Last updated on February 17th, 2022 at 11:58 am

ජනතා විමුක්ති පෙරමුණ හා එහි තරුණ අංශය පිළිබඳව ව්‍යාජ සහ නොමග යවනසුලු සටහන් මේ දිනවල අන්තර්ජාලයේ පැතිරෙනවා. මේ එවැනි සටහන් සම්බන්ධයෙන් අප විසින් සිදුකල විමසුමක්.
සමාජ ජාලා සටහන්
ෆේස්බුක් පිටුවක් මගින් අන්තර්ජාලයට ඡායාරූපයක් එක්කර තිබුණේ පහත සටහනද සමගින්.
“පවු.ගමේ අහිංසක මිනිස්සු හිතාගෙන ඇත්තේ කැමරා අටෝගෙන බයිස්කෝප් එකක් ශූට් කරනවා කියලා වෙන්න ඇති.”

තවත් සටහනක් මෙතනින්.
එසේම ජවිපෙ තරුණ අංශය සම්බන්ධ කර ගනිමින් තවත් සටහනක් අන්තර්ජාලයට එක්කර තිබුණේ පහත විස්තරයද සමගින්.
“ශ්‍රී ලාංකික අපගේ සහෝදරයෙක් ඝාතනය කිරීමට එරෙහිව නැගී සිටිමු.”
“ප්‍රියන්ත කුමාර ඝාතකයන්ට වහා දඬුවම් කරනු.විරෝධතා රැලිය දෙසැම්බර් 7 ද පස්වරු 3.30 ට .පකිස්තානු තානාපති කාර්‍යාලය ඉදිරිපිටදී. “

මෙම ෆේස්බුක් සටහන්වල නිරවද්‍යතාවය සොයාබැලීමක් කිරීමට අප තීරණය කළා.
Fact Check (සත්‍ය තොරතුරු විමසා බැලීම )
මෙහි පළමු ෆේස්බුක් සටහන පිළිබදව අප මුලින්මසොයා බැලුවා .
අප මෙම සටහනේ ඇති ඡායාරූපය Google Reverse Image Search පරීක්ෂාවකට ලක් කළා.
මෙම ඡායාරූපයේ දක්නට ලැබෙන්නේ මෑතද දී සිදුවීමක් නොව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා 2017 වසරේ මැයි මාසයේ ඇතිවූ ගංවතුර තත්ත්වයකදී ජීවිතාරක්ෂක ඇදුමකින් සැරසී ගංවතුර නිසා විපතට පත් මාතර තිහගොඩ ප්‍රදේශයේ ජනතාවට පිසූ ආහාර ද්‍රව්‍ය සහ වියලි සලාක ලබාදුන් අවස්ථාවකි.
සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ෆේස්බුක් ගිණුම තුළ මෙම ඡායාරූපය තිබෙන ආකාරය අපට දැකගන්නට ලැබුණා.

මීට වසර 4කට ඉහත දී ලබාගෙන තිබු එම ඡායාරූප එකතුවේ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඉහත ඡායාරූපයද තිබුණේ මෙලෙසින්.
සුනිල් හදුන්නෙත්ති හිටපු මන්ත්‍රීවරයාගේ ඡායාරූපයක්ද සමග ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අරමුදල හරහා සිදු කෙරුණු ගං වතුර ආධාර ලබාදීමේ ව්‍යාපෘතිය සම්බන්ධව පුවතක් වාර්තා කර තිබුණේ මෙලෙසින්.
මෙසේ පැරණි ඡායාරුපයක් මෑතක සිදුවීමක් ලෙස පලකිරීම තුළින් මේ දිනවල ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කර තිබෙන “ගමෙන් පටන් ගමු” ව්‍යාපෘතියේ අවස්තාවක් බව පෙන්වීමට ද මේ හරහා උත්සාහයක් ගෙන තිබු බව අනුමාන කළ හැක. සුනිල් හඳුනෙත්ති මහතා මෑතක දී ජවිපෙ විසින් සංවිධානය කර තිබු “ගමෙන් පටන් ගමු” වැඩසටහන් කිහිපයකටම සහභාගී වී තිබු බව ඔහුගේ ෆේස්බුක් පිටුවේ පළවී තිබු අයුරු මෙතනින් සහ මෙතනින්
ඉන්පසුව අප විමසා බැලුවේ ජනතා විමුක්ති පෙරමුණේ තරුණ සංවිධානය මගින් දෙසැම්බර් 7 වැනිදා ප්‍රියන්ත කුමාර මහතාගේ ඝාතනයට එරෙහිව කොළඹ පකිස්තාන මහ කොමසාරිස්/තානාපති කාර්‍යාලය අසල උද්ඝෝෂණ රැලියක් සංවිධානය කර ඇද්ද යන කරුණ පිළිබඳවයි.
අප සමග අදහස් දැක්වූ JVP Youth හි ප්‍රකාශකයෙක් පැවසුවේ, දෙසැම්බර් 7 වන දින ජනතා විමුක්ති පෙරමුණ හෝ එහි තරුණ අංශය විසින් කොළඹ පකිස්තාන මහ කොමසාරිස් කාර්‍යාලය ඉදිරිපිට ප්‍රියන්ත කුමාර ඝාතනයට එරෙහිව උද්ඝෝෂණයක් සංවිධානය කර නොමැති බවයි. එමෙන්ම 7 වැනිදා උද්ඝෝෂනයක් ගැන ප්‍රචාරය කල ෆේස්බුක් පිටුව ජවිපෙට හෝ එහි තරුණ අංශයට සම්බන්ධයක් නොමැති බව සහ JVP Youth නම අවබාවිත කරමින් සැකසූ ව්‍යාජ ෆේස්බුක් පිටුවක් බවත් ඔහු පැවසුවා.
අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.
Facebook | Twitter | Instagram | Google News
Conclusion (අවසාන නිගමනය) :
අපගේ කරුණු විමසුම මගින් තහවුරු වන්නේ, සුනිල් හඳුනෙත්ති මහතාගේ මෑතක දී ලබාගත් ඡායාරුපයක් ලෙස ඉඟි කරමින් පළකර තිබුනේ මෑතකදී ලබාගත් ඡායාරුපයක් 2017 වසරේ ඇතිවූ ගංවතුර තත්ත්වයකදී විපතට පත් ජනතාව අතරට ගොස් ආධාර ලබාදෙන අවස්ථාවකදී ලබා ගත් ඡායාරූපයක් බවයි.
එමෙන්ම දෙසැම්බර් 7 වන දින කොළඹ පකිස්තානු මහ කොමසාරිස්/තානාපති කාර්‍යාලය ඉදිරිපිට ජනතා විමුක්ති පෙරමුණ හෝ එහි තරුණ අංශය විසින් ප්‍රියන්ත කුමාර මහතාගේ ඝාතනයට එරෙහිව උද්ඝෝෂණයක් සංවිධානය කර නැහැ.

Title:ජනතා විමුක්ති පෙරමුණ හා එහි තරුණ සංගමය සම්බන්ධ නොමඟ යවන සුළු සටහන්!
Fact Check By: Kalana KrishanthaResult: Misleading
