
බුරුමයෙහි රහතන් වහන්සේ නමක් පිරිණිවන් පාන බවට පවසමින් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ වීඩියෝවක් පසුගිය දිනවල සංසරණය වුණා.
එම වීඩියෝව මේ වන විට දේශීය හා විදේශිකයින් විශාල පිරිසක් අතරද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණ වී තිබුණ අතර බොහෝ පිරිසක් මෙම වීඩියෝවෙන් දැක්වෙන පරිදි පිරිනිවන් පෑම වූවානම් නැවත ජීවය ලැබෙන්නේ කෙලෙසද යන්න ඇතැමුන් ප්‍රශ්න කර සිටිනු අපට දැකගන්නට ලැබුණා. ඒ හේතුවෙන් මෙහි සත්‍ය සොයා අප විමර්ශනයක් ඇරඹුවා.
සමාජ මාධ්‍ය සටහන් :
“බුරුමයෙහි සැබැවින්ම රහතන් වහන්සේ නමක් පිරිණිවන් පාන බවට දක්වන අලුත්ම දසුනක්.” යනුවෙන් සඳහන් කරමින් මෙම වීඩියෝව Priyanga Pushpakumara Priyan Gems නම් අයෙක් ෆේස්බුක් ගිණුම වෙත එක් කර තිබුණේ මෙලෙසිනි. මෙම වීඩියෝන 3000කට අධික ප්‍රමාණයක් අතර සංසරණය වී තිබුණා.
එමෙන්ම මෙම වීඩියෝව මියන්මාර වැසියන් අතරද සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වුණේ මෙලෙසින්.

එමෙන්ම මෙම වීඩියෝව මෙරට බොහෝ යූ ටියුබ් නාලිකා වලද දක්වා තිබුණේ බුරුමයේ රහතන් වහන්සේ නමක් පිරිණිවන්පාන ආකාරය යනුවෙන් සඳහන් කරමිනි. එම වීඩියෝ මෙතනින්, මෙතනින්, සහ මෙතනින්.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)
අප මේ සම්බන්ධයෙන් කළ මූලික විමර්ශන වලදී දැකගැනීමට හැකි වූයේ සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි වශයෙන් සංසරණය වී තිබුණේ සම්පූර්ණ වීඩියෝවක කොටසක් පමණක් බවයි. එම මුල් වීඩියෝවේ පිරිනිවන් පානවා යැයි සඳහන් කළ ස්වාමින් වහන්සේ නැවත ජීවය ලැබෙන බවද පෙන්නුම් කෙරෙයි. බුද්ධ දර්ශනයට අනුව ද පරිනිර්වාණය කළ හිමිනමක් මේ ආකාරයට නැවත ජීවය ලබන බවක් සඳහන් වන්නේ නැහැ. සම්පුර්ණ වීඩියෝව මෙතනින්.
එහි දක්වා ඇත්තේ ගින්නකට හසු වූ (රෝගී තත්වයකට මුහුණ පා සිටි) ස්වාමීන් වහන්සේ නමක් යනුවෙනි. සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී වීඩියෝව සම්බන්ධයෙන් පළ වූ කමෙන්ටුවක ද එම අදහස් දක්වා තිබෙනු දැක ගන්නට ලැබුණා.

“එමෙන්ම බුරුමයේ රහතන් වහන්සේ නමක් පිරිනිවන් පෑවා යැයි ප්‍රචාරය වුු විඩියෝවේ සත්‍ය කථාව” යනුවෙන් Damnada Youtube නාලිකාව මගින් පූජ්‍ය ලියන්වෙල සුදස්සි හිමියන් පවසා සිටියේ යම්කිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් බුරුමයේ මෙහි දැක්වෙන හිමිනමට ප්‍රතිකර්මයක් කිරීමක් සිදු කරන ආකාරයක් බවට මෙමගින් පෙන්නුම් කෙරෙන අතර එය පිරිනිවන් පෑමක් නොවන බවයි.
මෙම වීඩියෝවේ සම්පූර්ණ වීඩියෝව වෙනුවට එහි කොටසක් පමණක් සමාජ මාධ්‍ය වෙත මුදා හැරීම තුළින් මෙම අනවබෝධය මිනිසුන් තුළ ඇති වී තිබෙන බව මගින් පූජ්‍ය ලියන්වෙල සුදස්සි ස්වාමීන් වහන්සේ පැවසූහ. එම වීඩියෝව පහතින්.
තවද Sri Paññā නම් ස්වාමීන් වහන්සේ නමක් විසින්ද පිරිනිවන් පෑ බුරුම ස්වාමීන් වහන්සේ යනුවෙන් සඳහන් කර තිබූ හෙයින් ඒ සම්බන්ධයෙන් පළ කළ සටහනක් පහතින්.
ඇතැම් බෞද්ධ YouTube නාලිකාවල මෙම වීඩියෝවේ සඳහන් වන්නේ සත්‍යක්‍රියාවක් බවට සඳහන් කර තිබුණේ මෙලෙසිනි. එලෙස සඳහන් කළ තවත් වීඩියෝවක් මෙතනින් සහ මෙතනින්.
මෙවැනි සාම්ප්‍රදායික ක්‍රියාවක් මියන්මාරයේ තිබේ දැයි අප Factcrescendo මියන්මාර් කණ්ඩායමෙන් ද විමසා සිටි අතර මෙය සුලභ ලෙස දක්නට ලැබෙන දෙයක් නොවන බවත් බොහෝවිට අධ්‍යාත්මික ක්‍රියාවක් වශයෙන් හුවමාරු වී ඇති බවත් පවසා සිටියා.
Conclusion (අවසාන නිගමනය) :
ඒ අනුව පෙනී යන්නේ, බුරුමයේ ස්වාමීන් වහන්සේ නමක් පිරිනිවන් පාන අයුරු යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝවේ නොමඟ යවන සුළු සහ අසත්‍ය වීඩියෝවක් බවයි.
සම්පූර්ණ වීඩියෝව වෙනුවට වීඩියෝ පටයක කොටසක් පමණක් යොදාගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබු දර්ශන පෙළක් හේතුවෙන් මෙසේ ජනතාව නොමග ගොස් තිබුණි. එම සම්පූර්ණ වීඩියෝවේදී පිරිනිවන් පෑ බව පැවසෙන ස්වාමින් වහන්සේ නැවත නැගිටන ආකාරයක් දැක්වේ.

Title:බුරුම ස්වාමීන් වහන්සේ නමක් සත්‍ය වශයෙන්ම පිරිනිවන් පෑ දර්ශන පෙළක් ද?
Fact Check By: Sara GunaratneResult: Misleading
