
මොරොක්කෝවේ නල ලිං කුහරයක සිරවී සිටි රයන් නම් කුඩා දරුවා ගලවාගැනීමේ මෙහෙයුම් කටයුතු පිලිබඳ පුවත් ලොව පුරා අවධානය යොමු වී තිබෙනු අපට දැක ගන්නට ලැබුණා. ලංකාවේ ද මේ පිලිබඳ බොහෝ දෙනා විමසිලිමත් වී තිබු අතර එම මෙහෙයුමේ අවසන් අදියරේ සිටින බවට පුවත් පලවෙමින් පැවති සමයේ මෙම කුඩා දරුවා බේරා ගත් මෙහොත බව දක්වමින් ද ඡායාරුප සහ වීඩියෝ දර්ශන රැසක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණා.
සමාජ මාධ්‍ය සටහන්:
“මොරොක්කෝවේ නල ලිං කුහරයක හිරවෙලා සිටි රයන් කුඩා දරුවා එයින් මුදවා ගන්නා ලදි..” යන තේමාවෙන් කුඩා දරුවෙකු අතැතිව සිටින ගලවා ගැනීමේ මෙහෙයුමේ නිලධාරීන් පිරිසකගේ ඡායාරුපයක් ලංකාවේ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුනේ මෙලෙසිනි

එම අදහසින්ම හුවමාරු වී තිබු තවත් ෆේස්බුක් සටහනක් පහතින්

එසේම කුඩා රයන් දරුවා බේරා ගත් බව දැක්වෙන දර්ශන බවට හැඟවෙන වීඩියෝ ද කිහිපයක් ම හුවමාරු වූ අතර “මුලු ලොවක් බලාසිටි පුංචි රයන්ව බෙරාගනි” යන තේමාවෙන් හුවමාරු වූ එවැනි එක වීඩියෝවක් පහතින්.
Update :
එමෙන්ම රයන් නමැති මෙම දරුවා අනතුරට භාජනය වීමෙන් අනතුරුව ලබා ගත් ඡායාරූපයක් බවට හඟවමින් සංසරණය වූ තවත් ඡායාරූපයක් ෆේස්බුක් ඔස්සේ සංසරණය වූවා.

මෙම ඡායාරූපය භාවිත කරමින් රයන් දරුවා බවට සංසරණය වූ තවත් සටහනක් මෙතනින්.
මෙම සටහන් සඳ ප්‍රතිචාර වශයෙන් කිහිප දෙනෙක්ම පවසා තිබුනේ මෙම ඡායරුපවල දැක්වෙන්නේ රයන් දරුවා නොවන බවයි, ඒ හා සමඟ සටහන් කිහිපයක් ම ඉවත් කරගෙන තිබු අයුරු ද අපට දැක ගන්නට ලැබුණා.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)
අප මුලින්ම මෙම සටහන් බොහොමයක් සඳහා යොදාගෙන තිබු ප්‍රධාන ඡායාරුපය Google Reverse Image සෙවුමක් සඳහා යොමු කළා. එහිදී අපට දැකගන්නට ලැබුනේ මෙය මතක සිදුවීමක් නොව මීට වසර කිහිපයකට පෙර එනම් 2018 වසරේ දී සිරියාවේ Urem Al-Kubra නගරයේ දී ඇතිවූ ගැටුම්වලදී සිරියානු සිවිල් ආරක්ෂක සංවිධානයක් විසින් බේරාගත් ළමුන් අතර සිටි කුඩා දරුවෙකුගේ ඡායාරුපයක් බවයි. ඒ පිලිබඳ White Helmets නම් වූ එම සංවිධානයේ නිල ට්විටර් ගිණුමේ ඡායාරුප සමඟ පළකර තිබු සටහන පහතින්.

මෙම ඡායාරුපය ඉන්පසුව ද සිරියානු ගැටුම් සම්බන්ධයෙන් පළවූ වර්තාවලදී යොදාගෙන තිබු අතර 2019 වසරේ පළවූ පුවතක පලවී තිබුනේ මෙලෙසින්
එසේම ඉහත සමාජ මාධ්‍ය සටහන් සඳහා යොදාගෙන තිබු රයන් බවට පෙන්වා තිබු අනෙක් ඡායාරුපය ද Reverse Image සෙවුමක් මඟින් අපට සොයාගන්නට ලැබුනේ තවත් සිරියානු දරුවෙකුගේ පැරණි ඡායාරුපයක් බවයි.
ඒ බවට සටහනක් 2014 වසරේ දී කටාරයේ Al Arab පුවත්පතේ ට්විටර් ගිණුමේ පලවී තිබු ආකාරය පහතින්.

එසේම රයන් කුඩා දරුවා බේරාගත් වීඩියෝව බවට හඟවා තිබු ෆේස්බුක් වීඩියෝවේ ද දර්ශන Reverse image සෙවුමක් වෙත යොමු කිරීමේ දී අපට දක්නට ලැබුනේ එය ඉරාකයේ මීට මසකට පමණ පෙර සිදුවීමක් බවයි.
ඉරාක සිවිල් ආරක්ෂක සේවයේ ෆේස්බුක් පිටුවේ 2021 දෙසැම්බර් මස 31 වැනිදා පහත වීඩියෝව පළකරමින් පහත සඳහන් කර තිබුනේ මීටර් 35ක් පමණ ගැඹුරු පටු ලිඳකට වැටී සිටි ඔටිසම් රෝගයෙන් පෙළුණු කුඩා දරුවාව බේරා ගැනීමට හැකිවූ බවයි.
මෙහි දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ රයන් දරුවාගේ බේරාගැනීමේ අවස්තාව යනුවෙන් හුවමාරු වන වීඩියෝවේ දර්ශන වලට සමාන බව ද අපට තහවුරු වුනා.
එම දර්ශන පළවූ තවත් අවස්ථාවක් මෙතනින්. එසේම ඒ පිලිබඳ පලවූ තවත් පුවතක් මෙතනින් සහ මෙතනින්
මේ අතර රයන් දරුවා බේරා ගැනීමේ මෙහෙයුම අවසාන සහ අසීරුතම අදියර වෙත පෙබරවාරි මස 5 වැනිදා පස්වරුවේ ලඟා වී තිබුණා. කෙසේනමුත් දින 4ක් මෙසේ නල ළිං කුහරයක සිරව සිටි රයන් දරුවා අවාසනාවන්ත ලෙස ඉන් ඉවතට ගන්නා අවස්තාව වන විට ජීවිතක්ෂයට පත් වී තිබු බව ද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුනේ මෙලෙසින්.
අප මෙම ඡායාරූපය ද, Reverse Image සෙවුමක් සඳහා යොමු කළ අතර මෙම ඡායාරූපයේ දැක්වෙන්නේ පසුගිය ජනවාරි මසදී අමෙරිකාවේ Whitsett නගරයේදී රිය අනතුරකට මුහුණ පෑ Armani Gonzalez නමැති 6 හැවිරිදි දරුවෙකුගේ ඡායාරූපයයි.
අධිවේගී මාර්ගයක සිය පියා සහ මිත්තණිය සමගින් ගමන් කරමින් සිටියදී වැරදි මං තීරුවේ (Wrong-way) ධාවනය කරමින් පැමිණි මෝටර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදු වී තිබුණා.
කෙසේවෙතත් අනතුරින් තුවාල ලබා රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබා ඔහු මේ වන විට සිය නිවස කරා පැමිණ තිබෙනවා. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු ඇතුළත් පුවත් වාර්තාවක් පහතින්.

මේ සම්බන්ධයෙන් පළ වූ තවත් පුවත් වාර්තාවක් මෙතනින් සහ මෙතනින්.
Conclusion (අවසාන නිගමනය)
අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ ලොව පුරා අවධානයට ලක්වූ මොරොක්කෝවේ ළිං කුහරයක සිරව සිටි රයන් කුඩා දරුවා බේරා ගත් අවස්ථාවේ ඡායාරුප යනුවෙන් හුවමාරු වී තිබුනේ සිරියාවේ යුධ ගැටුම් තත්ව හේතුවෙන් පීඩාවට ලක්වී සිටි දරුවන්ගේ ඡායාරුප පෙලක් බවයි. එසේම රයන් බේරා ගත් අවස්ථාවේ වීඩියෝවක් ලෙස හුවමාරු වී තිබුනේ ද මීට මසකර පමණ පෙර ඉරාකයේ ලිඳකට වැටි බේරාගෙන තිබු දරුවෙකුගේ වීඩියෝවකි. එසේම දින 4ක් මෙසේ නල ළිං කුහරයක සිරව සිටි රයන් දරුවා අවාසනාවන්ත ලෙස ඉන් ඉවතට ගන්නා අවස්තාව වන විට ජීවිතක්ෂයට පත් වී තිබුණා.
Fact-Check : ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ළිං කුහරයක් තුළ සිරවී සිටි කුඩා දරුවා බේරාගෙන?

Title:මොරොක්කෝවේ නල ලිං කුහරයක සිරවී සිට බේරාගත් රයන්ගේ ඡායාරුපයක් ද?
Fact Check By: Kalana KrishanthaResult: Misleading

Possessing more than five years of experience in journalism related to print as well as online media, Kalana, the editor of Factcrescendo Sri Lanka is a graduate of Psychology and holds a diploma in Diplomacy and World Affairs,