
වර්තමානයේ මෙරට පවතින ආර්ථික දුෂ්කරතා හමුවේ, විවිධාකාරයේ ජනතාව මුලා කරන ආකාරයේ ජාවාරම් ඉස්මතු වී ඇති බව දැකගන්නට පුළුවන්. මේ අතර අන්තර්ජාල සබැඳියක් ඔස්සේ හුවමාරු වන ව්‍යාජ සටහන් ද රැසක් පවතිනවා.
ජනතාවට අමතර ආදායමක් ලැබනෙ බවට පවසමින්, ලොව ජනප්‍රිය වෙළඳ සන්නාමයක් වන AMAZON වෙබ් අඩවියේ ලියාපදිංචි වන බවට හඟවමින් එලෙස අන්තර්ජාල සබැඳියක් සමඟ හුවමාරු වූ සටහන්හි නිරවද්‍යතාවය සොයා අප කළ කරුණු පරීක්ෂාවයි මේ.
සමාජ මාධ්‍ය සටහන් :
අන්තර්ජාලය භාවිත කොට ලෝක ප්‍රකට AMAZON ජනප්‍රිය වෙළදාම් ආයතනය මගින් අමතර ආදයමක් ඉපැයිය හැකි බවත්, දවසෙ ආදයම රු.1500, රු.5000, රු.12000 වැනි ප්‍රමාණයක් ලබා ගත හැකි බවත් පවසමින් amazonweb.vip නමින් වෙබ් සබැඳියක් දක්වමින් ඒ ඔස්සේ ලියාපදිංචි වන ලෙසත් සඳහන් කර හුවමාරු වූ සටහනක් පහතින්.

එමෙන්ම තවත් සටහනක දක්වා තිබුණේ, AMAZON ආයතනයේ නිෂ්පාදන විකුණා මුදල් ඉපැයීමට එක් වන ලෙසයි.
එම සටහන මෙතනින්.
“අතේ තියෙන phone එක පාවිච්චි කරල දවසකට රුපියල් 60ක් වගේ පොඩි මුදලක් මුලින් හොයල …. පහු පහු වෙන්න දවසකට 5000ක් විතර හොයන මට්ටමට යන්න කැමතිද?
එන්න ලොකෙම සුප්‍රකට products selling web එකක් වෙන amazon company එකේ products sell කරමු.
මේකෙදි අපිට කරන්න තියෙන්නෙ Amazon එක ඇතුලෙ අපේ ආයතනයෙන් සපයල තියෙන products තෝරල ඒව amazon shop එකට දාන එක විතරයි. ඔයාගෙන් වියදම් වෙන්නෙ කාලය විතරයි.
100%ක් payment proof තියෙනව දැනට මාත් එක්කම එකතු වෙලා වැඩ කරන අයගේ. මම ඒ payments proofs ඕන්නම් comments විදියට දාන්නම්. මොකද මම මේක මාස ගානක් තිස්සෙ කරගෙන එන වැඩක්.
ඒත් දැන් ලංකාවෙ අය ඉන්න තත්වේ හැටියට තමන්ගෙ mobile phone එකෙන්වත් මෙහෙම දෙයක් කරන්න කියල දෙන එක වටිනව කියල හිතුනා.
මහන්සි නොවී නිකන් සල්ලි එන වැඩක් නම් නෙමෙයි හැබැයි.
සල්ලි හොයන්න උනන්දුවක් තියෙන අය විතරක් සසම්න්ධ වෙන්න. රෙජිස්ටර් වෙන්න පල්ලෙහා ලින්ක් එකෙන්. රෙජිස්ටර් වෙනකොට Phone නම්බර් එක දෙනකොට මුලට 0 දාන්න එපා. වැඩ කරන හැටි අහගන්න inbox විමසන්න.
https://www.amazonweb.vip/login?inviteCode=54496597
මුලින් කිසිදු මුදලක් වැය වෙන්නෙ නෑ. නොමිලේම මහසිය විතරක් වැය කරල හම්බ කරල payment එක එලියට ගන්නකම් මට කියල දෙන්න පුලුවන් ඔයාලට.
මෙම සටහන බොහෝ දෙනා අතර මේ වන විටත් සංසරණය වන බැවින් මෙහි නිරවද්‍යතාවය සොයා අප විමර්ශනයක් සිදු කළේ මෙලෙසින්.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):
Amazon.com Inc (Amazon) යනු ඇමරිකාවේ ස්ථාපිත ලොව පුරා රටවල් ගණනක ක්‍රියාත්මක වන අන්තර්ජාලය හරහා ක්‍රියාත්මක වන වෙළඳ පොළක සංකල්පය ඇතුළු විවිධ ඩිජිටල් පැතිකඩ ඔස්සේ ද මෙහෙයුම් ක්‍රියාත්මක කරන ආයතනයකි. ඇඟලුම්, වාහන සහ කාර්මික අයිතම, රූපලාවන්‍ය සහ සෞඛ්‍ය නිෂ්පාදන, ඉලෙක්ට්‍රොනික උපකරණ, සිල්ලර බඩු, පොත්, ක්‍රීඩා, ස්වර්ණාභරණ, ළමා සහ ළදරු නිෂ්පාදන, චිත්‍රපට, සංගීත, ක්‍රීඩා භාණ්ඩ, සෙල්ලම් බඩු, මෙවලම් ඇතුළු වෙනත් සෑම ක්ෂේත්‍රයකම පාහේ නිපැයුම් සඳහා, අදාළ නිෂ්පාදනකරුවන් හා ගැණුම්කරුවන් සම්බන්ධ කරමින් ලොව පුරා වේදිකාවක් තනා තිබෙන Amazon ආයතනය මෙලෙස කටයුතු කරන ලොව විශාලතම ආයතනයක් ලෙස සැලකේ.
Amazon ආයතනයේ නිල ප්‍රතිචාරය
කෙසේ වෙතත් ලෝක ප්‍රසිද්ධ ආයතනයක් වන Amazon සන්නාමය භාවිත කිරීම හේතුවෙන් මෙහි නිරවද්‍යතාවය තහවුරු කර ගැනීම සඳහා, ජුලි මුල් සතියේ Fact Crescendo අප කණ්ඩායම විසින්, Amazon ඉන්දියානු ආයතනයෙන් විමසීමක් සිදු කළා. එයට හේතුව ලංකාවේ Amazon නිල ආයතයනයක් ක්‍රියාත්මක නොවන හෙයින්.
ඔවුන් තහවුරු කළේ, amazonweb.vip වෙබ් අඩවිය සම්පූර්ණයෙන්ම වංචනික ලෙස යම් කිසිවකු විසින් පවත්වාගෙන යන වෙබ් අඩවියක් බවත්, නිල වශයෙන් Amazon හරහා මෙහි දැක්වෙන ආකාරයට මුදල් ඉපයිය හැකි කිසිදු වෙබ් අඩවියක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කොට හෝ ප්‍රවර්ධනය කොට නොමැති බවත්ය. එසේම මෙවැනි ව්‍යාජ වංචනික වෙබ් අඩවි වාර්තා කරන ලෙසත්, ඒ පිළිබඳ අවශ්‍ය පියවර ගනිමින් ඒ ඔස්සේ ගනුදෙනුකරුවන්ගේ සුරක්ෂිත කර ගත හැකි බවත් පවසා සිටියා.
මේ වන විට AMAZON WEB VIP ලෙස විශේෂයන්ම ලංකාවේ පාරිභෝගිකයින් ඉලක්ක කරමින් ක්‍රියාත්මක වූ ව්‍යාජ වෙබ් අඩවිය සම්පූර්ණයෙන්ම අත්හිටුවා තිබේ.
එසේම Amazon සමාගමේ නිල වෙබ් අඩවිය හැර වෙනත් නමකින් එම වෙබ් අඩවිය ක්‍රියාත්මක නොකරයි. ඔවුන්ගේ සියලුම වෙබ් අඩවි Subdomains ලෙස ක්‍රියාත්මත වේ. (උදා – sell, affiliate, FBA developer)
ව්‍යාජ වෙබ් අඩවිය පිලිබඳ විස්තර
එමෙන්ම amazonweb.vip යනුවෙන් දක්වා ඇති සබැඳිය මේ වසරේ මාර්තු 30 වෙනිදා ලියාපදිංචි වී ඇති වෙබ් සබැඳියක් බවට අප කළ නිරීක්ෂණයේදී දැක ගන්නට ලැබුණා.

අපි scamadviser web භාවිතා කර ඉහත කී වෙබ් ලිපිනය සෙවූ විට ද එහි විශ්වසනීයත්වය 1/100 බව පෙනී ගියේ මෙලෙසින්.

scamadviser.com | Archived Link
එමෙන්ම මෙම amazonweb.vip වෙබ් අඩවියේ වංචනිකත්වය හඳුනා ගැනීම සම්බන්දයෙන් 0.5% ක් ලෙස දක්වා තිබුණේ මේ අයුරින්.

එසේම මෙම amazonweb.vip ව්‍යාජ වෙබ් අඩවිය ඔස්සේ ලියාපදිංචි වී මුලින් මුදල් ද හිමි ව පසුව එය නැවතීම පිළිබඳ පිරිස් සිය අප්‍රසාදය ද පළ කර තිබු අවස්ථා කිහිපයක් පහතින්

මේ පිලිබඳ කරුණු දක්වා තිබු වීඩියෝවක් මෙතනින්
මෙම සටහන් දෙමළ බසින් ද බොහෝ දෙනෙක් අතර හුවමාරු වූ අතර ඒ සම්බන්ධයෙන් දෙමළ මාධ්‍යයෙන් අප කළ කරුණු විමර්ශනය මෙතනින්.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, amazonweb.vip ලෙස සැබඳියක් දක්වමින් එය AMAZON ආයතනයට සම්බන්ධ වෙබ් අඩවියක් බවත්, ඒ ඔස්සේ ලියාපදිංචි වී මුදල් ඉපැයිය හැකි මාර්ගයක් ලෙසත් දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ දක්වා තිබුනේ AMAZON ආයතනය නමින් පෙනී සිටි ව්‍යාජ වෙබ් අවවියක් බවයි.
AMAZON ආයතනයේ ඉන්දියාවේ කාර්යාලයෙන් ද, තහවුරු කරනු ලැබුවේ, amazonweb.vip වෙබ් අඩවිය සම්පූර්ණයෙන්ම වංචනික ලෙස යම් කිසිවකු විසින් පවත්වාගෙන යන වෙබ් අඩවියක් බවත්, ඒ ආකාරයට හරහා මුදල් උපයන කිසිදු වෙබ් අඩවියක් ශ්‍රී ලංකාවේ නිල වශයෙන් Amazon ආයතනය විසින් ක්‍රියාත්මක කර හෝ ප්‍රවර්ධන කර හෝ නොමැති බවයි.

Title:AMAZON සන්නාමය භාවිත කරමින් අමතර ආදාමයමක් ඉපැයිය හැකි බවට පළ වූ සටහනකට ඔබත් රැවටුණා ද ?
Fact Check By: Pavithra SandamaliResult: False
