
ශ්‍රී දළදා මාලිගාවේ වර්තමාන දියවඩන නිලමේ ධුරය හොබවන නිලංග දෑළ බණ්ඩාර මහතා හා සම්බන්ධ මූල්‍යමය වංචාවක් පිළිබඳ වසරේ කිහිපයක් තිස්සේ හුවමාරු වෙමින් පවතින සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ නැවත වරක් සංසරණය වී තිබුණා.
මෙහි සත්‍යතාවය සොයා අප කළ විමර්ශනයයි මේ.
සමාජ මාධ්‍ය සටහන් :
Namal Chinthaka යන අයෙක් විසින් සිය ෆේස්බුක් ගිණුමට එක් කර තිබුණ සටහනේ දැක්වුණේ, නිලංග දෑලගෙන් ලංකා බැංකුවට… කෝටි 6ක පොල්ලක්! යනුවෙනි

එම සටහන Nihal Jayaweera නමැත්තෙකු විසින් “බලැත්තෝ ණය ගනිති… මග හරිති… පොලු තියති … සංවේදී පාලකයින්ට වහං වෙති…..ප්‍රභූ ණය නිසා බොල් ණයට හැරවෙති” යනුවෙන් 2017 වර්ෂයේදී සිය ෆේස්බුක් ගිණුමේ මුල් වරට මෙම සටහන පළකර තිබු බවත් අපට පෙනී ගියා.
මේ වන විට එම සටහන ෆේස්බුක් පරිශීලිකයින් 9000ක් ඉක්මවා හුවමාරු කර ගෙන තිබුනේ පසුගිය සතියක වැනි කාලයක් තුළ විශාල පිරිසක් අතර හුවමාරු වෙමින්.

මේ පිළිබඳව ColomboXnews පුවත් වෙබ් අඩවිය 2016 වසරේ දී වාර්තා කර තිබුණේ මෙලෙසිනි.

මෙහි සඳහන් වන්නේ ද දියවඩන නිලමේ නිලංග දෑල මහතා විසින් කොටි 6ක නොගෙවන ලද ණය මුදලක් 2014 වසරේ දී තිබු බවත් එය ලංකා බැංකුව විසින් අක්‍රීය ණයක් ලෙස එම අවධියේදී නම් කර තිබු බවත්ය.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :
මේ සම්බන්ධයෙන් ශ්‍රී දළදා මාළිගාවේ මාධ්‍ය කාර්යාලයද සිය ෆේස්බුක් ගිණුමේ පහත පරිදි සටහනක් පසුගිය අප්‍රේල් 24 වැනිදා පළ කර තිබූණා.
“Nihal Jayaweera නමින් Facebook හි පෙනීසිටින මෙම පුද්ගලයා විසින්, ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රදීප් නිලංග දෑල දියවඩන නිලමේතුමා පිලිබඳ සම්පූර්ණ අසත්‍ය කරුණු මත පදනම්ව ද්වේශ සහගත ප්‍රකාශයක් පලකර ඇති අතර මේවන විටද මෙහි ඇති සත්‍ය හෝ අඅසත්‍යතාව නොදැන යම් කණ්ඩායමක් මෙය හුවමාරු කරමින් පවතී.
මෙම ප්‍රකශය මුළුමනින්ම විකෘති, ව්‍යාජ හා පදනම් විරහිත බවත් සිංහල බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ ලෙස සැලකුම් ලබන ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධුරය ඉලක්ක කර සිදුකර ඇති අසාර්ථක ද්වේශ සහගත ප්‍රකාශයක් බවත් මෙයින් දන්වා සිටින්නෙමු…”
යනාදී වශයෙන් දීර්ඝ විස්තරයක් සහිතව පළවූ එම සටහන පහතින්

එම සටහන සමඟ අතර ලංකා බැංකුව ප්‍රධාන කාර්යාලය විසින් නිකුත් බව පෙන්වන ලිපියක්ද එහි දක්වා තිබුණා.
එම ලිපියේ දක්වා තිබුණේ, පී.එන්.ඩී. කන්ස්ට්‍රක්ෂන් (පුද්ගලික) සමාගමේ සභාපති ඩබ්. ඩබ්. එම්. ආර්. ප්‍රදීප් නිලංග දෑල මහතා පුද්ගලික ණය ධාරිතාවයෙන් ලංකා බැංකුවෙන් කිසිදු ණය පහසුකමක් ලබාගෙන නොමැති අතර පී.එන්.ඩී. කන්ස්ට්‍රක්ෂන් (පුද්ගලික) සමාගමට ලබා දී ඇති සියලුම ණය පහසුකම් 2021.04.23 දින වන තෙක් විධිමත් ලෙස පියවා ඇති බවටය.
කෙසේ වෙතත් ඉහත ලිපිය සම්බන්ධයෙන් විමසීමට අප ලංකා බැංකුව ප්‍රධාන කාර්යාලයේ ආයතනික සම්බන්ධතා සහකාර සාමාන්‍යාධිකාරීවරයා සම්බන්ධ කර ගත්තා. එහිදී ඔහු සඳහන් කළේ එම ලිපිය අදාළ පාර්ශවයන්ගේ ඉල්ලීම මත ඔවුන් වෙත නිකුත් කරන ලද ලංකා බැංකුවේ නිල ලිපියක් බවයි.
පී.එන්.ඩී. කන්ස්ට්‍රක්ෂන් (පුද්ගලික) සමාගම නමට ලබා ගත් ණය මෙතෙක් විධිමත් ලෙස පියවා ඇති බවයි. අදාළ ආයතනය විසින් කළ ඉල්ලීමකට අනුව එම ආයතනය වෙත මේ සම්බන්ධයෙන් ලිපියක් නිකුත් කළ බවද ඔහු තහවුරු කර සිටියා.
මේ අතර ඉහත වෙබ් අඩවි වාර්තාවේ 2014 වසරේ ලබාගත් ණයක් පිළිබඳව සඳහන් කර තිබු බැවින් මෙසේ පී.එන්.ඩී. කන්ස්ට්‍රක්ෂන් (පුද්ගලික) සමාගව විසින් ණය ගෙවීම පහරහැරීමක් 2014 වසරේ සිදුව එවැනි ණයක් අක්‍රීය ණයක් ලෙස ඉවත් කරේද යන්න අප විමසා සිටි අතර එවැන්නක් ද සිදුවූ අයුරක් වාර්තා වීමක් නොමැති අතර මේ සම්බන්ධයෙන් කලින් නිකුත් කල පරිදි නිල ලිපියක්, අදාළ ආයතනය පෙර පරිදි ඉල්ලීමක් කරන්නේ නම් ඔවුන්ට ලබාදීමට ද කටයුතු කරන බව පවසා සිටියා.
මේ පිලිබඳ අප දළදා මාළිගාවේ මාධ්‍ය අංශයෙන් ද විමසීමක් සිදුකළ අතර ඔවුන් ලංකා බැංකුව විසින් නිකුත් කර තිබු, ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ පළකර තිබු ලිපියේ පිටපතක් අප වෙත යොමු කළා. එම ලිපිය දළදා මාළිගාවේ මාධ්‍ය අංශයයේ අවසරය මත මෙසේ පළකරන්නෙමු.
එසේම 2014 වසරේ පී.එන්.ඩී. කන්ස්ට්‍රක්ෂන් (පුද්ගලික) සමාගමේ ණය සම්බන්ධයෙන් ද පළවී තිබෙන්නේ සම්පුර්ණයෙන්ම අසත්‍ය පුවතක් බව පවසමින් මේ සඳහා ද බැංකුවෙන් ලිපියක් පෙර පරිදි දින කිහිපයක් ඇතුළත ලබාගැනීමට කටයුතු කරන බව පවසා සිටියා. එම ලිපිය ලැබීමෙන් පසුව එම ලිපිය අප වෙත යොමුකරන බවත් පවසා සිටියා.
අදාළ ලංකා බැංකු ලිපිය ලැබීමෙන් පසුව මෙම ලිපිය යාවත්කාලීන කිරීමට ද අප බලාපොරොත්තු වෙමු.
Conclusion (අවසාන නිගමනය) :
මේ අනුව පෙනී යන්නේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සභාපතීත්වය දරණ පී.එන්.ඩී. කන්ස්ට්‍රක්ෂන් (පුද්ගලික) සමාගම විසින් ලංකා බැංකුවෙන් ලබාගත් ණය මුදලක් නොගෙවූ බවට සඳහන් වෙබ් වාර්තා හා සමාජ මාධ්‍ය සටහන් ජනතාව නොමග යවන සුළු සාවද්‍ය සටහන් බවයි.

Title:දියවඩන නිලමේ ලංකා බැංකුවට කොටි 6ක මූල්‍ය වංචාවක් කළාද?
Fact Check By: Sara GunaratneResult: Misleading
