පවතින විදුලි අර්බුදය නිසා ජනතාව දැඩි අපහසුතාවයකට පත්වයි සිටින්නේ. දිනපතා සිදුවන විදුලිය කප්පාදු කිරීම් පිළිබදව නිරන්තරයෙන්ම සමාජ ජාලා වලදී කතාබහට ලක්වෙනවා.මේ අතරතුරදී සමහර වැරදි සහ නොමගයවන සුලු සටහන්ද සමාජ ජාලා තුළ හුවමාරු වනවා.

සමාජ ජාලා සටහන්

ෆේස්බුක් පරිශීලකයෙක් විසින් ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ ඡායාරූපයක් අන්තර්ජාලයට එක්කර තිබුණේ ඔහු විසින් ප්‍රකාශ කල බවට හැගවෙන සේ පහත සටහනද සමගින් .

“ලයිට් කපන්න උනේ ජනතාව විදුලිය ගබඩා කරගත්ත නිසා .ඒකයි”

Facebook | Archived

මේ සම්බන්ධයෙන් ෆේස්බුක් පරිශීලකයින් අදහස් දක්වා තිබුණේ මෙලෙසයි.

ඒ අතරම බොහෝ දෙනෙක් අතරේ ද මෙම සටහන ෆේස්බුක් අවකාශයේ විසිර පැවතියේ මෙලෙසින් .

Read also:

FACT CHECK: මිනිස්සූ දාහක් දෙදෙහාක් මැරුණට මොකක්ද ප්‍රශ්නේ යනුවෙන් ජොන්ස්ටන් පැවසුවාද?

Fact Check (සත්‍ය තොරතුරු විමසා බැලීම )

උපහාසාත්මක කෝණයෙන් බොහෝ විට හුවමාරු වී තිබු මෙම සටහනේ අන්තරගතය සම්බන්ධයෙන් ප්‍රධාන ධාරාවේ කිසිඳු හෝ පුවතක් වාර්තා කර තිබු ආකාරයක් අපට දැක ගන්නට ද ලැබුනේ නැහැ

ඉන්පසුව අප අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ මාධ්‍ය ලේකම්වරයාගෙන්ද මේ පිළිබදව විමසා බැලුවා.ඔහු පවසා සිටියේද අමාත්‍යවරයා විසින් මෙවැනි ආකාරයේ ප්‍රකාශයක් සිදු කර නොමැති අතර සමාජ ජාලා සටහනේ ඇති තොරතුරු සම්පූර්ණ අසත්‍ය බවයි .

එසේම රටේ පවතින අර්බුදකාරී තත්ත්වයන් පිළිබදව ඇමතිවරයා මෑතකදී සිදු කළ ප්‍රකාශ පිළිබදවත් අප අවධානය යොමුකළා. එහිදී අපට දැකගන්නට ලැබුණේ ඉන්ධන අර්බුදය පිළිබදව අමාත්‍යවරයා සිදු කළ ප්‍රකාශයක් අපට මෙසේ දැක ගන්නට ලැබුණා.

"තෙල් නැතිවෙනවා කිව්වාම ජනතාව බය වෙනවා. රුපියල් 500 ක තෙල් ගහන කෙනා ෆුල් ටෑන්ක් කරගන්නවා, ජනතාව පීඩනයට පත් වෙනවා. විපක්ෂය කාර්ය කරන ඇමති කෙනෙක් හිටියේ" ,ලෙස අමාත්‍ය උදය ගම්මන්පිළව ඉවත් කිරීම සහ පවතින ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමැතිවරයා දින කිහිපයකට පෙර පවසා ඇති බවයි.ඒ සම්බන්ධ වීඩියෝව පහතින් .

බොහෝවිට එම ප්‍රකාශය මුල් කරගනිමින්, විදුලි අර්බුදය පිළිබඳව ද පහත ආකාරයේ සමාජ ජාලා සටහන් පළව තිබෙනු අපට දක්නට ලැබුණා .

https://twitter.com/MaduWalige/status/1500664376558247939

මෙවැනි අදහස් දැක්වීම් මුල් කරගෙන උපහාසාත්මක කෝණයෙන් ඉහත ආකාරයේ විදුලි කප්පාදුවට හේතුව විදුලිය හබඩා කර ගැනීම වැනි සමාජ ජාල සටහන් නිර්මාණය වී ඇති බවක් අනුමාන කල හැක.

කෙසේනමුත් විදුලි අර්බුදය පිටුපස කුමන්ත්‍රණයක් තිබෙන බවත් ඉතා ඉක්මනින් විදුලි කප්පාදුව නවතා දැමීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා පසුගිය දින කිහිපය කිහිපවරක්ම පවසා තිබුනත් අද දින (මාර්තු 10 වැනිදා) ද විදුලි කප්පාදුව සිදුවන බව වාර්තා වී තිබුනේ මෙලෙසින්

අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය)

අප විසින් සිදු කරන ලද ගවේෂණයේදී තහවුරු වූයේ සමාජ ජාලාවල සටහන් ආකාරයට විදුලි අර්බුදයට හේතුව ජනතාව විසින් විදුලිය ගබඩා කර තබා ගැනීම වැනි කාරණයක් බව  අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් පවසා නොමැති බවයි.කෙසේ වෙතත් ඔහු ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් සිදු කළ ඇතැම් ප්‍රකාශ පදනම් කරගෙන උපහාසාත්මක කෝණයෙන්  මෙම සමාජ ජාල සටහන සකසා ඇති බව අනුමාන කළ හැක.

Avatar

Title:ලයිට් කපන්න උනේ ජනතාව විදුලිය ගබඩා කර ගත්ත නිසා - ජොන්ස්ටන්?

Fact Check By: Kalana Krishantha

Result: False