දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් විවිධ වෛද්‍ය කරුණු ඇතුළත්ව සිදු කළ ප්‍රකාශයන් බවට හඟවමින්, සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් පෙළක නිරවද්‍යතාවය සොයා අප සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

“වෛද්‍ය නලින්ද ජයතිස්සගෙන් අසා දැනගන්න...

🔺රතු තරුවේ සමාජ සත්කාරයකි.” යනුවෙන් සඳහන් කරමින් වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් කළ ප්‍රකාශයන් බවට ඡායාරූප පෙළක් පළ කර තිබු‍ණා.

වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් සිදු කළ ප්‍රකාශ බවට එහි දක්වා තිබුණු වැකි පහතින්.

  1. කාබෝහයිඩ්‍රේට සීමා කිරීම මගින් කොලෙස්ටරෝල් වඩා යහපත් මට්ටමට පත් කල හැක.
  2. හෘද රෝග වැළඳී රෝහල් ගතවන රෝගීන්ගෙන් 75% කගේ LDL මට්ටම සාමාන්‍ය මට්ටමේ පවතී.
  3. බටර් (සංතෘප්ත මේදය) සහ හෘද රෝග අතර සම්බන්ධයක් නැත
  4. වයස අවුරුදු 65 පසුවූ පසු ටෝටල් කොලෙස්ටරෝල් මට්ටම වැඩිවන තරමට ඔබට දීර්ඝායු ලැබෙනු ඇත.
  5. රතු මස් නිසා පිලිකා වැලඳෙන බව කියන සමීක්ශන බොහොමයක් හොඳින් සැලසුම් කල ඒවා නොවේ
  6. මේදය නිසා හෘද රෝග වැලඳෙන බව මුලින්ම යෝජනා කල පුද්ගලයා වෛද්‍යවරයකු නොවේ. ඔහු මාලු පිළිබඳ විශේෂඥයෙකි.

Facebook | Archived Link

මෙම තේමාවෙන් පළ වූ තවත් සටහනක් මෙතනින්. Archived Link

මෙම සටහනට ඉහත සටහනේ දැක්වෙන ප්‍රකාශයන්ට අමතරව තව ත් ප්‍රකාශයන් කිහිපයක් ඇතුළත් කර තිබුණා. එම ප්‍රකාශයන් මෙසේය.

  1. සංතෘප්ත මේදය වෙනුවට අසංතෘප්ත මේදය ලබාදුන්විට LDL මට්ටම පහල ගියත් හෘද රෝග නිසා වන මරන සංඛ්‍යාවේ වෙනසක් සිදුවන්නේ නැත.
  2. සඳුඳා වෙනුවට සිකුරාදා මි$ය යන්න. ඔබ ස්ටැටින් (කොලෙස්ටරෝල් පෙති) භාවිතා කරන්නේ නම්; ස්ටැටින් භාවිතා නොකරන කෙනෙකුට වඩා පැය සියයකට වඩා වැඩි කලක් ජීවත්වන්නට ඉඩ තිබේ. එනම් "දින හතරකි".
  3. සංතෘප්ත මේදය බහුලව ආහාරයට ගන්නා යුරෝපීය රටවල හෘද රෝග අඩු මට්ටමක පවතී. එසේම සංශුද්ද කාබෝහය්ඩ්‍රේට (එනම් පිටි සීනි) භාවිතය වැඩිවනවාත් සමග හෘද රෝග ඉහල යයි. මෙය යුරෝපයේ රටවල් 42 ක් ආශ්‍රයෙන් කල සමීක්ශනයකි.
  4. එක ප්‍රදාන හෘද රෝගයක්(one major cardiac event) වලක්වා ගන්නට නම් මිනිසුන් සියයක් අවුරුදු දෙකහමාරක් කොලෙස්ටරෝල් පෙති පාවිච්චි කල යුතුය.
  5. හෘද රෝග වලක්වන්නට මේදය අඩුවෙන් ගන්නට කියා නිර්දේශ කලේ වයිද්‍ය වරුන්ගේ කොමිටියකින් නොවේ. මැක් ගවර්න් කොමිටිය නැමැති දේශපාලන කොමිටියකිනි.
  6. AHA යනු රාජ්‍ය නොවන සංවිධනයකි. (NGO)
  7. AHA හා ACC හි ගයිඩ් ලයින් වලට පාදක වී ඇති කරුනු වලට සාධක වලට පලමු පංතියේ සාධක (class one evidence) ඇත්තේ 10 % කටත් අඩු ප්‍රමානයකි.

එමෙන්ම උපහාසාත්මක කෝණයෙන් පළ කළ තවත් සටහනක් මෙතනින්. Archived Link

මෙහි නිරවද්‍යතාවය විමසා බැලීමට අප පියවර ගත්තේ මේ අයුරින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

ජාතික ජන බලවේගයේ සමාජික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් මෙවන් ප්‍රකාශයන් සිදු කර තිබුණා ද, යන්න පිළිබඳ අප ප්‍රධාන මාධ්‍ය ධාරා ඔස්සේ මෙන්ම, ඔහුගේ නිල සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ ද, පරීක්ෂාවක් සිදු කළා.

නමුත් අපට නලින්ද ජයතිස්ස මහතා විසින් ඉහත සටහන් වල දැක්වෙන පරිදි කිසිදු ප්‍රකාශයක් සිදු නොකර ඇති බවට අපට දැක ගන්නට ලැබුණා.

එමෙන්ම ඉහත සටහන් වලට ඔහු විසින් ප්‍රතිචාර දක්වා තිබූ අවස්ථාවක් වෙත ද, අපගේ අවධානය යොමු වූ අතර ජයතිස්ස මහතා සඳහන් කර තිබුණේ, මෙම සටහන් නලින්ද ජයතිස්ස බවට හඟවමින් ව්‍යාජ ලෙස නිර්මාණය කරන ගිණුමකින්, අසත්‍ය සටහන් තමන් සිදු කළ බවට දක්වා ඇති බව ත්ය.

Facebook | Archived Link

අප තවදුරටත් මෙම තොරතුරු තහවුරු කර ගැනීම සඳහා වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගෙන් විමසීමක් කළ අතර, ඔහු සඳහන් කළේ, තමන් කිසිදු අවස්ථාවක සමාජ මාධ්‍ය සටහන් වල තමන් විසින් සිදු කළ බවට දක්වා තිබූ ප්‍රකාශයන් සිදු නොකළ බවත්, තමන් සිදු කළ බවට පවසන ප්‍රකාශයන් අසත්‍ය බවත්ය.

එමෙන්ම ඉහත ප්‍රකාශයන් පිළිබඳ අප නිරීක්ෂණය කිරීමේදී ඒවා, වෛද්‍ය ජානක වන්නකු විසින් පළ කළ සටහනක් බවට අපට දැක ගන්නට ලැබුණා.

Facebook | Archived Link

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් සිදු කළ ප්‍රකාශයන් ලෙස දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් වල දැක්වෙන්නේ, ඔහු විසින් සිදු කළ ප්‍රකාශයන් නොව, වෛද්‍ය ජානක වන්නකු විසින් සිදු කළ ප්‍රකාශයන් බවයි.

Avatar

Title:වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් සිදු කළ ප්‍රකාශයන් ද?

Fact Check By: Pavithra Sandamali

Result: False