ලංකාවේ මේ වන විට කොරෝනා රෝගය සීග්‍රයෙන් පැතිර යන තර පසුගිය අවුරුදු සමයේ ජනතාව නිසි සෞඛ්‍ය පුරුදු අනුගමනය නොකර සිටීම හේතුවෙන් මෙම තත්වය තීව්‍ර වී තිබෙන බවට සෞඛ්‍ය අංශ වෙතින් කරුණු දක්වා තිබුනා. මේ වන විට යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් නිරෝධායන කටයුතු සඳහා හමුදාවේ පූර්ණ දායකත්වය ලබා දෙන අතර කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම වෙනුවෙන් සෞඛ්‍ය අංශ ද වෙහෙස මහන්සි වී කටයුතු කරන ආකාරය අපට පෙනෙන්නට තිබෙනවා.

මේ අතර පසුගිය දා දෙහිඅත්තකන්ඩිය MOH කාර්‍යාලය මගින් කොරෝනා රෝගීන් පිරිසක් නිවෙස් වල සිට තාවකාලික ‍රැඳවුම් මධ්‍යස්ථාන වෙත ගෙන යන ආකාරයේ ඡායාරූප පෙළක් ෆේස්බුක් වෙත එකතු කර තිබුනා. එහි සඳහන් වුණේ, දෙහිඅත්ත කණ්ඩිය අවට ඇති යුධ හමුදා කඳවුරු ඊට සහයෝගය දීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මෙලෙස ප්‍රවාහනය කිරීමට සිදු වූ බවයි. මෙහි සත්‍යතාව සොයා අප විමර්ශනයක් සිදු කළා.

සමාජ මාධ්‍ය සටහන් :

Nayana Sanjeewa නම් අයෙකු ඡායාරූපයේ කතාව ලෙස සඳහන් කරමින් පල කර තිබුනු එම සටහනින් කියවුනේ දෙහිඅත්තකණ්ඩිය ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය, අවට ඇති යුද හමුදා කඳවුරු සියල්ල විසින් COVID 19 Positive රෝගීන් ප්‍රවාහනය කිරීම සඳහා කිසිම සහයෝගයක් ලබා නොදීම හේතුවෙන් රාත්‍රිය පුරා නිවාස වල සිටින රෝගීන් 60 ක් පමණ MOH කැබ් රථයේ පිටුපස නංවාගෙන තාවකාලික රැඳවුම් මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කිරීමට සිදු වූ බවයි.

ඉතාම භයානක ලෙස අනුමාන කරන මෙම COVID රැල්ල ආරම්භයේම රාජ්‍ය ආයතන සෞඛ්‍ය අංශ වෙත දක්වන සහයෝගය මෙසේ නම් ඔබගේ අපගෙ අනාගතය කෙතරම් අවදානම් ද ලෙස ප්‍රශ්න කරමින් මෙම සටහන් ඡායාරුප පෙළක් ද සමඟ පළ කර තිබුනා.

Facebook | Archived

මෙම සටහන තවත් බොහෝ දෙනෙක් ෆෙස්බුක් ඔස්සේ හුවමාරු කරගෙන තිබුනා.

Facebook Archived

Facebook Archived

යුධ හමුදාව ඇතුලු රාජ්‍ය ආයතන මේ ආකාරයට සේවාවන් ලබා දීම ප්‍රතික්ෂේප කර ඇති බවට පැවසෙන මෙම සිදුවීම පසුපස සැබෑ තොරතුරු කවරේදැයි තොරතුරු සොයා බැලීමට Fact Crescendo අප තීරණය කළා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

මෙම සිදුවීම සම්බන්ධයෙන් MOH Office Dehiattakandiya ෆේස්බුක් පි‍ටුවේ පළවූ නිවේදනයක වැඩිදුර විස්තර ලබාදී තිබුණා.

Facebook Archived

ඒ අනුව රෝගීන් ගෙන යාම සඳහා අදාල වාහන සොයාගැනීමට නොහැකිවීම හදිසියේ මධ්‍යම රාත්‍රියේ යුධහමුදාව වෙත නිසි පරිදි අදාල පණිවුඩය සන්නිවේදනය කර ගැනීමට නොහැකිවීම නිසා හා, අදාල අවස්ථාවට පැමිනි ලංගම සහ වෙනත් පුද්ගලික වාහන වල සිවිල් රියදුරන් විසින් එම රෝගීන් ප්‍රවාහනය කිරීම ප්‍රතික්ෂේප කිරීමත් නිසා සිදුවූ තත්වයක් බව එම නිවේදනයේ සඳහන්

එසේම ඉහත සිදුවීම සම්බන්ධයෙන් හුවමාරු වන සටහන් හේතුවෙන් ශ්‍රී ලංකා යුධ හමුදාවට හෝ කොවිඩ්19 මර්ධන බලකා ප්‍රධානී, යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාට යම් අපහසුතාවයක් සිදුවී නම් ඒ වෙනුවෙන් දෙහිඅත්තකන්ඩිය මහජන සෞඛ්‍ය කාර්‍යාලය කණගාටුව පල කරන බවත් එම සටහනේ දක්වා තිබුනා.

මෙම සිදුවීම සම්බන්ධව වැඩිදුර තොරතුරු ලබාගැනීමට අප දෙහිඅත්තකන්ඩිය මහජන සෞඛ්‍ය කාර්‍යාලයේ ප්‍රධාන නිලධාරියෙක් සම්බන්ධ කර ගත්තා. එහිදී මේ ආකාරයේ සිදුවීමක් සිදුව තිබු බවත් ඔවුන් නිවේදනයේ පළකර තිබු පරිදි මැදියම් රැයට ආසන්නව එම තත්ත්වය ඇති වීම හේතුවෙන් රෝගීන් ප්‍රවාහනය කිරීමට අනෙකුත් රාජ්‍ය ආයතන සම්බන්ධ කර ගැනීමේ අපහසුතාවයක් ඇතිව තිබීම හේතුවෙන් රෝගීන් ප්‍රවාහනය කිරීමට MOH සතු කැබ් රථය භාවිතා කිරීමට සිදු වුන බව ඔහු ප්‍රකාශ කළා.

ඒ අනුව මෙම සිදුවීම සන්නිවේදන දුර්වලතා නිසා සිදුවූ සිදුවීමක් බව පෙනී යනවා. තවදුරටත් එතුමා අප සමඟ කරුණු දක්වමින් පවසා සිටියේ මෙම ගැටළුකාරී තත්වක පැය 2-3 පමණක් තිබු බවත් ඉන්පසුව තත්වය නිරකරණය කර ගැනීමට හැකි වූ බවත්ය. එසේම සිදු වූ අපහසුතා මග හරවාගනිමින් නියමිත ආකාරයට යුධ හමුදාවේ මැදිහත්වීමෙන් රෝගීන් ප්‍රවාහනයට ඉන්පසුව කටයුතු සිදු කර ඇති බවට අපට දැනගන්නට ලැබුනා.

මේ පිළිබඳව අප යුධ හමුදවේ මාධ්‍ය අංශයෙන් ද විමසීමක් සිදුකළ අතර එහිදී පවසා සිටියේ ද ඉහත පරිදි නිසි අංශ වෙත මෙම කරුණු සන්නිවේදනය වී තිබුනේ නැති බවත් කෙටි වේලාවක දී ඇතිව තිබු ගැටළුකාරී තත්වය නිරාකරණය කල බවත්ය.

මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක් ද සිදුකරමින් යුද හමුදාපතිතුමා තවදුරටත් පවසා සිටියේ Covid-19 ආසාදිතව තවමත් නිවාසවලට වී සිටින්නේ නම්, 1906 කෙටි දුරකතන අංකයට අමතන්න. එම පුවත මෙතනින්

Conclusion (අවසාන නිගමනය)

ඉහත කරුණු අනුව අපට පෙනී යන්නේ දෙහිඅත්තකන්ඩියේ කොරෝනා ආසාදිත රෝගීන් පිරිසක් ප්‍රවාහනය කිරීමට කැබ් රථයක් භාවිතා කල පුවත සත්‍යක් වන නමුත් සමාජ මාධ්‍ය වල පලව ඇති පරිදි අවට ඇති යුද හමුදා කඳවුරු සියල්ල විසින් COVID 19 රෝගීන් ප්‍රවාහනය කිරීම සඳහා කිසිම සහයෝගයක් ලබා නොදීම නිසා මෙවැනි කටයුත්තක් සිදුව ඇති පුවත නොමඟ යවන සුළු අසත්‍ය පුවතක් බවයි.

දෙහිඅත්තකන්ඩියේ MOH කාර්යාලව විසින් පවසා සිටි පරිදි මැදියම් රාත්‍රියේ කොරෝනා ආසාදිත රෝගීන් පිරිසක් රැඳවුම් මධ්‍යස්ථාන වෙත යැවීම සඳහා යුධ හමුදාවේ අදාළ අංශ සමඟ නිසි පරිදි සන්නිවේදන කටයුතු කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් මෙම තත්වය උද්ගත වී තිබු අතර කෙටි කාලයකදී නිරාකරණය වී තිබු බවයි.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Avatar

Title:දෙහිඅත්තකන්ඩියේ කොරෝනා රෝගීන් කැබ් රතයක පසුපස ‍රැගෙන ගිය පුවතේ සැබෑ කතාව!

Fact Check By: Sahan Perera

Result: Misleading