ලාංකික ජනතාව අතර මෙන්ම විදෙස් සංචාරකයින් අතරද ජනප්‍රිය ප්‍රවාහන මාධ්‍යයක් වනුයේ ත්‍රීරෝද රථයයි. එනමුත් ත්‍රිරෝද මඟින් සිදුවන පාරිසරික බලපෑම පිලිබඳ බොහෝ අවස්ථාවලදී කතාබහට ලක්වෙනවා. එසේම ත්‍රිරෝද රථ වලට සිදුකරනු ලබන වෙනස් කිරීම් (modifications) පිළිබඳව ද විවිධාකාරයේ පුවත් කලින් කලට වාර්තා වෙනවා

මේ අතර ත්‍රීරෝද රථයක් විදුලි බලයෙන් ධාවනය කිරීමට ක්‍රමයක් සොයාගත්, මොරටුව විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරයකු වන තරුණ ඉංජිනේරුවරයකු වන සසිරංග සිල්වා, ශ්‍රී ලංකා රතු තරුව නව නිපයුම් බලකායේ ප්‍රධාන ඉංජිනේරුවරයා බවට සටහන් රැසක් පසුගිය දිනවල හුවමාරු වී තිබුණි. මේ පිළිබඳව අප කළ කරුණු විමර්ශනයේදි එම සටහන් සම්පුර්ණයෙන්ම අසත්‍ය බව තහවුරු විය.

සමාජ මාධ්‍ය සටහන්:

ආසියාවම පුදුමයට පත්කරවමින් ලංකාවේ හැදුව ඉන්දන රහිත ටුක් ටුක් එකවදන රෝපණය කර සේයාරුවක් සහිත සටහනක් “සංකලන Sankalana” නමැති ෆේස්බුක් පිටුවක ඉදිරිපත් කර තිබුණි. එහි ඉදිරිපත් කර තිබු දීර්ඝ කථාංගය සැකෙවින් පහත දක්වේ.

ත්‍රීරෝද රථය ලංකාවේ සුලබ දෙයකි. එහෙත් රට තුල ධාවනය වන ත්‍රීරෝද රථ සංඛ්‍යාව ඉහළ යෑම නිසා පරිසර දූෂණයට ඉන් බලපෑමක් ඇති විය. මෙම බාධක ඉවත් කර ගැනීමට අප රටේ තරුණයකු සමත්ව තිබෙනවා. මොහු ජනතා විමුක්ති පෙරමුණේ - ශ්‍රී ලංකා රතු තරුව නව නිපැයුම් බලකායේ ප්‍රධාන ඉංජිනේරු සසිරංග ද සිල්වා වේ. ත්‍රීරෝද රථය ඉන්ධන වෙනුවට නිවසේ භාවිතා වන සාමාන්‍ය විදුලියෙන් රෝපනය කරගත හැකි බැටරියක් ආධාරයෙන් ධාවනය කිරීමේ ක්‍රමයක් ඔහු විසින් සොයා ගෙන තිබෙනවා.මෙම නිර්මාණය සඳහා ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයේ සහයද ඔහුට නොමඳව ලැබුනා

FacebookArchived Link
FacebookArchived

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

මොරටුව විශ්ව විද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු අංශයේ කථිකාචාර්යවරයකු ලෙස සේවය කරන සසිරංග ද සිල්වා, නැවත ආරෝපණය කළ හැකි ලිතියම්-යකඩ බැටරියක් මගින් බල ගැන්වෙන මෝටරයක් හරහා විදුලි බලය මඟින් ධාවනය වන ත්‍රිරෝද රථයක් කෙරෙහි පර්යේෂණ කිරීමට අවධානය යොමු කල බවට වාර්තා රැසක් 2019 වසරේදී අපට දැකගනන්ට ලැබුණි. වාහනයේ බර අඩුවන ආකාරයට කාර්යක්ෂමතාව ඉහළ යන බැවින් රෝද හතරේ වාහනයකට වඩා ත්‍රීරෝද රථ සැහැල්ලු නිසා, ඔහු ඒ පිළිබඳව සිත යොමු කර ඇත.

විශ්ව විද්‍යාල පර්යේෂණාගාරයේ තිබු පරණ ත්‍රීරෝද චැසියක් මේ සඳහා භාවිතා කර ඇත. එක්සත් ජාතීන්ගේ පාරිසරික වැඩ සටහන විසින් සංවිධානය කරන ලද ආසියා පැසිෆික් කලාපයේ කාබන් අවම ජීවන රටා අභියෝගය (Asia Pacific Low Carbon Lifestyles Challenge) තරඟාවලියේදි මෙම නිපයුම, ඇගයීමකට ලක්කරමින් ප්‍රදානයක් පිරිනමා තිබුණා. එම $10,000 මුල්‍ය ප්‍රදානයෙන් ත්‍රිරෝද රථයේ ඉදිරි කටයුතු කර ගැනීමට අපේක්ෂා කරන බව සසිරංග විසින් පවසා තිබුනා. 2019 වසරේ ජුලි මාසයේදී Channel Eye රූපවාහිණියේ Rise & Shine වැඩසටහනකට සහභාගි මේ තොරතුරු සසිරංග පවසා තිබුණු අයුරු අපට මෙසේ දැකකගන්නට ලැබුණා.

https://www.facebook.com/sasiranga.silva/posts/10157761174612446?__cft__[0]=AZUQIRpEbkw-1U-Jw7y3mjrISXB_lxVci15T2Iji7glQI9HZJ4WioZHfjYJg3aKtE3Yv75lzf4KWN6-kBZ6Ieiz2hqOYpq3ezzqjKt3zUodPdGjn4iFaWFXceo_aMi_TOE0O9JmfVnOlzTbMGnBdPxwH&__tn__=%2CO%2CP-R

සසිරංග ද සිල්වා තරුණ ඉංජිනේරු කථිකාචාර්යවරයාගේ නව නිර්මාණය පිළිබඳව දෙස් විදෙස් මාධ්‍යයන් රැසක වාර්තා අපට මෙලෙසින් දැකගනන්ට ලැබුණා.

Daily News, අද දෙරන Biz, United Nations Environment Programme, India Times

මේ එකම වාර්තාවකවත් ඔහු ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන බවක් හෝ රතුතරුව නව නිපයුම් බලකායක් ගැන සඳහන් නොකරයි. SBS ගුවන් විදුලි සේවය වෙත ඔහු ලබාදී තිබු සම්මුඛ සාකච්ඡාවකදී මෙම නිර්මාණ කටයුතු සඳහා ඔහුට සෑම අයුරකින්ම සහාය වුයේ මොරටුව විශ්ව විද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු අංශයේ අධ්‍යාපනික, අනධ්‍යාපනික සහ තාක්ෂිණික කාර්ය මණ්ඩලය බවත් පවසා ද තිබුණා.

අප මෙම වාර්තා කිහිපයේම තිබෙන ඡායාරූප පරීක්ෂා කිරීමේදී ඒවායේ පළවන ඡායාරුපයක් යොදාගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවන සංස්කරණය සිදුකර ඇති බව පැහැදිලි විය. එම සංසන්දනය පහතින්

පසුගිය ඔක්තෝබර් මස 1 වැනිදා සසිරංග ගේ ෆේස්බුක් ගිණුමේ පළවූ වීඩියෝවකද අපට මෙසේ එම ත්‍රිරෝද රථය දැකගනන්ට ලැබුණු අතර එහිද කිසිඳු රතු තරුවක් නැහැ.

අප ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය අංශය සමග සම්බන්ධ වී සමාජ මාධ්‍ය හරහා ඉදිරිපත් කර තිබු වාර්තාව පිළිබඳව විමසා සිටියා. මෙය සම්පුර්ණයෙන්ම සාවද්‍ය වාර්තාවක් බව අප හා සම්බන්ධවු ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරියා පැවසීය.

තවද මෙම ත්‍රිරෝද රථයේ නිෂ්පාදන ව්‍යාපෘතිය සඳහා දායක වූ කණ්ඩායමේ සාමාජිකයෙක් සමඟ අප සම්බන්ධ වූ අතර ඔහු ද එම ව්‍යාපෘතිය සඳහා රතු තරුවේ හෝ ජනතා විමුක්ති පෙරමුණේ සත්‍යතාවයක් නොමැති බව තහවුරු කරමින් සසිරංග වෙත අපව යොමු කලා.

සසිරංග ද සිල්වා, ඉංජිනේරු කථිකාචාර්යවරයා ද එම පුවතේ කිසිඳු සත්‍යතාවයක් නොමැති බව පවසමින් අපට දන්වා සිටියේ සියලුම වැඩකටයුතු සිදුකෙරෙන්නේ මොරටුව විශ්ව විද්‍යාලයත් සමඟ බවයි. එසේම මෙම ව්‍යාපෘතිය දැන් අවසන් අදියර වල පවතින අතර මහ මඟ ධාවනය කිරීම සඳහා අවශ්‍ය නෛතික අවශ්‍යතා සපුරා ලීම ඇතුළු කටයුතු වර්තමානයේ සිදුවෙමින් පවතින බවත් වාණිජමය වශයෙන් නිෂ්පාදනය සිදුවන අදියර වෙත තවමත් අවතීරණ වී නැති බවයිබවත් සසිරංග පැහැදිලි කර සිටියා.

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ෂණයෙන් පැහැදිලි වුයේ රතු තරුවේ කිසිඳු දායකතාවක් හෝ සම්බන්ධතාවයක් නැති මෙම ව්‍යපෘතියේ මුලිකත්වය ගත් තරුණ ඉංජිනේරු සසිරංගද සිල්වා මොරටුව විශ්ව විද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු අංශයේ කථිකාචාර්යවරයෙක් බවයි. මෙම නිර්මාණය වැඩිදියුණු කිරීම සඳහා ඔහුට පසුගිය වසරේ අන්තර්ජාතික ලැබුණු පිළිගැනීමකදී හමුවූ ප්‍රදානයක් මුලිකව යොදාගෙන තිබු අතර සියලු කාර්යයන් සඳහා සහාය දක්වා ඇත්තේ මොරටුව විශ්ව විද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු අංශයේ කාර්ය මණ්ඩලයයිරතු තරුවේ සම්බන්ධතාවක් හෝ දායකත්වයක් මේ සඳහා ලැබී ඇති බවට පළවන්නේ සම්පුර්ණයෙන්ම අසත්‍ය සටහන් පෙළක්.

Avatar

Title:ත්‍රීරෝද රථ විදුලි බලයෙන් ධාවනය කිරීමේ නිපැයුමට මුල්වුයේ ජනතා විමුක්ති පෙරමුණේ රතු තරුව බලකායේ ඉංජිනේරුවෙක් ද?

Fact Check By: Sahan Perera

Result: False