දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

ආගම් සහ දර්ශනයන් බොහෝ ප්‍රමාණයක් ලෝකයේ තිබෙනවා. විවිධ පුද්ගලයන් සහ කණ්ඩායම් ඔවුන් අදහන විශ්වාසයන්ට අනුකූලව පුද පූජා, ආගමික චාරිත්‍ර ඉටු කරනවා. ඒ ඒ පුද්ගලයන් සිය ජීවිතය හැඩ ගස්වා ගන්නේ තමන් විසින් සත්‍ය බවට අදහන/පිළිගන්නා ආගම්/විස්වාසයන්ට අනුකුලවයි. ජනවාරි මස පළමුවැනිදා ලංකාවේ ජාතික පුවත්පතක් වන දිවයින පුවත්පතේ මුල් පිටුවේ සිරස්තලයක සදහන්ව තිබුණේ බෞද්ධාගම  ලෝකයේ හොදම ආගම බවට තේරී පත්වුණ බවක්.ඒ ඇසුරින් බොහෝ සමාජ ජාලා සටහන්ද පළව තිබුණා. එම පුවත සම්බන්ධයෙන් අප විසින් සිදු කරන ලද ගවේෂණය පහතින්.

සමාජ ජාලා සටහන් 

බෞද්ධාගම ලෝකයේ හොදම ආගම බවට තේරීපත්වුණු බව සමාජ ජාලා සටහන්වල පළව තිබුණේ මෙලෙසින්.

Facebook | Archived

ඒ සම්බන්ධයෙන් පළව තිබුණු අදහස් කිහිපයක් පහතින්.

එම සටහන් ෆේස්බුක් අවකාශය පුරා පැතිර තිබුණේ මෙලෙසින්.

මේ සම්බන්ධයෙන් කරුණු විමසා බැලීමක් සිදු කිරීමට අප තීරණය කළා.

Fact Check ( සත්‍ය කරුණු විමසා බැලීම ) 

අප මුලින්ම 2023 ජනවාරි පළමු වැනිදා දිවයින පුවත්පතේ මෙම පුවත පළව තිබුණු ආකාරය සොයා බැලුවා.

දිවයින වෙබ් අඩවියේ එම පුවත පළව තිබුණු ආකාරය මෙතනින්. Archived.

එහි දැක්වුණු පුවත පහතින්.

බෞද්ධාගම ලොව හොඳම ආගමට හිමි සම්මානය හිමිකරගෙන ඇත. මේ බව ජිනීවා ට්‍රි‍බියුන් පුවත්පත හෙළිකර තිබේ. ජිනීවාහි ආගමික ඉතාරාස් සංවිධානය මේ බව තීරණය කර ඇත.

ආගමික නායකයන් 200 දෙනකු ඒකමතිකව මෙම තීරණය ගෙන තිබේ. ආගම් 38 කට අයත් නායකයන් මේ සඳහා ඡන්දය භාවිතා කර ඇත.

ඉතාරාස් සංවිධානයේ පර්යේෂණ ප්‍රධානි ජොන්නි හල් පැවසුවේ බෞද්ධයන් කිසි විටෙක ආගමික යුද්ධයක් දියත් කර නැති බවයි.

අප මුලින්ම සොයා බැලුවේ මෑත කාලීනව හෝ දශක කිහිපයක අතීතයේ මෙවැනි තෝරාගැනීමක් සිදුකර ඇතිද , සහ ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පවතීද යන කාරණයයි. නමුත් එවන් දෙයක් දක්නට ලැබුණේ නැහැ.

නමුත් මීට දශකයකටත් වඩා ඈත කාලයේ දී,  මෙවන් තෝරාගැනීමක් සිදු කර ඇති බව විවිධ අන්තර්ජාල බ්ලොග් අඩවිවල හුවමාරු වන්නට පටන්ගෙන තිබුණා. ඒ 2009 වසරේ සිටයි. ඒවායෙහි සදහන් වුණේ ජිනීවා කේන්ද්‍ර කරගත් ICARUS (International Coalition for the Advancement of Religious and Spirituality) නම් සංවිධානයක් විසින් ආගම පැතිරවීම සදහා යුද්ධ නොකිරීම ආදී කරුණු පසුබිම් කරගනිමින් මෙම සම්මානය බෞද්ධාගමට ලබාදුන් බවයි. ඒ සම්බන්ධයෙන් පළව තිබුණු බ්ලොග් අඩවි සටහන් කිහිපයකට පිවිසිය හැකියි මෙතනින් ,මෙතනින්, මෙතනින් සහ මෙතනින්.Archived ,Archived , Archived & Archived

කෙසේ වෙතත් 2009 වසරේ දීත් මේ පිලිබදව විවේචනාත්මකව අදහස් පළකර තිබෙන සමහර බ්ලොග් අඩවිවල සදහන්ව තිබෙන්නේ 2009 වසරේ සිට බ්ලොග් අඩවි හරහා ව්‍යාප්ත වුණු මෙම පුවත ගොතන ලද එකක් වන අතර ICARUS ලෙස හැදින්වෙන සංවිධානයක් සැබැවින්ම නොපවතින බවයි. එවැනි ලිපියක් කියවිය හැකියි මෙතනින්. Archived.

තවද දිවයින පුවත්පත් වාර්තාවේ සහ සමහර  බ්ලොග් වාර්තාවල සදහන් වන්නේ ස්විට්සර්ලන්තයේ ජිනීවා ට්‍රිබියුන් පුවත්පත මෙය වාර්තා කර ඇති බවයි. නමුත් අප විසින් කරන ලද ගවේශනයේදී අපට දැකගන්නට ලැබුණේ එම පුවත්පත මගින් එවැන්නක් වාර්තා කර නොමැති බවයි. කෙසේනමුත් ඒ බව තහවුරු කර ගැනීමට අප එම පුවත්පත වෙත විද්‍යුත් තැපෑල මගින් පණිවුඩයක් යොමු කල අතර ඔවුන් ලබාදෙන ප්‍රතිචාර මත මෙම ලිපිය යාවත්කාලින වනු ඇත.

ඊට අමතරව ICARUS (International Coalition for the Advancement of Religious and Spirituality)  ලෙස හැදින්වෙන සංවිධානයක් පවතීද යන්න සොයා බැලූ අතර අපට දැකගන්නට ලැබුණේ එවන් සංවිධානයක් පවතින බවට සාක්ෂි නොමැති බවයි. එවන් සංවිධානයක් පිලිබදව කිසිදු ජාත්‍යන්තර මාධ්‍යයක් වාර්තා කර නොමැත. එමෙන්ම අදාළ සංවිධානය හා සම්බන්ධ වෙබ් අඩවියක්, ඊ මේල් ලිපිනයක් හෝ කිසිවක් දක්නට ද නොමැත.

අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Avatar

Title:බෞද්ධාගම ලෝකයේ හොදම ආගම බවට තේරී පත්වුණා ද ?

By: Kalana Krishantha

Result: Explainer