
නොයෙකුත් ක්‍රම ඔස්සේ විවිධ කරුණු සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා භාවිතා කරන ක්‍රමයන්, නොමඟ යවන සුළු ආකාරයෙන් අර්ථකතනයන් සමඟ හුවමාරු කර ගැනීම හේතුවෙන් ජනතාව නොමග යන අවස්ථා අපට සමාජයේ බහුලව දක්නට ලැබෙනවා. එවැනි වීඩියෝවක් සම්බන්ධයෙන් අප කළ කරුණු අනාවරණයක් පහතින්.
සමාජ මාධ්‍ය සටහන් :
රත්මලාන ප්‍රදේශයේ අවි ආයුධ වලින් සන්නද්ධ වූ ප්‍රධාන හොරු කල්ලියක් විසින් එම ප්‍රදේශයේ ගෙවල් මංකොල්ල කන බවත්, ඔවුන්ට අවශ්‍ය වන්නේ මුදල් හා රත්තරං පමණක් බවත් සඳහන් කරමින් ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් සංසරණය වුණා.
මෙහි දැක්වුණේ, යම් කිසි හොරු කණ්ඩායමක් විසින් නිවසකට ඇතුල් වීමට අනුගනය කළ උප්පර වැට්ටියකි.
එනම් රාත්‍රි කාලයේදී බවට අනුමාන කළ හැකි වේලාවක පොලු අතැතිව සිටින යම්කිසි කණ්ඩායමක් නිවසක ගෙමිදුලට ඇතුළුවී එළිමහනේ වූ ජල කරාමය ඇරදමා සැඟව සිටින අතර ජල කරාමය ඇර ඇති බවට ඇසුණු නිවැසියෙකු ජල කරාමය වැසීමට එළියට පැමිණෙන අවස්ථාවේදී එම පුද්ගලයාට සැඟව සිටි පිරිස පොලු ප්‍රහාරයක් එල්ල කර නිවස තුළට ඇතුල් වන ආකාරයයි.
එමෙන්ම මෙම වීඩියෝව භාවිතා කරමින් තවත් සටහනක දැක්වුණේ මෙලෙසින්.
“තී දැණුවත් කිරීමට, හැමෝම පරිස්සමෙන්
“පරිස්සමෙන් ඉන්න.
මේ වීඩියෝව මට එවූ කෙනා ලියල තිබ්බෙ රාජගිරියේ වුණ සිදුවීමක් කියල.
කොහෙ සිදු වුණත් බොහෝ තැන් වල දැන් මේ වගේ හොරකම් මංකොල්ලකෑම් සිද්ධ වෙනව.
අමුතු සද්ද වලට එක සැරේ දොරවල් ඇරගෙන එළියට බහින්න එපා. කල්පනාවෙන් නැණ නුවණින් වැඩ කරන්න.”
පරිස්සම් වෙන්න. පොලීසියට හමුදාවට අපි එකිනෙකාව රකින්න බෑ. අපේ පරිස්සම අපි රැක ගන්න ඕනෙ උපරිමයෙන්. අද රටම අසීරු අවස්ථාවක. හොරු හතර අත.”
එම සටහන මෙතනින්
එමෙන්ම WhatsApp ඔස්සේ ද එම වීඩියෝව සංසරණය වී තිබුණා.

එමෙන්ම Twitter පණිවිඩ ඔස්සේ ද මෙම වීඩියෝව දක්වා තිබුණේ මෙලෙසින්.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)
CCTV දර්ශන බවට හැඟවෙන ආකාරයෙන් මෙම වීඩියෝව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීම හේතුවෙන් සහ එවැනි පුවතක් සම්බන්ධයෙන් හෝ එවැනි වීඩියෝවක් ලංකාවේ ප්‍රධාන මාධ්‍ය ධාරා ඔස්සේ මෑත වකවානුවේ පළ වූවාද යන්න පිළිබඳ අප නිරීක්ෂණය කළ අතර එවැනි පුවතක් සම්බන්ධයෙන් අපට දැක ගන්නට නොලැබුණි. එමෙන්ම එවැනි වීඩියෝවක්ද පුවත් විකාශයන් අතර පළ නොවුණු බවට අප කළ විමර්ශනයේදී හෙළි වුණා.
කෙසේ වෙතත් අප මේ සම්බන්ධයෙන් විමසීමට ඉහත සමාජ මාධ්‍ය ජාලාවල දක්වා තිබු රත්මලාන ප්‍රදේශය අයත් වන ගල්කිස්ස පොලිස් ස්ථානයෙන් හා රාජගිරිය අයත් වන වැලිකඩ පොලිස් ස්ථානයෙන්ද විමසීමක් කරනු ලැබුවා. ඔවුන් සඳහන් කළේ ඉහත සඳහන් ආකාරයේ සිදු වීමක් මෑතක දී වාර්තා නොවුණු බවත්, එවැනි ආයුධ සන්නද්ධ කණ්ඩායම් නිවැස් වලට කඩා පැන මුදල් මංකොල්ල කන බවට වාර්තා නොවූ බවයි.
මෙම වීඩියෝව බැලූ බැල්මට CCTV දර්ශන ලෙස හැඟුනද, ඉහත වීඩියෝව පරීක්ෂා කිරීමේදී මෙය පටිගත කළ බවට හැඟවෙන්නේ, නිවස තුළ සිට එළියට පැමිණෙන පුද්ගලයාට පොලු පහර එල්ල කරන්නන් විසින් ප්‍රහාරය එල්ල නොකර ප්‍රහාර එල්ල කරනවා බවට හැඟවීමේ උත්සහයක් යෙදෙන ආකාරයක් දැක ගන්නට ලැබෙන නිසාවෙනි. එසේම එම වීඩියෝවේ එක් ස්ථානයක (recreated video for awareness) යනුවෙන්, එනම් දැනුවත් කිරීම සඳහා ප්‍රතිනිර්මාණය කළ වීඩියෝවක් ලෙස ද දක්වා තිබුණා.
එමනිසා මෙම වීඩියෝවේ දර්ශන Reverse Image සෙවුම් ඔස්සේ අප කළ වැඩි දුර විමර්ශනය කල අතර එහිදී දැක ගන්නට ලැබුණේ, ඉන්දියාවේ, කේරළයේ නිවසක් මංකොල්ල කන අවස්ථාවක් බවට දක්වමින් ඉහත මෙම වීඩියෝවම YouTube හි ඉන්දීය ජාතිකයින් කිහිප දෙනෙකු අතර සංසරණය වී ඇති බවයි. එවැනි එක් වීඩියෝවක් මෙතනින්.
එහි දක්වා තිබුණේ, මලයාලම් භාෂාවෙන් විස්තර කිරීමකි. ඒ ඔස්සේ අපට එහි මුල් වීඩියෝව බව අනුමාන කල හැකි වීඩියෝවක් සොයාගැනීමට ද හැකිවුනා. එම වීඩියෝව පහතින්.
අප Factcrescendo මලයාලම් භාෂා කණ්ඩායම විසින් තහවුරු කරන ලද්දේ එහි දැක්වෙන්නේ ඉන්දියාවේ, කේරළයේ වූ සත්‍ය සිදුවීමක් පාදක කොටගෙන සමාජය දැනුවත් කිරීම උදෙසා, ප්‍රතිනිර්මාණය කළ වීඩියෝ පටයක් බවයි. සත්‍ය සිදුවීමේදී එම අවස්ථාවට මුහුණ පා ඇත්තේ කාන්තාවකි. එවැනි අවස්ථාවලදී තමන් ආරක්ෂා විය යුත්තේ කෙසේද සහ ක්‍රියා සිදු කළ යුත්තේ කෙසේද යන්න ඔහු මෙම වීඩියෝව හරහා ජනතාව දැනුවත් කර තිබේ.
අපගේ කණ්ඩායම එම වීඩියෝව නිර්මාණය කළ කේරළයේ Kasargod නමැති දිස්ත්‍රික්කයේ Ashraf නමැති පුද්ගලයාව සම්බන්ධ කළ අතර ඔහු පැවසුවේ, ඔහුගේම නිවසේ මෙම පටිගත කිරීම සිදු කළ බවයි. ඇත්ත සිදුවීම CCTV ඔස්සේ පටිගත වී තිබුනේ නැති බවත්, පුවත්පත් ඔස්සේ ලබා දී තිබු වාර්තා ඔස්සේ එම සිදුවීම ප්‍රතිනිර්මාණය කළේ, මෙවැනි ක්‍රම වලින් බේරීම සඳහා සමාජය දැනුවත් කිරීමට බවත් ඔහු වැඩිදුරටත් පවසා තිබුණා.
ඔහුගේ YouTube හා Facebook සමාජ ගිණුම් ඔස්සේ ද ආත්මාරක්ෂාව සම්බන්ධයෙන් වීඩියෝ රැසක් පළ කර ඇති බවටද අප කළ නිරීක්ෂණයේදී තහවුරු වුණා.
මෙම වීඩියෝව නිර්මාණය කිරීම සඳහා පාදක වූ සත්‍ය සිදුවීම සම්බන්ධයෙන් ද අප විමසා බැලූ අතර පසුගිය සැප්තැම්බර් 23 වන දා කේරළයේ, Kannur දිස්ත්‍රික්කයේ තනිව ජීවත්වූ වයස අවුරුදු 75 ක් පමණ වන මහළු කාන්තාවක් අළුයම කාලයේ මිදුලේ ජල කරාමය ඇරී වතු වැටෙහ හඬ හේතුවෙන් සිය නිවසින් එළියට පැමිණ තිදෙනෙකු ගෙන් සැදී මංකොල්ල කණ්ඩායමගේ ප්‍රහාරයට ලක් වී තිබේ. එහිදී ඇගේ කන් දෙකේ ඇති රත්‍රං කරාබු මංකොල්ල කෑම සඳහා කන් දෙකද කපා තිබුණා. ඉන් අනතුරුව රෝහල් ගත කර දින 6කින් පසුව ඇය ජීවිතක්ෂට පත් වී තිබේ. මෙම කාන්තාව තනිව ජීවත්වන හෙයින් සහ ඇය සතුව රත්‍රං ආභරණ ඇති බව දැනගත් මෙම සොර කල්ලිය, සූක්ෂම උපායක් යොදා මෙලෙස නිවෙසින් එළියට ගෙන්වා මෙලෙස කෘර ප්‍රහාරයට දියත් කර තිබෙනවා.
ඒ බවට පළ වූ විදෙස් මාධ්‍ය වාර්තා මෙතනින්. Archived Link

ඉන්දියාවේ මෙන්ම මෙරට සමාජ මාධ්‍ය ඔස්සේ දැනුවත් කිරීම සහ එකිනෙකා ආත්ම ආරක්ෂාව සැලසිය යුතු බවට දැනුම් දීමට මෙම වීඩියෝව සංසරණය වූවත් මෙරට ඇතමුන් පවසා තිබුණේ මෙය සත්‍ය සිදුවීමක් බවයි. ඒ හේතුවෙන් ජනතාව නොමග ගොස් තිබුණා.
දැනුවත් කිරීමේ අරමුණින් නිර්මාණය කළ වීඩියෝවක් ඔස්සේ ජනතාව නොමග ගිය තවත් වීඩියෝවක් සම්බන්ධයෙන් අප කළ කරුණු අනාවරණයක් පහතින්.
FACT CHECK: මීගමු වෙරළ තීරයට දියකිඳුරියක් ගොඩ ගැසීමේ සැබෑ කතාව!
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News
Conclusion (අවසාන නිගමනය) :
අපගේ කරුණු විමර්ශනයෙන් අනාවරණය වූ රත්මලාන සහ රාජගිරියේ වූ සිදුවීමක් ලෙස දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ CCTV දර්ශන බවට හඟවමින් පළ වූ වීඩියෝවේ දැක්වෙන්නේ සත්‍ය සිදුවීමක දර්ශන නොවන බවයි. ඉන්දියාවේ, කේරළයේ මෑතකදි වූ සත්‍ය සිදුවීමක් පදනම් කරගනිමින්, ජනතාව සිය ආත්ම ආරක්ෂාව සලසාගත යුතු බවට දැනුවත් කිරීමේ අරමුණින් ප්‍රතිනිර්මාණය කරන ලද වීඩියෝවක් මෙලෙස සත්‍ය වීඩියෝවක් ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීම හේතුවෙන් මෙය සත්‍ය වීඩියෝවක් බවට ජනතාව නොමග ගොස් තිබුණා.
