මැදපෙරදිග කලාපයේ රටවල් සාමාන්‍යයෙන් උෂ්ණාධික රටවල් ලෙස සැලකෙනවා. ඒ අතරින් කුවේට් රාජ්‍ය උපනිවර්තන කාන්තාර දේශගුණයක් පවතින අතර සාමාන්‍යයෙන් වසර පුරා හිරු එළිය හොඳින් වැටෙන රටක් ලෙස ද, සැළකේ.

මේ අතර කුවේටයේ රස්නය අධික කාලයක බව හඟවමින් ඡායාරූප කිහිපයක් ලංකාවේ සමාජ මාධ්‍ය ඔස්සේ නැවත වරක් හුවමාරු වී තිබෙනු අපට නිරීක්ෂණය වුණා. ඒ පිළිබඳ අපගේ විමර්ශනය පහතින්.

සමාජ මාධ්‍ය සටහන්:

“කොහොමද කුවේට් වල රස්නේ...🥵 අද සෙල්සියස් 73°C ක් 🌞🌞🌞🌞” යන තේමාවෙන් Machan Api Dubai- මචං අපි ඩුබායි නම් ෆේස්බුක් පි‍ටුවක් විසින් පළකර තිබු සටහනක ඒ බව පෙන්වීමට මෙන් ඡායාරුප පෙළක් ද එකතු කර තිබුණා.

එම ඡායාරූප වල වාහන කොටස් දියවී තිබූ අතර බිත්තරයක් පිපිරී ඇති අයුර , සිග්නල් සංඥා පුවරු වල ප්ලාස්ටික් උණු වී ඇති ආකාරය වැනි දර්ශන ද පෙන්වා තිබුණා.

Facebook | Archived Facebook | Archived

එමෙන්ම වෙනත් භාෂාවෙන්ද කුවෙට්හි දැඩි උෂ්ණත්වය නිසා සිදුවූ අවස්ථාවන් බවට දක්වා තිබූ Twitter පණිවිඩයක් පහතින්.

https://twitter.com/Mahttmsr/status/1411757893267902465

Archived Link

මෙහි දැක්වෙන්නේ කුවේටයේ පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් වාහන කොටස් සහ අනෙකුත් දෑ උණු වී දියව ගොස් තිබු අවස්ථාවක ලබාගත් ඡායාරුප පෙළක් දැයි වැඩිදුරටත් සොයා බැලීමට අප තීරණය කළා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

මෙහි ඇති මුල් ඡායාරූපය වන වාහනයක ඡායාරූපය ' ගූගල් රිවර්ස් ඉමේජ් ' වෙත යොමු කර එහිදී ලැබෙන ප්‍රතිපල අප විශ්ලේශනයට ලක් කරනු ලැබුවා.

මෙම මුල් ඡායාරුපය මීට පෙර අවස්ථා ගණනාවක දී ලොව පුරා හුවමාරු වී තිබු අතර ඒ පිළිබඳ ව දීර්ඝ විග්‍රහයක් අප Fact Crescendo කණ්ඩායම සිදුකර තිබූ අතර ඒ පිළිබඳව 2019 වසරේ දී ඉංග්‍රීසි බසින් සිදුවූ කරුණු අනාවරණය මෙතනින්.

මෙසේ වාහන වල පසුපස කොටස් උණුවී තිබූ වාහන සහිත ස්ථානය සහ සිද්ධිය එහිදී තහවුරු කරගෙන තිබුනේ 2018 වසරේ ජූනි මස ඇමරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේ ටස්කොන් නම් ප්‍රදේශයේ ඉදිකිරීම් කරන ස්ථානයක සිදු වූ හදිසි ගින්නක් ලෙසින්.

මේ ආකාරයට ඇරිසෝනා ප්‍රාන්තයේ ඇති වූ ගිනිගැනීම පිළිබඳව සම්පූර්ණ ඡායාරූප සටහනක් tuscon.com වෙබ් අඩවිය වාර්තා කර තිබුණා.

tuscon.com | Archived

සිසුන් හට ඉදි කරන ලද මෙම නිවාස සංකීර්ණයේ හටගත් ගින්නෙන් විශාල හානියක් සිදුව ඇති බව මෙම වාර්තාවේ වැඩි දුරටත් සඳහන්ව තිබුණා.

මෙම සිදුවීම පිළිබඳව තවත් වාර්තාවක් පහතින්.

kold.com | Archived

මෙම සිදුවීම සිදුවන අවස්ථාවේ ගත් වීඩියෝ පටයක්ද අපට දැකගන්නට ලැබුනු අතර එම වීඩියෝව පහතින්.

Facebook

ඉහත සටහනේ දක්වා තිබු දෙවන ඡායාරුපය වන වීදියක පෙනෙන්නට තිබෙන බිත්තරය 2014 වසරේ සිට හුවමාරු වන සටහනක් බව අපට මෙසේ දැක ගන්නට ලැබුණා. කෙසේනමුත් එය කුමන ප්‍රදේශයක ද යන්න නිශ්චිතව ම දක්වා තිබුනේ නැති නමුත් පසුබිමේ Kuwait Towers දැක ගන්නට පුළුවන්.

කුවේට්හි දී අධික උෂ්ණත්වය වාර්තා කිරීමට මෙම ඡායාරූපය අවස්ථා කිහිපයක දීම යොදාගෙන තිබු බව ද පුවත් වාර්තා පරීක්ෂා කිරීමේ දී අපට දැක ගන්නට ලැබුණා. 2016 වසරේ දී පලවී තිබු පහත වාර්තාවෙන් දැක්වුණේ උෂ්ණ අධිකම දිනයක් පිළිබඳවයි.

GreenNews.ie Kuwaitlocal.com Thesun.com | Archived

මෙය කුවේට් හි වාර්තා වූ වැඩිම උෂ්ණත්වය ලෙස ද එක් වර්තාවක දක්වා තිබුණා.

තෙවන ඡායාරූපය සම්බන්ධයෙන්ද අප Reverse Image සෙවුමක් සඳහා යොමු කළ අතර, එම ඡායාරූපයේ නිශ්චිත මූලාශ්‍රයක් ‍ සොයාගත නොහැකි වූ නමුත් එය 2019 සිට සමාජ මාධ්‍යවල සංසරණය වී තිබුණා. Chtoukapress නම් කුවෙට්හි වෙබ් අඩවියකට අයත් ෆේස්බුක් පිටුවක Al-Sukhouniya, Lord, safety යනුවෙන් සඳහන් වූ ෆේස්බුක් සටහනක කුණු බාල්දියක් නැවී ගිය ඡායාරූපයක දක්වා තිබූ අතර එහි ඉංග්‍රීසි පරිවර්ථනය වන්නේ ‘The heat, my Lord, safety’යනුවෙනි. 'අධික උෂ්ණත්වය, මගේ ස්වාමීනි, ආරක්ෂාව' යනුවෙන් සිංහල පරිවර්ථනය දැක්විය හැක. තවත් ෆේස්බුක් සටහනක් මෙතනින්.

Facebook | Archived Link

එම සටහනේ සිව්වන ඡායාරූපයද Reverse Image සෙවුමක් සඳහා යොමු කළත් එහිද නිශ්චිත මූලාශ්‍රයක් හමු නොවිණ. 2018 ජූලි 06 වන දින උපහාසාත්මක කෝණයෙන් පළ වූ ෆේස්බුක් සටහනක මෙම ඡායාරූපය පිළිබඳව දක්වා තිබුණු සටහනේ ඉංග්‍රීසි පරිවර්ථනය පහතින්.

Just open the geography book, the third average page 36, the third line is written, Iraq has a moderate summer climate!!

The scandal of the paper complained about it...

එහි සිංහල පරිවර්ථනය නම්,

භූගෝලීය පොත විවෘත කරන්න, තුන්වන සාමාන්‍ය පිටුව 36, තෙවන පේළිය ලියා ඇත, ඉරාකයට මධ්‍යස්ථ ගිම්හාන දේශගුණයක් ඇත !! එම පිටුවට සිදුවූ අපකීර්තිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් යනුවෙන් එහි දක්වා තිබුණේ මධ්‍යස්ථා ගිම්හාන දේශගුණයටත් වඩා ඉහළ උෂ්ණත්වයක් හේතුවෙන් ඉරාකයේ සිදුවීමක් ලෙසයි එයින් අදහස් දැක්වුණේ. එවන් තවත් සටහනක් මෙතනින්.

Facebook | Archived Link

ෆේස්බුක් සටහනේ අවසාන ඡායාරූපයේ දැක්වුණේ වාහන සංඥා වල ඇති කොටස් උණු වී ගොස් තිබු අයුරක්. මෙය සිදුව ඇත්තේ කෙසේද යන පිළිබඳව Snopes වෙබ් අඩවිය කරුණු විමර්ශනය කර තිබුණා. Snoopes.com

ඔවුන්ගේ එම සටහනට අනුව මේ වාහන සංඥා වල කොටස් උණුවී ඇත්තේ කුවේටයේ 2013 වසරේ සිදුවූ වාහන අනතුරකින්. ඒ පිළිබඳව reddit වල ඇතිවූ සංවාදයක් සහ YouTube වල පළ කරන ලද වීඩියෝ පටයක් ආශ්‍රයෙන් මෙහි සැබෑ සිදුවීම ඔවුන් වාර්තා කර තිබුණා.

Youtube | Archived Reddit | Archived

දැනට ගිනස් වාර්තා අතර ලොව වාර්තා ඇති නිල ඉහළම උෂ්ණත්වය 1913 වසරේ ඇමරිකාවේ, කැලිෆෝනියාවේ Death Valleyහි දී වාර්තා වී ඇති අතර එම උෂ්ණත්වය සෙල්සියස් අංශක 56.7 ක් ලෙස දැක්වෙනවා.

කෙසේනමුත්2020 නොවැම්බර් මස Guardian වාර්තාවට අනුව Kuwait ලොව උෂ්නාධිකම රටවල් අතරින් ඉහලින්ම සිටින රටක් වන අතර ඉහත දෙවන ඡායාරුපය සම්බන්ධ වාර්තා වල දැක්වුණු 2016 ජුලි මස වාර්තා වූ සෙල්සියස් 53.9 ක උෂ්ණත්වය ආසියාවේ වාර්තා වී තිබු ඉහලම උෂ්ණත්වයන් අතර තිබෙන බවත් සඳහන්.

Conclusion (අවසාන නිගමනය)

ඉහත කරුණු අනුව සලකා බැලීමේදී කුවේටයේ ආසියාවේ මෙන්ම යනු ලොව උෂ්ණාධික ප්‍රදේශ අතරින් ඉහළින් සිටින රටක් වුව ද වාහන වල කොටස් උණු වී ඇති බවටත් වාහන සංඥා පුවරු වල කොටස් උණු වී ඇති බවටත් දැක්වෙන ඡායාරූප දේශගුණයේ සිදුවූ වෙනස් වීම හේතුවෙන් වූ හටගත් අධික උෂ්ණත්වය හේතුවෙන් සිදුවූ අනතුරු නොවන බවට පෙනී යනවා.

අනෙකුත් ඡායාරුප පිලිබඳ නිල තොරතුරු ලබා ගැනීමේ හැකියවාක් ලැබුනේ නැති අතර එසේම අනෙකුත් ඡායාරුප පිලිබඳ නිල තොරතුරු ලබා ගැනීමේ හැකියවාක් ලැබුනේ නැති වුව ද මේ ඡායාරුප සියල්ලක්ම මැතක ද දී ලබාගත් ඡායාරුප නොවේ.

Avatar

Title:කුවේට්හි අධික උෂ්ණත්වය හේතුවෙන් වාහන වල කොටස් උණු වී තිබූ ඡායාරුප පෙළක් ද?

Fact Check By: Sara Gunaratne

Result: Misleading