
ගාල්ල නෙළුව සිට ලංකාගම දක්වා දිවෙන මාර්ගය සංවර්ධන කිරීම මඟින් සංවේදී පරිසර කලාපය තුළ පිහිටි කොටස සම්බන්ධයෙන් සහ සිදුවිය හැකි පරිසර හානිය යනාදී කරුණු සම්බන්ධයෙන් පසුගිය දිනවල දැඩි වශයෙන් කතාබහට ලක්විය. මෙම මාර්ගය සංවර්ධන කරන්නේ එහි පිහිටි හෝටලයක් මුල් කරගෙන බව එල්ල වූ ප්‍රධාන චෝදනාවක් වූ අතර එය මුල්කරගෙන සාවද්‍ය සටහන් උපහාසාත්මක කෝණයකින් පලවී තිබෙනු නිරීක්ෂණය විය.
Yasih Dilshan නමැති ෆේස්බුක් ගිනුමක “කාල්ටන් දෙනියාය..වැඩ කරන අපේ විරුවා දෙනියායේ හොටෙල් හැදුවා” යන තේමව යටතේ පිහිනුම් තටාකයක් සහිත හෝටලයක් පරිදි දිස්වන ඡායාරුප සටහනක් හුවමාරු කරගෙන තිබුණි. එහි “යෝෂිතගෙ දෙනියායෙ හදපු අලුත හෝටලේ. දැන් තේරෙනවා නේද සිංහරාජේ කපන හේතුව” යනුවෙන් ද සටහන් කර තිබු අතර දහසකටත් අධික ප්‍රමාණයක් අතර මෙසේ හුවමාරු වී තිබුණි.

මේ අයුරින් ම Rekha Kahandagama II නමැති ෆේස්බුක් ගිනුමක පලවී තිබු තවත් සටහනක දක්වා තිබුනේ “ලංකාගමට පාරක් කපන්නට හේතු වූ ,සිංහරාජය විනාශ කරමින් ඉදිකෙරුන යෝෂිතගේ දැවැන්ත හෝටලය..වන සම්පත් රැකගැනීම වෙනුවෙන් නැගී සිටිමු.” යනුවෙනි. එම සටහන පහතින්.

මෙම සටහන් දෙකම සාවද්‍ය සටහන් බවට බොහෝ දෙනා ප්‍රකාශ කර තිබුණද බොහෝ දෙනෙක් අතර හුවමාරු වී තිබු බැවින් මේ පිලිබඳ කෙටි විමර්ෂණයක් සිදු කළෙමු.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)
මෙහි පළමු ඡායාරුපය Google Reverse Image සෙවුමකදී බාලි දේශයේ පිහිටි Nandini Jungle Resort & Spa බව බොහෝ දෙනෙකු හඳුනාගෙන පහසුවෙන්ම හඳුනාගෙන තිබුණි.

මේ අයුරුන්ම දෙවැනි සටහනේ තිබු ඡායාරුපයක් Google Reverse Image හරහා පරීක්ෂා කිරීමේදී ද අපට දැකගනන්ට ලැබුනේ ඉන්දුනීසියාවේ බාලි දුපතේ පිහිටි Chepung Sebali නම් වූ හෝටලයක ඡායාරුප පෙළක් බව පැහැදිලි වුනා.

Conclusion (අවසාන නිගමනය)
මේ අනුව අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ “යෝෂිතගෙ දෙනියායෙ හදපු අලුත හෝටලේ. දැන් තේරෙනවා නේද සිංහරාජේ කපන හේතුව” යනාදී තේමා යටතේ උපහාසාත්මක කෝණයකින් හුවමාරු වී තිබෙන්නේ ඉන්දුනීසියාවේ බාලි දුපතේ පිහිටි හෝටල්වල ඡායාරුප බවයි.
.container { border: 2px solid #000; background-color: #eee; border-radius: 5px; padding: 16px; margin: 16px 0 } .container::after { content: “”; clear: both; display: table; } .container img { float: left; margin-right: 20px; border-radius: 50%; } .container span { font-size: 20px; margin-right: 15px; } @media (max-width: 500px) { .container { text-align: center; } .container img { margin: auto; float: none; display: block; } }
Title:දෙනියායේ හෝටලක් බවට බාලි දුපතේ පිහිටි හෝටල් වල ඡායාරුප යොදාගනිමින් පළවූ සටහන් පෙළක්
Fact Check By: Sahan PereraResult: False
