හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය ගැන විමර්ශනය කිරීම සඳහා පත් කරන ලද ජනාධිපති විමර්ශන කොමිසන් සභාව එහි අවසන් වාර්තාව වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පසුගියදා පිරිනැමූ බව මාධ්‍ය වාර්තා කර තිබුණා. එම වාර්තාවේ නිර්දේශවල පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටින මන්ත්‍රීවරු කිහිප දෙනෙකුගේ ප්‍රජා අයිතිය අහිමි කිරීම වැනි කරුණු ඇතුළත් බවත් එය දේශපාලනික පලිගැනීමක් බවත් විපක්ෂය විසින් කරුණු දක්වා තිබු බව ද මෙසේ වාර්තා වී තිබුණි. තවත් සටහනක් මෙතනින්

මෙවන් පසුබිමක හිටපු ජනාධිපතිතුමාගේ ද ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ නිර්දේශයක් එලෙස ඉදිරිපත් වී ඇති බවට මෙවන් වාර්තා පළවී තිබු අතර “ප්‍රජා අයිතිය රැකගන්න හිටපු ජනපති මෛත්‍රී අනුරාධපුරේ ඥානක්කා හමුවීමට යයි !” යන තේමාවෙන් සටහන් කිහිපයක් ම සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබු බව අපට දැක ගන්නට ලැබුණා.

නමුත් අපගේ විමර්ශණයෙන් පැහැදිලි වන්නේ පසුගිය දා හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අනුරාධපුරයේ ඥානක්කා නම් තැනැත්තිය හමුවීමට ගොස් තිබුනේ නැති බව එම පුවත හා සම්බන්ධ පාර්ශවයන් සියල්ලක්ම අවධාරණය කර සිටින බවයි.

සමාජ මාධ්‍ය සටහන්:

“ප්‍රජා අයිතිය රැකගන්න හිටපු ජනපති මෛත්‍රී අනුරාධපුරේ ඥානක්කා හමුවීමට යයි !” යන තේමාවෙන් සටහන් කිහිපයක් ම හුවමරු වී තිබුනේ පැහැදිලි නැති ඡායරුපක් ද සමඟින් එහි සිටින්නේ මෛත්‍රීපාල සිරිසේන මහතා බව එත්තු ගන්වමින්.

Facebook | Archived Article LNW | Archived Link | Archived

පෙබරවාරි මස 13 වන දින ඥානඅක්කාගේ දේවාලය නම් ස්ථානායකදී විශේෂ පුජාවකට මෛත්‍රීපාල සිරිසේන මහතා ද සහභාගී වී තිබු බවත් ප්‍රජා අයිතිය අහෝසි කිරීමට නිර්දේශ කර තිබිම මෙම හදිසි පුජාවට හේතුව බවත් එම සටහන් වල සඳහන්.

එසේම මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර සහ ඖෂධ නිෂ්පාදන, නියාමන සහ සැපයුම් රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන යන මහත්වරුන් ද එම විශේෂ පුජාවට පැමිණ සිටි බවත් තිදෙනා එක්ව යම් සාකච්ඡාවක ද නිරතවූ බවත් වෙබ් අඩවි වර්තාවක සඳහන්.

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබු සටහන් කිහිපයක් පහතින්

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

මේ පිළිබඳව කරුණු විමර්ශනය කිරීම සඳහා අප ඥාන මෑණියෝ දේවාලය නමින් හඳුන්වන ස්ථානය සම්බන්ධව පළවී ඇති ඡායරූප සටහන් පරීක්ෂා කිරීමේදී සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබු ඡායරූප එම ස්ථානයේම ඒවා බව පෙනී ගියා.

අප මෙම ස්ථානයට ගොස් තිබු පුද්ගලයෙකු වෙත ද එම ඡායාරුප යොමු කොට එය ඥාන මෑණියෝගේ දේවාලය නමින් හඳුන්වන ස්ථානයම බව තහවුරු කර ගත්තෙමු.

කෙසේ වෙතත් එම ඡායරූප වල මෛත්‍රීපාල සිරිසේන මහතා යැයි පෙන්වා දී තිබෙන පහත ඡායරුපයේ ඉතා අපැහැදිලි බව පෙනී ගියා

එමනිසා පාර්ශව කිහිපයක් සම්බන්ධ කර එම තොරතුරු සනාථ කර ගැනීමට කටයුතු කළෙමු.

මුලින්ම අප ඥාන මෑණියෝගේ දේවාලය ලෙස හැඳින්වෙන ස්ථානයේ සම්බන්ධීකරණ කටයුතු සිදු කරන පන්තක මහතාව දුරකතනයෙන් සම්බන්ධ කර ගත්තෙමු. ඔහු අපට පවසා සිටියේය මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය 13 වැනිදා හෝ පසුගිය කාලයේ දී හෝ එම ස්ථානයට පැමිණ තිබුණේ නැති බවයි.

එසේම මෙම පුවත සම්බන්ධයෙන් හුවමාරු වන එක් වෙබ් අඩවියක දක්වා තිබු පරිදි පෙබරවාරි 13 වැනිදා විශේෂ පුජාවකට මෛත්‍රිපාල සිරිසේන මහතා සමග මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ ගාමිණී දෑලබණ්ඩාර මහතා සහ රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන යන මහත්වරුන්ද සහභාගි වූ බව දක්වා තිබු නිසා මේ පිළිබඳව ගාමිණි දෑල බණ්ඩාර මහතාගෙන් විමසීමක් සිදු කළෙමු. එතුමා ද පවසා සිටියේ මෛත්‍රීපාල සිරිසේන මහතා එම ස්ථානයේදී හමුවූ බව සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවයි.

මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමාගේ මාධ්‍ය ලේකම් තුමාගෙන් ද අප මේ පිළිබඳව විමසීමක් සිදු කළ අතර ඔහු පවසා සිටියේ ද හිටපු ජනාධිපතිතුමා ඉතා සරල දිවි පෙවෙතක් ගත කරන පුද්ගලයෙකු බවත් මෙසේ අනුරාධපුරේ මෑණියන් කෙනෙක් හමු වීමට ගොස් තිබුනේ නැති බවත්ය. මෛත්‍රිපාල සිරිසේන මහතා අළලා සිදු කරන සංවිධානාත්මක මඩ ප්‍රචාර වල කොටසක් බව විශ්වාස කරන බව ද අපට දන්වා සිටියා.

Conclusion (අවසාන නිගමනය)

මේ අනුව අපගේ කරුණු විමර්ශනයේදී පැහැදිලි වන්නේ පසුගිය පෙබරවාරි දහතුන් වැනිදා විශේෂ පූජාවක් සඳහා අනුරාධපුරයේ ඥානඅක්කාගේ දේවාලය නම් ස්ථානායකට හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැමිණි බවට හුවමාරු වන්නේ එතුමාගේ ඡායාරූපයක් බව පෙන්වීමට යොදාගත් අපැහැදිලි ඡායාරූපයක් බවයි.

එම ස්ථානයේ සම්බන්ධීකරණ නිලධාරීතුමා මෙන්ම අදාළ පුජාවට සහභාගී වුවා යැයි පැවසෙන මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ ගාමිණී දෑලබණ්ඩාර මහතා ද මෙම පුවත සම්පුර්ණයෙන්ම අසත්‍යක් බව තහවුරු කර සිටිනවා.

Avatar

Title:ප්‍රජා අයිතිය රැකගන්න, හිටපු ජනපතිතුමා අනුරාධපුරේ ඥානක්කා හමුවීමට ගියා ද?

Fact Check By: Sahan Perera

Result: Misleading