මැතිවරන සමය ආසන්නවත්ම ඉදිරිපත්වන පාර්ශව ජනතා ආකර්ශනය දිනාගැනීමට විවිධ ක්‍රම අනුගමනය කිරීම සාමාන්‍යයෙන් දැකිය හැකි කරුණක් වුවද මෙවර කොරෝනා පාලන සෞඛ්‍යාරක්ෂණ ක්‍රම අනුගමනය කිරීමත් සමඟම එවැනි ප්‍රවර්ධන කරයුතු බොහෝ ලෙස අවම මට්ටමක පවතියි. එමෙන්ම මැතිවරනයක් යම් පාර්ශවයක් විසින් ජයග්‍රහනය කල පසුව එහි සාමාජිකයන් විසින් ඔවුන්ගේ සතුට විවිධාකාරයෙන් සමරනු දැකගන්නට හැකියි. ඇතැම් අවස්ථාවන්හි පාක්ශිකයන් සංගීතයට අදාලව නර්තන ද ඉදිරිපත් කරන අයුරු විටින් විට අපට දැකගන්නට පුලුවන්.

පසුගිය දිනෙක මුහුනු පොතේ විශාල වශයෙන් හුවමාරු වූ වීඩියෝ පටයක කාන්තාවන් ලෙස හැඳගත් පිරිමින් පිරිසක් විසින් නර්තනයක් ඉදිරිපත් කරන අවස්ථාවක වීඩියෝපටයක් “ආයුබෝවන් ලක් මවුනි ගරු. - Ayubowan Lak Mawuni Garu” නම් ෆේස්බුක් පි‍ටුවක් “UNP නම් ඩාන්ස් තමා ඉතින්.. 🚶🚶🚶🙈🙈🙈” යන තේමාව යටතේ හුවමාරු කර ගෙන තිබුනේ මෙලෙසින්.

Original Link | Archived

දහසකට ආසන්න ප්‍රමාණයක් අතර හුවමාරු වී තිබු මෙම වීඩියෝව තවත් ෆේස්බුක් පිටු විසින්ද හුවමාරු කර ගෙන තිබුනේ පහත අයුරුන් ප්‍රතිචාර රැසක්ද සමඟින්.

මෙම වීඩියෝවල ප්‍රේක්ෂක පිරිස කොළ පැහැති වර්ණයෙන් යුත් ටීෂර්ට් පැළඳගෙන සිටින බැවින් ඇතැම් අය මෙය ඇත්ත අවශයෙන්ම එක්සත් ජාතික පාක්ෂිකයින් ලෙස ප්‍රතිචාර ලබාදී තිබුණද බොහෝ අය උපහාසාත්මකව ප්‍රතිචාර දක්වා තිබෙනු දැක ගන්නට හැකි විය. තවද සම්පුර්ණ වීඩියෝව නිරීක්ෂණය කිරීමේදී කර්මාත්නශාලාවක සිදුවූ රුගත කිරීමක් ලෙසද පෙනී ගියා.

එසේම ජුනි මස පලවී තිබු අග භාගයේ මෙම වීඩියෝ පළකර තිබු බැවින් ඒ වනවිට බලපැවැත්වූ කොරෝනා පාලන සෞඛ්‍යාරක්ෂණ ක්‍රම යටතේ මෙවැනි පුද්ගල රැස්වීම් පැවතීමේ ඉඩකඩක් නොතිබූ අතර මෙහි කිසිවෙකුත් මුඛ ආරක්ෂණ පළඳා නොසිටි බැවින් මෙය පැරණි වීඩියෝවක් බව ඉඟි කළා.

Fact Check (සත්‍ය කරුණු විමර්ෂණය)

මෙම වීඩියෝ පටය පිලිබඳ සොයා බැලීමේදී අපට තහවුරු වුයේ මෙම වීඩියෝ පටය එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධවව සිදුවු කටයුත්තක් නොවන බවයි. සිරස රූපවාහිනි නාලිකාවේ ලන්ච් ටයිම් ටීවී නමින් 2019 වසරේ විකාශනය වූ වැඩසටහනක් වෙනුවෙන් ටෆ්ලයින් නමැති ඇසුරුම් ක්ෂේත්‍රයේ ආයතනයක සේවකයන් පිරිසක් එකතු වී සිදු කල නර්තනයක් බවට අපට තහුවුරු කර ගැනීමට හැකි වුනා.

මෙම අවස්ථාවේ එම කර්මාන්ත ශාලාවේ පුද්ගලයන් පිරිස එක්වී සතු‍ටු වන මොහොතේ ඡායාරූප එකතුවක් Lunch Time TV නමින් ඇති මුහුනු පොතේ පි‍ටුවට එකතු කර තිබුනේ මෙලෙසින්

එසේම ඔවුනේ ෆේස්බුක් පිටුවේ මෙම වැඩසටහනට අදාල වීඩියෝ පටද එකතු කර ඇති බව දැකගන්නට ලැබුනා.එයට ඔවුන් එකතු කර තිබුනු හෑශ් ටැග් වලද මෙම අවස්ථාව ටෆ්ලයින් කර්මාන්තශාලාවේ එකක් බව දක්වා තිබුනා. එවැනි එක් කෙටි වීඩියෝවක් මෙසේය

මීගොඩ ප්‍රදේශයේ පිහි‍ටුවා ඇති ආහාර නිෂ්පාදන ඇසුරුම් නිර්මාණයේ නිපුණත්වයක් ඇති කැපිටල් මහරාජා ආයතනයට අනුබද්ධිත ටෆ්ලයින් කර්මාන්ත ශාලාවේ ලාක්ශනික වර්නයක් ලෙස ඔවුන් කොල පැහැය යොදා ගන්නා බවට අපට දැකගන්නට හැකිවුනා.ඔවුන්ගේ එම කාර්යාල පරිශ්‍රය ,වෙබ් අඩවිය ,සන්නම නාමය වැනි දැ සියල්ල සඳහා ද කොලපැහැය යොදාගෙන තිබෙන බවක් අපට දක්නට හැකි උනා. වෙබ් අඩවිය සඳහා පිවිසෙන්න

වැඩිදුරටත් මෙම වීඩියෝ පටය පිලිබන්දව සොයා බැලීමකදි Time For You නමින් හැඳින්වෙන යූටූබ් චැනලයක මෙම වීඩියෝ පටයේ පැහැදිලි පිටපතක් එකතු කර තිබුනා. එම වීඩියෝ පටය පහතින්

https://youtu.be/cGHNQhiNSe8?t=2

“හිනාවෙලා මැරෙනවා බං” ලෙස එකතු කර තිබුනු මේ යූටූබ් වීඩියෝවේ කමෙන්ට්ස් තීරුවේද එහි වැඩකරන අයෙක් අපේ වැඩපලෙ උත්සවේ... අපෙ කොල්ලොටික හොඳට කලා ලමායි.. ලෙසින් අදහස් පලකර තිබුනු බවක් දැකගන්නට තිබුනා.එමෙන්ම එහි වැඩිදුරටත් මෙම ආයතනය Tuffline limited යන්නද දක්වා තිබුනා.

Pathum Darshana නම් මෙම ආයතනයේ සේවකයෙකු විසින්ද මීට මාස 11 කට ඉහතදී සිදුකර ඇති මෙම පටිගත කිරීමේ දිනයේදී එම නර්තනයම ඔහුගේ කැමරාවට වෙනත් කෝණයකින් හසුකරගෙන තම ෆේස්බුක් ගිණුමට පහත අයුරුන් පළකර තිබුනා. ඔහු එදිනම පලකළ තවත් වීඩියෝ මෙතනින්

https://www.facebook.com/pathum.darshana1/videos/2332524560201740/

තවද මෙම වීඩියෝවම මීට පෙර පසුගිය වසරේ “එක්සත් ජාතික පක්ෂයේ සමනල්ලු” යනාදී තේමා යටතේ හුවමාරු වී තිබු අතර AFP කරුණු අනාවරණ කණ්ඩායම විසින් ඒ පිලිබඳ එම අවධියේදී සිදුකල කරුණු අනාවරණයක් මෙසේය.

Conclusion (අවසාන නිගමනය)

ඉහත කරුනු අනුව සලකා බලන කල එක්සත් ජාතික පක්ශයේ පිරිසක් නර්තනයක යෙදෙන බවට හැඟවෙන පරිදි ෆේස්බුක් පි‍ටු කිහිපයකම පසුගියදා මුහුනු පොතට එකතු කර තිබුනු වීඩියෝ පටය සිරස රූපවාහිනි නාලිකාවේ Lunch Time TV නමින් 2019 වසරේ විකාශනය වූ වැඩසටහනක් වෙනුවෙන් Tuffline නමැති ආහාර නිෂ්පාදන ඇසුරුම් කර්මාන්තශාලාවක සේවකයන් පිරිසක් එකතු වී සිදු කල නර්තනයකි.

Avatar

Title:කර්මාන්තශාලාවක සේවකයන් පිරිසක් එකතු වී සිදු කල නර්තනයකි

Fact Check By: Sahan Perera

Result: False