කොරෝනා වසංගතය හේතුවෙන් එහි පැතිරීම පාලනය කිරීම වෙනුවෙන් රජය වැඩපිළිවෙලවල් ගණවනාවක් ගෙන ඇති අතර ඒ වෙනුවෙන් ආරක්ශක අංශ සහ සෞඛ්‍ය අංශ වෙහෙස වී ක්‍රියාත්මක වන අයුරු අපට දකින්නට පුලුවන්.රෝගය ව්‍යාප්ත වීම වැලැක්වීමට බටහිර වෛද්‍ය ක්‍රම වලට අමතරව දේශීය වෛද්‍ය ක්‍රමද හඳුන්වා දීමේ ඉදිරි පියවර සලකා බැලෙන බවට ද වාර්තා පළවී තිබුණි.

මේ අතර කොරෝනා රෝගයෙන් ජනතාව ආරක්ෂා කිරීමට ආශිර්වාද පතා පැන් මුට්ටියක් ගංගා වලට එකතු කිරීමට රජයේ ඇමතිවරු කිහිප දෙනෙක් සහ එලියන්ත වයිට් මහතා කටයුතු කල අයුරු සමාජ මාධ්‍ය වල විශේෂයන්ම කතාබහට ලක්වුණා. මෙම කාරණය අලලා උපහාසාත්මක සටහන් රැසක් දැකගනන්ට ලැබුණු අතර ඇතැම් පිරිසකගේ විවේචනයටද ලක්ව තිබුනා.

මෙම අවස්ථාවට සම්බන්ධ වූ උදය ගම්මන්පිල අමාත්‍යවරයා, තම පැන් කලය ගඟට මුදා හරින අවස්ථාවේ බසයක් නවතා පාර හරස් කර තිබු බවට හුවමරු වන සටහන් විමර්ෂණය කිරීමේදී අපට පෙනී ගියේ ඒවා අසත්‍ය සටහන් බවය

සමාජ මාධ්‍ය සටහන් :

උදය ගම්මන්පිල ඇමතිතුමා මෙසේ ගඟට පැන් මුට්ටියක් මුදා හරින අවස්ථා අවසන් වන තුරු බසයක් යොදා පාර වසා තැබීමට ඔහු කටයුතු කර ඇති බව දැක්වෙන ඡායාරුපයක් සමඟ සටහනක් Gamini Wickramasinghe නම් අයෙකු විසින් ෆේස්බුක් මාධ්‍ය ජාලයට එකතු කර තිබුනේ “මේක දැක්කද ,කල සෙල්ලම් ඉවර වෙනකම් බස් දාල පාර හරස් කරලා” යන තේමාවෙන්

FacebookArchived Link

බැලූ බැල්මටම බස් රථයෙන් පාර වසා ඇති ආකාරයට එහි දිස්වෙනවා.මෙම සටහන බොහෝ දෙනෙක් හුවමාරු කරගෙන තිබූ බැවින් මෙහි සත්‍ය තත්වය සොයා බැලීමට අප කටයුතු කලා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

මෙම කරුණ තහවුරු කර ගැනීම සඳහා අප ඉහත සිද්ධියට සම්බන්ධ වූ ඇමතිවරුන් සහ එලියන්ත වයිට් මහතා ගංගා වලට පැන් කල මුදා හළ අවස්ථාව දැක්වෙන වීඩියෝ පට කිහිපයක් විමසිල්ලෙන් පරීක්ෂා කලා.

https://youtu.be/3U0pJlTJBAo

MawurataAsian Mirror

එහිදී අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් කැළණි ගඟට තම පැන් කලය මුදා හරින අවස්ථාවේ පාරේ ඈත මායිමේ නවතා තිබෙන බස් රථයක් ඉදිරිපසින් බයිසිකලයක් ගමන් ගන්නා අයුරු පැහැදිලිවම දක්නට ලැබෙනවා. ඒ අනුව මෙම බස් රථය පාරේ අයිනට වන්නට නවතා තිබු බවත් මෙම පාලම මතින් වාහන ගමන් කිරීම වැලැක්වීමේ අරමුණකින් එම බස් රථය නවතා තිබුනේ නැති බවත් පෙනී යනවා.

මෙම වීඩියෝ පටයේ 42 වැනි තත්පරයේදී එම බස් රථය පසු කරමින් බයිසිකලයක් ගමන් ගන්නා අයුරු අපට දැකගන්නට පුලුවන්.

එසේම ගම්ම්න්පිල මහතා රථයෙන් බැස යන අවස්ථාවේ එම පාලම මතින් කුඩා ලොරියක් සහ බයිසිකලයක් ගමන් ගන්නා අයුරු ද වීඩියෝවේ රුප සටහන් පරීක්ෂා කිරීමේදී පෙනී ගියා.

Conclusion (අවසාන නිගමනය)

ඉහත කරුණු සලකා බලන කල අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් කැළණි ගඟට පැන් කලයක් මුදා හරිනා අවස්ථාවේදී බස් රථයක් යොදා ගනිමින් පාර හරස් කර තිබු බව දැක්වෙන අයුරින් හුවමාරු වී තිබුනේ නොමඟ යවන සුළු කෝණයකින් පලකරන ලද අසත්‍ය සටහනක් බව අපට තහවුරු කල හැක.

Avatar

Title:අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැන් කලය මුදා හළ අවස්ථාවේ පාර වසා තිබුණාද?

Fact Check By: Sahan Perera

Result: False