
පසුගිය ජනාධිපතිවරණයේ මැතිවරණ ව්‍යාපාර සඳහා සිදු කළ රැස්වීම් වලදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිදු කළ සත්‍ය ප්‍රකාශ විකෘති කොට සමාජ මාධ්‍ය ඔස්සේ විටින් විට සංසරණය වන සටහන් සම්බන්ධයෙන් අප සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්.
සමාජ මාධ්‍ය සටහන් :
ෆේස්බුක් ඔස්සේ සංසරණය වූ සටහනක් දැක්වුණේ,
“අඳ ගොවීන් දස ලක්ෂයකට සුදු සැරයැටි ලබා දෙමි ” යනුවෙන් සඳහන් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දේශපාලන වේදිකාවේ පැවසූ බවටත්, එම අවස්ථාව හිරු TV ප්‍රවෘත්ති විකාශයේ පළ වූ බවද දක්වා තිබුණේ මෙලෙසින්.

එමෙන්ම මෙම සටහන වෙනත් පරිශීලකයින් විසින්ද සංසරණය කර ගෙන තිබුණේ මෙලෙසින්, සහ මෙලෙසින්. Archived Link
එම තේමාව යටතේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද, එම ප්‍රකාශය සිදු කළ බවට 2019 වර්ෂයේ සමාජ මාධ්‍ය සටහන් වල දැක්වුණේ පහත අයුරිනි.
එමෙන්ම එවැනි තවත් සටහනක් ෆේස්බුක් පිටුවක් විසින් හුවමාරු කර තිබුණේ මෙලෙසින්. Archived Link
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :
අඳ ක්‍රමය යනු අනාදිමත් කාලයේ සිට ධනවතුන්ට අයත් ඉඩම්වල අඳ ක්‍රමයට ජනතාව ගොවිතැන් කටයුතු කරනු ලැබීමයි. සමහර ඉඩම් බදු ලබාදීම කර ඇති අතර අදාළ ඉඩමේ වගාකටයුතු කර, ඉඩමේ කොටසින් සමස්ත අස්වැන්නෙන් හතරෙන් එකක් හෝ වෙනත් සාධාරණ ක්‍රමවේදයකට අස්වැන්නෙන් කොටසක් ලබාගැනීම අතීතයේ සිදුකර තිබෙනවා. මේ සම්බන්ධ ප්‍රධාන පුවත් වාර්තාවක දැක්වුණේ මෙලෙසින්. Archived Link
එසේ තිබියදී ‘අඳ ගොවීන්’ යනු ‘අන්ධ ගොවීන්’ බවට රටේ ජනාධිපති තුමා සහ විපක්ෂ නායක පැවසූ බවට ප්‍රකාශ කිරීම විශ්වාස කළ නොහැකි කරුණකි.
කෙසේ වෙතත් අප කළ විමර්ශනයේදී දැක ගැනීමට හැකි වුණේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් “අඳ ගොවීන් දස ලක්ෂයකට සුදු සැරයැටි ලබා දෙමි ” යනුවෙන් ඉහත සමාජ මාධ්‍ය සටහන්වල දක්වා තිබු ආකාරයේ ප්‍රකාශයක් කළ බවට යොදාගෙන තිබුණේ, 2019 වසරේ ඔක්තෝම්බර් 26 වන දා හිරු TV ප්‍රවෘත්ති විකාශයේ ජනාධිපතිවරණයේ මැතිවරණ ප්‍රචාරක රැළියේදී රාජ්‍ය සේවකයින්ගේද ප්‍රශ්න විසඳන බවට පැවසූ අවස්ථාවක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පැවසූ අවස්ථාවකි.
එම වීඩියෝව පහතින්.
එම අවස්ථාවේ ජනාධිපති විසින් “ප්‍රශ්න විසඳන්න ක්‍රියාකරනවා” බවට දැක්වූ සත්‍ය පුවත මෙලෙස “අඳ ගොවීන් දස ලක්ෂයකට සුදු සැරයැටි ලබා දෙමි ” යනුවෙන් සංස්කරණය කර තිබුණා.
සංස්කරණයට භාජනය වූ ඡායාරූපයේ සහ සත්‍ය ඡායාරූප අතර සංසන්දනය.

Read Also : ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදුකරන ලදැයි දැක්වෙන සාවද්‍ය ප්‍රකාශ කිහිපයක්..
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද, එවැනි ප්‍රකාශයක් කළ බවට පළ වූ බැවින් ඒ සම්බන්ධයෙන් අප විමර්ශනය කළ අතර එම ඡායාරූපයද ව්‍යාජ ලෙස සංස්කරණය කර තිබුණා.
එම සත්‍ය වීඩියෝව පහතින්.
සංස්කරණයට භාජනය වූ ඡායාරූපයේ සහ සත්‍ය ඡායාරූප අතර සංසන්දනය.

එම අවස්ථාවේ විපක්ෂනායක වරයා විසින් පවසා තිබුණේ, “විපතට පත් මුස්ලිම් පවුල් හමුවෙන්න බැරි වුණා” යනුවෙනි.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News
Conclusion (අවසාන නිගමනය) :
අපගේ කරුණු පරීක්ෂාවෙන් පෙන්වනු ලබන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා “අඳ ගොවීන් දස ලක්ෂයකට සුදු සැරයැටි ලබා දෙමි”යනුවෙන් ප්‍රකාශ කළ බවට පළ වන සටහන් සංස්කරණය කොට නිර්මාණය කර ඇති ඡායාරූප බවයි.

Title:අඳ ගොවීන් සම්බන්ධයෙන් ජනාධිපති සහ විපක්ෂ නායක විසින් සිදු කළ ප්‍රකාශයක්ද?
Fact Check By: Pavithra SandamaliResult: False
