සංවේදී ඡායරුපවලට විවිධාකාරයේ නොමඟ යවන සුළු අර්ථකතන ලබාදෙමින් සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන්ම හුවමාරු වෙනවා. ප්‍රතිචාර රැසක් සමඟින් මෙවැනි සටහන් බොහෝ දෙනෙක් අතර කෙටි කාලයක දී හුවමාරු වන්නේ , ඡායරුපයේ ඇත්ත තතු පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීමකින් ද තොරවයි.

මේ ආකාරයෙන් පසුගිය වසරේ ද වැරදි අර්ථකථනයක් සහිතව හුවමාරු වූ ඡායාරුප දෙකක් සහිත සටහනක සිංහල පිටපතක් පසුගිය දා හුවමාරු වී තිබුණා. ඒ පිලිබඳ අපගේ විමර්ශනය පහතින්

සමාජ මාධ්‍ය සටහන්:

Gossip Lanka News ෆේස්බුක් පිටුවේ පලවී තිබු ඡායාරුප දෙකක් සහිත සටහනක දක්වා තිබුනේ තමා මියයන බව දැන දැනම දරුවාට උපත දීමට මේ මෑණියන් තිරණය කරනවා. දරුවා මෙලොව එලිය දුටු සැණින් දරුවා වැළඳ ගත් ඈ හාදුවක් තම දරුවා මත තබා දෑස් පියා ගත්තාය. මෙහි වැලපෙන වෛද්‍යවරයා එම සැත්කම කල ඇමෙරිකානු නාරි හා ප්‍රසව වෛද්‍යවරයකු වූ මෙඩී බෙයාර් වේයනුවෙනි

Facebook | Archived

වෙනත් ෆේස්බුක් පිටු සහ සමුහ කිහිපයක් ම මෙම සටහන හුවමාරු කරගෙන තිබු ආකාරයක් ද අපට දැකගනන්ට ලැබුණා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

සමාජ මාධ්‍ය සටහන්වල දක්වා තිබු පළමු ඡායාරුයේ හඬා වටෙන වෛද්‍යවරයෙකු බව පැවසෙන ඡායරුපයේ එම පුද්ගලයා අත් ඔරලෝසුවක් පැළඳ සිටින බවක් පෙනී යනවා. ශල්‍යකර්ම අතරතුරදී සාමාන්‍යයෙන් මෙසේ අත් ඔරලෝසු වෛද්‍යවරුන් පළඳිනු දක්නට ලැබෙන්නේ නැහැ.

කෙසේවෙතත් එම ඡායාරුපය Reverse Image සෙවුමකට යොමු කිරීම මඟින් මුල් ඡායාරුපය සොයා ගැනීමට හැකි වුනේ පහත අයුරින්.

https://www.instagram.com/p/BYphKtphUgS/

Instagram link | Archive link

එයද කුඩා දරුවන් සහ දරු උපත් පිලිබඳ ඡායාරුප පලකරන Ö. Metin (@ozgemetinphotography) යන තුර්කි ජාතික ඡායාරුප ශිල්පිනියක් විසින් 2017 වසරේ පළකර තිබු ඡායාරුපයක් බව අනාවරණය වූ අතර එහි තුර්කි බසින් දක්වා තිබු වදන් පෙළේ සිංහල පරිවර්තනය “සමහර පියවරුන් මේ මොහොත හරිම ලස්සනට ජීවත් වෙනවා. ඔහු පියෙකු වීම ගැන මම සතුටු වෙමි” යනුවෙන්.

මේ අනුව ඡායරුපයේ සිටින්නේ ශල්‍යාගාරයේ සිටි වෛද්‍යවරයකු නොව සතුටු කඳුළු හෙළන පියෙකු බව පෙනී යනවා.

සමාජ මාධ්‍ය සටහන් සඳහා යොදාගෙන තිබු දෙවන ඡායරුපයේ මවක් සමඟ කුඩා දරුවෙකු සිටිනවා. එම ඡායරුපයේ පහත පරිදි එම ඡායාරුපය ලබාගත් පුද්ගලයාගේ විස්තර සහිත අකුරු පෙළක් දැක ගන්නට ලැබෙනවා.

ඒ පිලිබඳ විමර්ෂණයේ දී අපට දැකගනන්ට ලැබෙන්නේ එහි දක්වා තිබුනේ මෙහි මුල් ඡායාරුපට හිමිකම් කියන ඡායරූප ශිල්පිනිය වූ තුර්කි ජාතික Merve Tiritoğlu Şengünler නම් කාන්තාව බවයි. මෙම ඡායාරූප ශිල්පිනිය ද ළදරු උපත් රැසක් ඡායාරුප ගත කර තිබෙන බව ඇයගේ සමාජ මාධ්‍ය ගිණුම් පරීක්ෂා කිරීමේ දී අපට දැක ගන්නට ලැබුණා.

එම ඡායාරුප පරීක්ෂා කිරීමේ දී ඉතාමත්ම ලස්සන හමුවීම (The most beautiful reunion)” යනුවෙන් තුර්කි භාෂාවෙන් පාඨයක් සහිතව මවක් සහ බිලිඳෙකුගේ ඡායාරුපයක් 2015 වසරේ දෙසැම්බර් මස පළකර තිබෙනු පහත පරිදි දැකගැනීමට හැකිවිය.

https://www.facebook.com/206746789535288/photos/a.206857329524234/444178032458828/?type=3

Facebook link | Archive link

මෙම ඡායාරුපය ඉහත සමාජ මාධ්‍ය සටහන් සඳහා යොදාගෙන තිබු ඡායරුපයම බව ද අපට දැක ගන්නට ලැබුණා. අප ඇයගේ එම පලකිරීමට ආසන්න දින කිහිපයම ද පරීක්ෂ කර බැලු අතර එහි කිසිඳු තැනක මව රෝගී තත්වයකින් පෙළුණු බව හෝ මියයාමට නියමිතව සිටි බවක් සඳහන් වන්නේ නැහැ.

තවද ඉහත සටහන් වල මෙඩී බෙයාර් යන නමක් ද සඳහන් වී තිබීම හේතුවෙන් අප ඒ පිළිබඳව ද සොයා බැලුවෙමු. එහිදී දැක ගන්නට ලැබුනේ Meddy Bear යනුවෙන් ලොව පුරා සිටින සෞඛ්‍ය සේවා වෘත්තිකයින් සහයෝගයෙන් කටයුතු කිරීමට සහ එකිනෙකාට උපකාර කිරීමට පිහිටුවාගෙන තිබු සංවිධානයක ෆෙස්බුක් පිටුවේ ඉහත ඡායාරුප යොදාගනිමින් වැරදි අර්ථකථනයක් ලබාදී තිබු පුවතක් 2019 වසරේ අග මෙසේ හුවමාරු වී තිබු බවයි. මේ අනුව එම ව්‍යාජ සටහන ලොව විවිධ ප්‍රදේශවල වැරදි අර්ථකතන සහිතව පුවත් නිර්මාණය වීමට මුල්වන්නට ඇතැයි අනුමාන කල හැකිය.

ලංකාවේ ද 2019 වසරේ මුලින්ම එම ව්‍යාජ පුවතේ සිංහල පරිවර්තන මෙසේ දැකගන්නට ලැබුණි

අප Factcrescendo Sri Lanka දෙමළ කණ්ඩායම විසින් 2020 වසරේදී ඉහත ඡායාරුප දෙකම යොදාගනිමින් මෙවැනිම වැරදි අර්ථකතනයක් සහිතව ලංකාවේ දමිළ පාඨකයින් අතර හුවමාරු වී තිබු ව්‍යාජ සටහන් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර තිබුනේ මෙලෙසින්

Also Read:

FACT CHECK: එක්වර දරුවන් 11ක් බිහි කල කාන්තාවක් ?

Wedding Pre-Shoot Images Of Couple Shared As COVID19 Patient Proposing To His Doctor

Conclusion (අවසාන නිගමනය)

මේ අනුව අපගේ කරුණු විමර්ෂණයෙන් පැහැදිලි වන්නේ සමාජ මාධ්‍ය සටහන්වල දක්වා තිබෙන්නේ නොමඟ යවන සුළු ව්‍යාජ පුවතක් බවයි.

මෙහි දැක්වෙන්නේ 2015 සහ 2017 වසරවලදී එකිනෙකට සම්බන්ධ නොවන අවස්ථා දෙකකදී, තුර්කියේ සිදුවූ ළදරු උපත් වලදී ලබාගත් ඡායාරුප දෙකක්. මෙහි දරු උපතේ දී මව මිය ගිය බවට වාර්තා වන්නේ නැති අතර වෙනත් අවස්ථාවක දී හඬා වැටෙන්නේ බිළිඳෙකුගේ පියෙකි.

Avatar

Title:තමා මියයන බව දැන දැනම දරුවෙකු ප්‍රසුත කළ කාන්තාවකගේ දුක්බර පුවතක් ද?

Fact Check By: Sahan Perera

Result: Misleading