සිංහරාජයේ වන විනාශය මේ දිනවල උණුසුම් මාතෘකාවක් ද වනවා. දිගින් දිගටම මේ සම්බන්ධයෙන් ලොව විවිධ ස්ථානවල ඡායාරූප යොදාගෙන සමාජ මාධ්‍ය ඔස්සේ පළවූ නොයෙකුත් අසත්‍ය සටහන් පිළිබඳව අප මෙවැනි සත්‍ය කරුණු විමර්ශන සිදුකළා.

සිංහරාජ රක්ෂිතයේ ප්‍රදේශයක් යයි සඳහන් කරන තවත් ඡායාරූපයක් පිළිබඳ විමර්ශනයක් කරන ලෙස කළ ඉල්ලීම් රැසක් අප වෙත ලැබුණු අතර ඒ පිලිබඳ විමර්ෂණයේදී පෙනී ගියේ එම සටහන් නොමඟ යවන සුළු සහ උපහාසාත්මක කෝණයකින් පලකරන ලද ව්‍යාජ සටහන් බවයි.

සමාජ මාධ්‍ය සටහන්:

LoL හංදිය නම් ෆේස්බුක් පිටුවක සඳහන් වුණේ “වට් ආ යු සේ සිංහරාජේ මැද්දේ පෞද්ගලික ඉඩමක් මේක නම් රතු ඇස්කොට්ගේ වැඩක් වෙන්න ඕනේ” යනුවෙනි. සිංහරාජ රක්ෂිතයේ මැද සිදුවූ තවත් වන සංහාරයක් ලෙස පහත ඡායාරූපය යොදා ෆේස්බුක් සටහන් රැසක් හුවමාරු වුණා.

Facebook | Archived Link

ඉහත සඳහන් ඡායාරූපය සහිතව පළවන සටහන, ජනතා විමුක්ති පෙරමුණ විසින් සිංහරාජ රක්ෂිතයේ වන විනාශය පිළිබඳ අසත්‍ය ප්‍රචාරය කරනවා යැයි ව්‍යාංගාර්ථයෙන් පවසා තිබෙනවා.

එමෙන්ම කුමාර සෙනරත්න නමැති අයෙක් ඉහත ඡායාරූපයම යොදාගෙන තවත් සටහනක් ඉදිරිපත් කර තිබුණා.

Facebook | Archived Link

දෙවන සටහන ෆේස්බුක් පරිශීලකයින් 6800ක් පමණ මේ වන විට හුවමාරු කරගෙන තිබෙනවා. බොහෝ පිරිස් මෙම සටහන නොමඟ යවන සුළු සහ උපහාසාත්මක කෝණයකින් පලකරන ලද ව්‍යාජ සටහනක් බවට තහවුරු කර ගත් බව පෙනුනත් ඇතැමුන් මෙම සත්‍ය සිදුවීමක් ලෙස විශ්වාසකොට තිබුණා. මෙම සටහනේ පිටපත් (screenshots) විශාල සංඛ්‍යාවක් ද සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

මෙම සටහන් සඳහා යොදාගත් ඡායාරූපය Google reverse image සෙවුමකට ලක් කිරීම මගින් තහවුරු කර ගැනීමට හැකිවූයේ එම ඡායාරූපයේ ඇත්තේ බ්‍රසීල දේශසීමාවේ විහිදී ඇති ඇමසන් වනාන්තරයේ කොටසක වන සංහාරයක් බවයි. BBC මාධ්‍ය ජාලයේ වෙබ් අඩවියද, ඇතුළත්ව වෙනත් වෙබ්අඩවි රැසක් බ්‍රසීල දේශසීමාවේ ඇති ඇමසන් වනාන්තරයේ වන සංහාරය පිළිබඳ වාර්තා කිරීමේදී මෙම ඡායාරූපය යොදා ඇති බව දැකගන්නට ලැබුණා. BBC වාර්තාව මෙතනින්.

එම ඡායාරුපය මුලින්ම 2017 වසරේ සැප්තැම්බර් මස AFP / Getty Images ඡායාරුප එකතුව වෙත “Aerial view of deforestation in the Western Amazon region of Brazil” (බ්‍රසීලයේ බටහිර ඇමසන් කලාපයේ වන විනාශය පිළිබඳ ගුවනේ සිට ලබාගත් දර්ශන) යන තේමාවෙන් CARL DE SOUZA නම් ඡායාරුප ශිල්පියා එකතුකර තිබු අයුරු පහතින්

GettyImages

ඒ අනුව ඉහත සටහන් සඳහා යොදාගත් ඡායාරූපය සිංහරාජ වනාන්තරයේ කොටසක් නොවන බවට තහවුරු වෙයි.

පසුගිය වසරේ ද ඇමසන් වැසි වනාන්තරයේ සිදුවන වන විනාශ හා සබැඳි ඡායාරුප, වැරදි අර්ථකථනයන් ඔස්සේ ලංකාවේ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ අවස්ථා පිලිබඳ අප මෙවැනි විමර්ෂණ සිදුකළා.

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයට අනුව පෙනී යන්නේ ඉහත සමාජ මාධ්‍ය සටහන්, උපහාසාත්මක කෝණයකින් ජනතාව නොමඟ යවන සුළු ආකාරයට පලකරන ලද ව්‍යාජ සටහන් වුවද, සිංහරාජ රක්ෂිතය පිලිබඳ සඳහන් කර තිබීම හේතුවෙන් මෙහි භාවිතා කර ඇති ඡායාරූපය දුටු පමණින් එය සිංහරාජ රක්ෂිතයේ සිදු වන වන සංහාරයක් බවට ඇතැම් පිරිස් විශ්වාසකොට ඉහත සටහන් බොහෝ ලෙස හුවමාරු කරගෙන තිබු බවයි.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Avatar

Title:සිංහරාජ රක්ෂිතයේ වන විනාශයක් බව දැක්වීමට උපහාසාත්මක කෝණයකින් පළකරන ලද ව්‍යාජ සටහන් පෙළක්!

Fact Check By: Sara Gunaratne

Result: Misleading