දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

පසුගිය කාල වකවාණුවේ සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහට ලක්වූ, WhaleBoost නමැති ව්‍යාපෘතියේ විශ්වසීයත්වය පිළිබඳව බොහෝ දෙනා ප්‍රශ්න කර තිබුණා. මේ පිළිබඳව අප කළ විමර්ශනයයි මේ.

සමාජ මාධ්‍ය සටහන් :

WhaleBoost නමැති ඊ-වාණිජ (E-commerce) වේදිකාවක් හරහා මුදල් උපයා ගැනීමේ අවස්ථාවක් පිළිබඳව ඇතැම් සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් ඔවුන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් හරහා ප්‍රචාරය කරනු ලැබුවේ මෙලෙසින්.

මෙමගින් මුදල් උපයා ගැනීම වනුයේ, eBay, Alibaba, Amazon, Rakuten, Walmart වැනි ඊ-වෙළඳපොළවල් හරහා විකුණුම්කරුවන්ට අදාළ ශ්‍රේණිගත කිරීම් ලබා දීම මගින් බවත්, ඒ සඳහා දෛනිකව ලබා ගත හැකි මුදල කොපමණද, යන්න පැකේජ මගින් තෝරා ගත හැකි බවත් මෙම වීඩියෝ තුළින් කරුණු දක්වා තිබුණා.

TikTok

TikTok ඔස්සේ මෙම තේමාවෙන් පළ වූ වීඩියෝ බහුලව සංසරණය වී තිබුණේ මේ අයුරින්.

Facebook

මේ පිළිබඳ වූ වීඩියෝ ෆේස්බුක් ඔස්සේද බහුලව සංසරණය වී තිබුණේ මෙලෙසින්.

මේ පිළිබඳ බොහෝ දෙනා විමසා තිබූ බැවින් මෙහි නිරවද්‍යතාවය පිළිබඳ සොයා බැලීමට අප කටයුතු කළා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

මේ පිළිබඳව සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෙකු වූ ManiYa ගේ යූ ටියුබ් නාලිකාව විසින් පෙන්වා දී තිබුනේ, මුදල් උපයාගත හැකි අවස්ථාවක් ලෙසින් ඇතැම් සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් විසින් පෙන්වා දෙන WhaleBoost වංචාවක් බවයි. Archived Link

සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් මාර්ගයෙන් මෙය ප්‍රවර්ධනය කිරීම සඳහා යොමු කර තිබූ විද්‍යුත් ලිපිනයට එම ආයතනය පිළිබඳ තොරතුරු ද, එක් කර තිබූ බැවින් ඒ ඔස්සේ කළ විමර්ශනයේදී එලෙස අසත්‍ය තොරතුරු තහවුරු කර ගත් බවයි එම නාලිකාව වැඩි දුරටත් පෙන්වා දුන්නේ.

මෙකී  ආයතනය මඟින් ඔවුන් පිළිබඳ විස්තර බවට දක්වමින් PDF පත්‍රිකාවක් ඇතැම් සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් වෙත නිකුත් කර තිබුණා. එම ලිපි ගොනුව පහතින්.

ජනතා අතර ප්‍රසිද්ධියක් උසුලය ඇතැම් සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් ඉලක්ක කරගෙන ඔවුන් වෙත ද, WhaleBoost ව්‍යාපෘතිය පිළිබඳ සමාජය දැනුවත් කරන ලෙසට ඉල්ලීමක් කර තිබූ අතර ඇතමුන් එම පණිවිඩයේ විශ්වසනීයත්වය සැකසහිත බැවින් ඒවා ප්‍රවර්ධනය කිරීමෙන් වැළකී තිබුණා. ඔවුන් ඒ පිළිබඳ ව සමාජය දැනුවත් කර කර තිබුණේ මෙලෙසින්, මෙලෙසින්, මෙලෙසින් සහ මෙලෙසින්.

ඉහත සඳහන් කළ ManiYa වීඩියෝවේ පෙන්වා දෙන පරිදි මෙම WhaleBoost නම් ආයතනයේ නිර්මාතෘවරු යනුවෙන් දක්වා තිබූ ඡායාරූප සම්බන්ධයෙන්, Reverse Image සෙවුම් මාර්ගයෙන් අප ද පරීක්ෂාසයිබර් ආරක්ෂක උපදේශක අසේල වෛද්‍යාලංකාර කළ අතර ඒවා ඡායාරුප එකතූන් තුළ ගබඩා කර ඇති ඡායාරූප (Stock Images) ලෙස තිබූ ඡායාරූප බවත් ඇතැම් පුද්ගලයින්ගේ ඡායාරූප, වෙනත් නම් වලින් අන්තර්ජාලය ඔස්සේ පළවී තිබෙන ඡායාරූප බවටත් තහවුරු වුණා.

එමෙන්ම එම ආයතනයේ වෙබ් අඩවිය (whaleboostglobal.com) ලෙස දක්වා තිබිය දී ත් එහි විද්‍යුත් ලිපිනය gmail ලිපිනයකින් සඳහන් කිරීම එහි සැකය තවත් තීව්‍ර වනවා.

එසේම අදාළ ආයතනයේ ලිපිනය ලෙස දක්වා තිබෙන්නේ සත්‍ය ලිපිනයක් ද යන්න සහ එම ව්‍යාපාරය ලියාපදිංචි ව්‍යාපාරයක් ද යන්න පිළිබඳ අප නිරීක්ෂණයක් සිදු කළා.

ඉහත ආයතනය පිළිබඳ හඳුන්වා දී තිබූ PDF පත්‍රිකාවේ එම ආයතනයේ බවට දක්වා තිබූ ලිපිනය පහතින්.

එමෙන්ම ඔවුන්ගේ වෙබ් අඩවියේද, ඔවුන්ගේ සව් ආයතනය ලෙස ඉහත GLOBAL ADVERTISING Pte Ltd සමාගම සඳහන් කර තිබුණේ මෙලෙසින්. Archived Link

අප ඉහත සඳහන් ලිපිනය සිංගප්පූරුවේ ලියාපදිංචි ආයතනයක් ද, යන්න නිරීක්ෂණය කළා. ඒ අනුව එම GLOBAL ADVERTISING Pte Ltd සමාගම, 2020 දෙසැම්බර් 3 දින ව්‍යාපාරයක් වශයෙන් සිංගප්පුරුවේ ලියාපදිංචි වී ඇති අතර මේ දක්වාම සක්‍රියව ක්‍රියාත්මක වන සමාගමක්. ඔවුන්ගේ ප්‍රධාන ව්‍යාපාරය වන්නේ ප්‍රචාරණ කටයුතු සහ කළමනාකරණ උපදේශන සේවා වන අතර, ඔවුන් ලියාපදිංචි වී තිබුනේ 202039200Z අංකය යටතේයි.

globaldatabase | Archived Link

එමෙන්ම ඉහත ව්‍යාපාරය සිංගප්පූරුවේ ගිණුම්කරණ සහ ආයතනික නියාමන අධිකාරියේ (ACRA) ලියාපදිංචි ආයතනයක් බවත්, එම ආයතනයේම කාර්යාල 03ක් පවතින බවත්, දක්වා තිබුණේ මේ අයුරින්.

opengovsg | Archived Link

ඉහත ලිපිනය යටතේම WOODLANDS BIZHUB ගොඩනැගිල්ලේ ලියාපදිංචිව තිබූ තවත් ආයතන රැසක්ම, එහි දක්වා තිබුණේ මෙලෙසින්. Archived Link

opengovsg | Archived Link

නමුත් මේ කිසිවක WhaleBoost නම් ආයතනයක් පිළිබඳව සඳහන් වන්නේ නැහැ.

GLOBAL ADVERTISING Pte Ltd සමාගම දැක්වෙන්නේ Global Training Services Pte Ltd ආයතනය යටතේ බැවින්, අප මේ සම්බන්ධයෙන් පසුගිය සතියේ එම ආයතනයෙන් විමසීමක් සිදු කරමින් අසා සිටියේ, ඉහත දක්වා තිබු පරිදි, WhaleBoost නමැති ව්‍යාපාරයක් හා කිසියම් හෝ සම්බන්ධතාවයක් ඇත් ද යන්නයි.

ඊට පිළිතුරු අද (ජනවාරි 13) දිනයේ ලබා දෙමින් ඔවුන් සඳහන් කළේ, ඔවුන්ගේ මව් සමාගමේ ලිපිනය මෙලෙස දක්වා තිබුණ ද, WhaleBoost නමැති ව්‍යාපාරයක් සමඟ ඔවුන්ගේ ආයතනයේ කිසිදු හෝ සබඳතාවක් නොමැති බවයි.

එමෙන්ම WhaleBoost හි IP ලිපිනය පිළිබඳ අප කළ නිරීක්ෂණයේදී තහවුරු වූයේ, මෙය අයිස්ලන්තයේ ලියාපදිංචි කර ඇති අන්තර්ජාල ලිපිනයක් වන බවත්, 2022 වසරේ නොවැම්බර් මස 15 වන දින ලියාපදිංචි කර ඇති බවයි.

whois.com | Archived Link

ඒ අනුව පෙන්වා දිය හැක්කේ, මෙම WhaleBoost නම් ව්‍යාපෘතිය පිළිබඳව ලබා දී ඇති විස්තර ව්‍යාජ බැවින් සහ එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන නිල ආයතනයක් හෝ එයට සම්බන්ධ පුද්ගලයින් හෝ පිළිබඳව කිසිදු හෝ නිල තොරතුරුක් ලබා දී නොමැති බැවින් එය විශ්වසනීයත්වයෙන් තොර බවයි.

එමෙන්ම මෙවැනි ස්කෑම් වරින් වර අන්තර්ජාලය ඔස්සේ නොයෙකුත් කරුණු ඔස්සේ බහුලව සංසරණය වනු ලබනවා. මෙවැනි අවස්ථා වල මේවා සත්‍ය බවට හැඟවීමට මුල් පාරිභෝගිකයන් හෝ නැත්නම් යම්කිසි ඉලක්ක ගත සීමාවක් දක්වා මෙහි ප්‍රතිලාභ ලැබීමට සලස්වා ඒ තුළින් තව ත් පිරිස් මෙම ව්‍යාජ ව්‍යාපාර වෙත එකතු කර ගැනීම බහුලව සිදුවන උපක්‍රමයක් වනවා. එලෙස මෙම WhaleBoost ව්‍යාපෘතිය ඔස්සේ ඇතැම් පිරිසකට ප්‍රතිලාභ ලැබුණු බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබුණේ මෙලෙසින්. Archived Link

මෙවැනි ස්කෑම් වර්ග සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය කර ගැනීමට පෙර එහි විශ්වසීනයත්වය පරීක්ෂා කර බලා ක්‍රියාකරන ලෙස අප පාඨකයින්ගෙන් ඉල්ලා සිටිමු.

සයිබර් ආරක්ෂක උපදේශක අසේල වෛද්‍යාලංකාර

අමෙරිකාවේ ෆෙඩරල් වෙළඳ කොමිසම් (Federal trade commission) පනත යටතේ සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් අනිවාර්ය කරන වෙළඳ ප්‍රචාරණයේදී අනුමත කළ යුතු ප්‍රමිතීන් නියම කර ඇති අතර සහ සහතික තහවුරු කළ යුතු අතර භාණ්ඩ හෝ සේවා නිර්දේශ කරන තනතුරුවල අනුග්‍රාහකයන් සමඟ ද්‍රව්‍යමය සම්බන්ධතා හෙළි කිරීම වැනි මාර්ගෝපදේශ අනුගමනය කළ යුතු බවට Twitter පණිවිඩයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දුන්නා.

මෙරට පාරිභෝගික ආරක්ෂණ අධිකාරියට මෙවැනි බල ගැන්වීමක් නොමැති හෙයින්, අන්තර්ගත නිර්මාපකයින් විසින් Influencer අලෙවිකරණය සඳහා නිසි සැලකිල්ලක් නොදක්වන අවස්ථාවන් හේතුවෙන් පාරිභෝගියන් නොමග යන බවට පෙනී යන බව ත්, මේ පිළිබඳ සැළකිළිමත් වන ලෙස ත් ඒ මහතා වැඩි දුරටත් පවසා තිබුණා.

https://twitter.com/aselawaid/status/1612088263510224896

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Avatar

Title:WhaleBoost මව් සමාගම ලෙස දක්වා තිබූ සිංගප්පූරු ආයතනය, එම ව්‍යාපෘතිය ගැන කියන කතාව!

Fact Check By: Pavithra Sandamali

Result: Misleading