දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

නිවසකට ගැලූ ගංවතුර අවස්ථාවකදී දැවැන්ත කිඹුලෙකු පැමිණි බවට දැක්වෙන ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වී තිබුණා. මෙය සත්‍ය අවස්ථාවක් බවට බොහෝ දෙනා නොමග ගොස් තිබීම හේතුවෙන් මෙහි නිරවද්‍යතාවය සොයා අප කළ කරුණු පරීක්ෂාවක් මෙතනින්.

සමාජ මාධ්‍ය සටහන් :

ගංවතුර අවස්ථාවකදී නිවසකට පැමිණි කිඹුලෙකු ලෙසින් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප සටහනක් සංසරණය වූයේ මෙලෙසින්.

Facebook | Archived Link

ෆේස්බුක් පරිශීලකයින් අතර මෙම ඡායාරූපය බහුලව සංසරණය වී තිබුණේ මේ අයුරින්.

මෙම ඡායාරූපය බොහෝ දෙනෙකු මෙරට සිදුවීමක් ලෙස පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුගෙන තිබූ අතර තවත් පිරිසක් මෙය සත්‍ය සිදුවීමක් ලෙස ද, විශ්වාස කර තිබුණා.

මේ හේතුවෙන් ඉහත ඡායාරූපය සත්‍ය වශයෙන්ම කිඹුලෙකු නිවසකට පැමිණි අවස්ථාවක ඡායාරූපයක් ද යන්න පිළිබඳ අප විමර්ශනය කරනු ලැබුවා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

විවිධ අර්ථකථන ඔස්සේ රටවල් රැසක මීට පෙර හුවමාරු වූ ඡායාරුපයක්!

අප ප්‍රථමයෙන්ම මෙම ඡායාරූපය Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා. එහිදී අපට දැක ගැතීමට හැකි වූයේ මෙම ඡායාරූපය ඉන්දියාවේ, බැංගලෝර්හි ගංවතුර අවස්ථාවක් බව පවසමින් මීට පෙර අන්තර්ජාලය ඔස්සේ මෙලෙසින් සහ මෙලෙසින් සංසරණය වී ඇති බවයි.

එමෙන්ම ඊටත් පෙර මධ්‍යම ඇමෙරිකාවේ, කොස්ටරිකාවේ නිවසක වූ සිදුවීමක් ලෙස මෙලෙසින් | Archived ෆ්ලොරිඩා හි නිවසක බවට මේ අයුරින් | Archived , අප්‍රිකානු රටක වූ සිදුවීමක් ලෙස මෙලෙසින් ද, දැක ගන්නට ලැබුණා. Archived

ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ්හි දැවැන්ත කිඹුලෙකුගේ ඡායාරූපයක්

බොහොමයක් රටවල් වල සිදුවීමක් ලෙස දක්වා තිබූ හෙයින් මෙහි කිඹුලා සිටින ඡායාරූප කොටස අප නැවතත් Reverse Image සෙවුමක් සඳහා යොමු කිරීමේදී අනාවරණය වූයේ මෙම ඡායාරූපය 2014 වර්ෂයේ අගෝස්තු මස දී DailyMail වෙබ් අඩවිය විසින් පළ කරන ලද ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ්හි දැවැන්ත කිඹුලෙකු සම්බන්ධ ලිපියක තිබූ කිඹුලෙකුගේ ඡායාරූපයට සමාන බවයි. එම ඡායාරූපය පහතින්.

dailymail.co.uk | Archived Link

මෙම සේයාරුව ඕස්ට්‍රේලියාවේ උතුරු ප්‍රදේශයේ ඇඩිලේඩ් නදිය දිගේ ජලය මතින් ‘පනින කිඹුලන්’ (Jumping Crocodiles)  නැරඹීමට සංචාරකයින්ට වනජීවී චාරිකා සපයන සමාගමක් වන ඇඩිලේඩ් රිවර් කෲස් මඟින් ලබාගන්නා ලද්දක් බව ඉහත වාර්තාවේ දැක්වෙනවා. එම ඇඩිලේඩ් රිවර් කෲස් සමාගමේ වෙබ් අඩවියේ ද, ඉහත කිඹුලාගේ ඡායාරූපය පළ වී තිබුණි.

මේ පිළිබඳ AP ජාත්‍යන්තර මාධ්‍ය ජාලය සිදු කළ කරුණු අනාවරණයක් මෙතනින්. Archived එහිදී ඔවුන් Adelaide River Cruises සමාගමෙන් ද මේ පිළිබඳව විමසා තිබූ අතර ඔවුන් පවසා තිබෙන්නේ ඡායාරූපයේ දැක්වෙන්නේ ඇඩිලේඩ් නදියේ දක්නට ලැබෙන අඩි 20 පමණ දිග ඩොමිනේටර් - Dominator නම් විශාල කිඹුලෙකු බවයි.

තවත් ඒ ආකාරයේම බෲටස් නම් යෝධ කුඹුලෙකු ද මෙම නදියේ සිටින අතර, සංචාරකයින් අතර ප්‍රචලිත Dominator සහ Brutus යන කිඹුලන් දෙනෙනාම ගැටුණු අවස්ථාවක්  පිළිබඳ වීඩියෝවක් මෙතනින්.

නිවසකට ඇතුළු වූ කිඹුලෙකු ලෙස සමාජ මාධ්‍ය තුළ පෙන්වා තිබූ ඡායාරූපයේ පසුබිමේ මුල් ඡායාරුපය අපට හමු නොවූ අතර හුවමාරු වෙමින් පවතින සංස්කරණය කරන ලද ඡායාරුපය සහ සත්‍ය ඡායාරූපය අතර සංසන්දනය පහතින්.

එමෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපය හොඳින් නිරීක්ෂණය කිරීමේදී ඡායාරූප සංස්කරණය කළ හැකි යෙදවුමක් ආශ්‍රිතයෙන් කිඹුලාගේ දාර වටා සුමට කිරීම දැක ගන්නට ලැබෙන අතර අපගේ තාක්ෂණික පරික්ෂාවේ දී ද මෙය සංස්කරණයක් බව පැහැදිලිව දැකගන්නට ලැබුණි.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබූ ගං වතුර අවස්ථාවකදී නිවසකට පැමිණි කිඹුලෙකු ලෙස දක්වමින් හුවමාරු වන්නේ සංස්කරණය කරන ලද ඡායාරූපයක් බවයි.

මෙරට මෙන්ම විදේශීය රටවලද සංසරණය වී තිබු මෙම ඡායාරූපයේ දැක්වෙන්නේ ඔස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් හි නදියක දී ලබාගත් දැවැන්ත කිඹුලෙකුගේ ඡායාරූපයක්

Avatar

Title:ගංවතුර අවස්ථාවකදී නිවසකට පැමිණි කිඹුලෙක් ද? (PHOTO)

Fact Check By: Pavithra Sandamali

Result: Altered