දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන සියලු කරුණු දුටු පමණින් සංසරණය කර ගැනීම සුලබව දක්නට ලැබෙනවා. ඇතැම් අවස්ථා වලදී සත්‍ය කරුණු පවා වෙනත් පාර්ශවයන් විසින් වෙනස් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ හෝ ප්‍රධාන මාධ්‍ය ධාරා ඔස්සේ පළ කිරීමෙන් ජනතාව නොමග යනු ලබනවා. එවන් ඡායාරූප සටහනක් පිළිබඳ අප කළ කරුණු විමර්ශනයක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

ඕංං ...බයියොන්ගෙ නායකයෝ ... අත්අඩංගුවට ගත් 7 දෙනාගෙන් 9 දෙනෙකුගේ රුධිරයේ මත්ද්‍රව්‍ය " ...ලූ” යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වූයේ, ආරක්ෂක ලේකම්, විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා විසින් මාධ්‍ය හමුවකදී මේ ආකාරයේ වදන් පෙළක් පැවසු බව දක්වමිනි.

Facebook | Archived Link

හිරු පුවත් සේවයේ ඡායාරුප සටහනක් ද සමඟින් මෙම සටහන් බහුලව සංසරණය වී තිබුණේ මෙලෙසින්.

Instagram ඔස්සේ ද, මෙම සටහන පළ වී තිබූ අයුරු පහතින්.

https://www.instagram.com/p/Ci_1N0fJrWx/?utm_source=ig_embed&ig_rid=e3380293-720e-4ae1-947c-0425027df18b

මෙම සටහන් සඳහා දක්වා තිබූ ප්‍රතිචාර වලින්ද පෙනී ගියේ  ඇත්ත වශයෙන් ම මේ ආකාරයේ ප්‍රකාශයක් කමල් ගුණරත්න විසින් සිදුකර ඇති බව බොහෝ දෙනා උපකල්පනය කර තිබු බවයි

මේ හේතුවෙන් මෙහි නිරවද්‍යතාවය සොයා අප විමර්ශනයක් ඇරඹුවේ මෙලෙසින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

අප ප්‍රථමයෙන්ම අවධානය යොමු කළේ, ඉහත ඡායාරූප සටහන් වල දැක්වෙන ලෙස හිරු නාලිකාවේ ප්‍රවෘත්ති විකාශයක දී මෙවැනි පුවත් ටිකරයක් පළ වී තිබුණාද යන්නයි. ඒ සඳහා එම සටහන් ව්‍යාප්ත වී තිබූ පසුගිය සැප්තැම්බර් අවසන් සතිය ආසන්න දිනයන්හි පුවත් විකාශයන් නිරීක්ෂණය කරනු ලැබුවා.

එහිදී දැක ගන්නට ලැබුණේ, සැප්තැම්බර් 26 වන දා හිරු 9.55 රාත්‍රී පුවත් විකාශයේ, ඉහත ඡායාරූපයේ දිස්වෙන අයුරින්ම, ආරක්ෂක ලේකම්, විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා විසින් ආරක්ෂක අමාත්‍යාංශය විසින් පැවැත් වූ මාධ්‍ය හමුවක් අමතන අයුරුත් සමඟ ඉහත පුවත් ටිකරයද, පළ වී තිබූ බවයි.

නමුත්, එම පුවත් වීඩියෝව නිරීක්ෂණය කිරීමේදී අදාළ මාධ්‍ය සාකාච්ඡාවේදී, ආරක්ෂක ලේකම් විසින් පවසන්නේ, “අත්අඩංගුවට පත් 09 දෙනොගෙන් 07 දෙනෙකුගේ රුධිරයේ මත්ද්‍රව්‍ය අඩංගුවී තිබූ බවයි.” යන්න අපට දැකගනන්ට ලැබුණා

නමුත් අදාළ මාධ්‍ය ආයතනය විසින් එහිදී පළකර තිබු පුවත් ටිකරයේ සඳහන් කර තිබුණේ, “අත්අඩංගුවට ගත් 7 දෙනාගෙන් 9 දෙනෙකුගේ රුධිරයේ මත්ද්‍රව්‍ය තිබූ” බවටයි.

එම වීඩියෝව පහතින්

https://youtu.be/OAcfWeg9v9Y?t=1600

Archived Link

අධිආරක්ෂිත කලාප කිහිපයක් නම් කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක දී දැක්වූ අදහස්

පසුගිය 26 වන දා විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් කොළඹ නගරය අවට අධිආරක්ෂිත කලාප කිහිපයක් නම් කිරීම සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම්, විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා ප්‍රමුඛ ආරක්ෂක අමාත්‍යාංශය විසින් මෙම මාධ්‍ය සාකච්ඡාව පැවැත්වා තිබු අතර අරගලයේදී අවසන් වශයෙන් ජනාධිපති කාර්යායේ රැඳී සිටි පිරිස් ඉවත් කිරීමේදී එහිදී අත්අඩංගුවට පත් වූ පිරිස සම්බන්ධයෙන් දැක්වූ අදහසක් මෙලෙස ෆේස්බුක් ඔස්සේ කමල් ගුණරත්න මහතා උපහාසයට ලක් කරමින් පළකර තිබුණා.

එම සම්පූර්ණ මාධ්‍ය සාකච්ඡාව මෙතනින්. ඉහත සමාජ මාධ්‍ය සටහනේ පළ වූ කොටස (17.45) එහිදීද තහවුරු වූයේ, ආරක්ෂක ලේකම් විසින් පවසන්නේ, “අත්අඩංගුවට පත් 09 දෙනොගෙන් 07 දෙනෙකුගේ රුධිරයේ මත්ද්‍රව්‍ය අඩංගුවී තිබූ” බවයි.

කෙසේ වෙතත්, කොළඹ නගරය අවට අධිආරක්ෂිත කලාප කිහිපයක් නම් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සැප්තැම්බර් 23 වැනිදා රාජ්‍ය රහස් පනත යටතේ නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනය ඊට සතියකට පසුව ඔක්තෝබර් පළමු වැනිදා ඉවත්කර තිබූ බව දක්වමින් ද නැවත ඇති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබුණේ මෙලෙසින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය):

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙනු ලබන්නේ, අරගලයේ අවසන් වශයෙන් ජනාධිපති කාර්යායේ රැඳී සිටි පිරිස් ඉවත් කිරීමේදී “අත්අඩංගුවට පත් 09 දෙනොගෙන් 07 දෙනෙකුගේ රුධිරයේ මත්ද්‍රව්‍ය අඩංගුවී තිබූ” බවට ආරක්ෂක ලේකම්, විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා විසින් මාධ්‍ය සාකච්ඡාවක දී පවසා සිටි බවට හුවමාරු වන්නේ නොමඟ යවන සුළු සටහන් පෙළක් බවයි.

එම මාධ්‍ය හමුව ඇතුළත් පුවත් විකාශය සිදුකිරීමේ දී හිරු නාලිකාව විසින් අදාළ පුවත් ටිකරයේ වැරදීමකින් දක්වා තිබුනේ “අත්අඩංගුවට ගත් 7 දෙනාගෙන් 9 දෙනෙකුගේ රුධිරයේ මත්ද්‍රව්‍ය” යනුවෙන් ආරක්ෂක ලේකම් පැවසු බවක්

නමුත් එම වීඩියෝවේ මෙන්ම මාධ්‍ය හමුවේ මුල් වීඩියෝව පරික්ෂා කිරීමේ දී ද සනාථ වන්නේ කමල් ගුණරත්න මහතා විසින් පවසන්නේ අත්අඩංගුවට පත් 09 දෙනොගෙන් 07 දෙනෙකුගේ රුධිරයේ මත්ද්‍රව්‍ය අඩංගුවී තිබූ බවයි.

Avatar

Title:අත්අඩංගුවට ගත් 7 දෙනාගෙන් 9 දෙනෙකුගේ රුධිරයේ මත්ද්‍රව්‍ය තිබූ බවක් කමල් ගුණරත්න පැවසුවාද?

Fact Check By: Pavithra Sandamali

Result: Misleading