වහාම ක්‍රියාත්මක වන පරිදි පාම් ඔයිල් ආනයනය සම්පූර්ණයෙන් තහනම් කිරීමට ජනාධිපති ‍ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දුන් බවද ජනාධිපති ලේකම් විසින් ආනයන අපනයන පාලක වෙත දැනුම් ඒ බව දැනුම් දුන් බවට ජනාධිපති මාධ්‍ය අංශයෙන් පසුගියදා නිවේදනයක් නිකුත් කරනු ලැබුවා.

එහි උණුසුම මැකෙන්නටත් කලින් පාම් ඔයිල් තහනම ඉවතට යනුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් හුවමාරු වුණා. මෙහි නිරවද්‍යතාවය සෙවීමට අප කළ විමසුම පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

JUST IN NEWS නම් ෆේස්බුක් පිටුවේ දැක්වුණේ, “ෆාම් ඔයිල් තහනම ඉවතට” යනුවෙන් සඳහන් කළ ඡායාරූපයක් දක්වමින්

“මෙරට පාම් තෙල් ආනයන තහනම ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ.

වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරන්නේ මැලේෂියා හා ඉන්දුනීසියා තානාපතිවරුන් තමන් අමතා අදාල තහනම සම්බන්ධයෙන් විරෝධය පළ කර බවයි.

එම තහනම ලෝක වෙළඳ සංවිධානයේ එකගතා උල්ලංඝනය කිරීමක් බව ද තානාපතිවරුන් දෙදෙනා සඳහන් කළ බව ඇමතිවරයා සඳහන් කළේය.

ඒ අනුව ගුණාත්මක සහ පිරිසිදු පාම් තෙල් ආනයනය කිරීමට අවසර දීමට ශ්‍රී ලංකාව එකඟ වූ නිසා තත්ත්වය සමථයකට පත් වූ බව ද ඇමතිවරයා සඳහන් කළේය.” යනුවෙන් සටහන් කර තිබුණි.

Facebook | Archived Link

පාම් ඔයිල් තහනම ඉවතට යනුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් රැස්ක් හුවමාරු වුණේ මෙලෙසිනි.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

පාම් ඔයිල් තහනම සම්බන්ධයෙන් පසුගියදා ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිකුත් කළ නිවේදනයෙන් පසු දින සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පාම් ඔයිල් තහනම සම්බන්ධයෙන්‍ මාධ්‍යෙව්දීයෙකු ඇසූ පැනයට පිළිතුර ලබා දෙමින් පැවසුවේ ගැසට් පත්‍රිකාව සම්බන්ධව අපෙත් විවිධ මත තියෙනවා. “බොහෝ දුරට යම් යම් වෙනස්කම් වෙන්නට පුළුවන්," යනුවෙනි. එම වීඩ්යෝව පහතින්.

කෙසේ වෙතත් එම අංශයෙන් නැවතත් නිවේදනයක් නිකුත් කරනු ලැබුවා එහි දක්වා තිබුණේ, වහාම ක්‍රියාත්මක වන පරිදි පාම් ඔයිල් ආනයනය සම්පූර්ණයෙන් තහනම් කිරීමට ජනාධිපතිවරයා තීරණය කළේ, ආනයනික පාම් ඔයිල් පරිභෝජනය මහජන සෞඛ්‍යට හානිකර බැවිනි. නමුත් සම්මත ප්‍රමිතියෙන් යුත් පාම් ඔයිල් ප්‍රභේද, බිස්කට්, රසකැවිලි සහ ඇතැම් පාන් වර්ග නිෂ්පාදනය සඳහා භාවිතා කරන මේ ප්‍රභේදය ( 1511.90.10 සුසංගත කේතාංකය (Harmonized System Code)ආනයනයට කිසිදු බාධාවක් නැති බව එම නිවේදනයේ දැක්වුණි.

ඉන් පසුව පසුගිය 03 වනදා වෙළඳ අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, මැලේසියානු මහකොමසාරිස් හා ඉන්දුනීසියානූ තනාපති සහ වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අතර හමුවකදී මෙරට ෆාම් ඔයිල් ආනයනය කිරීම සඳහා පනවා ඇති තහනම සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවයි.

එහිදී අදහස් දක්වමින් බන්දුල ගුණවර්ධන මහතා පවසා ඇත්තේ, මෙරට කර්මාන්ත සඳහා යෙදවුමක් ලෙස අවශ්‍යතාවය පවතින ගුණත්වයෙන් ඉහළ හා ලෝක ප්‍රමිතීන්ට අනුකූලව වන පිරිපහදු කළ ෆාම් ඔයිල් ගෙන්වීම සඳහා රජය විසින් ක්‍රියාමාර්ග ගන්නා බවයි.

ඒ අනුව ආනයන අපනයන පාලක හරහා මෙරට කර්මාන්ත සඳහා යෙදවුමක් වශයෙන් ගෙන්වීමට අවශ්‍යතාවය පවතින ගුණත්වයෙන් ඉහළ හා ලෝක ප්‍රමීතීන්ට අනකූලව වන පිරිපහසු කළ ෆාම් ඔයිල් ආනයනය කිරීම සඳහා දේශීය ව්‍යවසායකයන්ට බලපත්‍රයක් ලබා දීමට නියමිත බව අමාත්‍යවරයා එහිදී සඳහන් කළ බව නිවේදනයේ වැඩි දුරටත් දක්වා තිබුණා.

එම නිවේදනය පහතින්.

පාම් ඔයිල් ආනයන තහනම ඉවත් කර ඇත්දැයි අප වෙළඳ අමාත්‍යාංශයෙන් විමසීමක් කරා. එහිදී ඔවුන් සඳහන් කළේ, තහනම ඉවත් කර නොමැති බවත්, පිරිපහදු කළ පාම් ඔයිල් පමණක් මෙරට කර්මාන්ත සඳහා යෙදවුමක් වශයෙන් බලපත්‍ර සහිත ව්‍යවාසයකයින්ට ආනයනය කිරීමට අවසර දීමක් පමණක් සිදුවන බවයි.

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වුණ ඉහත සටහනේ ගුණාත්මක සහ පිරිසිදු පාම් තෙල් ආනයනය කිරීමට අවසර දීමට ශ්‍රී ලංකාව එකඟ වූ බව සටහනේ ඇතුළත ශීර්ෂයේ සඳහන් කළත් ඒ සඳහා යොදා තිබූ ඡායාරූපයේ දැක්වුණේ ෆාම් ඔයිල් තහනම ඉවතට යනුවෙනි.

Conclusion (අවසාන නිගමනය) :

ඒ අනුව මෙරට පාම් තෙල් ආනයන තහනම ඉවත් කිරීමට රජය තීරණය කර ඇති බවට සඳහන් සටහන් හේතුවෙන් නැවත පාම් ඔයිල් ගෙන්වීමට අවසර දුන් බවට අනවබෝධයක් සමාජය තුළ ඇතිවේ. නමුත් ගුණාත්මක සහ පිරිසිදු පාම් තෙල් මෙරට කර්මාන්ත සඳහා යෙදවුමක් වශයෙන් බලපත්‍ර සහිත ව්‍යවාසයකයින්ට පමණක් ආනයනය කිරීමට අවසර දී තිබේ. ඒ අනුව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් මගින් ජනතාව නොමග යැවීමට කටයුතු යොදා තිබුණා.

Avatar

Title:පාම් ඔයිල් තහනම ඉවතට ?

Fact Check By: Sara Gunaratne

Result: Misleading