
සාමාන්‍ය ජනතාවගේ අවධානය දිනා ගැනීම පිණිස, සමාජ මාධ්‍යයන්හි නොයෙකුත් මාතෘකා යටතේ සටහන් ඉදිරිපත් වෙනු දක්නට ලැබේ. මේ අතර පුදුම සහගත දසුන් පිලිබඳ පළවූ සටහන් ද කලින් කලට හුවමාරු වෙනවා.
මේ ආකරයෙන් වසර කිහිපයක් පුරා හුවමාරු වෙමින් පැවති ඈත අහසේ දර්ශනය වූ බුදු රුවක් දෙස වෙරළක සිට ඡායාරුප ගත කරන පිරිසකගේ සේයාරුවක් නැවත වරක් හුවමරු වී තිබුණා. කෙසේනමුත් අපගේ විමර්ෂණයෙන් මෙය විවිධාකාරයෙන් සංස්කරණ කරන ලද වසර ගණනාවක් තිස්සේ හුවමරු වන සේයාරුවක් බව තහවුරු විය.
සමාජ මාධ්‍ය සටහන්:
“අහසේ සම්බුදු රුව දකින පිරිසක්.. සාදු සාදු කියල වන්දනා කරමු” යනුවෙන් වෙරළකට සිට විදේශයක ලෙස පෙනෙන පිරිසක් බුදු රජාණන් වහන්සේගේ අහසේ විද්‍යාමාන වන දර්ශනයක් ඡායාරුප ගත කරන අයුරු Jayalath Aac නැමැත්තෙක් විසින් මෙසේ හුවමාරු කරගෙන තිබුනා

“ඒ පින්වන්ත දසුන හැමෝටම පෙනෙන එකක් නෑ” එම ඡායරුපයම හුවමාරු වූ තවත් අවස්ථාවක් මෙලෙසින්.
මෙම සටහනට ප්‍රතිචාර දැක්වූ කිහිප දෙනෙක්ම මෙය අසත්‍ය සංස්කරණයක් බවත් පවසා තිබුනා.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)
මෙම සටහනේ වූ ඡායාරූපය Google reverse image සෙවීමට ලක් කළ විට බුදුරුව සහිත ඡායාරූපය මෙන්ම නාගයෙකු සහ මකරෙකු යනාදී විවිධාකාරයේ තේමා යටතේ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන සටහන් මෙන්ම වීඩියෝ රැසක් දැක ගන්නට ලැබුණේය.
එම වීඩියෝ දර්ශන තවදුරටත් විමර්ෂණය කිරීමේදී මෙය ඇත්ත වශයෙන්ම චීනයේ වසර ගණනාවකට පෙර සිදුවූ විශාල රළ සහිත තත්වයක් ඇතිවූ අවස්තාවක් බව අපට ආනාවරණය වුනා. ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ඡායරුපය තිබෙන ස්ථානයේම වෙනත් කෝණයකින් ලබාගෙන තිබු 2016 වසරේ වීඩියෝවක් පහතින්.
තවත් වීඩියෝවක් මෙතනින්. එසේම මෙම දර්ශන පෙළ යොදා ගනිමින් විවිධාකාරයේ රුපරමු නිර්මාණය කර තිබු අයුරු ද දැක ගන්නට ලැබුනා. එවැනි GIF ඡායාරුපයක් පහතින්
එබැවින් ඡායාරූපයේ ඇත්ත වශයෙන්ම පෙන්නුම් කරන්නේ වතුරේ කැළඹීම් තත්වයක් ඡායාරුප ගත කිරීමට යුහුසුළු වූ පිරිසක් වූ අතර එම මොහොතකට සුළු වෙලාවකට පසුව විශාල රළ පෙළක් එම ස්ථානයට පැමිණ කිහිප දෙනෙක්ම රළ පහරින් විසිවී ගසාගෙන යන අයුරක් පෙනෙනවා.
එහි අහසේ කිසිඳු විශේෂ දර්ශනයක් දැකගනන්ට ලැබෙන්නේ නැත
එම අවස්ථාව මෙවැනි උපහාසාත්මක සටහන් සඳහා ද බොහෝ දෙනා යොදා ගෙන තිබුනා
Conclusion (අවසාන නිගමනය)
අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ චීනයේ ලබාගන්නා ලද විශාල කැළඹීම් තත්වයක් සහිත රළ පෙළක් නරඹමින් සිටි පිරිසක් සහිත දර්ශනයක සේයාරුවක් විවිධ තේමා යටතේ සංස්කරණය කරමින් ලොව විවිධ දේශයන්හි සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ හුවමාරු වී තිබු බවයි.
ලංකාවේ ද අහසේ බුදු රුවක් දර්ශනය වූ බව දැක්වීමට එවැනි සංස්කරණ යොදාගෙන තිබු බව පෙනී යනවා.

Title:FACT CHECK: ඡායරුපයේ දැක්වෙන පරිදි සැබවින්ම ඈත අහසේ සම්බුදු රුව දර්ශන වූනා ද?
Fact Check By: Sahan PereraResult: Altered
