විද්‍යාව සහ තාක්ෂණයේ දියුණුවත් සමග 19 වැනි සියවසේ අග භාගයත් ,20 වැනි සියවසේ මුල් භාගයත් ,ලෝකයේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනස්කම් සිදුවූ කාලයත් ලෙස හැඳින්විය හැකියි. ඒ කාලය හා සම්බන්ධ වූ ප්‍රවාහනය ආශ්‍රිත වෙනස්කම් පිළිබදව සමාජ මාධ්‍ය ඔස්සේ ද නිරතුරුවම කතාබහට ලක්වෙනවා. මේ, විසිවන සියවසේ මුල් භාගයේ සිදුවූ ප්‍රවාහන ක්ෂේත්‍රය හා සම්බන්ධ සිදුවීමකට නොමග යවන සුළු අර්ථකතනයක් ලබාදුන් සමාජ මාධ්‍ය සටහනක් පිළිබදව අප විසින් සිදු කරනු ලැබූ විමසුමකුයි.

මේ ඔබ දකින්නේ 1936 චිකාගෝ හිදී ලෝකයේ ප්‍රථම සහ අවසාන රසදිය එන්ජිමක් සහිත දුම්රියයි.” යන වදන් පෙළ ද සමඟ වෙනස් ආකාරයේ දුම්රියක ඡායාරුපයක් හුවමාරු වී තිබුනේ මෙලෙසින්

Facebook| Archived

මේ තේමාවෙන්ම හුවමාරු වී තිබු තවත් සටහන් පෙළක් පහතින්.

Fact Check (සත්‍ය තොරතුරු විමසා බැලීම)

අප විසින් Google Reverse Image Search මගින් සිදුකළ විමසා බැලීමේදී සමාජ ජාල හරහා හුවමාරුවන ඡායාරූපයට සමාන රූප සොයා ගැනීමට හැකිවුණා. ඒ ඔස්සේ සිදුකළ ගවේෂණයේදී , මෙම දුම්රිය රසදිය මගින් ධාවනය වන දුම්රියක් නොව වාෂ්ප බලයෙන් ධාවනය වන දුම්රියක් බව අපට සොයා ගැනීමට හැකි වුණා.

Wikipedia

මෙම දුම්රිය , තනි දුම්රියක් නොව ඇමරිකාව මගින් එරට නිව්යෝක් දුම්රිය මාර්ගයේ ධාවනයට එක්කල “Mercury ලෙස හැඳින්වූ මධ්‍යම - බටහිර නගර අතර දිවා කාලයේ දී ධාවනය සඳහා යොදාගත් දුම්රිය සමූහයකින් එකකි. Mercury දුම්රියේ ප්‍රථම ධාවනය 1936 වසරේ දී සිදුවූ අතර එහිදී ක්ලීව්ලන්ඩ් සහ ඩෙට්ට්‍රොයිට් නගර අතර මෙම දුම්රිය ධාවනය සිදුවී තිබෙනවා.

අනිත් දුම්රිය වලින් මේ දුම්රියන් වෙනස් වන්නේ ඒවායේ පවතින විශේෂිත හැඩය නිසා වායුගතික විද්‍යාත්මක නියමයන් (aerodynamics) අනුව අනෙත් දුම්රිය වල වේගයන්ට වඩා වැඩි වේගයකින් ධාවනය කිරීමට ඇති හැකියාවයි. මෙම දුම්රිය ආකෘතියේ සැලසුම් ශිල්පියා වන්නේ ඇමරිකානු ජාතික Henry Dreyfuss බව සඳහන්.

රෝම විශ්වාසයන්ට අනුව Mercury යනු වේගයෙන් අනෙත් දෙවිවරුන් අතර පණිවිඩ හුවමාරු කරන දෙවියාය. මෙම නම 1936 මැයි මාසයේ දී එසේ වේගය හා සම්බන්ධ බව සංකේතවත් කිරීම සඳහා යොදාගෙන තිබෙනවා.

1950 දශකයේ අගභාගය දක්වා පැවති මෙම දුම්රිය සේවය ඉන් අනතුරුව ක්‍රියාත්මක වූයේ නැහැ.

මේ පිළිබද වැඩිදුර තොරතුරු දැනගැනීමට විකිපීඩියා වෙත පිවිසීම මෙතනින්. තවත් ලිපියක් මෙතනින්. වීඩියෝවක් පහතින්.

https://youtu.be/AbfGMzyTlH8

අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය)

මේ අනුව අපගේ විමර්ෂණයෙන් පෙන්වා දිය හැක්කේ 1936 දී ඇමරිකාවේ දී ධාවනයට එක්වූ Mercury දුම්රිය පද්ධතිය රසදියෙන් පණගැංවුණු එංජිමක් සහිත ඒවා නොවේ. ඒවාද එකල අනෙත් දුම්රීන් මෙන් වාෂ්ප බලයෙන් ධාවනය වූ දුම්රීන් වේ. නමුත් අනෙත් දුම්රීන්ට වඩා විශේෂිත හැඩයකින් එම අවධියේ දී නිමැවුණු  මෙම දුම්රිය මඟින් වේගය සහ නව්‍යකරණය බලාපොරොත්තු වී තිබු අතර මේ හේතුවෙන් Mercury ලෙස නම් තැබුවාට එහි රසදිය යොදා ගැනීමක් සිදුවන්නේ නැහැ.

Avatar

Title:1936 දී චිකාගෝ හිදී ධාවනය වූ ලෝකයේ ප්‍රථම සහ එකම රසදිය එංජිමක් සහිත දුම්රිය ද?

Fact Check By: Kalana Krishantha

Result: Misleading