වැටුප් විශමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ගුරු සහ විදුහල්පතිවරුන් සති කිහිපයක සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නියෙලෙමින් සිටියි. ඒ අනුව වැඩ වර්ජනය කිරීමට අමතරව දිවයිනේ ප්‍රදේශ ගණනාවක උද්ඝෝෂණ පැවැත්විණි. එහි දිගුවක් ලෙස අගෝස්තු 4 වැනිදා ජනාධිපති ලේකම් කාර්‍යාලය අසලදී උද්ඝෝෂණයක් පැවති අතර එහි සිටි පුද්ගලයින් 44 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කරන ලදී. එහෙත් ඇතම් සමාජ ජාලා ක්‍රියාකාරීන් මේ පිළිබඳ අසත්‍ය සහ නොමග යවන සුලු ප්‍රචාර පතුරුවා හරිනු දක්නට ලැබුණි. මේ අප ඒ පිළිබඳව සිදු කරනු ලබන විමර්ශනයයි.

සමාජ මාධ්‍ය සටහන් :

“රට වෙනුවෙන් අපි” නම් ෆේස්බුක් පිටුවක් මගින් පළකර තිබු සටහනක ප්‍රශ්න කර තිබුනේ වර්ජනය නිසා අත්අඩංගුවට පත් 42කින් ගුරුවරුන් තුනයි... එතකොට අනික් ඇය කවුද ස්ටාලින්?” යනුවෙනි.

Facebook | Archived

මෙම සටහන් ෆෙස්බුක් පරිශීලකයින් කිහිප දෙනෙක්ම හුවමාරු කරගෙන තිබුනේ මෙලෙසින්.

ඉහත සඳහන් සටහනේ දැක්වෙන කරුණු නිවැරදි දැයි සොයා බලන ලෙස අපට ලැබුණු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අප මෙහි කරුණු පරීක්ෂාවක් සිදු කරනු ලැබුවා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

2021 අගෝස්තු මස 4 වන දින පවත්වන ලද ගුරු-විදුහල්පති උද්ඝෝෂණයේදී පුද්ගලයින් 44 දෙනෙකු පොලීස් අත්අඩංගුවට පත්විය. ඇතැම් සමාජ ජාලා සටහන් වල දැක්වුනේ මෙහිදී පොලිස් අත්අඩංගුවට පත්වූ බහුතරය ගුරුවරුන් නොවන බවයි.

මේ සම්බන්ධයෙන් ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කර තිබුණේ, අත්අඩංගුවට පත් වූ අය අතර ගුරුවර ගුරුවරියන් 38 දෙනෙක් හා බාහිර පුද්ගලයන් 6 දෙනෙකු ඇතුළත් බවයි. ඒ බවට දැක්වෙන මාධ්‍ය වාර්තා මෙතනින්, මෙතනින් සහ මෙතනින්. ඒ සම්බන්ධයෙන් දැක්වෙන දර්ශන මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

අප දුරකතන මාර්ගයෙන් මේ පිළබඳව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් මහතාගෙන් විමසීමක් කළ අතර ඒ මහතා සමාජ ජාලාවල වල පැතිරෙන සටහන් ප්‍රතික්ෂේප කරමින් පැවසුවේ, පොලිස් අත්අඩංගුවට පත්වූ බහුතරය ගුරුවරුන් බවයි.

අත්අඩංගුවට පත් පුද්ගලයින්ගේ බහුතරය සම්බන්ධයෙන් තොරතුරු තව දුරටත් තහවුරු කර ගැනීම සඳහා පොලිස් මාධ්‍ය ඒකකයෙන් අප සිදුකල විමසීමකදී ඔවුන් අවධාරණය කර සිටියේ අත්අඩංගුවට පත්වූ බහුතරය ගුරුවරුන් බවත්, ඒ අනුව අත්අඩංගුවට ගත් පිරිස අතරින් පිරිමි ගුරුවරුන් 22 දෙනෙක් සහ ගුරුවරියන් 16 දෙනෙකු වන අතර 6 දෙනෙකු පමණක් බාහිර පුද්ගලයන් බවයි.

නීති විරෝධි රැස්වීමක සාමාජිකයින් වීම, මහා මාර්ගයේ සිටිමින් අයුතු ලෙස අවහිර කිරීමේ වරද සිදු කිරීම, ජාතික මං මාවත් පනත යටතේ ප්‍රධාන මාර්ගයක් අවහිර කිරීම සහ නිරෝධායන නීති උල්ලංඝණය කිරීම යනාදී චෝදනා මත එම පිරිස අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙහි දී වාහන 10ක් ද පොලිස් භාරයට ගෙන ඇති බවත්, අත්අඩංගුවට ගත් පිරිස කොළඹ මහ නගර සභාවේ වෛද්‍ය නිලධාරියා වෙත යොමු කර කොවිඩ් පරීක්ෂණයක් සිදුකර ඇති අතර, එහිදී ඔවුන් කොරෝනා ආසාදිතයන් නොවන බව තහවුරු වී තිබු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

මේ පිලිබඳ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ ප්‍රකාශය පහතින්.

එමෙන්ම අත්අඩංගුවට ගැණුනු එම පිරිස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඊයේ (05) දින ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර ඇති අතර පොලිස් භාරයට ගැනුණු රථවාහන කිහිපයක්ද මුදා හැර තිබු බව ද මාධ්‍ය මෙසේ වාර්තා කර තිබුණා.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය) :

අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දිය හැක්කේ අගෝස්තු 4 වැනිදා ජනාධිපති ලේකම් කාර්‍යාලය අසල උද්ඝෝෂණයේදී අත්අඩංගුවට ගත් පිරිස අතරින් බහුතරය ගුරුවරුන් නොව බාහිර පුද්ගලයන් බවට සමාජ ජාල ඔස්සේ පැතිර යන ප්‍රචාර අසත්‍ය සහ නොමග යවන සුලු බවයි.

පොලිස් මාධ්‍ය ඒකකය, පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහ ලංකා ගුරු සංගමයේ ලේකම්වරයාද මේ පිළිබඳව තොරතුරු තහවුරු කළ අතර අත්අඩංගුවට ගත් පිරිස අතරින් පිරිමි ගුරුවරුන් 22 දෙනෙක් සහ ගුරුවරියන් 16 දෙනෙකු වූ අතර 6 දෙනෙකු පමණක් වෙනත් පුද්ගලයන් විය.

Also Read:FACT CHECK: “ගුරු වැටුප් වැඩි කරන්න සල්ලි නෑ. එන්නත ගේන්න සල්ලි තියෙනවා” යනුවෙන් ස්ටාලින් පැවසුවාද?

Avatar

Title:ගුරු උද්ඝෝෂණයෙදී අත්අඩංගුවට ගත් 44 දෙනා අතර සිටින්නේ ගුරුවරුන් 3 දෙනෙක් පමණයි ද ?

Fact Check By: Kalana Krishantha

Result: False