
ලංකාවේ කලාකරුවන් පිලිබඳව පලවන පුවත් කෙරෙහි බොහොමයක් අය විමසිල්ලෙන් පසුවන අතර ඇතැම් අවස්ථාවලදී අසරණ වූ කලාකරුවන් සම්බන්ධව පලවන පුවත් වෙනුවෙන් බොහෝ දෙනෙක් අදහස් පළකරනු දැකගන්න පුලුවන්. පසුගිය කාලය පුරාවටම බොහොමයක් කලාකරුවන් රෝගාතුරව සිටින පුවත් සහ ඡායාරුප සටහන් ෆේස්බුක් ඇතුලු සමාජ මාධ්‍ය හරහා පලවුනු විට බොහෝ දෙනෙක් ඒ සඳහා ප්‍රතිචාර දක්වා තිබුනු අයුරුද අපට දැකගනන්ට ලැබුණා. එමෙන්ම ඔවුන් සඳහා විවිධාකාරයෙන් උදව් උපකාර ලබා දීමට ඇතැම් අය පෙළඹෙන බවද දැකගත හැකියි.
මේ ආකාරයට ලංකාවේ ප්‍රවීන ගායකයෙකු වන W.D.ආරියසිංහ මහතා රෝගාතුරවී ඇති බව දැක්වෙන ඡායාරූප සටහන් බොහොමයක් දෙනා මුහුනුපොත හරහා මෙන්ම වට්සැප් සමාජ ජාල හරහාද පසුගිය දා හුවමාරු කරගන්නා ආකාරය අපට දකින්නට ලැබුනා.
“මා ළඟටම තව ලං වෙලා…සදලුතලෙන් ආදී ගී රැසකින් අපව පිනවූ W. D. ආරියසිංහ නම් ඔහු අද දැඩි ලෙස රෝගාතුරව රත්මලාන කලා පුරයේ නිවසේ සිටී… සියළු කළාකාමීන්ගේ හා ශ්‍රී ලාංකිකයන් අවධානයටයි.” ලෙස සඳහන් කරමින් Live Music Bands නම් පිටුව පල කර තිබුනු මේ සටහන බොහෝ අධික පිරිසක් හුවමාරු කරගෙන තිබුනා. මෙම සටහන් මඟින් ආරියසිංහ මහතාගේ රෝගී තත්වයට උපකාර ඉල්ලා සිටිනා බවක් ද පෙන්නුම් කර තිබුනා

Link | Archived Link |
තවත් බොහොමයක් ෆේස්බුක් පිටු සහ පුද්ගලයන් හුවමාරු කර තිබූ මේ සටහන්වල ඔහු මේ මෙහොතේ දැඩි ලෙස රෝගාතුර ව ඇති බවත් හැකි අයුරෙන් ඔහු වෙනුවෙන් උදව් කරන ලෙසත් කරුණු දක්වා මෙසේ එම සටහන් හුවමාරු කරගෙන තිබුනා.
Link | Archived Link |
Link | Archived Link |
Link | Archived Link |
Link | Archived Link |
Link | Archived Link |

බොහෝ දෙනෙක් මෙම කරුන පිලිබඳව සංවේදීව ප්‍රතිචාරදක්වා තිබු බැවින් මෙම කරුනේ සත්‍ය අසත්‍යතාවය පිලිබඳව සොයාබැලීමට ෆැක්ට් ක්‍රසන්ඩෝ අප තීරනය කලා.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)
මෙම කරුනේ සත්‍යතාවය සොයා බැලීමට අප පලමුවෙන්ම W.D.ආරියසිංහ මහතාගේ පුත් හර්ශදේව ආරියසිංහ මහතා සම්බන්ධ කර ගත්ත. ඔහුගේ පැහැදිලි කිරීමට අනුව මෙසේ W.D.ආරියසිංහ මහතා රෝගාතුර වීමේ සිදුවීම සත්‍ය එකක් වන නමුත් මෙම පුවතට අදාලව හුවමාරු වන ඡායාරුපය මීට මාස කිහිපයකට ඉහතදී ඩබ් ඩී ආරියසිංහ මහතා රෝගාතුර වූ විට ලබා ගන්නා ලද එකක්.
W.D.ආරියසිංහ මහතා මීට ටික කලකට කලින් වූ හදිසි අනතුරක් නිසා පාදයක ශල්‍යකර්මක් සිදු කර ඇති අතර දිනෙන් දින ඔහුගේ සෞඛ්‍ය තත්වය හොඳ තත්වයට හැරෙමින් පවතින බව හර්ශදේව මහතා අපට දන්වා සිටියා. ඩබ්.ඩී. ආරියසිංහ මහතා හදිසි අනතුරට ලක්වූ මුල් දිනවල ඔහු බැලීමට පැමිනි අයෙකු ලබා ගත් ඡායාරුපයක් පවුලේ අයගෙන් විමසීමකින් තොරව මෙසේ ෆේස්බුක් වෙත එකතු කර ඇති බවකුයි ඔහු අපට වැඩි දුරටත් කියා සිටියේ.
මෙම කරුන පිලිබඳව W.D.Ariyasinghe නමින් ෆේස්බුක් හි පවත්වාගෙන යන පිටුවේද සටහනක් තබා ඇති බව අපට නිරීක්ශනය උනා. එම ප්‍රකාශය පහත පරිදියි
“WD ආරියසිංහ මහතා අසනීපයෙන් ඇඳේ සිටින පින්තූර යම්කිසි Facebook Page කිහිපයකින් share වෙමින් තිබෙනවා.
WD ආරියසිංහ මහතා ටික කලකට කලින් වූ හදිසි අනතුරක් නිසා පාදයක ශල්‍යකර්මක් කරන ලදී. දැන් ඔහු ඉන් සුවවෙමින් පවතින අතර මාස තුනක් පමණ ඔහුට bed rest කිරීමට සිදුවින. දිනෙන් දින ඔහුගේ සෞඛ්‍ය තත්වය හොඳ තත්වයට හැරෙමින් පවතිනවා.
ඔහුට සහ ඔහුගේ පවුලට හොරෙන් එම ෆොටෝ අරගෙන කිසිදු විමසීමක් හෝ වගකීමක් නැතිව Facebook Page Post සහ Share කිරීමෙන් ඔහුට තවත් අපහසුතා සහ කරදර මිස කිසිඳු හොඳක් සිදුනොවේ.
ඔහුව බැලීමට පැමිනි යම්කිසි පිරිසක් ඔහුගේ සහ පවුලේ අනවසරයෙන් ෆොටෝ ගෙන Facebook pages වලට ලබාදී තිබෙනවා.”
Link | Archived |
අප සංවාදයේ යෙදුණු ඔහුගේ පුත් හර්ෂදේව එම සටහනම මෙසේ පළකර ද තිබුණි
මේ පිලිබඳව වැඩි දුරටත් විමර්ශනය කිරීමේදී ඩබ් ඩී ආරියසිංහ මහතාගේ බිරිඳ වන දර්ශනී චන්ද්‍රසේන මහත්මිය මෙම කරුනේ නිවැරදි බව පැහැදිලි කරමින් මුහුනු පොතට එක් කල දීර්ඝ විස්තරයක්ද අපට දැකගැනීමට හැකි උනා.

Link | Archived |
එම සටහනට අනුව නිවස අසල අයකු සමඟ යම් සුහද කතා බහක යෙදී සිටියදී ආරියසිංහ මහතා පය ලිස්සා ගොස් බිම ඇද වැටී ඇති අතර උකුල් අස්ථියේ පසෙකට වන්නට බිඳී ගොස් ඇති නිසා එය යථා තත්ත්වයට පත්කර ගැනීමට යම් කාලයක් ගතකල යුතු බව වෛද්‍යවරුන් ප්‍රකාශ කර තිබෙන බවත් ඒ මහතා වෙනුවෙන් සියලු ඇප උපස්තාන පවුලේ අය විසින් සිදු කරනා බවත් දක්වා ඇති අතර ක්‍රමයෙන් සුවය ලබමින් සිටින බව එම සටහනේ දැක්වෙනවා.
තවදුරටත් කරුණු දක්වමින් ඇය මෙසේ සටහන් කර තිබුණි.
“අපට කිසිදු අයුරක මූල්‍යමය අර්බුදයක් නොමැත.සැමියා/දරුවන්ගේ
පියා විකීණීමට තරම් ආරියසිංහ සහ චන්ද්‍රසේන පවුල දුබල නැත. මෙය හුදෙක් නූගත් ක්‍රියාවක් මිස අපගේ කිසිදු සම්බන්ධයක් නොමැති එකකි. මාගේ සහ W.D.ආරියසිංහයන්ගේ
සියලුම ගෞරවනීය සහෝදර ශිල්පීන්, කලා
රසිකයින් සියල්ලන්ගෙන් මා කරනා එකම ගෞරවනීය ඉල්ලීම නම් ඔහුට ඉතා සැහැල්ලු විවේකයක්
පමණක් අවශ්‍ය බවත්, ඔහු
මනා වූ මානසික සුවයෙන් වෙසෙන බවත්ය.
තවද
ඔහුගේ සුවදුක් විමසන ඔබ; රෝගියකු
චායාරූපයට නගා සමාජ ජාලා ගතකිරීමට තරම් පහළට නොයන බව මා විශ්වාස කරමි”
Conclusion (අවසාන නිගමනය)
ඉහත කරුනු අනුව අපට තහවුරු වන්නේ W.D.ආරියසිංහ මහතා රෝගාතුරව සිටි පුවත සත්‍ය එකක් වුවත් ඔහු මේ වන විට සුවය ලබමින් සිටින බවයි .සමාජ මාධ්‍ය ජාලා හරහා මේ දිනවල හුවමාරු වන ඡායාරුප මීට කලකට ඉහතදී ලබා ගත් ඒවාය. ඔහු අසරණ තත්වයක නොමැති බවත් පිහිට වන ලෙස උපකාර ඉල්ලා නැති බවත් ඔහුගේ බිරිඳ සහ පුතා තහවුරු කර සිටියා.

Title:W.D.ආරියසිංහ මහතා දැඩි ලෙස රෝගාතුරව අසරණව සිටින බවට පළවූ නොමඟ යවන සුළු සටහන් පෙළක්!
Fact Check By: Sahan PereraResult: Misleading
