
දමිළ සිනමාවේ දැවැන්ත පෞරුෂයක් ගොඩනැගූ සිනමා රංගන ශිල්පී රජිනි කාන්ත් සම්බන්ධයෙන් නොමග යවන සුළු අසත්‍ය පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා. මේ ඒ පිළිබඳව අප කළ විමසුමයි.
සමාජ මාධ්‍ය සටහන් :
“ ප්‍රවීණ දකුණු ඉන්දීය සිනමා නළු රජිනි කාන්ත් දිවි රගමඩලෙන්ම සමුගනී..”යනුවෙන් සඳහන් කරමින් ෆේස්බුක් ඔස්සේ සටහනක් සංසරණය වී තිබුණා.

Facebook | Archived Link Facebook | Archived Link
මේ වන විට ෆේස්බුක් පරිශීලකයින් 100 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් මෙම සටහන හුවමාරු ගෙන තිබුණා. ඇතැම් ෆේස්බුක් පිටු මගින්ද මෙම පුවත සංසරණය කරගෙන තිබූ අතර මේ වන විට එම සටහන් ඉවත් කර ගෙන තිබේ.
නමුත් මෙහි නිරවද්‍යතාවය සොයා අප විමසුමක් සිදු කළා.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :
දකුණු ඉන්දියානූ සිනමාවේ දැවැන්ත පෞරුෂයක් වන ප්‍රවීණ රංගන ශිල්පියෙකු වන රජිනි කාන්ත් ජීවිතක්ෂයට පත් වූවාද යන්න පිළිබඳ විදෙස් මාධ්‍ය වාර්තා පරීක්ෂා කළ ද, එවන් පුවතක් සම්බන්ධයෙන් වාර්තා වී නොතිබුණි.
නමුත් ශල්‍යකර්මයක් සඳහා පසුගියදා චෙන්නායි කාවේරි රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් සුවය ලබා පසුගිය ඉරිදා සිය නිවසට පැමිණ ඇති බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ මෙලෙසින්. Archived Link
තමන් නිවසට පැමිණි බවට සුපිරි නළු රජිනි කාන්ත් විසින් සිය නිල ට්විටර් ගිණුමේ දක්වා තිබුණු අයුරු පහතින්.
1975 දී කේ. බාලචන්ද්‍රන්ගේ ‘Apoorva Ragangal’ චිත්‍රපටයෙන් සිය මංගල දර්ශනය ආරම්භ කර රජිනි කාන්ත් දමිළ චිත්‍රපට ක්ෂේත්‍රයේ වසර 45 කට වැඩි කාලයක් සම්පූර්ණ කර තිබෙනවා.
විශාල රසික පිරිසකගේ ආදරය දිනාගෙන සිටින ඔහු දකුණු ඉන්දීය සහ බොලිවුඩ් චිත්‍රපටවල පෙනී සිටි ඇති අතර ”Billu’, ‘Muthu’, ‘Baashha’, ‘Sivaji’, සහ ‘Enthiran’. චිත්‍රපටි හරහා ඉතා ජනප්‍රියත්වට පත් වුණා. රජිනිකාන්ත් අවසන් වරට පෙනී සිටියේ AR මුරුගදෝස්ගේ ‘Darbar’ චිත්‍රපටයටයි.
ඔහුගේ මීළඟ චිත්‍රපටය වන ‘Annaatthe’හෙට දිනයේදී (04) නිකුත් කිරීමට නියමිතයි.
ඉන්දීය සුපිරි නළු රජිනි කාන්ත් සම්බන්ධයෙන් පසුගිය වසරේ පළවූ අසත්‍ය පුවතක් පහතින්.
Fact Check: රජිනිකාන්ත්ට ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා වීසා නිකුත් නොකිරීමට රජය තීරණය කර ඇත්ද?
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News
Conclusion (අවසාන නිගමනය) :
අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙනු ලබන්නේ ජනප්‍රිය දමිළ සිනමා සුපිරි නළු රජිනි කාන්ත් ජීවිතක්ෂයට පත් වූ බවට පළ වූ පුවත අසත්‍ය බවයි. ශල්‍යකර්මයකට මුහුණ පෑමෙන් අනතුරුව මේ වනවිට ඔහු සිය නිවසට පැමිණ ඇති බවට ඔහු සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් සමගින් පළ කර සිටී.

Title:ප්‍රවීණ දකුණු ඉන්දීය සිනමා නළු රජිනි කාන්ත් දිවි රගමඩලෙන් සමුගනී ?
Fact Check By: Pavithra SandamaliResult: False
