දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

ඡායාරූප සංස්කරණය කරමින් ජනතාව නොමග යන අයුරින් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප ද බහුල වශයෙන් සංසරණය වනවා. මේ අතර ජනප්‍රිය පුද්ගලයන්ගේ ඡායාරූප ද, වනවා. එලෙස නොමග යන සුළු අන්දමින් ෆේස්බුක් ඔස්සේ පළ වූ ඡායාරූපයක් සම්බන්ධයෙන් එහි නිරවද්‍යතාව සොයා අප කළ විමර්ශනයක් මේ.

සමාජ මාධ්‍ය සටහන් :

රංගන ශිල්පී ඕෂදී හේවා මද්දුම, සුදු වෙන්න වැඩිපුර එන්නත් ලබාගැනීම හේතුවෙන් අසනීප තත්ත්වයෙන් පසුවන බවත්, ඇයගේ සිරුරේ කැළැල් ස්වරූපයක් ඇති වී ඇති බවත් හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප සටහනක් සංසරණය වූයේ මෙලෙසින්.

“වැඩිපුර ඉන්ජෙක්ෂන් ගහපු නිසා ඕෂදී හේවා මද්දුමට වෙලා තියෙන දේ මෙන්න”

Facebook | Archived Link

එසේම මෙය සංස්රණය කරන ලද ඡායාරූපයක් බවට බොහෝ දෙනා හඳුනාගෙන තිබුණු බවට ඒ සඳහා දක්වා තිබූ ප්‍රතිචාර වලින් පෙනී ගියේ මෙලෙසින්.

කෙසේවෙතත් මෙම සටහන් සඳහා මුල් වූ කාරණා පරික්ෂා කිරීමට අප කටයුතු කළා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

අප ප්‍රථමයෙන් රංගන ශිල්පී ඕෂදී හේවා මද්දුමගේ සමාජ මාධ්‍ය ජාලාවල ආශ්‍රිතව මෙයට සම්බන්ධ තොරතුරු පළ වී ඇත්ද යන්න පරීක්ෂාවක් සිදු කළා.

නමුත් ඉහත ඡායාරූපයේ දැක්වෙන පරිදි අසනීප තත්ත්වයක් අපට දැක ගන්නට නොලැබුණි. නමුත් පසුගිය දෙසැම්බර් 24 වන දා ඇයගේ නිල ෆේස්බුක් පිටුවේ ඇය අසනීප තත්ත්වයකින් පසුවන බවත්, වෛරස් උණක් ආසාදනය වීම හේතුවෙන් ප්‍රතිකාර ලබා ගත් බවටත් සඳහන් කරමින් ඇය පළ කර තිබූ ඡායාරූප වෙත අපගේ අවධානය යොමු වුණා.

එහි දක්වා තිබූ ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූප සමාන බවක් අපට දැක ගන්නට ලැබුණා.

Facebook | Archived Link

එම ඡායාරූප එකතුවෙන් ලබා ගත් ඡායාරූපයක් සංස්කරණය කරමින් ඉහත සමාජ මාධ්‍ය අසත්‍ය සටහනට යොදා ගෙන තිබුණා.

එම ඡායාරූප සංසන්දනය පහතින්.

එමෙන්ම තමන්ට වැළඳුණු වෛරස් උණ තත්ත්වයේදී ඇතැම් පිරිසක් සුදු වෙන්න එන්නත් කිරීම හේතුවෙන් අසනීප වූ බවට විවේචනය කර තිබූ බවට පවසමින් ඇය පළ කළ ෆේස්බුක් සටහනක් මෙතනින්.

මේ පිළිබඳව අප රංගන ශිල්පී ඕෂදී හේවා මද්දුමගෙන්ද, විමසීමක් සිදු කළා. සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙන ආකාරයේ තමන්ට කිසිදු ආසාත්මික තත්ත්වයක් ඇති නොවුණු බවත්, තමන්ට වෛරස් උණක් පමණක් සෑදුණු බවත්, මේ වන විට තමන් සම්පූර්ණ සුවයෙන් පසුවන බවත් ඇය සඳහන් කළා.

කෙසේවෙතත් මීට පෙර ද අවස්ථා කිහිපයක දී ම රංගන ශිල්පී ඕෂදී හේවා මද්දුම මේ තරම් සුදු වී තිබෙන්නේ කෙසේද ඒ සඳහා කිසියම් එන්නත්කරණයකට භාජනය වූවා ද යන කරුණ පිළිබඳ සංවාද මතු වී තිබෙනවා. මේ පිළිබඳව ඕෂදී සිය අදහස් දැක්වූ අවස්තාවක් මෙතනින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය):

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, සුදු වීමට ලබාගත් එන්නත් හේතුවෙන් ඇති වූ ආසාත්මික තත්ත්වයක් බවට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ රංගන ශිල්පී ඕෂදී හේවා මද්දුමගේ ඡායාරූපය සංස්කරණය කරන ලද ඡායාරූපයක් බවයි.

ඇය පසුගිය දෙසැම්බර් මාසයේ දී වෛරස් උණකින් පෙළුණු අතර ඒ සඳහා ප්‍රතිකාර ලබා ගත් අවස්ථාවේ ඡායාරූපයක් මෙලෙස සංස්කරණය කර තිබුණා.

Avatar

Title:රංගන ශිල්පී ඕෂදී හේවා මද්දුමගේට මුහුණ පෑමට වූයේ එන්නත්කරණයේ අතුරු ප්‍රතිඵලයක් ද?

Fact Check By: Pavithra Sandamali

Result: Misleading