ජනතා විමුක්ති පෙරමුණ මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ වදිනුයේ මාලිමා ළකුණ යටතේ, ජාතික ජන බලවේගය නමැති සන්ධානයකිනි. එම සන්ධානයේ ප්‍රධාන ක්‍රියාකාරීන් අලලා සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ඉදිරිපත්වී තිබු නොයෙකුත් සාවද්‍ය සටහන් පිළිබඳව අප විසින් පසුගිය සති කිහිපය පුරාම කරුණු අනාවරණ සිදුකරන ලදී. එවන් සටහන් කිහිපයක්ම පසුගිය දින කිහිපයේද හුවමාරු වී තිබෙන අයුරු අපට දැකගනන්ට හැකි විය.

හමුදාකාරයන්ට කොරොනා පාලනය කරන්න පුළුවන් නම් ලෝකේ ප්‍රබලම හමුදාව ඉන්න ඇමරිකාව මෙලහකට කොරොනා ලෝකෙන්ම තුරන් කරලා යන වදන රෝපනය කර ඇති සේයාරුවක් සහිත සටහනක් Indika Liyanage නමැත්තෙකුගේ ෆේස්බුක් පිටුවක දක්නට ලැබුණි. උපහාස ප්‍රතිචාර රැසක් හිමිකර ගනිමින්, මෙම සටහන, ෆෙස්බුක් පරිශීලනය කරන්නන් රැසක් අතර සංසරනය වී තිබුණි.

LinkArchived Link

Yasith Dilshan නමැත්තෙකු ජයවේවා සහෝදරයා ❤ ඔබ වගේ මිනිස්සු තමයි උවමනා ජවිපෙට! දුෂනයට විරුද්ධව ඔබේ වටිනා ජන්දය ගැන අපට ආඩම්බරයකි.!තේමාවෙන් ජනප්‍රිය නළු කමල් අද්දරආරච්චිගේ ෆේස්බුක් ගිණුමේ කිසිදු දූෂණ චෝදනාවක්වත් නැති මාලිමාවට මගේ ඡන්දය ලෙස යොදා තිබු ෆේස්බුක් සටහනක සේයාරුවක් සහිතව ඉදිරිපත් කර තිබු සටහනක් ප්‍රතිචාර රැසක් සමඟ ෆේස්බුක් පරිශීලනය කරන්නන් 900කට අධික සංඛ්‍යාවක් අතර සංසරනය වී තිබුණි.

LinkArchived Link

එමෙන්ම ඉහත පුද්ගලයා විසින්ම කොරෝනා දෙවන රැල්ලට බය වෙන්න එපා. මාස්ක් සහ විෂ බීජය නාශක සූදානම්! තේමාවෙන් ඉදිරිපත් කර තිබු සටහනක් හා සමාන සටහන් පෙළක්ද ෆේස්බුක් පරිශීලනය කරන්නන් රැසක් අතර හුවමාරුවී තිබුණි.

LinkArchived Link

එසේම ජාතික ජන බලවේගයේ ලිපි ශීර්ෂයක් යොදා ගනිමින් " කොරෝනා දෙවන රැල්ල නිසා මහමැතිවරණ දිනය පිළිබඳව සාකච්ඡා කිරීමට දිනයක් ලබා දෙන ලෙසට මැකෝගෙන් ඉල්ලීමක්. " යන තේමාව යටතේ හුවමාරු වූ සටහනක් ද අපට මෙසේ දැක ගන්නට හැකි වුනා.

Link Archived

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාහමුදාකාරයන්ට කොරොනා පාලනය කරන්න පුළුවන් නම් ලෝකේ ප්‍රබලම හමුදාව ඉන්න ඇමරිකාව මෙලහකට කොරොනා ලෝකෙන්ම තුරන් කරලා” යන ප්‍රකාශය සැබැවින්ම කර ඇත්දැයි තහවුරු කරගැනීම පිණිස අප ඔහුගේ නිල ෆේස්බුක් පිටුව පරීක්ෂා කළෙමු. “රෝමයට වහල්ලු පටවනව වගේ වගේ පාර්ලිමේන්තුවට ඔලුගෙඩි වලින් පුරවලා වැඩක් නෑ. පාර්ලිමේන්තුව ඔළු ගෙඩි වලින් පුරවල වැඩක් නෑ. අද ලංකාව ඉන්දියාවේ චීනයේ හා ඇමරිකාවේ කොලනියක් කරලා තේමාවෙන් පිඹුර, අගලවත්තදි පැවැත්වු මැතිවරණ රැලියකදි කළ කථාවක සංක්ෂිප්තයක් සහිතව, පළවූ සටහනක් 2020 ජූලි මස 9 දින පහත පරිදි ඉදිරිපත් කර තිබිණි.

LinkArchived Link

Indika Liyanag නමැත්තාගේ ෆේස්බුක් සටහනේ සේයාරුව සහ වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ‍ෆේස්බුක් සටහනේ සේයාරුව සමඟ සංසදනය කිරිමේදි, එය එකම සේයාරුවක් බවත් රෝපනය කර ඇති වදන පමණක් වෙනස්වන බවත් නිරීක්ෂණය විය. එනිසා Indika Liyanage නමැත්තා, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ‍ෆේස්බුක් සටහනේ සේයාරුව ව්‍යාජ ලෙස සංස්කරනය කර සටහන ඉදිරිපත් කර තිබු බව තහවුරු විය. Indika Liyanage නමැත්තාගේ ෆේස්බුක් සටහනේ සේයාරුව මෘදුකාංගයක් මගින් error level analysis විශ්ලේෂණය කිරීමේදීද එය ව්‍යාජ ලෙස සංස්කරනය කර ඇති බව සනාථ විය.එම ඡායාරුප දෙකෙහි සංසන්දනයක් පහතින්

“හමුදාකාරයන්ට කොරොනා පාලනය කරන්න පුළුවන් නම් ලෝකේ ප්‍රබලම හමුදාව ඉන්න ඇමරිකාව මෙලහකට කොරොනා ලෝකෙන්ම තුරන් කරලා” යන ප්‍රකාශය කළේදැයි දැනගැනීමට , වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගෙන් විමසු විට ඔහු පැවසුවේ ද තමන් එවැනි ප්‍රකාශයක් කිසිදු ස්ථානයක සිදු නොකළ බවය

Yasith Dilshan නමැත්තා විසින් කමල් අද්දරආරච්චි මහතා අළලා ඉදිරිපත් කර තිබු සටහන පිළිබඳව කරුණු තහවුරු කර ගැනීම පිණිස අප කමල් අද්දරආරච්චි මහතාගේ ෆෙස්බුක් පිටුව පරීක්ෂා කළෙමු. ඔහුගේ චන්දය හිමි කුමන පක්ෂයකටද යන්න පිළිබඳව එහි කිසිදු සටහනක් දක්නට නොලැබුණු අතරමෙවර පාට පක්ෂ වලට අන්ධයන් සේ ඡන්දය නොදී ඒ අතරින් අති දක්ෂයින් පමණක් තෝරා ගන්න. යක්ෂයින් හරවා යවන්න! වදන අනතර්ගත කර තිබු සටහනක් පමණක් නිරීක්ෂණය විය.

LinkArchived Link

තවදුරටත් කරුණු සනාථ කරගැනීම පිණිස අප කමල් අද්දරආරච්චි මහතා සමඟ දුරකථනයෙන් සම්බන්ධ වූයෙමු. තමන් කිසිදු පක්ෂයකට ඡන්දය දීමට සහාය නොදක්වන බව ප්‍රකාශ කළ කමල් අද්දරආරච්චි මහතා, Yasith Dilshan ඉදිරිපත් කර ඇත්තේ ව්‍යාජ ලෙස සංස්කරණය කරන ලද සටහනක් බව අවධාරණය කරන ලදී.

“කොරෝනා දෙවන රැල්ලට බය වෙන්න එපා. මාස්ක් සහ විෂ බීජය නාශක සූදානම්!” තේමාවෙන් ඉදිරිපත් කර තිබු සටහන පිළිබඳව කරුණු සනාථ කර ගැනීම පිණිස අප ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය අංශය සමග සම්බන්ධ වූයෙමු. අප හා සම්බන්ධ වූ මාධ්‍ය අංශයේ නිලධාරියා ප්‍රකාශ කළේ එම සටහන සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත්, Yasith Dilshan යනු ජනතා විමුක්ති පෙරමුණ සහ සහ එහි ක්‍රියාකාරීන් අළල අසත්‍ය තොරතුරු පල කරන ව්‍යාජ ෆේස්බුක් ගිණුමක් බවයි.

මේ පිළිබඳව තවදුරටත් කරුණු තහවුරු කර ගැනීම පිණිස අප ජාතික ජන බලවේගය නිල ෆේස්බුක් ගිණුම පරීක්ෂා කළෙමු. ආණ්ඩුවේ හිතවාදීන් විසින් ජාතික ජන බලවේගය අපහසුතාවයට පත් කිරීම සඳහා නිර්මාණය කරන ලද්දකි. කොරෝනා මතින් දේශපාලන වාසි ලබාගැනීමට අප කිසිසේත් උත්සහ නොකරන බවත් ජනතාව බොරුවෙන් මුලා කිරීමට ගත් ආණ්ඩුවේ සියලු උත්සහයන් අසාර්ථක වූ පසු ජාතික ජන බලවේගය ඉලක්ක කර මඩ අවලාද නැගීම උත්සන්න කර ඇති බවත් මෙයින් පැහැදිලි වේ.

නිශ්ශංක සේනාධිපති වැන්නන් විසින් රුපියල් ලක්ෂ 500ක් වියදම් කොට ජවිපෙ ඇතුළු ජාතික ජන බලවේගයේ අපේක්ෂකයින් පරාජය කිරීමට යම් යම් ක්‍රියාමාර්ග ගන්නා බවත් පසුගියදා එම දූෂිතයින් විසින්ම ප්‍රකාශ කර ඇතිත තත්වයක් තුළ මෙවැනි ව්‍යජ පළකිරීම්වලට නොරැවටෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිමු. යන කථාංගය අන්තර්ගත කර තිබු සටහන අට නිරීක්ෂණය විය.

https://www.facebook.com/nppsrilanka/posts/688967988350395

LinkArchived Link

ඒ අනුව කොරෝනා දෙවන රැල්ලට බය වෙන්න එපා. මාස්ක් සහ විෂ බීජය නාශක සූදානම්!” තේමාවෙන් ඉදිරිපත් කර ඇත්තේ ව්‍යාජ සටහනක් බව ද තහවුරු විය.

එසේම ජාතික ජන බලවේගයේ ලිපි ශීර්ෂයක පලවී තිබු මහමැතිවරණ දිනය පිළිබඳව සාකච්ඡා කිරීමට දිනයක් ලබා දෙන ලෙසට මැතිවරණ කොමිසමෙන් සිදුකර තිබු ඉල්ලීම පිළිබඳව ජාතික ජන බලවේගයේ මාධ්‍ය අංශයෙන් සිදුකල විමසීමකදී පවසා සිටියේ මේ වන තෙක් එබඳු කිසිම ඉල්ලීමක් සිදුකර නොමැති බවයි.

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ Indika Liyanage නමැත්තා වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ‍ෆේස්බුක් සටහනක සේයාරුවක් ව්‍යාජ ලෙස සංස්කරනය කර සිය සටහන ඉදිරිපත් කර ඇති බවයි. කමල් අද්දරාරච්චි මහතා අළලා Yasith Dilshan නමැත්තා විසින් ඉදිරිපත් කර තිබූ ෆේස්බුක් සටහන ද ව්‍යාජ ලෙස සංස්කරණය කරන ලද්දක් බව සනාථ විය. එමෙන්ම “කොරෝනා දෙවන රැල්ලට බය වෙන්න එපා. මාස්ක් සහ විෂ බීජය නාශක සූදානම්!” තේමාවෙන් ඉදිරිපත් කර ඇති සටහන් සියල්ලද ව්‍යාජ බවට තහවුරු විය.

Avatar

Title:ජාතික ජන බලවේගය අලලා පළවූ සාවද්‍ය ප්‍රකාශ පෙළක්!

Fact Check By: Sahan Perera

Result: False