
මල්ලවපොර ශ්‍රී ලංකාව තුළ එතරම් ජනප්‍රිය ක්‍රීඩාවක් නොවෙයි. නමුත් පසුගියදා පැවති පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලදී ලාංකීය ක්‍රීඩිකාවක් වන නෙත්මි අහිංසා විසින් ලංකාව නියෝජනය කරමින් මල්ලවපොර තරග ඉසව්වකදී ලෝකඩ පදක්කමක් දිනාගැනීමත් සමග , මෙම ක්‍රීඩාව සම්බන්ධයෙන් සමාජයේ යම් කතිකාවක් ඇතිවී තිබෙනවා. එවන් වටපිටාවක් තුළ , මල්ලවපොර ක්‍රීඩාව හා සම්බන්ධ සමාජ ජාලා සටහන් පැතිර යමින් තිබෙන ආකාරයක්ද නිරීක්ෂණය කල හැකියි. මේ, එවන් නොමගයවන සුලු සමාජ ජාලා සටහනක් සම්බන්ධයෙන් අප විසින් සිදු කරන ලද කරුණු විමසා බැලීමක්.
සමාජ ජාලා සටහන්
මල්ලවපොර තරඟයක් ජයගත් පකිස්ථාන ක්‍රීඩිකාවක් විසින් ක්‍රීඩාගාරයට සිදු කරන ලද අභියෝගයක් බාරගත් ඉන්දීය කාන්තාවක් විසින් මල්ලවපොර වළල්ලට පැමිණ පකිස්තාන ක්‍රීඩිකාව සමග සටන්කර ඇයව පරාජය කල බවට හැගවෙනසේ වීඩියෝවක් ද සමඟින් සමාජ ජාලා සටහන් පළව තිබුණේ මේ ආකාරයෙන්.
“…………Patriotism.. දේශප්රේමය…………
Vijaya Lakshmi From India…..
පාකිස්තානු මල්ලවපොර ශූරියක් ඩුබායි හිදී පැවති තරගයක් අවසානයේ ජයග්රහණය කර එයින් උද්දාමයට පත්වී හැකිනම් ඕනෑම ඉන්දියානු කාන්තාවකට පැමිණ තමා පරාජය කරන ලෙස විවෘත අභියෝගයක් කරයි. නරඹන්නන් අතර සිටි ඉන්දියාවේ තමිල්නාඩුවේ විජයා ලක්ෂ්මී එම අභියෝගය භාරගෙන එයට දෙන අපූරු පිළිතුර මෙම වීඩියෝවේ දැක්වේ..
A Pakistani lady boxer after winning the match in Dubai challenged with pride for any one from India to come forward to defeat her. A Spectator lady Vijaya Lakshmi from Tuthukudi in Tamil Nadu freely moved to boxing ring with determination and accepted the roaring challenge….”
මේ සම්බන්ධයෙන් ගවේශනයක් කිරීමට අප තීරණය කළා.
Fact Check (සත්‍ය කරුණු විමසා බැලීම)
අප මුලින්ම Invid- We Verify ඔස්සේ මෙම වීඩියෝව කුඩා කොටස් වලට වෙන්කර මෙහි සිටින කාන්තාවන් දෙදෙනා හදුනා ගැනීමට උත්සාහ කළා. එහිදී අපට දැක ගන්නට ලැබුණේ මෙම කාන්තාවන් දෙදෙනාම ඉන්දීය ජාතිකයන් බව සහ පකිස්ථානය සහ මෙම වීඩියෝව අතර සම්බන්ධයක් නැති බවයි. එමෙන්ම මෙම තරගය පවත්වා ඇත්තේ ඩුබායිහි දී නොව ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ ජලන්දාර් නම් ප්‍රදේශයයි. එය Continential Wrestling Entertainment (CWE) ලෙස හදුන්වන ඉන්දියාව තුළ වෘත්තීය මල්ලව පොර ක්‍රීඩාව ප්‍රවර්ධනය කරන , තරග පවත්වන ආයතනයක්.

මෙහි සිටින තැඹිලි / කහ පැහැයට හුරු සල්වාරයක් හැඳ සිටින කාන්තාව ඉන්දීය කාන්තාවක් වන කවිතා දේවී නමැත්තියයි. ඇය බර ඉසිලීමේ ක්‍රීඩිකාවක් ලෙස ප්‍රකටව සිට ඇති අතර CWE සමග මල්ලවපොර පුහුණුවීම් වලට සම්බන්ධව ඇත්තේ 2016 වසරේ පෙබරවාරි මාසයේදීයි. මෙම තරගයට පිවිසීම සිදුව ඇත්තේ 2016 වසරේ ජුනි මාසයේදීයි. මෙය ඇය ගේ පළමු මල්ලවපොර තරගය වන අතර මෙම තරගයෙන් ආරම්භවුනු ඇයගේ මල්ලවපොර තරග හා සබැදි වෘත්තීය ජීවිතය ඉන් අනතුරුව ප්‍රකට WWE සමඟ සම්බන්ධවීම දක්වාම දිවෙන අතර ඇය මේ වන විට WWE හා සම්බන්ධවූ පළමු ඉන්දීය කාන්තාව ලෙසටද ඉතිහාසයට එක්ව තිබෙනවා. ඇය හා සම්බන්ධ වැඩි විස්තර කියවිය හැකියි මෙතනින්.Archived
මෙම වීඩියෝවේ දක්නට ලැබෙන අනෙත් කාන්තාව වන්නේ බී .බී . බුල් බුල් ලෙස හදුන්වන කාන්තාවයි. ඇය සැලකෙන්නේ ඉන්දියාවේ පළමුවන වෘත්තීය මල්ලවපොර ක්‍රීඩිකාව ලෙසයි. ඇය සමබන්ධ විස්තර කියවිය හැකියි මෙතනින්.Archived.
ඔවුන් දෙදෙනා අතර 2016 ජුනි මාසයේදී පැවති මෙම මල්ලවපොර තරගයේ මුල් වීඩියෝව වෙත පිවිසිය හැකියි පහතින්.
අප විසින් මේ පිලිබදව FactCrescendo ඉන්දීය කණ්ඩායමෙන්ද විමසු අතර ඔවුන්ද තහවුරු කර සිටියේ මෙම කාන්තාවන් දෙදෙනාම ඉන්දීය මල්ලවපොර ක්‍රීඩිකාවන් වන අතර පකිස්ථානය සහ මේ අතර සම්බන්ධයක් නොමැති බවයි.
අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.
Facebook | Twitter | Instagram | Google News |TikTok
Conclusion (අවසාන නිගමනය)
අප විසින් සිදු කරන ලද කරුණු විමසීමේදී තහවුරු වූ කාරණය වන්නේ මෙම වීඩියෝවේ සිටින කාන්තාවන් දෙදෙනාම ඉන්දීය වෘත්තිමය මල්ලවපොර ක්‍රීඩිකාවන් දෙදෙනෙක් වන අතර මෙම ගැටුම සිදුව ඇත්තේ ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ දී , 2016 වසරේදී බවයි. එමෙන්ම මෙහි පකිස්ථානයේ හා සම්බන්ධයක් නොමැත.

Title:ඉන්දීය කාන්තාවක් පකිස්තාන මල්ලව පොර ශුරියක් සමග සටන්කර ජයගත් අයුරු (VIDEO)?
Fact Check By: Kalana KrishanthaResult: Misleading

Possessing more than five years of experience in journalism related to print as well as online media, Kalana, the editor of Factcrescendo Sri Lanka is a graduate of Psychology and holds a diploma in Diplomacy and World Affairs,