‍කොරෝනා වෛරස් ආසදනයට ප්‍රතිකාරයක් සොයා ගැනීම සඳහා ලොව පුරා පර්යේෂණ කණ්ඩායම් පසුගිය කාලය මුළුල්ලේම යුහුසුළු වූ අතර මේ වන විට එන්නත් කිහිපයක් ම ලොව විවිධ රටවල ලබාදීම ද ආරම්හ කර තිබු බවට පුවත් වාර්තා විය.

මේ අතර දේශීය වෛද්‍යවරයෙක් බවට පවසන කෑගල්ල, හෙට්ටිමුල්ල ප්‍රදේශයේ පදිංචි ධම්මික බණ්ඩාර නමැති පුද්ගලයකු විසින් කොරෝනා රෝගය නිට්ටාවටම සුව කළ හැකි දේශීය ඖෂධයක් නිපදවා ඇති බවට මාධ්‍ය ආයතන මීට සති කිහිපයකට පෙර වාර්තා කරන ලද්දේ, එය වතුපිටිවල වතුපිටිවල කෝවිඩ් ප්‍රතිකාර ම්‍යස්ථානයේ සාර්ථක ලෙස අත්හදා බැලු බව මෙසේ පවසමින්.

“ධම්මික පැණිය” නමින් ප්‍රචලිතවු මෙම කොරෝනා වෛරස් ආසදනයට ප්‍රතිකාරයක් බව පවසන ඖෂධය අත්හදා බැලු වතුපිටිවල රෝහලේ වෛද්‍යවරයකු ඇතුළු හත් දෙනකුට කොරොනා වෛරසය ආසාදනය වී ඇතිබවට සංසරණය වන පුවත නොමග යවන සුළු අසත්‍ය ප්‍රවෘත්තයකි.

සමාජ මාධ්‍ය සටහන්:

“ධම්මික පැනිය අත්හදා බැලූ වතුපිටිවල රෝහලේ වෛද්‍යවරයෙක් ඇතුළුව හත් දෙනෙකුට කොරෝනා.” සිරස්තලයන් Headline News නමැති වෙබ් අඩවියක ඉදිරිපත් තිබු සටහනක් ෆේස්බුක් පරිශීලනය කරන්නන් රාශියක් අතර සංසරණය වී තිබෙනු දක්නට ලැබුණි. පහත ඇත්තේ එම වාර්තාවය.

FacebookArchived LinkArchived Article

“ධම්මික පැණිය මුලින්ම අත්හදා බැලූ කියන වතුපිටිවල රෝහලේ වෛද්‍යවරයෙක් ඇතුළුව හත් දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව දැනගන්නට ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලීන් බණ්ඩාර පවසයි. අද පෙරවරුවේ, විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව පැවසී ය.”

එම ප්‍රවෘත්තිය වෙනත් ෆේස්බුක් පිටු රැසකද ඉදිරිපත් කර තිබෙනු දක්නට ලැබුණා

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

මෙම ප්‍රවෘත්තියේ අන්තර්ගත කරුණු තහවුරු කර ගැනීම පිණිස වතුපිටිවල රෝහලේ අධ්‍යක්ෂකතුමා සම්බන්ධ කර ගත්තෙමු. වතුපිටිවල කෝවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය ඇත්තේ වතුපිටිවල රෝහලේ සිට කිලෝමීටරයක පමණ දුරින් බවත්, එම මධ්‍යස්ථානයේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයට වතුපිටිවල රෝහල සමග කිසිදු සම්බන්ධයක් නොමැති බවත් වතුපිටිවල රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය බණ්ඩාර අපට පැවසීය. ධම්මික බණ්ඩාර නැමැති පුද්ගලයා නිපදවූ බවට පැවසෙන දේශීය ඖෂධය වතුපිටිවල රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයට හෝ රෝගීන්ට ලබා නොදුන් බව ඔහු අවධාරණය කළේය.

වතුපිටිවල රෝහලේ සේවය කරන වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව පතා සතියකට PCR පරීක්ෂණ 20ක් පමණ සිදුකරණ බවත්, එය අහඹු ලෙස ලබා ගන්නා නියදි බවත් ඔහු සඳහන් කළේය. මෙසේ සිදුකළ PCR පරීක්ෂණ වාර්තාවක් පසුගිය ඉරිදා නිකුත් වූ බවත්, එම වාර්තාවට අනුව රෝහලේ හෙද කාර්ය මණ්ඩලයෙන් නිළධාරීන් දෙදෙනෙකුට සහ රෝහල පිරිසිදු කිරීමේ කාර්යය භාරව ඇති ආයතනයේ සේවකයන් දෙදෙනකු කොරොනා ආසාදිතයන් බවට තහවුරුවී ඇති බව පැවසීය.

ඒ අනුව ඔවුන්ගෙන් රෝගය වැළඳිය හැකි යැයි සැකකළ රෝහල් කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් පිරිසක් ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණයකට (Rapid Antigen Test) යොමු කළ බවත්, එම පරීක්ෂණයෙන්, වෛද්‍යවරයකූ, ලිපිකරුවෙකු, සුළු සේවක කාර්ය මණ්ඩලයේ සාමාජිකයකු, සහ පිරිසිදු කරන ආයතනයේ සේවකයන් තිදෙනකුට කොරෝනා වෛරස් ආසාදිතයන් බවට තහවුරු වී ඇතැයි ද සඳහන් කළේය. ඔහු නැවතත් අවධාරණය කළේ කිසිදු අවස්ථාවක “ධම්මික පැනිය” වතුපිටිවල රෝහලේදී අත්හදා නොබැලූ බවය.

මාධ්‍ය වාර්තා :

ධම්මික බණ්ඩාරනමැති පුද්ගලයා සහ ඔහු නිපදවූ බවට පැවසෙන පැණිය මුලින්ම මාධ්‍ය හරහා හඳුන්වා දුන් දෙරණ රූපවාහිනී නාලිකාවේ 2020 නොවැම්බර් මස 29 වැනි දින ප්‍රවෘත්ති විකාශයේ මෙසේ සඳහන් කරන්නේ ද මෙම පැණිය අත්හදා බලා ඇත්තේ වතුපිටිවල කෝවිඩ් ප්‍රතිකාර ම්‍යස්ථානයේ බවය.

කෙසේවෙතත් එම ඖෂධීය පානය පිලිබඳ නිල වශයෙන් සායනික අත්හදා බැලීමක් සිදුකර නැති බව වතුපිටිවල රෝහලේ අධීක්ෂක තුමා මාධ්‍ය වෙත මෙසේ අදහස් දක්වා තිබුණි

එසේම වතුපිටිවල රෝහලේ කායික හා රුධිර කාන්දු පෙරණ ඒකකය ආශ්‍රිතව රාජකාරි කළ පිටිසකට මෙසේ කොවිඩ් ආසාදනය වී ඇති බවත් ඔවුන් වතුපිටිවල කෝවිඩ් ප්‍රතිකාර ම්‍යස්ථානයේ පිරිසක් නොවන බවටත් පළවූ පුවත් වාර්තාවක් පහතින්.

Ada Derana | Archived 

Update : පසුගිය දා විපක්ෂ නායක කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදී නලීන් බණ්ඩාර මන්ත්‍රීවරයා විසින් ඔහුගේ දුරකථනයෙන් ලැබුණු පුවතක් ලෙස මෙම තහවුරු නොකළ පුවත පවසා තිබු අයුරු අපට මෙසේ දැකගනන්ට පුළුවන්. (30 වන විනාඩියේ සිට) කෙසේ වෙතත් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ සටහන් කිසිවක හෝ Headline News නම් වෙබ් අඩවියේ සිරස්තලයේ ද නලීන් බණ්ඩාර නමක් හුවමාරු වන්නේ නැහැ.

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ “ධම්මක පැණිය” නමින් හඳුන්වා තිබු කොරෝනා රෝගය සඳහා කෑගල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් නිෂ්පාදනය කර තිබු දේශීය ඖෂධ යොදා නිෂ්පාදනය කල පානය, වතුපිටවල රෝහලේ අත්හදා නොබැලූ බවයි.

වතුපිටවල රෝහලේ වෛද්‍යවරයකු ඇතුළු කාර්ය මණ්ඩලයේ සහ පිරිසිදු කිරීමේ කාර්ය භාර ආයතනයේ සේවකයන් කිහිපදෙනෙකු කොරොනා ආසදතයන් බවට තහවුරුවී තිබුනද, ඔවුන් කිසි අයෙකුත් මෙම “ධම්මක පැණිය” නමින් හඳුන්වා තිබු දේශීය ඖෂධීය පානය අත්හදා බලා නොමැති බව රෝහල් අධ්‍යක්ෂක තුමා තහවුරු කර සිටියා. එම දේශීය ඖෂධීය පානය යම්කිසි මට්ටමකට අත්හදා බැලීම් සිදුකර ඇත්තේ වතුපිටවල රෝහලේ සිට කිලෝමීටරයට දුරින් පිහිටි වතුපිටිවල කෝවිඩ් ප්‍රතිකාර ම්‍යස්ථානයේ බව වාර්තා වේ.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Avatar

Title:ධම්මික පැනිය අත්හදා බැලූ වතුපිටිවල රෝහලේ වෛද්‍යවරයෙක් ඇතුළුව හත් දෙනෙකුට කොරෝනා?

Fact Check By: Nelson Mani

Result: Misleading