ශ්‍රී ලංකා පොලිස් සේවාව ගැන ප්‍රසංශා මෙන්ම විවේචන ද බොහෝ අවස්ථාවලදී අපට දැකගන්නට පුලුවන්.පොලීසියේ ඉහල නිල තල දරන පුද්ගලයන්ගේ ක්‍රියකාරකම්ද ඇතැම් විට විවේචනයට ලක්වන අවස්ථා අපට දැකගන්නට පුලුවන්.

මේ ආකාරයෙන් පොලිස් සේවයේ ඉහල විශ්‍රාමික නිලධාරියෙකු වෙත නීතිය ක්‍රියාත්මක කිරීමට යාමේදී තවත් රථවාහන පරීක්ෂක පොලිස් නිලධාරියෙකු අත්වූ අපහසුතාවයක් හේතුවෙන් උසස් නිලධාරියාට වැඳ නමස්කාර කිරීමට සිදුවූ බවක් දැක්වෙන සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ විශාල වශයෙන් හුවමාරු වී තිබුණා. කෙසේනමුත් අපගේ කරුණු විමර්ෂණයෙන් පැහැදිලි වුනේ මෙය වැරදි අරතකථනයක් සහිතව හුවමරු වන මීට වසර 7 කටත් ඉහත දී සිදුවූ සිදුවීමක් බවයි.

සමාජ මාධ්‍ය සටහන්:

විශ්‍රාමික නිලධාරියෙකු මාර්ගයේදී සිදු කල වරදකට නීතිය ක්‍රියාත්මක කිරීමට යාමේදී එම නීතිය ක්‍රියාත්මක කිරීමට ගිය නිලධාරියාට වැඳ සමාව ගැනීමට සිදු වුනු අවස්ථාවේ ඡායාරූපයක් බව දක්වමින් පහත සටහන Expose Ceylon නම් ෆේස්බුක් පි‍ටුවක පළකර තිබුණා.එම ඡායාරූපයේද පැහැදිලිව පොලිස් නිලධාරියෙකු වැඳ ආචාර කරන ආකාරයක් පෙනෙන්නට තිබෙනවා. එම සටහනේ විස්තරය පහතින්.

"මේ කතාව දැනගන්න..

==================

T Shirt එකකින් සැරසී සිටිනුයේ විශ්‍රාමික ඉහළ පොලිස් නිළධාරියෙකි. මේකා මාර්ගයේ සිදුකළ වරදකට මෙතැන වැඳවැටෙන නිළධාරියා නීතිය ක්‍රියාත්මක කිරීමට සූදානම් වී ඇත. එවිට මේකා සුද්ද සිංහලෙන් ආමන්ත්‍රනය කරමින් මෙම නිළධාරියා ගැන මෙම පොලිසියේ O. I. C. වෙත ගෝරනාඩුවක් දමා පැමිණිලි කර ඇත.

එම නිවට O. I. C. මේකාගේ පැත්ත ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට ගිය නිළධාරියාට උපදෙස් දී ඇත්තේ වැඳ සමාව ගන්නා ලෙසය. දරු පවුල්කාර අහිංසක නිළධාරියා එසේ කිරීම ඡායාරූප ගතකර ද ඇත.

වසලයෙකුට තවත් වසලයෙක් බියවී අහිංසකයෙක් පෙළා ඇත. මෙම නිළධාරියාට තිබුණේ යටත්වීම නොව ආයුධය පාවිච්චි කිරීමය."

FacebookArchived

මෙම පුවතට සමාන ආකාරයේ පුවතක් Tv vision නම් පි‍ටුවක්ද පල කර තිබුනා. 2013 වසරේ පලවී තිබු එම සටහන මේ වනවිට 1500කට අධික පිරිසක් අතර හුවමාරු කරගෙන තිබුනු බවක් දැකගන්නට ලැබුනා.

FacebookArchived

මේ අනුව වසර ගණනාවක් පැරණි මෙම ඡායාරූපයට අදාල සිදුවීම සැබෑ එකක්ද යන්න පිලිබඳව අප කරුණු සොයා බැලීමට තීරණය කලා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

ඉහත ඡායාරුපය Reverse Image සෙවුමකට ලක්කිරීමේදී එම අවස්ථාව පිලිබඳව සේයාරුවක් Sunday Times ෆේස්බුක් පි‍ටුවේ 2013 දෙසැම්බර් මස පළවූ සටහනකින් දැක ගන්නට ලැබුණා. එම සටහන පහතින්.

FacebookArchived

එම සටහනට අනුව නියෝජ්‍ය පොලිස් පතිවරයෙකු වූ ගාමිනී සිල්වා නම් අයෙකු ඉදිරියේ රථවාහන අංශයේ පොලිස් නිලධාරියෙකු මෙසේ වැඳ ආචාර කරන බව දක්වා තිබු අතර එම ස්ථානය මාන්කුලම් පොලිස් ස්ථානය බවද එහි දක්වා තිබුණා.

මේ පිලිබඳ වාර්තා තවදුරටත් සොයා බැලීමේදී නිශාන්ත රාජපක්ෂ නම් පොලිස් නිලධාරියෙකු පළකර තිබු ෆේස්බුක් සටහනක් අපට දැක ගණනට ලැබුණා.

මීට වසර 7 කට පමණ පෙර පොලිස් සේවයේ දීප්තිමත් වසර 40ක පමණ සේවා කාලයක් සම්පුර්ණ කල නියෝජ්‍ය පොලිස්පති ගාමිනී සිල්වා මහතා විශ්‍රාම යන මොහොතේ ඉහත ඡායාරුපය ලබාගත් බවත් එම අවසන් සමුදීමේ අවස්තාව තිබුනේ මාන්කුලම පොලිස් සංචාරක නිවසේදී බවත් දක්වමින් නිශාන්ත රාජපක්ශ මහතා මෙසේ කලින් කලට හුවමාරු වන ඡායරුපයේ සත්‍ය කතාව නමින් සටහනක් ෆේස්බුක් වෙත එකතු කර තිබුනා. එම අවස්තාවේ තමා එම ස්ථානයේ සිටි බවත් එම සටහනෙන් දක්වා තිබෙනවා. තමා මෙන්ම වෙනත් බොහෝ පොලිස් නිලධාරීන් විශ්‍රාම යන මොහොතේ ගාමිනී සිල්වා මහතා වෙත වැඳ සමුදුන් බවද එහි සඳහන්. එම සටහන පහතින්

FacebookArchived

අප එම සටහන පලකර තිබු උප පොලිස් පරීක්ෂක නිශාන්ත මහතා සම්බන්ධ කර ගැනීමට හැකි වුනා. ඉහත තොරතුරු සනාථ කරමින් මෙසේ හුවමාරු වන ඡායරුපයේ සිටින්නේ තමා බවද තහවුරු කළ එතුමා තවදුරටත් පවසා සිටියේ කීර්තිමත් නිලධාරියෙකු වූ DIG ගාමිනී සිල්වා මහතාගේ නිල රථ පෙළේ මෝටර් බයිසිකලය පදවුයේ තමා බවයි. මාන්කුලම පොලිස් සංචාරක නිවාසයේ පැවති සමුගැනීමේ තමාද පැමිණි අතර වෙනත් බොහෝ නිලධාරීන් ද මෙසේ වැඳ සමුදුන් අතර එසේ සිදුකලේ සියලු නිලධාරීන්ගේ හොඳ හිත දිනා ගෙන තිබු ගාමිනී සිල්වා මහතා වෙනුවෙන් තිබු භක්තිය සහ ගෞරවාදරය නිසාවෙන් බවත් පවසා සිටියා.

වසර 33 ක සේවා කාලයෙන් පසු ගාමිනී සිල්වා මහතා පොලිස් සේවයෙන් විශ්‍රාම යන බව Sunday observer පුවත්පතේ අන්තර්ජාල කලාපයේද 2013 දෙසැම්බර් මස සඳහන් කර තිබුනා.

Sunday ObserverArchived

මෙම සිදුවීම පිලිබඳව හිටපු ගාමිනි සිල්වා කල ප්‍රකාශයක්ද සමගින් වෙබ් අඩවියක කරුනු වාර්තා කර තිබුනා. එවකට සාජන් කෙනෙක්ව සිටි ගාමිනි සිල්වා මහතාගේ නිල රථයේ පෙර ගමන්කරු ලෙස කටයුතු කල පුද්ගලයා මෙලෙස සමුගැනීමේ තේපැන් සංග්‍රහයේදී වැඳ ආචාර කරන ආකාරය එතන සිටි අයෙකු විසින් ඡායාරූපයට නගා ඇති බව එහි ද දක්වා තිබෙනවා. එම වාර්තාව පහතින් . ( මෙම කොටස පසුව යාවත්කාලීන කරන ලදි)

HiruGossip | Archived

Conclusion (අවසාන නිගමනය)

ඉහත කරුනු අනුව සලකා බලන කල පොලිස් සේවයේ නියුතු නිලධාරියෙකු ඉහළ විශ්‍රාමික පොලිස් නිලධාරියෙකුගෙන් වැඳ සමාව ගන්නා බව පෙන්නුම් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ වසර 7කටත් වැඩි කාලයක් තිස්සේ විටින් විට හුවමාරු වන්නේ වැරදි අර්ථකතනයක් ලබාදී ඇති ඡායාරුපයක් බව පැහැදිලි වෙනවා.

එම ඡායරුපයේ දිස්වන්නේ DIG ගාමිනී සිල්වා මහතා 2013 වසරේ විශ්‍රාම යන මොහොතේ මාන්කුලම් පොලිස් සංචාරක නිවස්නයේදී ඔහු කල සේවයට ආචාර කිරීමේ අරමුනෙන් ඔහු යටතේ සේවය කළ පොලිස් නිලධාරියෙකු වැඳ නමස්කාර කළ අවස්තාවේ ඡායාරූපයකි.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Avatar

Title:පොලිස් නිලධාරියෙකු T-shirt එකක් පැලඳ සිටින පුද්ගලයෙකුට වඳින ඡායාරූපයේ සැබෑ කතාව කුමක්ද?

Fact Check By: Sahan Perera

Result: Misleading