
කොරෝනා වසංගත තත්වය ව්‍යාප්ත වීමත් සමඟම මෙරට රේගු කටයුතු වලද යම් ප්‍රමාදයන් ඇති වී තිබෙන බව පසු ගිය දින වල වාර්තා වුනා. නැව් විශාල ප්‍රමාණයක් තම වාරය එන තුරු කොලඹ වරාය සීමාවේ රැඳී සිටින අයුරුද මාධ්‍ය වාර්තා කරනු ලැබුවා.කෙසේවෙතත් මේ සතිය ඇතුළත කොළඹ වරාය කටයුතු ක්‍රමයෙන් යථා තත්වයට ගෙන ඒමට හැකිවනු ඇති බව වරාය අධිකාරියේ සභාපතිවරයා පවසා තිබුනා
මේ අතර කොරෝනා වසංගතය හේතුවෙන් රේගුවෙන් නිදහස් කර ගැනීමට නොහැකි වූ අඟල් 82 Samsung රුපවාහිනී 211ක් ඉතා අඩු මුදලට ලබාදෙන බවට හුවමාරු වී තිබුනේ සම්පුර්ණයෙන්ම අසත්‍ය පුවතක් බව අපට අනාවරණය වුණා.
සමාජ මාධ්‍ය සටහන්:
“කොරෝනා නිසා ක්ලියර් කරගන්න බැරිවුණ අඟල් 82 SAMSUNG UHD ටීවී 211ක් තියෙනවා. එකක් දහතුන්දාස් පන්සීයක් විතරයි. වොරන්ටි නෑ. චෙක් කරලා ගන්න පුළු….. See more” යනුවෙන් “Paradise Calling පාරාදීසයෙන් එහා” නම් ෆේස්බුක් පිටුවක් මෙසේ පල කර තිබුනා.

මෙම පුවතම තවත් ෆේස්බුක් පිටු සහ ගිණුම් රැසක් විසින් හුවමාරු පහත අයුරුන් හුවමාරු කරගෙන තිබු බැවින් සහ මෙවැනි මුදලකට අඟල් 82 රුපවාහිනී යන්ත්‍රයක් ලබාදීම විශ්වාස කිරීමට අපහසු දෙයක් බැවින් මේ පිලිබඳ විමර්ෂණයක් සිදු කිරීමට අදහස් කළෙමු.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)
මෙම සෑම සටහනකම වාගේ “See More” ලෙස අකුරෙන්ම ටයිප් කර තිබු අතර දීර්ඝ ෆේස්බුක් සටහන් පෙන්නුම් කරන ආකාරක් ව්‍යාජ ලෙස පෙන්වීමට උත්සාහ ගෙන තිබු බව පෙනී ගියා. එනම් එම සටහනේ පෙනෙන්නට තිබු වචන පෙලට අමතරව කිසිඳු වැඩි දුර පුවතක් එහි දක්වා තිබුනේ නැහැ.
ෆේස්බුක් පරිශීලකයන් නොමඟ යවන පරිදි උපහාසාත්මක කෝණයකින් මෙම සටහන පළකර තිබුනු බවක් බැලූ බැල්මටම වැටහී යනවා. මෙවන් ව්‍යාජ සටහන් කොරෝනා ව්‍යසනයක් පවතින තත්වයක දී පළකර ජනතාව මුළා කිරීම හෙලාදකිමින් මෙයට ප්‍රතිචාර ලැබී තිබුනා. එසේම එම සටහන සත්‍ය ලෙස සලකමින් ඒ පිලිබඳව විස්තර අසමින් කමෙන්ට් කළ අයද අපට දකින්නට ලැබුනා.
සමාජ මාධ්‍ය ඔස්සේ හුවමරු වන සටහන සමග තිබෙන ඡායාරූපය මෙරට රේගුවේ තිබෙන ඡායාරූපයක්ද යන්නද වැඩි දුරටත් සොයා බැලුවා. එහිදී අපට තහවුරු වුනේ එම සේයාරුව redflagdeals.com නම් වෙබ් අඩවියේ ෆෝරමයක Samsung NU8000 82″ HDR UHD Smart LED TV – $2,989.99 ලෙස සඳහන් පළකල එකක් බවයි. එම සටහන පහතින්.

2019 වසරේ පෙබරවාරි මස 12 වෙනි දින පල කළ මෙම සටහනේ දක්වා තිබුනේ Costco නම් ආයතනයකින් එම වර්ගයේ රූපවාහිනී $2,989.99 මිලට ලබාගත හැකි බව දක්වමින් ඉහත ඡායාරුපය පල කර තිබුනා.
සාමාන්‍යයෙන් ඉහත සටහනේ දක්වා ඇති පරිදි අඟල් 82 Samsung UHD රූපවාහිනී යන්ත්‍රයක් මෙරට වෙලඳපලේ අලෙවි වන්නේ ඉතා ඉහළ අගයකටයි. පහතින් දැක්වෙන්නේ මෙරට වෙබ් අඩවියක සමාජ මාධ්‍ය සටහන් වල දැක්වෙන මාදිලියේ රූපවාහිනියක් ලක්ශ 6කට අධිකව මිලක් පෙන්වා දී තිබු අවස්ථාවක්.

මෙම රුපවාහිනී යන්ත්‍රයේ ලෝක වෙළඳපොලේ මිල ද ඇමරිකානු ඩොලර් 2500කට (රුපියල් ලක්ෂ 5කට ආසන්න) අගයක් මෙසේ පෙන්නුම් කල අතර දැනට තොග අවසන් බවක් මෙසේ එක් වෙබ් අඩවියක දක්වා තිබුනා. එම මාදිලිය පිළිබඳව Samsung නිල වෙබ් පිටුවේ පළවූ විස්තරය මෙතනින්
මේ සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා රේගුවේ පරීක්ෂක මහතෙකු ද සම්බන්ධ කර ගත්තා.ඔහු පැවසුවේ අඟල් 82ක් වන මේ ආකාරයේ රුපවාහිනියක් සඳහා විශාල බදු ප්‍රමානයක්ද ගෙවිය යුතු බවයි.
Conclusion (අවසාන නිගමනය)
ඉහත කරුනු අනුව සලකා බලන කල අපට තහවුරු වන්නේ රේගුවෙන් නිදහස් කර ගැනීමට බැරි වූ අඟල් 82 SAMSUNG UHD රූපවාහිනී යන්ත්‍ර ලංකා මුදලින් රුපියල් 13,500ක වටිනාකමක් සහිතව විකිනීමට ඇතැයි සඳහන් කරමින්, 2019 වසරේ වෙබ් අඩවියක පළවූ ඡායාරුපයක් යොදාගනිමින් පරිශීලකයන් මුලා වන අන්දමින් පළ කරන ලද සම්පුර්ණයෙන්ම ව්‍යාජ සටහන් බවයි.

Title:වසංගත තත්වය නිසා රේගුවෙන් නිදහස් කර ගැනීමට නොහැකි වූ අඟල් 82 Samsung රුපවාහිනී යන්ත්‍ර රුපියල් 13,500කට?
Fact Check By: Sahan PereraResult: False
