දිවයින පුරා සංචරණ සීමා පනවා පිරිස් ඒකරාශීවීම් තහනම් කර ඇති වාතාවරණයකදී රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ මැදිහත්වීමෙන් ක්‍රිකට් තරඟාවලියක් පැවැත්වූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විවේචනයක් එල්ල වුණා.

රාජ්‍ය අමාත්‍ය ජීවන් තොන්ඩමණ් මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රිකට් තරඟාවලියක් පැවැත්වූ බවට සිය ෆේස්බුක් ගිණුමේ පළ කිරීම තුළින් මෙම අනවබෝධය ඇති වී තිබුණා. මෙහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනය පහතින්.

සමාජ මාධ්‍ය සටහන්:

රට වසා තිබියදී ඇමති ජීවන් තොණ්ඩමන් ක්‍රිකට් තරඟාවලියක් පවත්වලා” යන තේමාවෙන් ජුනි මස 06 වැනිදා අමාත්‍ය ජීවන් තොන්ඩමණ් මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රිකට් තරඟාවලියක් පැවැත්වූ බවට පළවූ පහත සටහනේ දක්වා තිබුනේ කොටගල CLF ක්‍රීඩා පිටියේදී ලංකා කම්කරු කොන්ග්‍රසයේ කාන්තා අංශයේ සාමාජිකාවන් අදාළ තරඟාවලියට සහභාගී ඇති බවයි.

එම සම්පුර්ණ සටහන පහතින්.

Facebook | Archived

වෙබ් අඩවි කිහිපයක් ද මෙම පුවත වාර්තා කර තිබූ අතර එවැනි එක් අවස්ථාවක් පහතින්.

FB | Archived

ට්විටර් ඔස්සේ ද මේ පිළිබඳ කතිකාවතක් ඇතිවී තිබු අතර මේ පිළිබඳ වැඩිදුර සොයා බැලීමකින් තොරව සටහන් පළකර තිබු ඇතැම් පිරිස් පසුව එම සටහන් ඉවත් කරගෙන හෝ නිවැරදි කරගෙන තිබු ආකාරයක් ද දැක ගන්නට ලැබුණා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

කෙසේවෙතත් මෙම සටහන් සඳහා මුල් වී තිබුනේ ජීවන් තොන්ඩමණ් විසින් ජුනි මස 06 වැනිදා පළකර තිබූ ෆේස්බුක් සටහනක් බැවින් අප ඒ පිළිබඳව විමසා බැලුවා. සිංහල සහ දමිළ භාෂාවන් ගෙන් පළවී තිබු එම සටහනේ සිංහල විස්තරය පහතින්.

මාගේ ප්‍රධානත්වයෙන් කොටගල CLF ක්‍රිඩා පිටියේදී ලංකා කම්කරු කොන්ග්‍රසයේ කාන්තා අංශය විසින් සංවිධානය කරනු ලැබු කාන්තා සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලියක් පැවැත්විනි.

මෙම තරගාවලියට සහභාගීවූ සියලුම කණ්ඩායම්වලට මා විසින් ත්‍යාග පිරිනමන ලදි.

#cwc #jeevanthondaman #throwback #நினைவுகள்

https://www.facebook.com/jthondaman/posts/2051754591630948?__cft__[0]=AZU1UUi5_QzF0khRso6Cuh6IelQb36-fjpS16ygjim9rs--xZSk4DYij_0ZlpApcTZc5ZhX3ZqpVGyANZnbokVUMCOdLdZ06sbVldMn3FJWDbndsq3PpjLL70ZlHhGkHhng6Bw6sIVzeHqopS0jx6uav&__tn__=%2CO%2CP-R

Facebook | Archived

කෙසේවෙතත් මෙම සටහන් හේතුවෙන් බොහෝ පිරිසක් නොමඟ ගොස් තිබුනේ එම සටහනේ මෙම තරඟාවලිය පැවැත්වූ දිනය පිළිබඳ විශේෂ සඳහනක් සිදු නොකර තිබුණු බැවින්ය. ඒ වෙනුවට මුල් සටහන (පෙ.ව.7.30) පළ කොට පැය හතරකට පසුව (පෙ.ව.11.40)“#cwc #jeevanthondaman #throwback #நினைவுகள்”යන කොටස් එකතු කරමින් මෙය මීට පෙර සිදුවූ අවස්ථාවක් බව අදහසක් ලබාදී තිබූ බවක් ද අපට පෙනී ගියේ එම සටහනේ සිදුවූ සංස්කරණයන් පරීක්ෂා කිරීමේ දීය.

මේ වන විට මුල් සටහන ඉවත් කරගෙන තිබු ට්විටර් පණිවුඩයක ප්‍රතිචාරයේ ද එම කරුණ පෙන්වා දී තිබුණේ මෙලෙසින්.

මේ අවස්ථාව සම්බන්ධයෙන් පළවූ පුවත් වාර්තා පරීක්ෂා කිරීමට ද අප කටයුතු කළා.

ලංකා කම්කරු කොන්ග්‍රසයේ තරුණ පිරිස් මඟින් පවත්වාගෙන යනු ලබන ෆේස්බුක් පිටුවක ද ඉහත විස්තරයම ඊයේ දිනයේ පළකර තිබුනේ මෙලෙසින්. නමුත් එහි #Throwback #මතකයන් #நினைவுகள் ලෙස දක්වා තිබුනේ පසුගිය මාර්තු මස 27 වැනි දින පළවූ මෙම සටහනේ උපුටා දැක්වීමක්. එහි දැක්වුණේ ලංකා කම්කරු කොන්ග්‍රසයේ කාන්තා දින සැමරුම් යනුවෙන් වන අතර එහි මේ දිනවල කතාබහට ලක්වී තිබෙන සටහනේ දැක්වෙන ඡායාරූප ද දැක ගන්නට ලැබෙනවා.

මේ අනුව එම කාන්තා ක්‍රිකට් තරඟාවලිය සහ ත්‍යාග බෙඳා දීමේ කටයුතු වර්තමාන සංචරණ සීමා ඇතිවීමට පෙර එනම් පසුගිය මාර්තු මස අග සිදු වී තිබෙන බව පෙනී යනවා. ජීවන් තොන්ඩමණ් මහතාගේ ෆේස්බුක් පිටුවේ ද එය මාර්තු මස 27 වාර්තා කර තිබුනේ මෙලෙසින්

https://www.facebook.com/jthondaman/posts/1993099714163103?__cft__[0]=AZWxJMCPYQfqOJADLKdt-HTb-4tuPSQNNToiXSSyh8DZZhrvJfEW-CGW_LfXN5OsMkB_TtbbIqOnNz2jbCq4AcD3fQKZa4vncJyaOfCA8TxS5ONGHSMe6XBIEMavOBmEkgnhVJoUN4zbRnFxB1x0rYh0&__tn__=%2CO%2CP-R

Facebook

මේ සම්බන්ධෙන් දමිළ මාධ්‍ය කිහිපයක් ඔස්සේ ද පුවත් වාර්තා වී තිබුනේ පහත අයුරින්.

https://www.facebook.com/1517265751884836/posts/2912056845739046

velaiththalam.lk | kaluguparvai.com

මෙම වාර්තා වල ද මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ඡායාරුප පෙළ දැක ගන්නට ලැබුණා.

කොටගල ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක තුමාගෙන් ද අප මෙවැනි කිසියම් හෝ සිදුවීමක් පසුගිය දින කිහිපයේ දී සිදුවුණි දැයි විමසා සිටි අතර එහිදී පවසා සිටියේ සංචරණ සීමා පනවා ඇති කාල සීමාවේ මෙවැනි සිදුවීමක් එම ප්‍රදේශයෙන් වාර්තා වුණේ නැති බවයි.

කෙසේ වෙතත් මාර්තු මස පලවී තිබූ සටහන් වල ක්‍රිකට් තරඟාවලිය පිළිබඳ විශේෂයෙන්ම සඳහන් නොවී තිබුණ බැවින් මේ පිළිබඳ නැවත ඡායාරුප ඇතුළු සටහනක් පළකලා යයි අනුමාන කළ හැක. එසේනමුත් එහිදී එම කටයුත්ත සිදුවූ මුල් දිනය හෝ එම අවස්ථාවට සබැඳි සටහනක් සමඟින් මෙවැනි සංචරණ සීමා සහ පුද්ගල එකතුවීම් තහනම් කර තිබෙන වාතාවරණයක දී පළකලේ නම් මෙම සටහන් හේතුවෙන් සිදුව තිබු අනවබෝධය මඟ හැර ගැනීමට හැකිව තිබු බව පෙනී යනවා.

Conclusion (අවසාන නිගමනය)

ඒ අනුව පෙන්වා දිය හැක්කේ සංචරණ සීමා පනවා ඇති වකවානුවේ අමාත්‍ය ජීවන් තොණ්ඩමන්ගේ මැදිහත් වීමෙන් පැවත් වූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණ වූ ක්‍රිකට් තරඟාවලිය ඇත්ත වශයෙන්ම පසුගිය මාර්තු මාසයේ දී (සංචරණ සීමා පනවා තිබුනේ නැති අවධියේ) පැවැත්වූවක් බවයි.

මෙලෙස අනවබෝධයට මුල් වී තිබුණේ, අමාත්‍යවරයාගේ ෆේස්බුක් පිටුවේ දිනයක් සඳහන් නොකරමින් තමන්ගේ මූලිකත්වයෙන් පැවැත්වූ ක්‍රිකට් තරඟයක් බවට ඡායාරූප ඇතුළත් සටහනක් එකතු කර තිබීමයි.

Avatar

Title:සංචරණ සීමා අතරතුර අමාත්‍ය ජීවන් තොන්ඩමණ්ගේ ප්‍රධානත්වයෙන් ක්‍රිකට් තරඟාවලියක් පැවැත්වූවාද?

Fact Check By: Sahan Perera

Result: Misleading