
දුම්රිය ගමනාගමනය සම්බන්ධයෙන් බොහෝ දෙනා වැඩි කැමැත්තක් දක්වනවා. ඒ, එය බස් වලින් ගමන් බිමන් යාමට හෝ පුද්ගලික වාහන වලින් ගමන් බිමන් යාමට වඩා ආර්ථික වශයෙන් ලාභදායි වීම මෙන්ම වෙනස් ආකාරයේ අත්දැකීමක් ද ලබාදීම හේතුවෙන්.
නමුත් ලංකාවේ බොහෝ ප්‍රදේශවලට මේ වන තෙක් දුම්රිය මාර්ග ඉදිවී නැහැ. එවන් දුම්රිය මාර්ග ඉදිව නොමැති , දුම්රිය ගමනාගමනයක් සිදු නොවන ප්‍රදේශයක් ලෙස අම්පාර සැලකිය හැකියි. එවන් පසුබිමක අම්පාර දුම්රිය ස්ථානය ලෙස සදහන් සේයාරුවක් සමාජ ජාලාවල පැතිරෙනවා. මේ ඒ සම්බන්ධයෙන් අප විසින් සිදුකල කරුණු විමසා බැලීමක්.
සමාජ ජාලා සටහන්
අම්පාරේ දුම්රිය ස්ථානයක් ඇති බවට හැගවෙනසේ සමාජ ජාලා සටහන් පැතිර තිබුණේ මෙලෙසින්.

ඒ සම්බන්ධයෙන් පලව තිබු අදහස් පහතින්.

මෙම සටහන් ෆේස්බුක් අවකාශයේ විසිර තිබුණේ පහත අයුරින්.

එසේම මෙම සටහන් මීට පෙර ද වසර කිහිපයක සිට හුවමාරු වී තිබු අයුරු ද අපට දැක ගන්නට ලැබුණා. මේ පිලිබදව කරුණු විමසා බැලීමක් සිදු කිරීමට අප තීරණය කළා.
Fact Check(සත්‍ය කරුණු විමසා බැලීම)
අප විසින් මුලින්ම අම්පාරේ දුම්රිය ස්ථානයක් ක්‍රියාත්මක වීම පිළිබඳව මෑතක දී ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මගින් කරුණු වාර්තා කර ඇති ද යන කරුණ පිලිබදව සොයා බැලුවා. එහෙත් අපට දැකගනන්ට ලැබුණේ එවන් කරුණු වාර්තා කිරීම් සිදුව නොමැති බවයි.
ඉන් අනතුරුව අප දුම්රිය දෙපාර්තුමෙන්තුවෙන්ද කරුණු විමසා බැලුවේ අම්පාරේ දුම්රිය ස්ථානයක් පවතිනවා ද යන කරුණයි. එහිදී ඔවුන් තහවුරු කර සිටියේ ද අම්පාර දිස්ත්‍රික්කය තුළ දුම්රිය ධාවනයක් සිදු නොවන අතර අම්පාර දුම්රිය ස්ථානය ලෙස හැදින්වෙන දුම්රිය ස්ථානයක්ද නොමැති බවයි.
ලංකාවේ දුම්රිය මාර්ග සිතියම ට පිවිසිය හැකියි මෙතනින් | Archived
ඉන් අනතුරුව අප සමාජ ජාලාවල පලව ඇති සේයාරූ reverse image සේවුමකට ලක්කලා. එහිදී අපට දැකගන්නට ලැබුණේ 2013 වසරේ අම්පාරේ පවත්වන ලද “දැයට කිරුළ” ප්‍රදර්ශනය වෙනුවෙන් මෙසේ දුම්රිය ස්ථානයක අනුරුවක් සහ මහජන ප්‍රදර්ශනය උදෙසා කෙටි දුම්රිය මාර්ගයක්ද සකසා තිබුණු ආකාරයයි. එම ඡයාරූප අන්තර්ජාලයේ පළව තිබුණු ආකාරය පහතින්.

එම සේයාරු සහ විස්තර ඇතුලත් ෆේස්බුක් සටහන් පළව තිබුණු අතර එම සටහනකට පිවිසිය හැකියි මෙතනින්. Archived
2013 දැයට කිරුල ප්‍රදර්ශනය සම්බන්ධයෙන් අම්පාර දිස්ත්‍රික්කයේ වෙසෙන මාධ්‍යවේදියෙක් වන සමන් දිසානායක විසින් ලංකාදීප පුවත්පතට ලියන ලද විස්තරාත්මක ලිපියක් ද අපට ලංකාදීප වෙබ් අඩවියේ පළව තිබෙන ආකාරය අපට වෙබ් ගවේෂණයේදී නිරීක්ෂණය කිරීමට හැකිවුණා. එම ලිපිය මෙතනින් | Archived
මාධ්‍යවේදි සමන් දිසානායක
2013 දැයට කිරුල ප්‍රදර්ශනයේ මෙවන් දුම්රිය ස්ථානයක් ඉදි කර තිබුනා ද ,එහි වත්මන් තත්ත්වය කෙබදු ද ,මේ පිලිබදව අප විමසා සිටියේ මාධ්‍යවේදී සමන් දිසානායකගෙන්.
ඔහු අප සමග පවසා සිටියේ 2013 වසරේ දැයට කිරුල ප්‍රදර්ශනය පැවති භුමියේ මෙම ඉදිකිරීම් සිදුකර තිබුණු බවයි. නමුත් එහි දිගු දුම්රිය මාර්ගයක් දක්නට නොලැබුණු අතර මීටර 500ක් පමණ දිගු දුම්රිය මාර්ගයක්, තාවකාලිකව ඉදිකර , දුම්රිය ස්ථානයක් සේ සකසන ලද ගොඩනැගිල්ලක් ද තනා දුම්රිය මැදිරි 2 ක් සහ එන්ජිමක්ද ගෙනැවිත් එම කෙටි දුර ප්‍රමාණය තුළ දුම්රිය ධාවනයක් ප්‍රදර්ශනය පැවති දිනවල සිදු කෙරුණු බවයි. ඒ සදහා සංකේතාත්මක ලෙස සකසන ලද ටිකට්පත්ද දුම්රිය මගින් ලෙස සම්බන්ධ වූ අයට ලබාදුන් බවත් ඔහු පැවසුවා.
නමුත්, ඉන් අනතුරුව මෙම තාවකාලිකව ඉදිකරන ලද දුම්රිය මාර්ගය දිගු කිරීමක් හෝ එය ස්ථිර දුම්රිය මාර්ගයක් ලෙස සංවර්ධනය කිරීමකට උත්සාහයක් නොදරන ලද අතර මේ වන විට අදාළ භුමියේ දුම්රිය ස්ථානය ලෙස සකසන ලද ගොඩනැගිල්ල ද අබලන් වී ඇති අතර දුම්රිය මාර්ග කිසිවක් ද දක්නට නොලැබෙන බවත් ඔහු පැවසුවා. එමෙන්ම අම්පාර දිස්ත්‍රික්කය තුළ දුම්රිය ධාවනයක් මේ වන විට සිදු නොවන බවත් ඔහු පැවසුවා.
මෙම තාවකාලික දුම්රිය මාර්ගය තුළ දැයට කිරුල පැවති අවදියේ ධාවනයවූ දුම්රිය එන්ජිම පහතින්.
P1 530 on Deyata Kirula Exhibition at Oyamaduwa in 22.01.2012 on Flickriverඅම්පාර හාඩි තාක්ෂණික ආයතනය
“දැයට කිරුළ” 2013 ප්‍රදර්ශනය පැවතියේ අම්පාර හාඩි තාක්ෂණික ආයතනයට අයත් භුමියේයි . හාඩි තාක්ෂණික ආයතනයට තරමක් විශාල පරාසයක් දක්වා විහිදුණු බිමක් අයිතියි.
මේ වන විට එහි ඉදිකරන ලද මෙම ගොඩනැගිලි වල තත්ත්වය කෙබඳු දැයි අප එහි ප්‍රකාශකයෙක් ගෙන් ද විමසා සිටියා. එවිට ඔහු පැවසුවේ රේල්පාර , සිල්පර කොටන් , දුම්රිය ස්ථානය පිලිබදව වන නාම පුවරු මේවන විට දක්නට නොමැති අතර ඉදිකරන ලද ගොඩනැගිල්ල හුදෙකලාව පවතින බවයි. එය අබලන්ව ඇති බවත් ඔහු පැවසුවා.
වර්තමාන තත්ත්වය
එම ගොඩනැගිලි සහ තාවකාලික රේල්පාර ඉදිකර තිබූ ස්ථානය වර්තමානයේ පවතින්නේ කෙබදු ආකාරයෙන්ද ? මේ වර්තමානයේ එහි තත්ත්වය විදහා දක්වන සේයාරූ පෙළක්.





අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.
Facebook | Twitter | Instagram | Google News |TikTok
Conclusion (අවසාන නිගමනය)
අප විසින් සිදු කරන ලද කරුණු විමසීමේදී තහවුරු වුවේ අම්පාර දුම්රිය ස්ථානය ලෙස දුම්රිය ස්ථානයක් නොමැති බවයි. සමාජ ජාලා තුළ හුවමාරුවන්නේ 2013 අම්පාර පැවති දැයට කිරුල ප්‍රදර්ශනයට සමගාමීව තාවකාලිකව ඉදිකරන ලද දුම්රිය ස්ථානයක සේයාරුවක් සහ කෙටි දුම්රිය මාර්ගයකි. එම ගොඩනැගිලි මේ වන විට එම ස්ථානවල දක්නට නොමැත. අම්පාර දිස්ත්‍රික්කය තුළ දුම්රිය ධාවනයක් මෙතෙක් සිදු නොවන අතර දුම්රිය මාර්ග ඉදිකෙරී නොමැත.

Possessing more than five years of experience in journalism related to print as well as online media, Kalana, the editor of Factcrescendo Sri Lanka is a graduate of Psychology and holds a diploma in Diplomacy and World Affairs,