පවුලේ මෝඩම පුද්ගලයා තමා ලෙස හිටපු ජනපති ගෝඨාභය පැවසූ බවට ව්‍යාජ වීඩියෝ සංස්කරණයක්!

False Social

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් තමන් සිය පවුලේ සිටින මෝඩම පුද්ගලයා තමන් බවට පවසන ලද වීඩියෝවක් බවට සමාජ මාධ්‍ය ඔස්සේ නැවත වරක් මේ දිනවල සංසරණය වෙමින් පවතිනවා.

සමාජ මාධ්‍ය සටහන් :

ෆේස්බුක් ඔස්සේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වීඩියෝවක් සංසරණය වී තිබුණේ,  ඔහු විසින් සිය පවුලෙන් මෝඩම පුද්ගලයා තමන් බවට පවසන දර්ශන පෙළක් බව ඒත්තු ගන්වමින්. එම වීඩියෝව පහතින්.

Facebook 

එම වීඩියෝව පළ වූ තවත් අවස්ථාවක් මෙතනින් සහ මෙතනින්.

මෙම වීඩියෝව සත්‍යයක් බවට උපකල්පනය කරමින් ඇතැම් පිරිස් ප්‍රතිචාර දක්වා තිබුණේ මේ අයුරින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

අප ප්‍රථමයෙන්ම මෙම වීඩියෝවේ වෙනත් වීඩියෝවක් ඇත්දැයි නිරීක්ෂණය කරනු ලැබුවා.

ඒ අනුව මෙහි සංස්කරණය නොකරන ලද ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝවට සමාන අවස්ථාවක් සම්බන්ධ වීඩියෝවක් වෙත අපගේ අවධානය යොමු වුණා.

එම වීඩියෝව 2019 වසරේ සැප්තැම්බර් මසදී “මම නපුරුයි කියලා මුස්ලිම් මිනිස්සුන්ට කියල තියනවලු, මම තමයි අපේ ගෙදර හිටිය අහිංසකම මිනිහා ” යනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දේශපාලන කතාවක් සිදු කළ අවස්ථාවේදී පවසන ලද වීඩියෝවකි.

එහි සඳහන් වී තිබුණේ, “අපේ පවුලේ මෝඩම මිනිහා මම” නොව, “අපේ පවුලේ අහිංසකම මිනිහා මම” යනුවෙන්ජ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසූ අවස්ථාවකි.

එම වීඩියෝව පහතින්.

Archived Link

මෙම සත්‍ය සංස්කරණය නොකරන ලද සත්‍ය වීඩියෝව සම්බන්ධයෙන් පළ වූ තවත් අවස්ථාවක් මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

සත්‍ය වීඩියෝව හා සංස්කරණය කරන ලද වීඩියෝවේ සංසන්දනය මෙලෙසින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News 

අවසාන නිගමනය :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙනු ලබන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ හිටපු ජනාධිපති ගෝඨාභයට රාජපක්ෂ මහතා විසින් ‘තමන් පවුලේ සිටි මෝඩම පුද්ගලයා’ බවට පැවසූ ලෙස පළ වූ වීඩියෝව සංස්කරණය කරන ලද වීඩියෝවක් බවයි. සත්‍ය වීඩියෝවේ දැක්වුණේ, ‘අපේ පවුලේ අහිංසකම මිනිහා මම’ යනුවෙන් ඔහු පවසන ලද අවස්ථාවකි.

Avatar

Title: පවුලේ මෝඩම පුද්ගලයා තමා ලෙස ජනපති පැවසූ බවට ව්‍යාජ වීඩියෝ සංස්කරණයක් !

Fact Check By: Pavithra Sandamali 

Result: False


Leave a Reply

Your email address will not be published. Required fields are marked *