ගුරු- විදුහල්පති වැටුප් විෂමතා හේතුවෙන් දීප ව්‍යාප්තව පැවැත්වූ ගුරු උද්ඝෝෂණය රටේ පවතින වසංගත තත්ත්වය හමුවේ තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කරන බව ගුරු-විදුහල්පතිවරු වෘත්තීය සමිති එකමුතුවේ සභාපති පුජ්‍ය උලපනේ සුමංගල හිමි පසුගියදා මාධ්‍යට පැවසුවා. ඒ වෘත්තීය සමිතිය විසින් මහනුවර සිට කොළඹ දක්වා සංවිධානය කළ පාගමන එ් පස්යාල ප්‍රදේශයේ එම විරෝධතාවය අත්හිටුවීමට තීරණය කිරීමත් සමගයි.

නමුත් එදින පැවැත්වූ එම ගුරු විරෝධතාවයදී ලබා ගත් ඡායාරූපයක් බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපයක දැක්වෙන්නේ එම අවස්ථාවේදී ලබා ගත් ඡායාරූපයක්ද යන්න අප සිදු කළ කරුණු පරීක්ෂාව පහතින්.

සමාජ මාධ්‍ය සටහන්:

“අද පස්යාල ට ඇවිත් නැවතුණ ගුරු පෙළපාලියේ දී ගත් ජායා රූපයක්. බලන්න අපේ ගුරු දෙවිවරු” යන තේමාවෙන් Elvina Joseph යන අයෙකු විසින් හුවමාරු කරගෙන තිබූ ඡායාරුප සටහනක දක්වා තිබුණේ සෞඛ්‍ය මාර්ගෝපදේශ කිසිවක් පිළිපදින්නේ නැතිව එක්රැස් වී සිටි පිරිසක්.

Facebook | Archived Facebook | Archived Facebook | Archived

කෙසේනමුත් මෙහි කිසිවෙකුත් හෝ මුව ආවරණ පළඳා සිටිනු දක්නට නොලැබෙන නිසා මෙය මැතක දී ලබාගෙන තිබූ ඡායාරුපයක් ද යන්න බොහෝ දෙනෙක් විමසා තිබුණා.

එසේම මෙම ඡායාරුපයට ලබා දේ තිබුණේ වැරදි අර්ථකතනයක් බවත් කිහිපදෙනෙක්ම සටහනට නඟා තිබෙනු ද අපට දැක ගන්නට ලැබුණා.

ඉහත ඡායාරුපය යොදාගෙන තිබු තවත් අවස්ථාවක් පහතින්.

Elakiri | Archived

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

ගුරු-විදුහල්පති වැටුප් විෂමතා හේතුවෙන් පසුගිය 04 වනදා මහනුවර සිට කොළඹ බලා ගමන් ඇරඹු පාගමන පසුගිය 07 වන දා පස්යාල ප්‍රදේශයේදී තාවකාලිකව අත්හිටුවීමට ගුරු සංගම් තීරණය කළේ, රටේ පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේදීය.

පස්යාල ප්‍රදේශයේදී අත්හිටවූ ගුරු විරෝධතා පාගමනට පැමිණ සිටින ගුරුවරුන් මුඛ ආවරණ නොපැළඳ සිටින බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණයවූ ඡායාරූපයේ සිටින්නේ, බුලත්සිංහල ප්‍රාදේශීය සභා මන්ත්‍රී දීපාල් වෙංගප්පුලි මහතා ඇතුළු පිරිසක් බවට බොහෝ දෙනෙක් ප්‍රතිචාර සටහන් ද පළකර තිබුණා.

ඒ බවට දැක්වෙන ෆේස්බුක් සටහනක් මෙතනින් සහ මෙතනින්.

Archived Link

මේ පිළිබඳව වැඩි දුර කරුණු පරීක්ෂා කිරීම සඳහා අප බුලත්සිංහල ප්‍රාදේශීය සභා මන්ත්‍රී දීපාල් වෙංගප්පුලි මහතාගේ ෆේස්බුක් ගිණුම පරීක්ෂා කිරීමේ දී (ඔහුගේ ගිණුමේ සිටින පොදු මිතුරෙකු හරහා) ඔහු ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ඡායරුපයේ පෙන්නුම් කරන කිහිප දෙනෙක් ම එම ඇඳුමින් ම සැරසී සිටි අවස්ථාවක් මීට වසර දෙකෙකට ඉහත දී පළකර තිබූ සටහනකින් දැක ගන්නට ලැබුණි.

එම සිදුවීම ලෙස දක්වා තිබුනේ 2019 වර්ෂයේ ජූලි 04 වන දින වහබ් අන්තවාදයට එරෙහි ජනතා ව්‍යාපාරය විසින් නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංගපීඨයේ සංවිධානය කළ ජනතා රැළියට ප්‍රාදේශීය සභා මන්ත්‍රී දීපාල් වෙංගප්පුලි මහතා , බුලත්සිංහල ප්‍රදේශයේ පිරිසක් සමඟ සහභාගී වූ අවස්ථාවක් බවයි.

Archived Link

(දීපාල් මහතාගේ ෆේස්බුක් ගිණුමේ ඉහත විස්තර ඇතුළත් ඡායාරුපය අප එම ගිණුමේ මිතුරෙකු හරහා ලබාගත්තා)

අප මේ සම්බන්ධයෙන් මන්ත්‍රී දීපාල් වෙංගප්පුලි මහතාගෙන් විමසීමක් කළ අතර ඒ මහතා සඳහන් කළේ, තමන්ගේ පැරණි ඡායාරූපයක් පස්යාලදී පැවැත්වූ ගුරු විරෝධතා අවස්ථාවේදී ලබා ගත් ඡායාරූපයක් ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අතර එම ඡායාරූපය තමන්ගේ හිතවතෙකු විසින් 2019 වසරේ වහබ් අන්තවාදයට එරෙහි ජනතා ව්‍යාපාරය විසින් නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංගපීඨයේ සංවිධානය කළ රැළියකදී ලබා ගත් ඡායාරූපයක් බවයි. තමන් ගුරු විරෝධතාවට සහභාගී නොවූ බවට ඒ මහතා අවධාරණය කර සිටිනවා. එමෙන්ම ඒ මහතා විසින් ඔහුගේ ෆේස්බුක් ගිණුමේ දක්වා තිබූ එදින ලබා ගත් විඩියෝවක් ද අප වෙත යොමු කළේ මෙලෙසින්.

https://vimeo.com/584748424

එමෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපය නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංගපීඨයේ සිට ලබා ගත් බවට පෙන්වා දිය හැකි තවත් කරුණක් වන්නේ, එම ඡායාරූප පසුබිමෙන් දැක්වෙන්නේ නුගේගොඩ පොදු වෙළඳ සංකීරණය ඉදිරිපිට, ස්ටැන්ලි තිලකරත්න මාවතේ පිහිටි නිලේකා ජුවලරි වෙළඳ සැල ද දැක ගන්නට හැකි වීමයි. ඒ බවට Google Map හිදී දැක්වෙන්නේ මෙලෙසිනි. පස්යාල නගරයේ නිලේකා ජුවලරි ශාකාවක් නැති බව ද අප එම ආයතනය හරහා තහවුරු කර ගත්තා.

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපයේ පසුබිම සහ එම ස්ථානය Google Street View හි දැක්වෙන ඡායාරූප අතර සංසන්දනය.

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපය හා 2019 වර්ෂයේ වහබ් අන්තවාදයට එරෙහි ජනතා ව්‍යාපාරය විසින් නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංගපීඨයේ සංවිධානය කළ ජනතා රැළියේදී වෙනත් කෝණයෙන් ලබා ගත් ඡායාරූපක් (දීපාල් වෙංගප්පුලි මහතාගේ ෆේස්බුක් ගිණුමේ 2019 ජුලි පළවූ ඡායාරුපයක්) අතර සංසන්දය පහතින්.

පස්යාල ප්‍රදේශයේදී ගුරු විරෝධතාවයේ ඡායාරූපයක් බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපය සහ 2019 වර්ෂයේ රැළියේදී මන්ත්‍රී දීපාල් වෙංගප්පුලි මහතාගගේ ෆේස්බුක් ගිණුමෙන් ලබාගත් මෙම ඡායාරූපවල සිටින පිරිස එකම පිරිසක් බවත් ඔවුන් ඇඳන් සිටින වස්ත්‍රද එකම බව ද පිළිඹිබු වෙයි.

තව ද දීපාල් වෙංගප්පුලි මහතා අපට තහවුරු කළේ, සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ඡායාරුපය ලබාගත්තේ , ඉහත ඡායාරුප වල කහ පැහැති කමිසයකින් සහ කළු පැහැ තොප්පියක් පැළඳ සිටින රවින්ද්‍ර කහවලගේ නැමැත්තෙක් බවයි. එම මුල් ඡායාරුපය ලබාගැනීමට අපට ඔහුව මෙතෙක් සම්බන්ධ කර ගැනීමට හැකි වුනේ නැහැ.

එමෙන්ම එම ඡායාරූප අතර තිබූ වහබ් අන්තවාදයට එරෙහිව පෙළ ගැසුණු රැළියේ බැනරයදක්ද සමගින් මන්ත්‍රීවරයා ඇතුළු පිරිස සිටින අයුරු පහතින්. මේ අවස්ථාවේදීද, කළු පැහැති කමිසයකින් සැරසී සිටන තරුණයාද පසුබිමේ සිටින අයුරු ද, දැක්වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ ෆේස්බුක් පිටුවේ 2019 රැළය සම්බන්ධයෙන් පළ කර තිබූ වීඩියෝව මෙතනින්.

පස්යාල ප්‍රදේශයේදී තාවකාලිකව නැවැත්වූ ගුරු විරෝධතා පාගමන සම්බන්ධයෙන් පළ වූ සත්‍ය ඡායාරූප මෙතනින්, මෙතනින්,මෙතනින් සහ වීඩියෝවක් මෙතනින්.

ඒ අනුව 2019 වසරේ ජූලි මස වකවානුවේදී කොරෝනා රෝග ව්‍යාප්තිය සිදු නොවී තිබුණු හෙයින් මුඛ ආවරණ පැළඳි නොසිටීම හේතුකොටගෙන එම රැළියේදී ලබා ගත් ඡායාරූපයක් මෑතකදී පැවැත්වූ ගුරු විරෝධතා රැළියේදී ගුරුවරුන් මුඛ ආවරණ නොපැළඳ, සමාජ දුරස්ථභාවයෙන් නොසිටි අවස්ථාවක් ලෙසට දැක්වීමට මෙම ඡායාරූප අවභාවිතයෙන් උත්සහ ගෙන තිබේ.

අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය) :

මේ අනුව අපගේ කරුණු පරීක්ෂාවෙන් පෙන්වා දිය හැක්කේ මෑතකදී පස්යාල ප්‍රදේශයේදී පැවැත්වූ ගුරු - විදුහල්පති විරෝධතාවදී මුව ආවරණ නොපළඳමින් සිටින ගුරුවරුන් ලෙසට පෙන්වා දීමට උත්සාහ කර තිබුණේ, 2019 වර්ෂයේ ජූලි 04 වන දින වහබ් අන්තවාදයට එරෙහි ජනතා ව්‍යාපාරය විසින් නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංගපීඨයේ සංවිධානය කර තිබු ජනතා රැළියට, ප්‍රාදේශීය සභා මන්ත්‍රී දීපාල් වෙංගප්පුලි මහතා ඇතුළු බුලත්සිංහල ප්‍රදේශයේ පිරිසක් සහභාගී අවස්ථාවේ, නුගේගොඩ දී ලබාගත් ඡායාරූපයකි.

Also Read: FACT CHECK: මුහුණු ආවරණ නැතිව උද්ඝෝෂණයේ යෙදුණු ගුරුවරුන්ගේ ඡායාරුපයක් ද?

Avatar

Title:පස්යාලට පැමිණි ගුරු විරෝධතා රැළියෙදී ලබා ගත් ඡායාරූපයක් ද ?

Fact Check By: Sara Gunaratne

Result: False