නොමඟ යවන සුළු සමාජ මාධ්‍ය ජාලා සටහන් යොදාගනිමින් ප්‍රවර්ධන කටයුතු සහ පුද්ගලික දත්ත ලබා ගැනීමේ සූක්ෂම උපක්‍රම ක්‍රියාත්මක වන බව පසුගිය කාලයේ ද අපට දැකගන්නට ලැබුනා. විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් දත්ත ලබාගැනීමට පළවූ එබඳු ව්‍යාජ සටහනක් පිළිබඳව අප විසින් මීට මාස කිහිපයකට පෙර කළ කරුණු අනාවරණයක් මෙසේය.

මීට දින කිහිපයකට පෙර කම්කරු දෙපාර්තමේන්තුව විසින් පලකරන ලද සටහනක ආකාරයෙන් පළවී තිබු සටහනක දක්වා තිබුනේ “1990 සිට 2020 දක්වා සේවය කළ කම්කරුවන්ට ඩොලර් 20,000 ක * ප්‍රතිලාභයක් හිමිවේ " *කම්කරු දෙපාර්තමේන්තුව*. ප්‍රතිලාභය ඉල්ලා අස්කර ගැනීමට හිමිකම් ඇති පුද්ගලයින්ගේ ලැයිස්තුවේ ඔබේ නම ඇති බවට වග බලා ගන්න:https://whatsget.online/labourdept” යනුවෙනි.

ෆේස්බුක් මාධ්‍ය හරහා මෙම සටහන විශාල වශයෙන් හුවමාරු වී තිබුණේ නැති වුවද Whatsapp, Viber යනාදී පණිවුඩ හුවමාරු කරගැනීමේ යෙදවුම් හරහා මෙම සටහන සංසරණය වී තිබු බව දැක ගන්නට ලැබුණා.

LinkArchived Link

බොහෝ පිරිස් මෙය ව්‍යාජ දත්ත ලබාගැනීමේ අරමුණින් පළ කරන ලද සටහනක් බව ප්‍රකාශ කර තිබූ අතර මේ පිළිබඳව කරුණු විමර්ශනය ඇත අප අදහස් කළා

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

මොන සටහන් වලට ලැබී තිබූ ප්‍රතිචාර පරික්ෂා කිරීමේදී අපට දැකගන්නට ලැබුණේ පුද්ගලයින්ගේ දත්ත ලබා ගැනීමේ යටි අරමුණින් පළ කර ඇති ව්‍යාජ සටහනක් ලෙස බොහෝ පිරිස් හඳුනා ගෙන තිබූ බවයි. ඉහත ප්‍රකාශිත වෙබ් අඩවියට ඇතුල් වීමේදී මෙසේ දත්ත ලබාගැනීමේ අරමුණින් පලකරන ලද ප්‍රශ්නාවලියක් විමසා තිබෙන බවට පළ වී තිබූ සටහන් රැසක් අපට දැකගන්නට ලැබුණා

කොහොම වෙතත් මෙයට ක්ෂණිකව ප්‍රතිචාර දක්වා තිබූ කම්කරු දෙපාර්තමේන්තුව ජුනි මස 17 වන දින නිල නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ කම්කරු දෙපාර්තමේන්තුවේ නිළ වෙබ් අඩවිය ලෙස පෙන්නුම් කරමින්, සුදුසුකම් පරීක්ෂා කර බැලීමේ ප්‍රශ්ණාවලියක් වෙත යොමුකෙරෙන ඉහත දැන්වීම ඇතුළත් සටහන සම්පූර්ණයෙන්ම සාවද්‍ය බවත් එබඳු කිසිදු නිවේදනයක් දෙපාර්තමේන්තුව මගින් පළ කර නොමැති බවත්ය. එම නිල නිවේදනය පහතින්.

මෙබඳු ව්‍යාජ දැන්වීම් ඇතුලත් ප්‍රචාරවලට රැවටීමෙන් වළකින ලෙස ඉල්ලා සිටිමින් කම්කරු දෙපාර්තමේන්තුව දන්වා තිබුණේ ඉහත සටහනේ දක්වා ඇති වෙබ් අඩවිය දෙපාර්තමේන්තුවේ නිළ වෙබ් අඩවිය නොවන බවයි. එසේම දෙපාර්තමේන්තුවේ නිළ වෙබ් අඩවිය පරික්ෂා කළ අපට දැකගන්නට ලැබුණේ එහිද ඉහත පුවත සාවද්‍ය ප්‍රකාශයක් බව මෙලෙසිනි පෙන්වා තිබු බවයි.

Labour Department Official Web

මෙම ප්‍රකාශයේ අඩංගු වෙබ් අඩවිය පරික්ෂා කිරීමේදී අපට දැකගන්නට ලැබුණේ කම්කරු දෙපාර්තමේන්තුව මගින් පළ කරන ලද වෙබ් අඩවියක් ලෙස දත්ත ලබාගැනීමේ අරමුණින් මුලින් පළකර තිබුණද රජය විසින් සිදුකල නිවේදනය සහ එයට එරෙහිව බොහෝ පුද්ගලයින් වාර්තා පලකිරීම හමුවේ ඔවුන් එම වෙබ් අඩවිය දැන් https://www.google.com.br/ වෙත යළි යොමුකර තිබු බවයි.

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ “1990 සිට 2020 දක්වා සේවය කළ කම්කරුවන්ට ඩොලර් 20,000 ක ප්‍රතිලාභයක් - කම්කරු දෙපාර්තමේන්තුව” යන තේමාව යටතේ පලවී තිබු සටහන පුද්ගල දත්ත ලබාගැනීමේ අරමුණින් පළකරන ලද සම්පුර්ණයෙන්ම ව්‍යාජ සටහනක් බවයි.

Avatar

Title:කම්කරු දෙපාර්තමේන්තුව නිකුත්කළ බව පෙන්වමින් පළවූ සාවද්‍ය සටහනක් !

Fact Check By: Sahan Perera

Result: False