ලංකාව මේ වන විට පවතින්නේ බරපතල ආර්ථික අර්බුදයකයි. විදෙස් විනිමය හිගය මුලික කොට, රටට අවශ්‍ය කරන ගෑස්, විදෙස් රටවලින් ලබාගැනීම ද අභියෝගයක්ව පවතිනවා. කෙසේවෙතත් ජුලි 11 වනදා සිට ලිට්රෝ ගෑස් සමාගම විසින් ගෘහස්ත ගෑස් බෙදාහැරීමේ කටයුතු නැවත ආරම්භ කළ අතර ගෘහස්ථ ගෑස් ඉල්ලුම සම්බන්ධයෙන් පැවති ගැටලුව මේ මස අවසන් වන විට මගහැරෙන බවක් ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් මහතා පවසා තිබුණා.

කෙසේවෙතත් උග්‍ර ගෑස් හිඟයක් තිබු පසුගිය ජුනි මාසයේ දී මෙරට ගෘහස්ත ගෑස් සැපයුම්කාර සමාගමක් වන ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමේ ඉහළ කළමනාකාරීත්වය ලබාගන්නා වැටුප් මුලික කරගනිමින්, වෙනත් කරුණු ද සමඟ හුවමාරු වන සමාජ ජාලා සටහන් අපට නිරීක්ෂණය වුණා.

සමාජ ජාලා සටහන් 

ෆේස්බුක් පරිශීලකයින් විසින් එකතු කර තිබු සටහන් පෙළක, ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමේ ඉහළ කළමනාකාරීත්වයේ පුද්ගලයින් තිදෙනෙකුගේ මාසික වැටුප් බව ට අගයන් දක්වමින් ඔවුන්ගේ ජංගම දුරකථන අංක ද සමඟ ඔවුන් වෙත විවිධාකාරයේ චෝදනා නගා තිබුණා.

Facebook| Archived Facebook| Archived Facebook|Archived

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමේ මූල්‍ය අධ්‍යක්ෂිකා , ලක්මාලි හපුආරච්චි රුපියල් මිලියන 2.1 ක මාසික වැටුපක් ලබන බවද, එහි අලෙවි අධ්‍යක්ෂ ජනක පතිරත්න සහ සුරක්ෂිතතා අධ්‍යක්ෂ ජයන්ත බස්නායක පිළිවෙලින් රුපියල් මිලියන 1.5 සහ 1.4 බැගින්වූ මාසික වේතන ලබන බව එහි සඳහන්.

ලක්මාලි හපුආරච්චි සම්බන්ධයෙන් එල්ලව පවතින චෝදනාව වූවේ කොමිස් ලැබෙන්නේ නැති නිසා ගෑස් ඇණවුම් නොකරන බවයි.

අලෙවි අධ්‍යක්ෂ ජනක පතිරත්න සම්බන්ධයෙන් එල්ලවී ඇති චෝදනා වී තිබුනේ පසුගිය සමයේ ගෑස් ලීක් වෙන්නෙ සහ පුපුරන්නේ මිනිසුන්ගේ වරද නිසා යයි පවසා ලීටර 18 ගෑස් සිලින්ඩරයද ප්‍රචාරණය කල බවයි.

සුරක්ෂිතතා අධ්‍යක්ෂ ජයන්ත බස්නායකට එල්ලව ඇති චෝදනාව වී තිබුනේ පසුගිය සමයේ ගෑස් පිපිරීම් පිළිබදව මහ ජනතාව වෙත වැරද්ද පිටවීම සහ ලීටර 18 ගෑස් සිලින්ඩරයේ න්‍යායාචාර්‍යවරයා ලෙසයි.

විශේෂයෙන්ම ලිට්‍රෝ සමාගමේ මූල්‍ය අධ්‍යක්ෂිකා ලක්මාලි හපුආරච්චිගේ නම සහ දුරකතන අංකය සදහන් සටහන් සමාජ ජාලවල බොහෝ සේ ව්‍යාප්තව පවතින බවක් අපටද නිරීක්ෂණය වුණා.

Facebook | Archived

වැටුප් හා සම්බන්ධ වීඩියෝවක් ද පැතිර තිබුණේ මේ ආකාරයෙන් .

Facebook

නිලධරියෙකුට ලැබෙන වැටුප අතිශය පුද්ගලික කරුණක් වන අතර ස්වාධීනව සත්‍යාපනය කිරීමට අපහසු කරුණකි. කෙසේවෙතත් මෙම සමාජ මාධ්‍ය සටහන්හි දැක්වෙන වැටුප් සම්බන්ධ කරුණ පිළිබඳව ලිට්‍රෝ සමාගමයේ පැහැදිලි කිරීම ලබාගැනීමට අප එහි කළමනාකාරිත්වය සමඟ සම්බන්ධ වුණා.

ලිට්‍රෝ ලංකා සමාගමේ පැහැදිලි කිරීම:

ලිට්‍රෝ සමාගමේ මානව සම්පත් අංශයට සම්බන්ධ අධ්‍යක්ෂකතුමිය මගින් ලබාගත් තොරතුරු වලට අනුව අපට දැකගන්නට ලැබුණේ මෙම සමාජ ජාලාවල නම් සඳහන්ව ඇති ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමේ ඉහළ කලමණාකාරීත්වයේ නිලධාරීන් ලබන සත්‍ය වැටුප, සමාජ ජාලා සටහනේ දක්නට ලැබෙන අගයන්ට වඩා අඩු බවයි. එම අගයන් සහ සමාගමේ පැහැදිලි කිරීම අනුව වෙනස මෙහි සදහන් කළ හැකිවුවත්, අප එසේ නොකරන්නේ මෙම නිලධාරීන්ගේ පුද්ගලිකත්වය ආරක්ෂා කරගත යුතු නිසා සහ නිලධරියෙකුට ලැබෙන වැටුප අතිශය පුද්ගලික කරුණක් වන බැවින්.

එසේම ලිට්‍රෝ ගෑස් සමාගමේ අභ්‍යන්තර අධ්‍යක්ෂක මණ්ඩලයේ වැටුප් සම්බන්ධව සහ නගා ඇති චෝදනා සම්බන්ධව සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙන ප්‍රචාරයන්ට විරුද්ධව ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම නීතිමය පියවර ගැනීමට තීරණය කර ඇති බවට නිවේදනයක් ද පළකර තිබුනේ මෙලෙසින්.

https://www.facebook.com/litrogaslanka/posts/pfbid02p6xkbemvkAhr2MP4LYvUqg3dJ1v6VyzKKTHEUuZgRyjGKh57z1jgSgqg2L7YE4K4l?__cft__[0]=AZXgXSDfWL-MJZWf-f1rKpdJLxhmwQ-VWrrzwIx7uBRTmlEkZOeCwY76f_Ei_vhuQP2ugGZchY-XUOgtZK_nHkIPpLLfzXyhWcVeV2EMTwejPDA4c_2X4v5UfIzJ6AlLFMqXEAOmTpPfWp-jvw6_gB3D_xOfaeMWG5suPq0KuLnWWYPXXT3GMAIggMZt4V09HV4&__tn__=%2CO%2CP-R

Facebook | Archived

ලිට්‍රෝ ගෑස් සමාගමේ මානව සම්පත් අංශය අප සමග වැඩිදුරටත් පැවසුවේ මෙම චෝදනා නිසා කාන්තා නිලධාරිනියක් වන ලක්මාලි හපුආරච්චිඩ් දැඩි මානසික පීඩනයකට ලක්ව ඇති බවයි. එමෙන්ම ලිට්රෝ ගෑස් මානව සම්පත් අංශය අප සමග ලිඛිතව විස්තරාත්මකව ලිපියක් මඟින් සනාථ කළේ ඉහත සදහන් කල සමාජ ජාලා විඩියෝවෙහි පලවන ලක්මාලි හපුආරච්චි මුල්‍ය අධ්‍යක්ෂවරියගේ වැටුප් සම්බන්ධ සටහන් සම්පුර්ණ අසත්‍ය බවයි.

ලිට්‍රෝහි අලෙවි කලමණාකරු වී.කේතීශ්වරන් අප සමග පැවසුවේ අසත්‍ය තොරතුරු ඇතුලත් කර මෙම සමාජ ජාලා සටහන් සකසා ඇත්තේ ලිට්‍රෝ ගෑස් සමාගම සහ අදාල නිලධාරීන් කෙරෙහි ජනතා වෛරයක් ඇතිකිරීමේ අරමුණින් බවයි.

2021 වසරේ දී ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමට එල්ලවූ චෝදනා සහ ඔවුන්ගේ පැහැදිලි කිරීම්:

එසේම පසුගිය 2021 වසරේ දී ගෘහස්ත ගෑස් පිපිරීම් සම්බන්ධයෙන් , ගෑස් සංයුතියේ වෙනස් කිරීම්, හඳුන්වා දී පසුව අත්හිටවූ ආන්දෝලනාත්මක ලීටර් 18 හයිබ්‍රිඩ් සිලින්ඩරය ඇතුළු කාරණා රැසක් සම්බන්ධයෙන් ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම පිළිබඳව කතාබහට ලක්වූ අතර, එම සමාගම විසින් මෙම කැරුණු ප්‍රතික්ෂේප කර තිබුණා.

එසේම මෙම මාධ්‍ය හමු කිහිපයකට ම ඉහළ කළමනාකාරිත්වය නියෝජනය කරමින් අලෙවි අධ්‍යක්ෂ ජනක පතිරත්නට සහ සුරක්ෂිතතා අධ්‍යක්ෂ ජයන්ත බස්නායක සහභාගී වී තිබෙනු අපට දැක ගන්නට ලැබුණා.

ගෑස්වල ප්‍රමිතියේ ප්‍රශ්නයක් නැති බවත් සමාජ මාධ්‍ය ඔස්සේ ඒ සම්බන්ධයෙන් හුවමාරු වූ සටහන් අසත්‍ය බවත්, ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමේ වෙළෙඳ හා අළෙවි අධ්‍යක්‍ෂ ජනක පතිරත්න සහ සුරක්ෂිතතා අධ්‍යක්ෂ ජයන්ත බස්නායක, 2021 නොවැම්බර් මස මාධ්‍ය වෙත කරුණු දැක්වූ අවස්ථාවක් මෙතනින් සහ මෙතනින්

ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාව සහ ලිරෝ ගෑස් සමාගම වෙනත් පර්යේෂණ ආයතන හරහා සිදුකළ පරීක්ෂණවල ප්‍රතිඵල ලෙස ගෑස් සංයුතියේ වෙනසක් තිබීම පිලිබඳ පැවසීමත් සමඟ ඇතිවූ ප්‍රශ්නකාරී තත්වය සම්බන්ධයෙන් පසුගිය 2021 වසරේ දෙසැම්බර් මස මාධ්‍ය හුවමක දී එම දෙපාර්ශවයම මාධ්‍ය ඉදිරියේ, කරුණු දැක්වූ අවස්ථාවක් මෙතනින්. මෙහිදී ද ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමේ වෙළෙඳ හා අළෙවි අධ්‍යක්‍ෂ ජනක පතිරත්න පවසා තිබුනේ අනතුරු රැසක් ගෑස් පරිභෝජයනේ දී ඇති වූ ප්‍රශ්නකාරී තත්වයක් බවයි.

කෙසේනමුත් පාර්ශව රැසක් විසින් චෝදනා කර තිබුනේ ප්‍රදේශ රැසකින් වාර්තා වූ ගෘහස්ත ගෑස් සිලින්ඩර ආශ්‍රිත පිපිරීම් සඳහා ගෑස් සංයුතියේ වෙනසක් සිදු කිරීම බලපෑ බවයි.

ලිට්‍රෝ ගෑස් සමාගමට පසුගිය කෙටි කාලය ඇතුළත දී සභාපතිවරු කිහිපදෙනෙකු ගේ වෙනස් කිරීමකට ලක් වූ අතර නව සහාපති ලෙස මුදිත පිරිස් මහතා පත්කර තිබුණා. එසේම ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමේ කඩාවැටීම පිළිබඳව එහි වැඩසටහන් හා ප්‍රචාරක කළමනාකරු පසුගිය දා අදහස් දක්වා තිබුනේ මෙලෙසින්

මේ ලිට්රෝ සභාපති මුදිත පීරිස් සමාජ ජාලා වල ලිට්රෝ ගෑස් සමාගමේ කළමනාකාරිත්වය ලබාගන්නා වැටුප් පරිමාන වැරැදි බව සදහන් කරමින් නිකුත් කර තිබු නිවේදනය.

Archived

සැ.යු: ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමේ ඉහළ නිලධාරීන් තුන් දෙනෙක් ඉලක්ක කරගනිමින් හුවමාරු වන සටහන් හි ඇතුළත් මාසික වැටුප් පිලිබඳ කරුණු එම සමාගමේ මානව සම්පත් අංශය සම්බන්ධ කරගනිමින් මෙහි දී අප පෙන්වා දී ඇත. මෙහි ඇතුළත් ගෑස් සංයුතිය වෙනස් කිරීමක් සත්‍ය වශයෙන් ම සිදුවුණි ද යන්න සහ සහ ඇණවුම් අත්හිටුවීම වැනි කරුණු අපට ස්වාධීනව සත්‍යාපනය කළ නොහැක.

අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News

Avatar

Title:ලිට්‍රෝ ගෑස් සමාගමේ ඉහළ කලමණාකාරීත්වයේ වැටුප් සම්බන්ධයෙන් පළවූ සටහන් පෙළක්!

By: Kalana Krishantha

Result: Explainer