Update :

හෙට (30) පෙරවරු 8.00 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා දිවයින පුරා විටින් විට පැය 10ක විදුලිය විසන්ධි කිරීමට මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය ලබා දී තිබෙනවා.

ලංකා විදුලි බල මණ්ඩලයේ වෙබ් අඩවියේ දක්වා තිබූ විදුලි කප්පාදුව සිදු කරන කලාප සහ වෙලාවන් මෙසේය.

බලාගාර ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්ධන ප්‍රමාණවත් නොවීම මෙන්ම පවත්නා ජල සංචිත ප්‍රමාණයද අඩුවීම හේතුවෙන් අඛණ්ඩව විදුලිය සැපයීම සිදු කිරීමට අසීරු බැවින් දෛනිකව විදුලි කප්පාදුව මේ වන විටත් සිදුවනවා. දිනයක කාල වේලාවන් දෙකකදී විදුලි කප්පාදුව සිදු වන අතර මේ වන විට සිදුවන පැය 05ක විදුලි කප්පාදුව වෙනුවට පැය 10 ක විදුලි කප්පාදුවක් වන බවට සමාජ මාධ්‍ය මෙන්ම ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කළ පුවතේ සත්‍ය සොයා අප කළ විමර්ශනයයි මේ.

සමාජ මාධ්‍ය සටහන් :

ලබන සතියේ පැය 10ක විදුලි කප්පාදුවක් යනුවෙන් සඳහන් කරමින් පසුගිය 25 වන දා සමාජ මාධ්‍ය සටහනක් පළ වී තිබුණා.

Facebook | Archived Link

එම සටහන ෆේස්බුක් ඔස්සේ සංසරණය වී තිබුණේ මේ අයුරින්.

ඇතැම් වෙබ් අඩවිද වාර්තා කර තිබුණේ, ජලාශ වල ජල මට්ටම පහළ යාම සහ තාප බලාගාර සඳහා ක්‍රමවත් ලෙස ඉන්ධන නොලැබීම නිසා ලබන සතියේ විදුලි කප්පාදු කිරිමට සිදුවන පැය ගණන වැඩි වීමේ සම්භාවිතාවක් පවතින බව විදුලිබල ඉංජිනේරුවන් පැවසූ බවයි.

මේ වන විට පැය 06යි මිනිත්තු 30ක් දක්වා සිදුකරනු ලබන විදුලි කප්පාදුව ඇතැම් විට දිනකට පැය 10ක් දක්වා වැඩි කිරිමට සිදුවනු ඇති බවයි විදුලි ඉංජිනේරුවන් සඳහන් කර ඇති බවයි එම වාර්තා පෙන්වා දුන්නේ.

එම වෙබ් වාර්තා මෙතනින් සහ මෙතනින්. Archived Link

පැය 10 ක විදුලි කප්පාදු කරන බවට තීරණය කර ඇති බවට ප්‍රධාන මාධ්‍ය ධාරාද වාර්තා කර තිබීම හේතුවෙන් අප මේ පිළිබඳව විමර්ශනය කිරීම සඳහා ප්‍රථමයෙන් පැය 10 ක විදුලි කප්පාදුවක් සම්බන්ධයෙන් ලංකා විදුලි බල මණ්ඩලය හෝ මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් හෝ අදහස් දක්වා තිබේද යන්න පිළිබඳ අප නිරීක්ෂණය කරනු ලැබුවා.

නමුත් එලෙස එම ආයතන දෙක හරහා එවන් පුවතක් වාර්තා වී නොතිබුණ බවට අප කළ නිරීක්ෂණයේදී තහවුරු වුණා.

සමාජ මාධ්‍ය ඔස්සේ බහුලයව මේ පිළිබඳව සටහන් සංසරණය වීම පිළිබඳව අදහස් දක්වමින් ඉදිරියේ දී පැය 10ක කාලයක් විදුලි කප්පාදුවක් සිදුවන බවට පළවන වාර්තාවල කිසිදු සත්‍යතාවයක් නොමැති බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී ෆර්ඩිනැන්ඩු මහතා පැවසුවා. පැය 10 ක කාලයක් සඳහා විදුලි කප්පාදු කිරීමට කිසි සේත්ම තීරණයක් ගෙන නොමැති බවත්, ජනතාව කුපිත කිරීම සඳහා මෙලෙස අසත්‍ය පතුරුවන බවයි ඔහු සඳහන් කළේ.

එමෙන්ම පැය 10 ක විදුලි කප්පාදුව සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේ, පැය 10 ක කාලයක විදුලි කප්පාදුවකට යෑමේ අවශ්‍යතාවයක් නොවන අතර තෙල් සංචිත අවශ්‍ය ප්‍රමාණයට ලබා ගැනීමේ හැකියාව ඇති බවයි.

එමෙන්ම මේ සතිය සිට විදුලිය පැය 10 ක කාලයක් කප්පාදු කරන බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් වල දැක්වුණද, අද(28) සඳුදා දිනයේ විදුලි කප්පාදු සිදු කරන සැලසුමේ ද, දැක්වුණේ උපරිම පැය 05ක විදුලි කප්පාදුවකි. එම සැලසුම මෙතනින්.

මීට පෙර විදුලි කප්පාදුයව සිදුවූ උපරිම පැය ගණන පැය 07 විනාඩි 30 කි.

ඉදිරියේදී විදුලි කප්පාදුවේ පැය ගණන වැඩි කිරීම සම්බන්ධයෙන් ලංකා විදුලි බල මණ්ඩලය හෝ මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් තීරණය කර ඇති බවට නිල ප්‍රකාශයක් සිදු කරන්නේ නම් ඒ පිළිබඳව මෙම ලිපිය මගින් යාවත් කාලීන කිරීමට අප බලාපොරොත්තු වෙමු.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය) :

අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙනු ලබන්නේ, පැය 10 විදුලි කප්පාදුවක් මේ සතියේ සිට සිදුවන බවට පළ වූ සමාජ මාධ්‍ය සටහන් නොමග යවන සුළු බවයි. සම්බන්ධයෙන් ලංකා විදුලි බල මණ්ඩලය හෝ මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් පවසා සිටියේ එම පුවත් අසත්‍ය බවත්, පැය 10 ක කාලයක විදුලි කප්පාදුවකට යෑමේ අවශ්‍යතාවයක් නොවන අතර තෙල් සංචිත අවශ්‍ය ප්‍රමාණයට ලබා ගැනීමේ හැකියාව ඇති බවයි.

Avatar

Title:මේ සතියේ පැය 10ක විදුලි කප්පාදුවක් ?

Fact Check By: Pavithra Sandamali

Result: Explainer