප්‍රධාන සිරස්තලය වශයෙන් පළ වූ එම පුවතේ දක්වා තිබුණේ මහ මැතිවරණයෙන් පසුව MCC ගිවිසුම පිළිබඳ සමාලෝචනය කිරීමට රජය ගත් තීරණය පිළිබඳව තම ගෞරවය පළ කරන බව ඇමරිකානු තානාපති ඇලයිනා ටෙප්ලිට්ස් මහත්මිය පවසා ඇති බවයි. එහි කිසිඳු තැනක මෙම ගිවිසුම පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව අත්සන් කෙරෙන බව සඳහන් වන්නේ නැ. Daily Mirror පුවත්පතයෙහි පළවූ වාර්තාව පහතින්.


මේ පිළිබඳව කරුණු පැහැදිලි කරමින් රජයේ පුවත් දෙපාර්තමේන්තුවෙන් පලකරන ලද නිල නිවේදනයේ MCC ගිවිසුම පිළිබඳව කරුණු දක්වා තිබුනේ මෙලෙසිනි.
“වත්මන් රජය විසින් MCC ගිවිසුම (Millennium Challenge Corporation) අත්සන් කිරීමට සැරසෙන බවට සාවද්‍ය ප්‍රවෘත්ති ප්‍රචාරය වන නමුත් එවැනි කිසිදු තීරණයක් රජය විසින් ගෙන නොමැත.
පසු පසුගිය රජය සමයේදී මේ සම්බන්ධයෙන් වාර්තාවක් අදාල විදේශීය සමාගම් වෙත ඉදිරිපත් කර ඇති නමුත් වත්මන් රජය මෙම ගිවිසුම ක්‍රියාත්මක කිරීමට අදාළ කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති අතර කිසිදු රටක් හෝ බහුජාතික සමාගමක් සමග ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හෝ රටේ නීතියට පරිබාහිරව කිසිදු ගිවිසුමකට හෝ එකඟතාවයකට පැමිණීමට වත්මන් රජය කටයුතු නොකරන බව මෙහි දී ප්‍රකාශ කරන ලදී. ඒ අනුව මේ සම්බන්ධයෙන් රජයේ පෙර පැවති ස්ථාවරයෙහි කිසිදු වෙනසක් නොමැති බව අවධාරණය කෙරේ”

මේ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේදී අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සිදු කළ කරුණු පැහැදිලි කිරීම පහතින්.
ඇමරිකානු තානාපති කාර්යාලයෙන් අප කල විමසීමකදීද දැනගන්නට ලැබුනේ ගිවිසුම අනිවාර්යයෙන් අත්සන් කිරීමක් පිලිබඳ කිසිදු ප්‍රකාශයක් සිදුකර නොමැති බවයි. පහත දැක්වෙන්නේ ඇමරිකානු එක්සත් ජනපද තානාපති කාර්යාලය මඟින් නිකුත් කරන ලද ඉහත පුවත්පත් වාර්තාවට පාදක වූ නිල සාකච්ඡාවේ MCC ගිවිසුමට අදාලව නැගුණු පැනයට ලබාදුන් පිළිතුර ඇතුලත් කොටසේ පිටපතකි. එහි සඳහන් වන්නේද රජයද පාර්ලිමේන්තු මැතිවරණයත් සමඟ සංක්‍රාන්ති කාලයක සිටින බැවින්, ජනපති විසින් ගිවිසුම සමාලෝචනය කිරීමට ගත් තීරණයට ගෞරව කරන බවයි. සම්පුර්ණ සාකච්ඡාවද පහත දැක්වේ.

Conclusion (අවසාන නිගමනය)
මේ අනුව අපගේ විමර්ශණයෙන් පැහැදිලි වන්නේ “මැතිවරණයෙන් පසුව MCC ගිවිසුම අත්සන් කෙරේ” යනුවෙන් සිදු කර ඇති ප්‍රකාශය නොමග යවන සුළු ප්‍රකාශක් බවයි. මෙම සටහන් වලට පාදක වූ පුවත්පත් වාර්තාවේ සඳහන් වන්නේ මැතිවරණයෙන් පසුව MCC ගිවිසුම පිළිබඳව සලකා බැලීම ගැන එක්සත් ජනපද තානාපතිනිය ගෞරවය පලකිරීම පිලිබඳ ප්‍රකාශයක් විනා එහි කිසිදු තැනක මෙම ගිවිසුම නිත්‍ය වශයෙන්ම අත්සන් කරන්නේ යැයි පවසා ද නැත. රජය විසින් ද ප්‍රකාශ කර සිටින්නේ MCC ගිවිසුම සම්බන්ධයෙන් රජයේ ස්ථාවරයේ කිසිදු වෙනසක් සිදු වී නැති බවයි
.container { border: 2px solid #000; background-color: #eee; border-radius: 5px; padding: 16px; margin: 16px 0 } .container::after { content: “”; clear: both; display: table; } .container img { float: left; margin-right: 20px; border-radius: 50%; } .container span { font-size: 20px; margin-right: 15px; } @media (max-width: 500px) { .container { text-align: center; } .container img { margin: auto; float: none; display: block; } }
Title:MCC ගිවිසුම පිළිබඳව ජන්දයෙන් පසුව අත්සන් කරන බව ඇමරිකානු තානාපතිනිය පැවසුවාද?
Fact Check By: Sahan PereraResult: Misleading

It’s clear that U.S. is trying desperately to get the agreement signed. Let’s be honest. Their sole intention is to take control of the country and use it as a U.S. military base. 40 of 43 countries who signed MCC agreements are said to have ended up with a military base installed in their country and loosing their sovereignty. Although President Rajapaksa who promised nearly 7 million Sri Lankan people who appointed him into the office, and despite the growing opposition including his committee’s recommendation, as a typical corrupted Sri Lankan politician, he shows signs toward signing the agreement. For example, his new Minister of Security Affairs, Mr. Colombage told WION news yesterday that India is No.1 on Sri Lanka’s foreign policy. As we all know, India is an American puppet. He also said in his inauguration speech “We must learn to think outside the box”. He went on to say, “no one will loose any lands that are inherited in the family”.
We just have to wait and see what he’s going to do. If he signs the MCC trap, him and his party will face the same consequences as UNP, at next election, or sooner.