
ආහාර පාන පිළිබදව නිතර සමාජ ජාලා ඔස්සේ කතාබහට ලක්වෙනවා. මේ ආකාරයට සමාජ ජාලා ඔස්සේ කතාබහට ලක්වෙන ඇතැම් කරුණු නොමග යවන සුලුයි. මේ කෝපි පදනම් කරගත් එවන් නොමග යවන සුලු ප්‍රචාරයක් පිළිබදව අප විසින් කළ කරුණුසොයා බැලීමක්.
සමාජ මාධ්‍ය සටහන් :
ෆේස්බුක් පිටුවක් මගින් කෝපි අසුරණයක ඡායාරූපයක් අන්තර්ජාලයට එක්කර තිබුණේ පහත සටහනද සමගින් .
“Death Wish Coffee යනු ලෝකයේ තිබෙන ශක්තිමත්ම කෝපි වර්ගයයි.මෙහි සාමාන්‍ය කෝපි වලට වඩා 200% ගුණයක් වැඩිපුර කැෆේන් අඩංගුවේ. මෙයින් කෝප්පයක් පානය කළහොත් ඔබට නොකඩවා දින 3 ක් පමණ අවදිව සිටිය හැක,”

මේ සම්බන්ධයෙන් පරිශීලකයින් අදහස් දක්වා තිබුණේ මෙලෙසින්.

මෙම පෝස්ටුවේ සඳහන් කරුණුවල ඇති කුතුහලය දනවන ස්වභාවය නිසා මේ පිළිබදව ගවේෂණයක් කිරීමට අප තීරණය කළා .
Fact Check (සත්‍ය තොරතුරු විමසා බැලීම.)
අප මුලින්ම මෙම කෝපි නිෂ්පාදනය කරන එක්සත් ජනපද සමාගමේ වෙබ් අඩවියේ මේ පිළිබඳව සදහන්ව ඇති කරුණු නිරීක්ෂණය කළා. එහි සඳහන්ව ඇත්තේ මෙම කෝපි සන්නාමය යටතේ නිෂ්පාදනය වන්නේ ලෝකයේ ප්‍රබලම කෝපි වර්ගය බවයි. එමෙන්ම මෙම කෝපි නිෂ්පාදනය කරන්නේ ඇරබිකා සහ රොබස්ම්ඩ් වැනි ඉහලම ගුණාත්මක බවින් යුතු කෝපි ඇට වලින් නිසා සාමාන්‍ය කෝපි වර්ගයක මෙන් දෙගුණයක ශක්තියක් ලබාදෙන බවත් එම වෙබ් අඩවියේ සඳහන්ව තිබෙනවා. කෙසේ වෙතත් මෙය පානය කිරීමෙන් දින තුනක් නිදිවර්ජිතව සිටිය හැකි බව මෙම සමාගමේ වෙබ් අඩවියේ සඳහන්ව නැහැ .එම වෙබ් අඩවිය මෙතනින්.Archived.
ඉන්පසුව අප විමසා බැලුවේ එක්සත් ජනපද පාරිභෝගික වාර්තා අනුව මේ කෝපි වර්ගය පිළිබඳව සටහන් කර ඇති දත්ත පිළිබඳවයි. එම වාර්තා අනුව සාමාන්‍ය කෝපි අවුන්සයක කැෆේන් මිලිග්‍රෑම් 12-16 අතර ප්‍රමාණයක් අඩංගු වන අතර Death Wish Coffee වල අවුංසයක අඩංගු කැෆේන් ප්‍රමාණය මිලිග්‍රෑම් 50 ක් පමණ වනවා. මේ සම්බන්ධ තොරතුරු ලබාගත හැකියි මෙතනින්. Archived

එක්සත් ජනපද ආහාර හා ඖෂධ පාලන අධිකාරියේ දත්ත වලට අනුව දිනකදී 400 mg පමණ කැෆේන් ප්‍රමාණයක් සෞඛ්‍යයට හානියක් නොවන පරිදි ලබාගත හැකි බව නිර්දේශ කර තිබෙනවා. නින්ද නොයාම වැනි තත්ත්වයන් ඇති වන්නේ දිනකට ලබාගන්නා කැෆේන් ප්‍රමානය 1200 mg පමණ වන විටයි. මෙම දත්ත විශ්ලේෂණය කර බැලීමේදී පැහැදිලි වන කාරණය නම් death Wish කෝපි අවුන්ස 8 ක ප්‍රමාණයක් හෙවත් කෝප්පයක් (400-500mg කැෆේන් ) ප්‍රමාණයක් ලබාගැනීම නින්ද නොයා සිටීමේ තත්වයක් හෝ නිදිවර්ජිතව සිටීමේ තත්ත්වයක් ඇති කිරීමට ප්‍රමාණවක් නොවන බවයි. මේ සම්බන්ධයෙන් වන FDA වාර්තාව කියවීම මෙතනින්. Archived.
මෙම කෝපි වර්ගයේ පාරිභෝගිකයන්ද සඳහන් කරන්නේ මෙය දිනකට කෝප්පය මගින් පාලනය කිරීමෙන් නින්ද නොයාමේ තත්ත්වයන් ඇති නොවන බවයි. මේ සම්බන්ධයෙන් වන පාරිභෝගික වාර්තාවක් කියවීම මෙතනින්. Archived.
Death Wish Coffee අවුංස 12 අඩංගු කෝප්පයක් පානය කිරීමෙන් මිලිග්‍රෑම් 708 ක ප්‍රමාණයක් ලබාගත හැකි වුවද ඇතැම් කෝපි වර්ග වල අවුන්ස 12 ක කෝප්පයකින් මිලිග්‍රෑම් 928 ක ප්‍රමාණයක් ලබාගත හැකියි. උදාහරණයක් ලෙස Biohazard ලෙස හැදින්වෙන කෝපි වර්ගය සැලකිය හැකියි. ඒ අනුව Death Wish යනු ලෝකයේ ප්‍රබලම කෝපි වර්ගය සමග නිෂ්පාදන සමාගම කරන ප්‍රකාශය අභියෝගයට ලක්වෙනවා. මේ පිළිබද වැඩිදුර විස්තර ලබාගත හැකියි මෙතනින්. Archived.
Additional Information
මෙම කෝපි නිෂ්පාදනය ,Death Wish ලෙස නාමකරණය කළේ කුමන හේතුවක් මතද යන කාරණය ,මෙම ව්‍යාපාරයේ නිර්මාතෘවරයා වන Mike Brown ෆෝබ් සගරාව සමග පැවති සංවාදයකදී හෙළිකර තිබෙනවා.ඔහුගේ පෙම්වතිය විසින් සිහිවටනයක් ලෙස බල්ලෙකුගේ ඡායාරූපයක් ලබාදී ඇති අතර එහි පහතින් Death Wish ලෙස සදහන්ව තිබී ඇති අතර එය සිහිපත් කරමින් මෙම ව්‍යාපාරයට අදාළ නම ලබාදී තිබෙනවා .මේ සම්බන්ධ වැඩිදුර විස්තර ලබාගත හැකියි මෙතනින්.Archived,
අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.
Facebook | Twitter | Instagram | Google News
Conclusion (අවසාන නිගමනය)
අපවිසින් සිදු කරන ලද ගවේෂණයේදී පැහැදිලි වන්නේ කැෆේන් සාපේක්ෂව ඉහල සාන්ද්‍රණයක් තිබුණද Death Wish Coffee කෝප්පයක් භාවිතයෙන් දින 3 ක් නිදිවර්ජිතව සිටිය හැකි බවට වන ප්‍රකාශය සත්‍යයෙන් තොර බවයි. එමෙන්ම මෙම කෝපි සන්නාමය ලෝකයේ ප්‍රබලම සංයුතිය සහිත/ප්‍රබලම කෝපි වර්ගය බවට වන ප්‍රකාශයද නොමග යවන සුලුයි.

Title:Death Wish Coffee – කෝප්පයක් පානය කිරීමෙන් දින තුනක් නිදිවර්ජිතව සිටිය හැකිද?
Fact Check By: Kalana KrishanthaResult: Misleading

Possessing more than five years of experience in journalism related to print as well as online media, Kalana, the editor of Factcrescendo Sri Lanka is a graduate of Psychology and holds a diploma in Diplomacy and World Affairs,