FACT CHECK: බනිස් මිල ඉහළ දැමීම ගැන ජනපති මාධ්‍ය ඒකකයේ නිවේදනයක්?

Altered Political Social

Factcresendo අපගේ කරුණු පරීක්ෂාවලින් බොහෝ අවස්තාවලදී පෙන්වා දී තිබෙන පරිදි පුවත්පත් ලිපි සහ සිරස්තල සංස්කරණය කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා. මේ ආකාරයට සමාජ මාධ්‍ය ඔස්සේ උපහාසාත්මක කෝණයකින් බහුලව හුවමාරු වූ තවත් සටහනක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ.

සමාජ මාධ්‍ය සටහන් :

“ බනිස් මිල වැඩි කිරීම දේශීය ආර්ථිකය නැංවීමේ පියවරක් ”යනුවෙන් ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනය කළ බවට පුවත් පතක පළ වූ ලිපියක් ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වී තිබුණේ මෙලෙසින්.

Facebook | Archived Link

මේ වන විට මෙම සටහන පරිශීලකයින් 1000කට අධික සංඛ්‍යාවක් සංසරණය කර ගෙන ඇති අතර ෆේස්බුක් ඔස්සේ මෙම ඡායාරූපයම යොදා ගෙන වෙනත් සටහන්ද සංසරණය වී තිබු‍ණු අයුරු පහතින්.

මෙම සටහන් සඳහා උපහාසාත්මක ප්‍රතිචාර ද රැසක් ලැබී තිබු අතර ඇතැමුන් විසින්  ජනාධිපතිවරයා විවේචනය කරමින් ද ප්‍රතිචාර ලබා දී තිබුණා.

එසේම මෙය සංස්කරණය කරන ලද පුවත්පත් සිරස්තලයක් බව ද ප්‍රතිචාර ඔස්සේ කිහිපදෙනෙක්ම දක්වා තිබුණා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

ගෑස්, පාන්පිටි හා කිරිපිටි මිල ඉහළ දැමීමත් සමග බොහෝ බේකරි නිෂ්පාදන හා ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ දැමීමට සිදුවනු ඇතැයි බේකරි හිමියන් සහ ආපනශාලා හිමියන් පසුගියදා පවසා තිබුණා. ඒ අනුව බේකරි නිෂ්පාදන ගණයට වැටෙන රෝල්ස්, පැටිස්, බිත්තර බනිස්, මාළු බනිස් වැනි නිෂ්පාදන ද රුපියල් 5කින් ඉහළ දැමීමට ආපනශාලා හිමියන් තීරණය කළ බවට පුවත්පත් වල දැක්වුණේ මෙලෙසින්.

මෙම තීරණයත් සමග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෝ ජනාධිපති මාධ්‍ය අංශය බනිස් වල මිල සම්බන්ධයෙන් හෝ බේකරි නිෂ්පාදන සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කළේද යන්න පිළිබඳ අප නිරීක්ෂණය කළ අතර එවන් සඳහනක් ඉහත සටහන් වල පරිදි එම අංශය මගින් නිකුත් කර නොතිබුණි. එමෙන්ම එවැන් පුවතක් ප්‍රධාන මාධ්‍ය ධාරා වල ද සඳහන් නොවුණි.

කෙසේවෙතත් පසුගිය ජූලි 14 වන දා ‘ලංකාදීප’ පුවත්පතේ ඉන්ධන මිලට සමගාමීව ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ නිවේදනයක් සම්බන්ධයෙන් පළ කළ පුවතක් සංස්කරණය කරමින් මෙම ව්‍යාජ සටහන් නිර්මාණය කර ඇති බව ද අපට තහවුරු වුණා.

එහි සඳහන් වී තිබුණේ, තෙල් මිල වැඩිකිරීම දේශීය ආර්ථිකය නැංවීමේ පියවරක් යනුවෙන් ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක් යනුවෙනි.

  1. Archived Link | 2. Archived Link

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබූ ඡායාරූප සටහන හා සත්‍ය ඡායරූප සටහනේ සංසන්දනය පහතින්.

සංස්කරණයට භාජනය කර තිබූ ඡායාරූප සටහන පසුගිය ජූනි 14 වන දා විකාශනය වූ හිරු නාලිකාවේ ‘පත්තරේ විස්තරේ’ වැඩ සටහන අතරතුරදී ලබා ගත් රූප රාමුවක් බවට තහවුරු වුණේ මෙලෙසින්. එම වීඩියෝව පහතින්.

එම රූප රාමුව පහතින්.

කෙසේවෙතත් සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සභාපති එන්. කේ. ජයවර්ධන මහතාගෙන් අප මෙම මිල වැඩි කිරීම සම්බන්ධයෙන් විමසා සිටි අතර ඒ මහතා පවසා සිටියේ ලංකාවේ පිටි මිල රුපියල් 10 කින් ඉහළ දමා ඇති අතර ගෑස් මිල ද ඉතාමත් අධික ලෙස මිල ඉහළ දැමීම හේතුවෙන් බේකරි හිමියන් පත්ව ඇති අසීරුතාවය නිසා මෙම තීරණය ගත් බවයි.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News 

Conclusion (අවසාන නිගමනය) :

අපගේ කරුණු පරීක්ෂාවෙන් පෙන්වා දිය හැක්කේ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ බනිස් මිල ඉහළ දැමීමෙන් දේශීය ආර්ථිකය නැංවීමේ පියවරක් බවට ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් නිවේදනයක් නිකුත් කළ බවට පුවත්පතක පළවූ බව දක්වමින් හුවමාරු වන්නේ උපහාසාත්මක කෝණයකින් සංස්කරණය කරන ලද ඡායාරුපයක් බවයි. පසුගිය ජූනි මස ඉන්ධන මිල ඉහළ දැමීමට සමගාමීව ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිකුත් කළ නිවේදනයකට අනුව ලංකාදීප පුවත් පත විසින් පළ කරන ලද පුවතක ශීර්ෂ පාඨයක් මෙලෙස සංස්කරණය කොට තිබුණා.

Avatar

Title:බනිස් මිල ඉහළ දැමීම ගැන ජනපති මාධ්‍ය ඒකකයේ නිවේදනයක්?

Fact Check By: Pavithra Sandamali 

Result: Altered


Leave a Reply

Your email address will not be published. Required fields are marked *