Update : 27/06/2022

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ අයි.ඕ.සී සමාගම පසුගිය 26 වන දා අලුයම 02 සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම වර්ගවල ඉන්ධන මිල ඉහළ නංවා තිබේ.

ඒ අනුව, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 50කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල රුපියල් 470කි.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 100කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල රුපියල් 550කි.

ලංකා ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 60කින් ඉහළ නංවා තිබේ.

ඒ අනුව එහි නව මිල රුපියල් 460කි.

සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 75කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල රුපියල් 520ක් බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

Update 06/06/2022:

අද (06) මධ්‍යම රාත්‍රියේ සිට ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රු.750/- දක්වාත් ඇතුළුව සිපෙට්කෝ (CEYPETCO) ඉන්ධන මිල ඉහළ යන අයුරු යනුවෙන් හුවමාරු වූ සටහන් අසත්‍ය බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසා සිටියා.

https://twitter.com/factcrescendosl/status/1533871918977527808

Update 24/05/22:

අද(24) අලුයම 3.00 ට සිපෙට්කෝ ඉන්ධන මිල ඉහළ දමා තිබුණා.

ලීටරයක නව මිල ගණන්

පෙට්‍රල් ඔක්ටේන් 92 - රුපියල් 420

පෙට්‍රල් ඔක්ටේන් 95 - රුපියල් 450

ඔටෝ ඩීසල් - රුපියල් 400

සුපර් ඩීසල් - රුපියල් 445

සිපෙට්කෝ ඉන්ධන මිල ඉහළ දැමීමට සාපේක්ෂව අද (24) අලුයම 3.00 සිට එම මිල ගණන්වලින්ම ඉන්ධන මිල ඉහළ දැමූ බව ලංකා IOC සමාගම පැවසුවා.

Update 18/05/22:

ලංකා IOC සමාගම විසින් අද ( මැයි 18) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දමන බවට පළ වන වාර්තා අසත්‍ය බවට ලංකා IOC සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා පවසයි.

මීට ඉහතදීද, IOC සමාගම විසින් ඉන්ධන මිල ඉහළ දමන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ මිල ගණන් දක්වමින් අද දිනයේදීද, අසත්‍ය සටහන් මෙලෙසින් සහ මෙලෙසින් සංසරණය වී තිබුණා.

ලංකා ඉන්දියන් ඔයිල් සමාගම විසින් අද( මැයි 07) මධ්‍යම රාත්‍රියේ සිටනැවත වරක් ඉන්ධන මිල ඉහළ දමා ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පුවතක් සීග්‍රයෙන් සංසරණ වුණා. මෙහි නිරවද්‍යතාය සොයා අප කළ විමසීමක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

අද මධ්‍යම රාත්‍රියේ සිට ලංකා IOC ඉන්ධන මිල ඉහළ දමා ඇති බවට Ada Derana කෙටි පණිවිඩ සේවාවෙන් පුවතක් නිකුත් කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වුණා.

එහි දක්වා තිබුණේ ලංකා IOC පෙට්‍රල් ඔන්ටේන් 92 රු. 505 ක් වන බවද, ඔක්ටේන් 95 රු.517ක් ද වන බවද, පෙට්‍රල් යූරෝ 3- රු 547ක් ද, ඔටෝ ඩීසල් රු.389කින් ද, සුපර් ඩීසල් රු.427ක්ද වන බවයි.

Facebook | Archived Link Facebook | Archived Link

ඒ අනුව සමාජ මාධ්‍ය ඔස්සේ මේ සම්බන්ධයෙන් සටහන් සංසරණය වී තිබුණේ මෙලෙසින්.

WhatsApp ඔස්සේ ද “අද දෙරණ” කෙටි පණිවුඩ සේවාව හරහා එවන ලද පණිවුඩයක් එම පුවත හුවමාරු වී තිබුනේ මෙලෙසින්.

මෙහි නිරවද්‍යතාවය සොයා අප විමර්ශනයක් සිදු කරනු ලැබුවා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

අද(07) මධ්‍යම රාත්‍රියේ සිට ලංකා ඉන්දියන් ඔයිල් (LIOC) සමාගම ඉන්ධන මිල ඉහළ දමා ඇත්දැයි යන්න ප්‍රධාන මාධ්‍ය වාර්තා කළාද යන්න පිළිබඳව අප ප්‍රථමයෙන්ම විමර්ශනය කරනු ලැබුවා. නමුත් කිසිදු ප්‍රධාන මාධ්‍ය ධාරාවක එවන් පුවතක් පළ වී නොතිබුණි.

එමෙන්ම “අද දෙරණ” කෙටි පණිවිඩ පුවත් සේවාව මගින් ද ලංකා IOC ඉන්ධන මිල ඉහළ දැමූ බවට කෙටි පණිවිඩයක් ද නිකුත් කර නොමැති බවට අප කළ නිරීක්ෂණයේදී තහවුරු වුණා. කෙසේවෙතත් හුවමාරු වන පුවත, ව්‍යාජ පුවතක් බව, ඇමැති කාංචන විජේසේකර උපුටා දක්වමින් කෙටි පණිවුඩයක්, අද දෙරණ විසින් නිකුත්කර තිබුණි.

එම පණිවුඩයට මුල් වී තිබුනේ, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන් අසත්‍ය බවත්, IOC හෝ Ceypetco හි මිලෙහි වැඩිවීමක් නොමැති බව සඳහන් කරමින්, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා නිකුත්කර තිබු සමාජ මාධ්‍ය සටහන් පෙළයි.

අමාත්‍යවරයා සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් වැඩි දුරටත් සඳහන් කළේ, මේ අයුරින් ජනතාව නොමග යවන ආකාරයට අසත්‍ය පුවත් පළකරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි. එම පණිවිඩය පහතින්.

https://twitter.com/kanchana_wij/status/1522966951974227968

මෙම පුවත අද දෙරණ ඇතුළු මාධ්‍ය සියල්ලක් ම පාගේ දා වාර්තා කර තිබුණා.

Ada Derana | News.lk

ලංකා IOC සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා මහතාද, සඳහන් කරනු ලබන්නේ, මෙය අසත්‍ය තොරතුරක් බවයි. ඒ සම්බන්ධයෙන් පළ වූ ප්‍රධාන මාධ්‍ය ධාරා පුවතක් මෙතනින්.

අවසන් වරට ලංකා IOC සමාගමට අයත් ඉන්ධනවල මිල පසුගිය අප්‍රේල් 17 වන දා ඉහළ දමනු ලැබුවා. ඒ සමඟම Ceypetco මිල ගණන් ද ඉහළ දැමුවේ ඔක්ටෙන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 338ක් යනාදී වශයෙන්. ඒ පිලිබඳ පුවතක් මෙතනින්. දැනට එම මිල ගණන් යටතේ ඉන්ධන නිකුත් කෙරෙනවා.

කෙසේනමුත් විනිවිධභාවයෙන් යුතු ඉන්ධන මිල සූත්‍රයක් හඳුන්වාදෙමින්, එය එළඹෙන සතියේ දී කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා, මැයි මස 05 වැනිදා පාර්ලිමේන්තුවේ දී පැවසීය. News.lk

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙනු ලබන්නේ, ලංකා IOC ඉන්ධන මිල අද(07) මධ්‍යම රාත්‍රියේ සිට නැවත ඉහළ දමා ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන් අසත්‍ය බවයි. විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා මෙන්ම ලංකා IOC සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා මහතාද, මැයි 07 මධ්‍යම රාත්‍රියේ සිට, ඉන්ධන මිලෙහි වෙනසක් සිදුව නැති බව තහවුරු කරයි.

Avatar

Title:ලංකා IOC ඉන්ධන මිල අද (07) මධ්‍යම රාත්‍රියේ සිට නැවත ඉහළට දැමුවාද?

Fact Check By: Pavithra Sandamali

Result: False