පාලකයින්ගේ නොමනා හැසිරීම් හේතුවෙන් සිදුවන දූෂණයන් පිළිබඳ ප්‍රධාන මාධ්‍ය ධාරා ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ නිතර නිතර කතාබහට ලක්වීම සුලබව දකින්නට ලැබෙන කරුණක්. නමුත් එළෙස පළ කරන ඇතැම් වාර්තා, සටහන් කිසිදු නිල නිර්දේශකයක් නොමැතිව නිවැරදි කාල සීමාවක් නොමැතිව සිතු මනාපෙට පළ කිරීම තුළින් ජනතාව වැරදි දත්තයන් නිවැරදි ලෙස පිළිගෙන, නොමගයෑම සුලබව දක්නට ලැබෙනවා. එවන් ආකාරයේ සටහනක් අප නෙත ගැටුණා.

ශ්‍රී ලංකාව දූෂිතම රටවල් අතර හතරවෙනි ස්ථානයට පැමිණ ඇති බවට මෑතකදීත් පළ වූ සමාජ මාධ්‍ය සටහන 2017 වර්ෂයේ පළ වූ ප්‍රවෘත්තියක් පදනම්කරගෙන සැකසූ සටහනක් බවට අප කළ විමර්ශනයේදී හෙළි විය.

සමාජ මාධ්‍ය සටහන්:

ලංකාව ලෝකයේ දූෂිතම රටවල් හය අතරට ඔසවාතැබූ ජනතාවනි, ඔබට ස්තුතියි යනුවෙන් සරත් කුමාර යන අයෙක් සිය ෆේස්බුක් ගිණුමේ සඳහන් කර තිබුණා. ශ්‍රී ලංකාව දූෂිතම රටවල් අතර හතරවෙනි ස්ථානයට පත්කර ගැනීමට අවුරුදු හැත්තෑවක් දිවා රෑ වෙහෙස නොබලා සේවය කරපු පාලක පැලැන්තියටත් වුන්ව බලයට ගේන්න කතිරෙ ගැසූ ජනතාවටත් අපගේ හදපිරි මෙව්වා එක ලෙසට එම පෝස්ටුවේ සඳහන් කර තිබු බවද, අපට දැකගන්නට ලැබුණා.

Facebook | Archived Link

මේ වන විට විසි හතර දහසකටත් වැඩි පිරිසක් අතර හුවමාරු වී තිබු මෙම සටහන නැවත කිහිප දෙනෙකුම හුවමාරු කරගන්නා බව අපට දැක ගන්නට ලැබුණා. පසුගිය දින වල හුවමාරු වී තිබු සටහන් කිහිපයක් පහතින්.

Facebook | Archived Link Facebook | Archived Link

දූෂණයට එරෙහි ගෝලීය එකමුතුවක් වන ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් (Transparency International) වැනි ආයතනය විසින් එලි දක්වන නිල දූෂණ සංජානන දර්ශකය (CORRUPTION PERCEPTIONS INDEX) අනුව මේ වසරේදී ලංකාව 4 වන ස්ථානයට පැමිණ ඇති බවක් ද ඉහත සටහන් හරහා ඇතැමුන් අදහසක් ලබාගෙන ඇති බවක් අපට පෙනී ගියා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

Transparency International ආයතනය විසින් නිකුත් කරන දූෂණ සංජානන දර්ශකය (Corruption Perception Index) නිරීක්ෂණය කිරීමේදී 2019 වර්ෂයට අනුව ලංකාව 93 වන ස්ථානයට පත්ව තිබෙන බව අපට පෙනී ගියා. එහි දක්වා තිබු රටවල් වර්ගීකරණ 180 න් 93 වන ස්ථානයට ලංකාව පත්ව ඇත්තේ ලකුණු 38 ක අගයක් ලබාගෙනය.

Transparency International | Archived Link

2020 වර්ෂයේ දූෂණ සංජානන දර්ශකයේ දත්ත නිරීක්ෂණය කළ විට, ශ්‍රී ලංකාව එම දර්ශකයේ 94 වන ස්ථානයට පත්වුණේ ලකුණු 38 ක අගයක් ලබා ගෙනය. දකුණු ආසියානු කලාපයෙන් භූතානය 24 වන ස්ථානය ලබාගෙන තිබු අතර පකිස්ථානය, බංගලාදේශය ඇතුළු කලාපීය රටවල් බොහොමයක් සිටින්නේ ලංකාව ට ද පිටුපසින්.

D:-AAA -Fact Checking-Completed-AAA-Publish-Sinhala-2021-108 Most Corrupt-32556f50-446d-4595-8169-69f6898ca7fe.png

Transparency International | Archived Link

ඒ අනුව පෙනී යන්නේ, 2019 / 2020 වර්ෂවල දූෂණ සංජානන දර්ශකයට (Corruption Perception Index) අනුව ලංකාව 4 වන ස්ථානය ලබා නොගත් බවයි. ශ්‍රී ලංකාවට පසුපසින් තවත් වර්ගීකරණ 90 කට ආසන්න සංඛ්‍යාවක් එනම් රටවල් ඊටද වැඩි සංඛ්‍යාවක් පවතිනවා.

එසේම ලොව දුෂිතම රටවල් පිළිබඳව මීට මසකට පමණ Industry Week වෙබ් අඩවියේ පලවූ පුවත් වාර්තාවක් මෙතනින්. එම වර්ගීකරණයේ ද ශ්‍රී ලංකාව අයත් වන්නේ නැහැ

කෙසේනමුත් මේ සම්බන්ධයෙන් පාදක වී තිබු කරුණක් පිලිබඳ අප කළ වැඩිදුර විමර්ශනයේදී දැකගන්නට ලැබුණේ, හෙළ බිම යන පුවත් වෙබ්අඩවියකද ඉහත කරුණු සඳහන් කර ඇති බවයි. නමුත් එහි කුමන වර්ෂය පදනම් කරගෙන එම දත්ත ඉදිරිපත් කරාද යන්න සඳහන් කර නොතිබුණි. එම සටහන පහතින් දක්වා තිබෙනවා.

Helabima| Archived Link

මෙම වාර්තාවේ සඳහන් වන්නේ “වර්ල්ඩ් ග්ලෝබල් ෆෝරම්” නැතහොත් ලෝක ගෝලීය සංසදය මගින් කරන ලද සමීක්ෂණයකට අනුව ලොව දූෂිත රටවල් 4 අතරට ලංකාව පත්ව ඇති බවයි. එම වාර්තාවේ තවදුරටත් සඳහන් වන්නේ අයිලන්ඩ් පුවත්පතේද අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු වෙබ්අඩවියේද මේ සම්බන්ධයෙන් කරුණු දක්වා ඇති බවයි.

නමුත් අප කළ විමර්ශනයේදී තහවුරු වුණේ, අයිලන්ඩ් පුවත්පතේ දැක්වෙන්නේ දූෂණය වැළැක්වීම, වත්කම් ප්‍රතිසාධනය ආදී කරුණු පදනම් කරගෙන අවශ්‍ය සහය නයිජීරියාව, ශ්‍රී ලංකාව, ටියුනීසියාව සහ යුක්රේනය යන රටවලට ලබාදීමට සහ දූෂණයට එරෙහිව සටන් කිරීමට අවශ්‍ය පුහුණුව සහ සහයෝගය ලබා දෙන බව සඳහන් කළ පුවතකි.

එම පුවත පහතින් දක්වා තිබේ.

D:-AAA -Fact Checking-Completed-AAA-Publish-Sinhala-2021-108 Most Corrupt-14df0268-36a9-44df-bf41-50431fe9e2ee.png

The Island | Archived Link

එමෙන්ම මෙරට එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නිල වෙබ් අඩිවියේද මේ සම්බන්ධයෙන් දක්වා තිබුණා.

2017 ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනය සමගමාවීම දූෂණය වැළැක්වීම, වත්කම් ප්‍රතිසාධන පුහුණුව සහ ඊට එරෙහිව සටන් කිරීම සඳහා එක්සත් ජනපදයේ අඛණ්ඩ කැපවීම පෙන්නුම් කිරීමක් ලෙස එක්සත් ජනපදයේ මූලිකත්වයෙන් වත්කම් ප්‍රතිසාධනය පිළිබඳ ගෝලීය සංසදය හා එක්සත් රාජධානිය සමඟ එක්ව පැවැත්වුනේ නයිජීරියාව, ශ්‍රී ලංකාව, ටියුනීසියාව සහ යුක්රේනය යන රටවල් මුල්කරගනිමින් එම රටවල දූෂණයට එරෙහිව සටන් කිරීමට වේදිකාවක් ලබා දීමට බවත් සඳහන්. 2017 වර්ෂයේ ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනයේ සටන් පාඨය වූයේ, “එක්වෙමු දූෂණය හා අල්ලසට එරෙහිව නැගී සිටිමු” යන්නයි. රජයේ ආයතන තුළ විනිවිදභාවය සහ වගවීම ශක්තිමත් කිරීමට ආධාර උපකාර කිරීමට බලාපොරාත්තු වන බවද පවසා තිබුණා.

දීර්ඝ වාර්තාවක් මේ සම්බන්ධයෙන් පළකර තිබු අතර එහි ලංකාව සම්බන්ධයෙන් පළවූ කොටසක් පහතින්

U.S. Embassy in Sri Lanka | Archived Link

මෙම සටහන් දෙකෙන්ම දැක්වෙන්නේ නයිජීරියාව, ශ්‍රී ලංකාව, ටියුනීසියාව සහ යුක්රේනය යන රටවලට අවශ්‍ය සහයෝගය සහ පුහුණුව ලබාදීමට අරමුණු කරන බවක්. කෙසේනමුත් ලෝකයේ දූෂිතම රටවල් 4 ලෙස නම් කිරීමක් මෙහිදී සිදුවී නොමැති බව මෙයින් තහවුරු වෙයි.

2017 වසරේ පැවති Global Forum for Asset Recovery (වත්කම් ප්‍රතිසාධනය සඳහා ගෝලීය සංසදය) සම්බන්ධයෙන් පළවූ වාර්තාවේ ද එම සමුළුවේ සාකච්ඡා කිරීම සඳහා නයිජීරියාව, ශ්‍රී ලංකාව, ටියුනීසියාව සහ යුක්රේනය යන රටවල් තෝරාගෙන තිබු බව සඳහන් කර තිබුණද එම රටවල් ලොව වඩාත්ම දුශිතවම රටවල් ලෙස නම් කර තිබුනේ නැහැ.

CIFAR | Archived

නමුත් මෙම පුවත පිළිබඳ නිසි අවබෝධයකින් තොරව පුවත් සහ සමාජ මාධ්‍ය සටහන් රැසක් එම අවධියේ වාර්තා කර තිබෙනු අපට දැක ගන්නට ලැබුණා. මෙලෙස නොමඟ යවන සුළු තොරතුරු රැගත් වාර්තාවක් පහතින්.

Lanka C news | Archived Link

කෙසේවෙතත් මෙම වර්ගීකරණය ට ශ්‍රී ලංකාව නම් කිරීම පිලිබඳ බොහෝ අදහස් එම අවධියේ දක්වා තිබු අතර 2017 එවකට විගනකාධිපති ගාමිනි විජේසිංහ මහතාගේ අදහස් දැක්වීමක් ඇතුළත් වාර්තාවක් මෙතනින්

ඩේලි මිරර් පුවත්පත මේ සම්බන්ධයෙන් 2017 වසරේ දී පළකර තිබු වාර්තාවක් පහතින්.

Daily Mirror | Archived

Conclusion (අවසාන නිගමනය)

ඒ අනුව, අප කළ විමර්ශනයේදී පෙනී යන්නේ, ශ්‍රී ලංකාව ලොව දූෂිතම රටවල් අතර හතරවෙනි ස්ථානයට හෝ ලොව දුෂිතම රටවල් හතර අතරට ලංකාව පැමිණ ඇති බවට සඳහන් වුණු පුවත නොමග යවන සුළු පුවතක් බවයි.

එක්සත් ජනපදය 2017 ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනයට සමගමාවීම වත්කම් ප්‍රතිසාධනය පිළිබඳ ගෝලීය සංසදයේ දී (Global Forum for Asset Recovery) නයිජීරියාව, ශ්‍රී ලංකාව, ටියුනීසියාව සහ යුක්රේනය යන රටවල් හතර සඳහා දූෂණයට එරෙහිව සටන් කිරීම සඳහා වේදිකාවක් ලබා දී තිබු අතර දූෂණය වැළැක්වීම සඳහා අවශ්‍ය ආධාර, සහයෝගය සහ වත්කම් ප්‍රතිසාධන පුහුණුව ලබාදීම ඇතුළු කරුණු පිලිබඳ සකච්ඡා වී තිබුණා.

කෙසේනමුත් ඉහත රටවල් රටවල් සමස්තයක් ලෙස දූෂිතම රටවල් හතර යනුවෙන් එම වාර්තාවල ද සඳහන් නොවූ අතර සංසදය පැවැත්වුනේ වත්කම් ප්‍රතිසාධනය පිළිබඳව සහ ඒ සම්බන්ධයෙන් සිදුව තිබු බවට සැලකෙන දුෂණ පිටුදැකීම සඳහා සහය ලබාදීමේ අරමුණින්.

Transparency International ආයතනය විසින් නිකුත් කරන දූෂණ සංජානන දර්ශකය (Corruption Perception Index) ඇතුළු කිසිඳු නිල වර්ගීකරණයක ශ්‍රී ලංකාව ලොව දුෂිතම රටවල් අතර ඉදිරියෙන්ම සිටිනු දැකගනන්ට ලැබෙන්නේ ද නැහැ.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Avatar

Title:FACT CHECK: ශ්‍රී ලංකාව ලොව දූෂිතම රටවල් 4 අතරට?

Fact Check By: Sara Gunaratne

Result: Misleading